Road to Knuckles

Jul 5, 2009
817
249
0
At home


DSC04679editjpg.jpg



http://roadtoknuckles.blogspot.com/

KNUCKLES . මේ නම ඇහුණාම කට්ටියට මතක් වෙන්නේ අපේ අත් වල තියෙන KNUCKLES. එත් අපි දැන් කියන්න යන්නේ අත් වල තියෙන KNUCKLES නෙමෙයි.
KNUCKLES කියල නම තියෙන සුන්දර කදු පන්තියකට ගිය ගමනක් ගැනයි. මේක පිහිටලා තියෙන්නේ මාතලේ ප්‍රදේශයේ. KNUCKLES කියන නම වැටිලා තියෙන මේ
කදුවැටිය පිහිටලා හැදිලා තියෙන්නේ එක පේලියට හරියට අපේ අතේ තියෙන KNUCKLES වගේමයි.අපි ගමන ගිය විදිය මුල ඉදන්ම කියන්න හිතුව මොකද KNUCKLES
ගැන දන්නෙවත් නැතුව යන්න හදන අයට උදවුවක් විදියට.අපිත් යන්න කලින් KNUCKLES ගැන තියෙන ගොඩක් විස්තර අන්තර්ජාලයේ අනිත් අය KNUCKLES ගිය trip
ගැන තියෙන Blogs සහ Articles බලල තමයි. ගමන යන්න මුලින් ගොඩක් අය හිටිය. අන්තිමට යන්න ඉතුරු උනේ සජිත්, දිනිත් සහ ගයාන් කියන තුන්දෙනයි. අපේ කතාව
මෙහෙමයි සිද්ද උනේ.

මේක අපි ගොඩක කල් ඉදන්, ඇත්තම කිවුවොත් අවුරුදු දෙකක විතර ඉදන් යන්න හිතන් හිටිය ගමනක්. අන්තිමට 2012- 04- 15 වෙනිදා යන්න අපි තීරණය කරගත්ත.
මුලින් අපි මේ ගමනට අවශ්‍ය දේවල් ඔක්කොම list එකක් හැදුව. ඒ වගේම ගමන කොහොමද යන්නේ කියල Plan එකක් හදාගත්ත. මොකද ඕනෙම දෙයක් කරන්න හොඳ
ප්ලැන් එකක් තියෙන්න ඕනේ. අපි යන්න ඕනේ පාර බලාගත්තේ හැමෝම පාවිච්චි කරන google maps හරහායි.

DSC04775.JPG



KNUCKLES යන්න ගොඩක් පැති තියෙනවා. අපි තෝරාගත්තේ බඹරැල්ල පැත්තෙන් නගින්න පටන් අරන් මීමුරේ පැත්තෙන් බහින්නි. ආරංචි උන විදියට මීමුරේ කියන්නේ
ඉතාමත් දුෂ්කර ගමක්. අපිට කලින් ගිය අපේම යාලුවෙක් මේ විදියට ගිහින් තිබුණු නිසාත් අපේ පලවෙනි වතාවත් නිසාත් මෙහෙම තෝරාගත්තේ.
මේ වගේ ගමනකට අත්‍යවශ්‍ය වශයෙන් වතුර යන්නේ නැති සපත්තු, පිහියක්, මාලිමාවක්, සිතියමක්, lighter, කුඩැල්ලන්ගෙන් බේරෙන්න ක්‍රමයක්, ජැකට් එකක්, Travelling bag එකක්
( සාමාන්‍ය bag උස්සන් යාමට අපහසු නිසා), Tent එකක් සහ කෑම බීම තමයි අපිට ඕනේ උනේ.පිටකොටුවෙන් සහ cargills වලින් අපි ඕනේ බඩු ටික ගත්ත.

Trip එකකදී උදේට කට්ටිය සෙට් වෙනවා කියන එක බොරු වැඩක් කියල හැමෝම දන්නවා. එක නිසා සජිත් සහ ගයාන් අපේ ගෙදර ආවා කලින් දවසේ( 2012- 04- 14).
Tent එක කලින් ගහල තිබුනේ නැති නිසා අපි කට්ටිය එකතු වෙලා ගෙදර tent එකත් ගහල බැලුව.

DSC04610.JPG


ඊට පස්සේ අපි ගෙනාපු බඩු ටික bag එකට දාගත්ත බෙදාගෙන. ඔක්කොම බඩු දාලා ඉවර වෙනකොට එක බැග් එකක් 14kg විතර බරක් තිබුන.

