Robin Hood-Beyond Sherwood Forest 2009(Movie)-[2009 දී තිරගත වීම් නවතම චිත්‍රපටය]
ඔන්න කාලාන්තරයක් කොයි කවුරුත් ආසාවෙන් බලපු රොබින්හුඩ් ගෙ 2009 වසරේ තිරගත වීමට ඇරබි නවතම චිත්‍රපටය ගැන තමයි අද කියන්න . කාටත් මතකයිනෙ 1984 දී ජාතික රූපවාහිනිය තුලින් විකාශය වූ "Robin of Sherwood" ටෙලි නාට්‍ය මාලාව. ඒ හා සමාන කතාවක් තමයි මෙම චිත්‍රපටයෙන් ඔබට ගෙනෙන්නෙ. හැබැයි මේකෙදි ටිකක් අමුතු ආකාරයෙ සත්තු , ඒ වගේම දරුනු අයුරින් මිනිසුන් මැරීම් වගේ දේවල් ටිකක් වැඩිපුර පෙන්නනවද මන්දා. මමනම් රොබින්හුඩ් චරිතයට ඇති කැමැත්ත නිසාමයි මෙම චිත්‍රපටය බැලුවෙ. නමුත් අපි මීට කලින් බලා තිබෙන සහ අසා තිබෙන කතා වලින් ටිකක් ඔබ්බට ගිය කතාවක් තමයි මෙහිදී ඔබට දැක ගන්න ලැබෙන්නෙ. චිත්‍රපටය පටන්ගන්නෙ, රොබින්ට අවුරුදු 10ක් පමන වයසෙදී ඔහුගේ පියාව තවත් පුද්ගලයකු විසින් මරනු ලබන අවස්තාවකදී. තම පියාගේ එම මරනයින් පසු කෑලෑවට යන රොබින් එහිදී ඔහුගේ ගෝලයන් සමග ශර්වුඩ් ගමට කරන උදවු ගැන තමයි මේ චිත්‍රපටය පෙන්නන්නෙ. රසවත් කතාවක්. ඒ වගේම අර හැරීපොටර් වගේ ඉන්ද්‍රජාලික වැඩත් පොඩ්ඩක් මේකෙ තියනවා. විස්තරේ ඒකයි

