RIP NICJOSH83

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවී යාම සම්බන්ධයෙන් අතිශය කල කිරීමෙන් කාලය ගත කළ පුද්ගලයෙකු පෙරේදා ඔහු පිටරටදී අත්අඩංගුවට ගන්නා බවට මාධ්‍ය ඔස්සේ පළවූ තොරතුර නිසා උග්‍රවූ කම්පිත මානසික තත්වයෙන් දුම්රියට පැන සියදිවි නසාගත් පුවතක් කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.
    මෙලෙස මියගොස් ඇති පුද්ගලයා දිවිනසා ගැනීමට පෙර ලිපියක්ද ලියා ඇති අතර ලිපියෙහි සඳහන් කර ඇත්තේ තමන්ගේ මරණයට හේතුව ගෝඨාභයට වූ අපකීර්තිය බවයි.
    ‘ඒ මනුස්සයා ඇරෙස්ට් කරල ඇදගෙන යන හැටි බලන්න මට ජීවත්වෙන්න බෑ‘ යනුවෙන්ද එම ලිපියේ ලියා තිබී ඇත. ‘මේ ඔක්කොටම වගකියන්න ඕනෑ එතුමව නොමග යවපු හාමුදුරු සෙට් එක.. ‘ යනුවෙන්ද ලිපියේ සටහනක තබී ඇත.

    කිසිදු ස්වාමීන් වහන්සේ නමක් තමාගේ අවසන් කටයුතුවලට සහභාගිකර නොගන්නා ලෙසද ඉල්ලා ඇති ඔහු ඉදිරියේදී විශ්වවිද්‍යාලයට යන අය හෝ චීවරධාරීන් නිවසට වද්දා නොගන්නා ලෙසද ඉල්ලීමක් කර තිබේ.

    පෙරේදා (25 වැනිදා) දහවල් 12.45ට පමණ කොළඹ මීරිගම මන්දගාමී දුම්රියට පැන මෙම පුද්ගලයා මෙසේ දිවි නසාගෙන තිබේ.
    කිරිබත්ගොඩ මායා මාවත ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වේවැල්දෙණිය පතිරැන්නැහැලාගේ ආරියදාස නමැති පුද්ගලයෙකු මෙලෙස මියගියේය.

    මියගිය පුද්ගලයාගේ දියණිය මරණ පරීක්ෂණයේදී ප්‍රකාශයක් ලබාදෙමින් සිය පියා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යාම සම්බන්ධයෙන් දුකින් කාලය ගත කළ බවත් සිද්ධිය වූ දිනයේ විදෙස් රටකදී හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන බවට පළවූ පුවත ඇසූ වේලාවේ සිට නොසන්සුන්ව සිටි බවත් කියා සිටියාය. පසුව ඔහු කෝච්චියට පැන්න බව අසල්වාසීන් දැනුම් දී මරණය දැනගත්බවද පවසා සිටියාය.

    පියා සියදිවි හානිකර ගැනීමට අදාළව ලියා ඇති සටහන ඔහුගේ බවටත් ඒ ගැන වෙනත් සැකයක් නොමැති බවත් දියණිය මරණ පරීක්ෂණයේදී කියා සිටියාය.

    ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගන්නා ලෙස දකුණු අප්‍රිකාව පදනම් කරගත් ‘ජාත්‍යන්තර සත්‍ය හා යුක්තියේ ව්‍යාපෘතිය‘ නමැති සංවිධානයක් සිංගප්පූරු නීතිපතිවරයාගෙන් මීට දින 03 කට පමණ ඉල්ලීමක් කර තිබූ අතර ඒ ගැන රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි.

    කෙසේ නමුත් මෙම ඉල්ලීමට සිංගප්පූරුව ප්‍රතිචාර දක්වා තිබුනේ නැති අතර අද (27)වාර්තාවූයේ ඔහු තවදුරටත් වීසා දික්කරගෙන එරට රැඳී සිටින බවයි.
    ඒ අනුව මෙම දිවිනසාගත් පුද්ගලයා මානසික පීඩාව තුළ ඇතැම් අනුමාන කරුණු මත වැරදි නිගමන වලට එළැඹී නිකරුනේ ජීවිතයෙන් සමුගෙන ඇතැයි පෙන්නුම් කෙරේ.