2012-04-15
ගමන යන්න කට්ටිය alarm තියාගෙන එහෙම නිදා ගත්තත් alarm වදින්න කලින් කට්ටියම ඇහැරුනා. මුණ කට සෝදාගෙන 6.15ට විතර අපේ ගෙදරින් පිටත් උනා.

DSC04616.JPG


7.20 විතර වෙනකොට පිටකොටුවට ඇවිත් උදේටත් කාල කොළඹ - මාතලේ බස් එකට ගොඩ උනා. 9.37ට විතර කොළඹින් පිටත් උනා බස් එක. එක්කෙනෙක්ට
ටිකට් එකක් Rs .177 සහ මාතලේට යන්න පැය 5ක් විතර ගියා. මාතලෙන් cargills එකක් හොයාගෙන තව ගන්න තිබුණු බඩු ටිකක් අරගෙන අපි වත්තේගම යන්න
බස් එකක් එනකන් හිටියා. ගොඩක් වෙලා ගියාට පස්සේ ඔන්න ආවා බස් එක ( 636 මහනුවර - මාතලේ). ඒ වෙනකොට 3.45ට විතර විතර බස් එකෙන් නැගල පොඩි
වැස්සකුත් අරගෙනම වත්තෙගමට 4.45ට විතර ආවා. එදාම කන්ද නගින්න හිතාගෙන හිටියත් වැස්ස නිසයි ගොඩක් හවස් වෙච්ච නිසයි අපි ඊළඟ දවසේ නගින්න හිතාගත්ත.
එතන හිටපු 3wheel අයිය කෙනෙක්ගෙන් අහගෙන අපි නවතින්න තැනකට ආවා Manula Holiday Resort කියල කාමර කුලියට දෙන තැනකට.

DSC00010.JPG


රෑට විතරක් ඉන්න Rs .900. මේක තියෙන්නේ වත්තේගම ඉදන් මාතලේ පැත්තට එනකොට 13නේ කනුව (රිලා ඇල්ල) කියන හරියේ. එදා රෑ එතන අපි නැවතුනා.



2012-04-16
ගමන හරියටම පටන් ගන්න දවස. කට්ටිය උදේම නැගිටලා ලෑස්ති වෙලා 8.30 විතර වත්තෙගමට ආවා වත්තේගමින් කාල බඹරැල්ල බස් එක ගන්න හිතාගෙන.

DSC00018.JPG


DSC00020.JPG


අපි කන වෙලාවේ බස් එකක් ගිහින් තිබුන. වත්තෙගමෙන් ticket එකක් ගන්නත් තියෙනවා කියල පස්සේ ආරංචියක් ආවා. නමුත් ඒ ගැන අපි හරියටම දන්නේ නෑ
මොකද අපි ticket අරගෙන නෙමෙයි ගියේ. ඊට පස්සේ 9.30ට විතර අපි වත්තේගම - බඹරැල්ල බස් එකේ ඇවත් බම්බරල්ලෙන් බැස්ස. පටන් ගන්න තැන හොයාගන්න
අපි ටිකක් එහාටයි මෙහාටයි ඇවිදලා අන්තිමට එතන තේ දළු කඩන අයගෙන් අහගෙන හරි පාර හොයාගත්ත. හරියටම 11.20ට විතර නගින්න පටන් අරන් 5km විතර
තේ වතු මැදින් ඇවිත් KNUCKLES කන්දට යන අතුරු පාර ලගට ආවා. ඒ වෙනකොට ඇතින් හොදටම කළු කරලා වහිනවා. මේ දවස් වල වැස්ස හොදටම.
මේ තරම් වැස්සේ උනත් අපි මේ ගමන ආවේ, මොකද හැමදාම කියා කියා ඉන්නවා විතරයි යන්න උනේ නැති නිසයි.

DSC04636.JPG


එතන අතුරු පාර ළඟ නැවතිලා ඉන්නකොට එතෙන හිටපු අක්ක කෙනෙක් කිවුවේ මෙහෙමයි.
(" මල්ලි යන්නනම් එපා. උඩට ගිහින් වහිනවයි අකුණු ගහනවයි. මට්ටු වෙලා එන්න වෙයි"). අක්ක යනකන් ඉඳල අපි හිතල වැඩ කරමු කියල කොහොම හරි
නගින්න පටන් ගත්ත. නගින්න පටන් ගත්තු වෙලේ ඉදන් ඔන්න හිටු කියල කුඩැල්ලෝ නගිනවා ඇග දිගේ. ඇලවල් දෙකක් විතර පහු කරන යනකොට අපිට
ටික ටික තේරුණා දැන් කන්ද උඩට ටික ටික යනවා කියල.

