SAITM එපා කියන හරක් ට

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
SAITM කියන්නේ තමන්ගේ සල්ලි වලින් ප්‍රශ්න වහගන්න හදන ආයතනයක් ..නැතිව කරන්න ඕනි දේවල් කරන ආයතනයක් නෙවෙයි..මගේ යාලුවෙක් මේකේ multimedia degree එක කළා ..ඒ degree එකට හොදට පහසුකම් දීලා තියෙනවා .( iMac..etc ) ..එත් වෛද්‍ය උපාධියට අවශ්‍ය කරන පහසුකම් මදි කියලනේ හැමෝම කියන්නේ ..ඉතින් ඇයි ඒ අඩුපාඩු හදාගන්නේ නැතිව සල්ලි විසි කරලා රජය නම්මා ගන්නේ...ඕනි ගොනෙක්ට තේරෙනවා SAITM සල්ලි වලට අපේ දේශපාලුවෝ මොන තරම් කහිනවද කියලා...පුද්ගලික වෛද්‍ය විද්‍යාල හොදයි ..නමුත් ඒවගෙන් සිසුන්ට දෙන දැනුම ප්‍රමිතියට තියෙනවද කියන එකයි අපි බලන්න ඕනි ..
- උසස් පෙළ ප්‍රතිපල මතක නැති
- පුහුණුවට හරි රෝහලක් නැති
- ලබාදෙන දැනුම සහ ඒවා පරික්ෂා කරන විභාග ගැන ප්‍රමිතියක් නැති (රජයේ නිරීක්ෂණයට ලක් නොවෙන )

රජයේ වෛද්‍ය වරයෙක් වෙන එක ලේසි දෙයක් කියලද හිතන්නේ ..අවසාන විභාග සමත් වෙන්න බැරි අය කි දෙනෙක් ඉන්නවද ..එයාලා අදක්ෂ අය නෙවෙයි..එත් අවසාන පරීක්ෂණයෙන් සමත් වෙන්න පුළුවන් හොදම දක්ෂ අය නෙවෙයි..ඒ තරමට සිසුන්ගේ දැනුම පරික්ෂා කරනවා ..ලේසි විධිහට ළමයින්ට පරීක්ෂණ තියලා සමත් කරවන එකද නැත්තන් අමාරු පරීක්ෂණ තියලා හොදම අයගේනුට් හොදම අය තොරණ එකද සුදුසු ..මොකද වෛද්‍යවරයෙක් කියන්නේ නිකන් රස්සාවක් කරන කෙනෙක් නෙවෙයි..මිනිසුන්ගේ ජිවිත එක්ක වැඩ කරන්නේ ...අද මෙතන SAITM හොදයි කියන මෝඩද මිනිස්සු ලෙඩක් හැදුනම නවලෝකේ ඉන්න හොදම වෛද්‍යවරයා හොයාගෙන යන්නේ බෙහෙත් ගන්න ..තමන්ගේ නගර ඉන්න වෛද්‍යවරයාට වඩා හොද වෛද්‍යවරු හොයාගෙන යනවා ..එකයි ඇත්ත ...එක නිසා ලංකාවේ හොදම වෛද්‍යවරු හොයාගෙන යන්නේ නැති ..ඕනිම වෛද්‍යවරයෙක් හොදයි කියලා හිතන අය විතරක් මේ SAITM එකට කඩේ ගියාට කමක් නෑ




‘තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ?‘ අසාධාරණ වැඩ වර්ජකයන්ගෙන් ජනාධිපති සාධාරණ ප්‍රශ්නයක් අසයි



පසුගිය මාස කිහිපය තුළ අපි රජය විදියට ප‍්‍රතිපත්ති තීරණ රාශියක් අරගෙන බොහෝ වෙනස්කම් කළා සයිටම් ආයතනයේ. සයිටම් ආයතනයේ ඉගෙනගන්න දරුවන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුවක් දීම අනිවාර්ය කළා. ඒ වගේම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන විභාගයට මේ ළමයි අනිවාර්යෙන් පෙනීසිටිය යුතුයි කියලා මේ ළමයි තීන්දු කළා. ඒ වගේම වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් ගැසට් කළයුතුයි කියලා තීන්දුවක් ගත්තා. සයිටම් රෝහල රජයට පවරාගන්න අපි තීරණය කළා. තනි පුද්ගලයෙක් අත තිබුණ සයිටම් ආයතනය සාමුහික ව්‍යාපාරයක් විදියට ඉදිරිපත් කළයුතුයි කියන නියෝගය නිකුත් කළා. තනි පුද්ගලයෙකුගේ අත තිබුණ සයිටම් විද්‍යාලය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් අතට පත්වියයුතුයි කියන තීරණය ගත්තා. මම අහනවා තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා.