Rohypnol ලිංගික අපරාධ සිදු කිරීම සඳහා භාවිතා කර ඇත. මෙය ශරීරයට ඇතුළු වූ විට පරිශීලකයාගේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අවම කරවයි. එනිසා මෙය 'ස්ත්‍රී දුෂණ මත්ද්‍රව්‍ය' ලෙසද ප්‍රසිද්ද වී ඇත.
මෙම ඖෂදය ලබා ගන්නා පරිශීලකයන් එහි අතුරු ආබාධ විස්තර කිරීමේදී, 'අංශභාග තත්වය'ට පත්වීම ලෙස විස්තර කරයි. ඖෂදය ශරීරයට ඇතුළු වීමෙන් පසු විනාඩි 20 - 30ත් අතර කාලයකදී ක්‍රියාකාරී වීම ඇරඹේ. ප්‍රතිපල උච්චතම අවස්ථාවට පත් වීමට පැය 2ක් වැනි කාලයක් ගත වන අතර එහි ක්‍රියාකාරිත්වය පැය 8ත් - 12ත් අතර කාලයක් තිබිය හැක.
මෙහි පරිශීලකයා බොහෝ අවස්ථා වලදී මාංශ පේශි ක්‍රියාකාරිත්වය නැතිව වැටීමට ඇති ඉඩකඩ වැඩිය. ඔවුන්ට ඇස් විවෘත කර සිදුවීම් නිරීක්ෂණය කිරීමට හැකි නමුත් චලනය වීමට අපොහොසත්ව බිම වැතිර සිටී. එසේම මතකය පලුදු වී යන අතර ඖෂදය ක්‍රියාකාරී වූ කාලය තුල සිදු වූ දෙය අමතක වී යයි. පරිශිලකයා හට ව්‍යාකූලත්වය, කරකැවිල්ල වැනි අබාධ වලටද මුහුණ දීමට සිදු වෙනවා. Rohypnol යුරෝපයේ හා ලතින් ඇමෙරිකාවේ දී නිදි බෙහෙත් ලෙස විකුණන, නමුත් එය එක්සත් ජනපදය තුල නීති විරෝධී වේ.