DSC04637.JPG


අපේ bag ටිකත් එල්ලගෙන යනවා කියන්නේ ලේසි ගමනක් නෙමෙයි. යනගමන් පොඩි පොඩි දේවල් කෑවා. 4.30ට විතර අපි තැනිතලාවක් වගේ තැනකට ආවා.
එතන කලින් කට්ටියක් හිටිය බවක් පෙනුන. ඒ උනාට එවෙලේ එච්චර කළුවර නැති නිසා අපිට ඕනේ උනා තව ටිකක් උඩට ගිහින් camp එක ගහගන්න.
එතකොට ඊලග දවසට නගින්න තියෙන දුරක් අඩු වෙන නිසා. තව ටිකක් උඩට යනකොට අපිට හම්බ උනා නියම තැනක්. ඉස්සරහින් පොඩි වතුර පාරකුත් ගලාගෙන යනවා.

DSC00058.JPG


මුලින්ම අපි tent එක ගහගත්ත මොකද හවස් වෙනකොට වහින්න පටන් ගන්න නිසා. අපි ඊට පස්සේ සීතල( ඇත්තටම සීතලයි :P) වතුර පාරෙන් කට්ටියම නාගෙන,
ගෙදරින් ගෙනාපු සිනි සම්බෝල් සහ මගින් ගත්තු පාන් අරගෙන අර වතුර පාර ලගට වෙලා කෑවා ගිනි මැලේකුත් ගහගෙන. කරුවල වෙනවත් එක්කම කට්ටිය tent
එක ඇතුලට ඇවිත් ඉටිපන්දමක් පත්තු කරන පොඩි කඩයක් දාගෙන හිටියා. 7.20ට විතර අපි නිදාගන්න හිතුවත් වහින්න පටන් ගත්තු නිසා නින්දට බාදාවක් ඇති උනා.
අපේ tent එක අස්සට උඩිනුයි යටිනුයි වතුර එන්න පටන් ගත්ත. මේ සීතලත් එක්ක කට්ටිය හොදට තෙමිලා ඇතුලේ.

DSC04664.JPG


මෙමෙ අවස්ථාවේ අපේ එක සාමාජිකයෙක් කිවුව මෙන්න මෙහම " ආයෙනම් උබල එක්ක කදු නගින්න එන්නේ නෑ මම" කියල. හැමෝම අමාරුවෙන් වැස්ස අඩු
වෙනවත් එක්කම පැය 3ක් විතර නිදාගත්තා.



2012-04-17
පහුවෙනිදා 6.45ට විතර නැගිටලා tent එකෙන් එලියට ආවා. ඉර අව්ව කදු වලට වෙටිලා පුදුම ලස්සනක් තියෙන්නේ ඒ අවට. ටිකක් ඇතින් ගොන්නු දෙන්නෙක්
දිව ගියා. 8.20ට අපි ටින් කරපු පලතුරු කාල අපේ ගමන යන්න ලෑස්ති උනා 9.25ට විතර. කලින් දවසේ වැස්සෙන් කාපු කට්ට නිසා අදනම් කොහොමහරි නැගල බහිනවා කියල
අදහසක් ඔලුවේ තියාගෙන අපි පටන් ගත්ත යන්න. ටික දුරක් යනකොට අපි ගන කැලෑවකට ඇතුල් උනා.

DSC00069.JPG


එන්න එන්න ගමනත් අමාරු වෙනවා. ඔහොම කැලෑවෙන් ටිකක් එහාට යනකොට අපිට හම්බ උනා පාර දෙකට බෙදෙන තැනක්. අපිට මෙතනින් යන පැත්ත
හොයාගන්න සිතියමයි මාලිමවයි අරගෙන බැලුව. ඒ දෙකේ පිහිටෙන් අපි වම් පැත්තට යන්න ඕනේ කියල හොයාගත්ත. අනිත් පාර කොහෙට යනවද කියල කිසි
අදහසක් තිබුනේ නෑ. එතනින් එහාට ටිකක් පාර අමාරුයි. සමහර තැන් වල ගස් වල මුල් දිගේ එල්ලිලා එහෙම තමයි නගින්න තියෙන්නේ. ඔහොම ටික ටික
යනකොට 12.30ට විතර අපි KNUCKLES කන්ද මුදුනේ. එතන තියෙන ලස්සන වචන වලින් කියන්න ටිකක් අමාරුයි. කටු කාගෙන මෙච්චර දුරක් ඇවිත්
අපිට යන්න ඕනේ තැනට ආපු එක ගැන අපිට පුදුම සතුටක් ඇති උනේ. උඩටම ගියාම හැමපත්තක්ම හොදට පේනවා.