    දිවිනසාගන්නට පෙර ලිපියේ සඳහන් කර ඇති පරිදි මියගිය පුද්ගලයා තමන්ගේ අවසන් කටයුතු රජයේ වියදමින් කරන ලෙස ඉල්ලා තිබී ඇත.
    කෙසේ වෙතත් ඒ ඉල්ලීම ඉටුකළ හැකිද යන්න ගැන කිසිවෙකු තවම ප්‍රතිචාර දක්වා නැත.
    @nicjosh83
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    . ‘මේ ඔක්කොටම වගකියන්න ඕනෑ එතුමව නොමග යවපු හාමුදුරු සෙට් එක.. ‘ යනුවෙන්ද ලිපියේ සටහනක තබී ඇත.


    බැලින්නම් මේ හැම රාජපක්ෂ කෙනෙක්වම කවුරු හරි කෙනෙක් නොමග යවලා

    ඇයි බං උන්ට හිතලා වැඩක් කරන්න තේරෙන්නේ නැද්ද ? common සෙන්ස් නැද්ද :lol:
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    බැලින්නම් මේ හැම රාජපක්ෂ කෙනෙක්වම කවුරු හරි කෙනෙක් නොමග යවලා

    ඇයි බං උන්ට හිතලා වැඩක් කරන්න තේරෙන්නේ නැද්ද ? common සෙන්ස් නැද්ද :lol:
    හැම බයියම එක්කො පල් හොරෙක් නැත්තං පල් මෝඩයෙක් :lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    view
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    @nicjosh83
    අප අතරම ඉපදේවා.. මෙ ලක් දෙරනෙම ඉපදේවා. 😌

    අඩෝ ඒක නම් කියන්න එපා.... ලක් දෙරණේ නම් ආයේ නොඉපදෙවා කියල තමයි පින් කරන්නේ....

    පොඩි හරි සැකයක් තිබ්බොත් අපායට යනවා.... ලක් දෙරණ නම් ආයේ වානා.


    dead-casket.gif
     
    • Dislike
    Reactions: MachoMan

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,421
    124,210
    113
    දෙහිවල
    අඩෝ ඒක නම් කියන්න එපා.... ලක් දෙරණේ නම් ආයේ නොඉපදෙවා කියල තමයි පින් කරන්නේ....

    පොඩි හරි සැකයක් තිබ්බොත් අපායට යනවා.... ලක් දෙරණ නම් ආයේ වානා.


    dead-casket.gif
    අනිව මේ ලක් දෙරනේ, අපි අතරම ඉපදෙන්න ඕන නික් අයියා බ්‍රො..
    නැත්නම් කොහොමද හලෝ නාමල්ගෙ පුතාට රට බේරගන්න සප් එක දෙන්නෙ..
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    මේ වයසක මනුස්සයා ගෙදර මිනිස්සුන්ගේ හිරිහැර නොසලකා හැරීම් දරාගන්න බැරුව කෝච්චියට පැනලා මැරෙන්න ඇති කියලා මට හිතෙනවා ගෙදර උන් එකෙන් ප්‍රොයෝජන ගන්න ටක්ගාලා ලියුමක් ලියලා පාංශුකුළේ දෙන්න එපා හාමුදුරුවෝ වඩම්මන්න එපා කියලා එතකොට එතනට යන වියදමත් ඉතුරුයි. අනිත් එක අවසාන කටයුතු රජයේ වියදමින් කරන්න කියලා ඉල්ලලා 😁😁 හරි නම් තමන් එච්චර ආදරේ කරපු රාජ්‍ය නායකයා නැති රජයකින් තමන්ගේ මරණේ වලදාගන්න අනුග්‍රහයක්‌ ඉල්ලයිද මනුස්සයෙක්. තනිකරම ගෙදර උන්ගේ ප්ලෑනක් නොමිලේ මරණේ වැඩ කරගන්න ගහපු
     
    • Like
    Reactions: PHBhagya

    shenat

    Well-known member
  • May 13, 2007
    57,761
    85,935
    113
    ආශ්චර්යමත් රටක
    .... ‘මේ ඔක්කොටම වගකියන්න ඕනෑ එතුමව නොමග යවපු හාමුදුරු සෙට් එක.. ‘.... 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    කිසිම දවසක කිසිම දේකට රාජපක්ෂලා වගකියන්න ඕන නෑ. කිසිම දේකට. මං හිතන්නේ උන්ගෙ ගෑනුන්ට, ළමයින්ට උනත් වගකියන්න ඕන වෙන මිනිස්සු. 👌👌🤟🤟💪
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බනින කාටහරි ගෝඨාභය ජනාධිපතිතුමාට වඩා හොඳ option එකක් තියෙනවද?




    ------ Post added on Jul 28, 2022 at 10:01 AM
     
    • Dislike
    Reactions: MachoMan