Final.jpg

Panorama View on the Top of Knuckles Mountain

හිටපු ගමන් මීදුමෙන් වැහෙනවා. ගල්පොත්තක් උඩ ගස්කොලන් වැවිල වගේ තමයි උඩ දැකගන්න ලැබුනේ. උඩට ජංගම දුරකථන වලට signal තියෙනවා.
ගෙරවිලි සද්දයක් එක්කම අපි බහින්න තීරණය කරා. සිතියම අරන් බැලුවම අපිට පෙනී ගියේ මීමුරේ තියෙන්නේ ඊසාන පැත්තට කියල. එහෙම බැලුවම කන්ද
නැගල එහෙම්ම ඉස්සරහින් බහින්න වගේ තමයි පෙන්නුම් කරේ.

DSC04777.JPG


අපි ඉස්සරහ තිබුණු පොඩි පාරක් දිගේ ටික ටික පල්ලෙහට ගියා.ටික දුරක් යනකොට මීදුමත් එක්කම අපි යන පාර වෙරදී කියල දැනුන. අපි එහෙම්ම අයෙමත්
KNUCKLES මුදුනට ඇවිත් කල්පනා කලේ කොයි පැත්තෙන්ද යන්නේ කියලයි. අපිට තේරුණා අපිත් ගොන්නු වගේ ගොන්නු ගියා පාරක ගිහින් තියෙන්නේ කියල.
ඊට පස්සේ කල්පනා උනා අපි එනකොට පාර දෙකට බෙදුණු තැන. ඒ පාර දිගේ යන්න හිතාගෙන අපි අයෙමත් බැස්ස ආපු පැත්තෙන්ම. 1.20ට විතර පාර බෙදෙන
තැනට ඇවිත් සිතියමයි මාලිමවයි අරන් බලල අර පාරේ යන්න තීරණය කරා. ඒ පාර අපි නැගපු පාර තරම් අමාරු නැති උනත් ටිකක් දුර පාරක්. අපි ගෙනාපු වතුර
මහන්සියත් එක්කම බලන් ඉන්නකොට ඉවර උනා. මේ කදු වලින් එන වතුර අපිට ලොකු උදව්වක් උනා වතුර පුරවගන්න. ඇත්තම කියනවනම් ඒ වතුර අපි ගෙනිච්ච
වතුර වලට වඩා ගොඩක් පිරිසිදුයි සහ නැවුම්.

DSC00095.JPG


දැනට අපි යන පාර මීමුරේ පැත්තට ටික ටික ගමන් කරා. නමුත්
අයෙමත් පාර බෙදෙන තැනක් අපිට හම්බ උනා. එතනින් එක පාරක් අපි ආපු පැත්තෙන්ම පහලට යන්නයි අනිත් පාර කෙලින්ම යන්නයි තිබුනේ. අපි ආපු පැත්තට
යන එක බොරු වැඩක් කියල හිතල කෙලින් පාරේ ගියා. 25km විතර ඇවිදගෙන එනකොට අපිට ඇහුන ඝන්ටාර සද්දයක්. අපිට ලොකු සතුටක් සහ ගැම්මක් ආවා
එකෙන් අපි ගමකට ලං උනා කියල දැනුනම. ඇවිදගන්න බැරි තරමට අපි හෙම්බත් වෙලා ඉන්න නිසා එහෙම හිතෙන්න ඇති අපිට.

DSC00091.JPG


අපිට ගමකට ලං වෙන්න උනේ නැත්තන් අපිට එදත් ඉන්න වෙන්නේ කැලෑවේ ඇතුලේ තෙමීගෙන. අපි ටික දුරක් එනකොට තේ වත්තක් ලගට කිට්ටු උනා. ඈත පොඩි
පොඩි ගෙවල් ටිකක් පෙනුන. කළුවර නිසාත් ඇති උණු සතුට නිසාත් අපි ඉක්මනට තේ වත්ත මැදින් බහින්න පටන් ගත්ත. මේ වෙලාවේ කුඩැල්ලෝ කකුලෙන් එකයි.
ඔලුවේ ඉදන් කකුල් දෙක වෙනකන් කුඩැල්ලෝ. ගලෙව්වෙත් නෑ මොකද ගමන පරක්කු වෙන නිසා. සපත්තු ගෙන ගියා නිසා ටිකක් හරි බේරුනා. අපි තේ වත්ත මැදින්
යන දොළ පාරක් ළඟ නැවතිලා සේරම කුඩැල්ලෝ ගලවාගෙන නැවතත් බහින්න පටන් ගත්ත. ඔන්න අපි ගමට ආවා. එතන මුලින්ම හම්බ උනා ගෙදරින් ඇහුවම කිවුවේ
මේ ගම "තන්ගප්පුව" කියලි. දෙමල අය තමි මෙහෙ ජීවත් වෙන්නේ ගොඩක්ම. අර ගෙදරට එන්න කලින් අපි කුඩැල්ලෝ ගැලෙව්වත් ඉතුරු ටික එනකොට තවත්
කුඩැල්ලෝ එල්ලිලා හිටියා. අපිට ගෙදරින් ලැබුණු ලුණු වතුර වලින් නැවතත් කූඩැල්ෙලා ගලවාගෙන ගියා ඉන්න තැනක් හොයාගෙන. අපි ගෙදරකින් ඇහුව අපිට නවතින්න
තැනක් නැති වෙයිද අද රෑට කියල. ඒ ගෙදර හිටියා දෙමල සහෝදරයෙක් අපිව එක්කන් ගියා තව ගෙදරකට. ඒ ගනේෂ් ( Tel : 0815782918) කියල තව සහෝදරයෙක්.

DSC04781.JPG


ගනේෂ් කියන්නේ ඒ තේ වත්තේ තේ දළු කඩන කෙනෙක්. ඒ වගේම එයා tourist guide කෙනෙක්. අපේ කකුල් ලේ වලින් නෑවිලා තියෙනවා දැකල
ගනේෂ් සහෝදරයා ඒවා වලටත් බෙහෙත් කරන්න උදව් කරා. යක්කු 100 විතර කන්න බඩගින්නක් තිබුණු අපි ගනේෂ්ගේ ගෙදර කුස්සියට ගිහින් අපි ගෙනිච්ච
maggi noodles හදාගත්ත.

DSC04783.JPG


කාල ඉවර වෙලා අපි හොඳ නින්දකට ගියා. 14kg විතර උස්සගෙන, 25km විතර ඇවිදලා, කලින් දවසේ පැය තුනක් විතර නිදාගෙන කොච්චර
මහන්සි වෙලා හිටියත්, මෙච්චර කල් plan කරලා මේ ගමන සාර්ථක වෙච්ච එක ගැන අපිට පුදුම සන්තෝසයක් තිබුනේ. හැබැයි හිතන් හිටියා විදියට මීමුරේ ගමට
යන්නනම් බැරි උනා. හැබැයි ගනේශ්ගෙන් අහල බැලුවම එයා කිවුවේ අපිට අර අන්තිමට හම්බ උන පාර දෙකට බෙදෙන තැනින් අනිත් පැත්තට ගියාම තමයි මීමුරේ
තියෙන්නේ. තන්ගප්පුවේ ඉදන් මීමුරේට 3km විතර තියෙනවා.



2012-04-18

උදේ 6.10ට විතර අපි නැගිටලා අපේ bag ලෑස්ති කරගෙන අපි අපහු ගෙදර එන්න ලෑස්ති උනා. ගනේෂ් අපිට උදේට කන්න රොටි සමග හතු මාළුවක් හදල දුන්න.

DSC04800.JPG


එතන ඉදන් අපි KNUCKLES ගැන ගොඩක් දේවල් ගනේශ්ගෙන් අහල දැනගත්ත. කොළඹට යන විදියත් අහගෙන අපි ගනේෂ්ට ස්තුති කරලා තන්ගප්පුවෙන්
පිටත් උනා. තන්ගප්පුව වගේ ගම් තම තියෙන එක ගැනත් අපිට හරි පුදුමයි. එහෙ දෙමල මිනිසුන් ජීවත් උනත් අපිට වෙනසක් නොකර ඉතා හොදින් ආගන්තුක සත්කාර
ඉටු කලා. 10.00ට විතර තන්ගප්පුවෙන් පිටත් උනා බස් එක 11.20ට විතර තෙල්දෙණියට අවේ 15km විතර දුරක් ගෙවාගෙන. තෙල්දෙණියෙන් 11.45ට විතර නුවරට
යන බස් එකට නැගල 1.30 විතර වෙනකොට ආවා. නුවර කඩේකින් අපි දවල්ට කාල බස් එකේ එන්න බැලුවම කොළඹට එන්න දිග පෝලිමක් ඒකට. අවුරුදු දවස් නිසා
තමයි මෙච්චර සෙනග. නුවර බස් එක්ක ගන්න තැනදී NIBM එකේ යාලුවෙකුත් අපිට මුණ ගැහුනා. බස් එකේ සෙනග නිසා අපි කෝච්චියේ එන්න තීරණය කලත්
කොච්චියේත් සෙනග හොදටම.

DSC00128.JPG



3.30ට විතර නුවරින් පිටත් උනා කෝච්චිය රෑ 7.30 විතර වෙනකොට කොළොඹ කොටුවට ආවා. එතනින් කට්ටිය තම තමන්ගේ ගෙවල් වලට ගියෙත්
වැස්සේ තෙමීගෙනයි. ඔන්න ඔහොමයි අපේ Knuckles Trip එක ඉවර උනේ.

:yes:හොදට මතක තියාගන්න කරුණු ටිකක් තියෙනවා අපි මේ ගිය Trip එකෙන් ඔලුවට ගන්න. කැලෑවේ කිසි දෙයක් දාලා එන්නත්
එපා. කැලාවෙන් කිසි දෙයක් අරන් එන්නත් එපා.අරන් යන පොලිතින්, ටින්, සියලු අපද්‍රව්‍ය වෙනම එකතු කර නගරයට පැමිණි පසු බැහැර කරන්න.
අඩි පාරවල් විතරක් තියල ආවම ඇති. ඒ වගේම යම් දෙයක් කිය කිය විතරක් ඉන්නේ නැතුව කරලා දාන්න ඉක්මනට. අපිට තේරුණු හොද දෙයක් තමයි, මොකක්
හරි දෙයක් අපිට කරන්න ඕනෙනම් ඒකට අනිත් පැත්තට හිටින දේවල් වටපිටාවේ ගොඩක් තියෙනවා. ඒවා වලින් වැටෙන්නේ නැතුව තමන්ගේ දේ හරියට
කලොත් ඕනෙම දෙයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. හොදම උදාහරණයක් විදියට අර මැද්දෙදි tent එක ඇතුල තෙමෙනකොට "අයෙමත් උබල එක්ක කඳු නගින්න
එන්නේ නෑ" කියපු යාළුවා දැන් කියන්නේ ආයෙමත් කොහේ
හරි යමුයි කියලයි.




ඕනෙම උදවුවකට අපෙන් අහන්න. පුළුවන් විදියට උදවු කරන්නම්.


සජිත් : E-mail - [email protected]

Facebook - https://www.facebook.com/profile.php?id=1353141193


DSC00078.JPG






දිනිත් : Email - [email protected]


Facebook - https://www.facebook.com/amarawansadinith

DSC04809.JPG







ගයාන් : Email - [email protected]


Facebook - https://www.facebook.com/profile.php?id=1053567597

DSC00082.JPG






ගනේෂ් : Tel : 0815782918

අතරමගදී නෙත ගැටුනු සොඳුරු දසුන් ....

DSC00035.JPG


DSC00038.JPG


DSC00045.JPG


DSC00072.JPG


DSC00076.JPG


DSC00085.JPG


DSC04622.JPG


DSC04639.JPG


DSC04662.JPG


DSC04707.JPG


DSC04691.JPG


DSC04690.JPG


DSC04727.JPG


DSC04711.JPG


DSC04735.JPG


DSC04744.JPG


DSC04740.JPG


DSC04778.JPG


DSC04803.JPG


DSC04812.JPG


DSC04834.JPG


http://roadtoknuckles.blogspot.com/

Thank You For Reading..............!!!
 
Last edited:

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    adooo...patta gamana bang....
    අපිටත් යන්න ආස හිතෙනවා...
    නියමයි...
    ෆොටෝ ටිකත් මරු ...
    තව ෆොටෝ තියනවා නම් (නැති වෙන්න බැහැ :P) මෙතනම දාන්න....
    rep 6+
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    අපරාදේ උබලට ඔහොමම ලකේගලින් පහල අවනම් මීමුරේ .මමත් එක පාරක් මීමුරෙන් නැගල මාතලේ පැත්තෙන් බැස්සා.එකත් මරු ට්‍රිප් 1.
    ela rep add
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    සුපිරි ගමනක් නෙ ගිහින් තියෙන්නෙ.
    අපිටත් යන්න ආස හිතෙනවා.
    එල එල