SAITM සටන පැරදුනේ ඇයි..?

Jul 5, 2012
1,773
265
0
SAITM සටන පැරදුනේ ඇයි..?

SAITEM-Fight.jpg


අධිකරණ නියෝගය අනුව SAITM හි වෛද්‍ය පීඨයේ සිසුන්ට වෛද්‍ය සභාවේ අනුමැතිය හිමි වේ." මේ දිනවල අසන්නට ලැබෙන ප්‍රධාන පුවතයි. මේ තත්වය ඇති වීම වැලක්වීමට රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් නොකා නොබී වසර ගානක් තිස්සේ දුක් වින්ද බව අපි දනිමු.

රජයේ වෛද්‍ය සිසුන් පමණක් නොව. අනෙක් පීඨ වල සිසුන්ද SAITM විරෝධය වෙනුවෙන් නොකළ දෙයක් නැති තරම්ය.

නමුත් ඒ සියල්ල වතුරේ ගියේ අධිකරණ නියෝගයත් සමඟය.
වරද්දාගත්තේ කොතනද? ඇයි ශිෂ්‍ය සටන පැරදුනේ? මේ ඒ ගැන අපේ මතයයි.

1) රජයේ විශ්ව විද්‍යාල සිසුන් මුල සිටම පුද්ගලික අංශයේ සියලුම විශ්වවිද්‍යාල දෙස යම් අපහාසාත්මක කෝණයකින් බැලීමට පුරුදු වී සිටීම.

කවුරු නෑ කිව්වත් govt 90%ක් ම එහෙමයි. බුකියෙන් පමණක් නෙවෙයි, වෙනත් ඕනෑම අවස්තාවක තමන්ට ඉඩක් ලැබුන සැනින් ඉතාම යන්තමින් හෝ පුද්ගලික විශ්ව විද්‍යාල වෙත hint එකක් ගැසීමට සහ, ඇතැමුන් නම් ප්‍රසිද්ධියේ සෘජුවම private campus වලට "උපාදි කඩ" ආදී වශයෙන් ප්‍රකාශ කල බව කවුරුත් දනී.

ඇතැම් උද්ගෝෂණ වලදී ICBT, Aquinas, NSBM වැනි ආයතන වල නම් කෙලින්ම තම පුවරු වල සඳහන් කරගෙන ඔවුන් කටයුතු කළා. මේ නිසා පැහැදිලිවම මෙය medical ප්‍රශ්නයක් නොව, සියලු පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි කෝන්තරයක් බව ජනතාවට පෙනුනි. මේ නොමනා හැසිරීම නිසා SAITM එකේ වැරද්දක් තිබුනත් නැතත් SAITM එක වෙනුවෙන් කතා කිරීමට පෙළඹීමක් සියලු පුද්ගලික අංශයේ සිසුන් තුල ඇති වුණි. එනම් govt - Pvt බෙදීමේ ආරම්භය සඳහා මුල් පුරුක සැපයුවේ Government සිසුන් ම ය. ඒ නිසාම පුද්ගලික අංශයේ සියලු සිසුන් තරහා කරගෙන ම මේ සටන ආරම්භ කිරීම ඉතාම අනුවන ක්‍රියාවක් බවට පත් විය.

2) SAITM හි වෛද්‍ය උපාධිය ගැන ජනතාව දැනුවත් කිරීම ආරම්භ වන විට වෙනත් අංශ වල Private campus සිසුන් ඒ ගැන කතා කලේ neutral ස්වභාවයකිනි. එනම් ඔබේ මතයට සවන් දීමට සූදානමක් ඔවුන් තුල තිබුණි.

නමුත් සියලු පුද්ගලික අංශයේ විශ්ව විද්‍යාල වලට පොදුවේ කල මඩ ප්‍රහාර හමුවේ ඔවුන් සියලු දෙනාට රජයේ සිසුන් කෙරෙහි තරහක් ඇති වීම සිදු වූයේ ස්වභාවිකවම ය.

3) ප්‍රශ්නය තිබුනේ SAITM ආයතනයේත් Medical faculty එක සම්බන්ධව පමණි. නමුත් රජයේ සිසුන්ගේ විරෝධතාව එල්ල වුනේ සමස්ත SAITM ආයතනයටම එරෙහිව ය.

මෙය මේ ප්‍රශ්නයේ ප්‍රබල සාධකයකි. Medical faculty එකේ ගුණාත්මක බව ගැන ප්‍රශ්න කිරීමේ දී "සමස්ත SAITM එකේ ම faculty සියල්ල ගාවගැනීම" නම් වූ විහිලුව ජනතාව ඉදිරියේ දර්ශනය විය. එනම් උදාහරණයක් ලෙස "SAITM එකේ A/L fail ළමයිනුත් ඉන්නවා" යනුවෙන් ප්‍රකාශ ඉදිරිපත් කරමින් බොහෝ දෙනෙක් උත්සහ කලේ SAITM කිව්වොත් medical විතරයි යන ව්‍යාජ මතය සමාජගත කිරීමටය. නමුත් එයට ප්‍රති පිළිතුරු දුන් SAITM ආයතනය "A/L අනිවාර්ය නොවන Multemedia වැනි අංශ වල සිටින සිසුන්ගේ ප්‍රතිපලත් වෛද්‍ය අංශයේ බවට බොරුවට ඒත්තුගන්වමින් SAITM විරෝධීන් මේ ගෙනයන මතය" යනුවෙන් මෙහි යතාර්ථය හෙළි කිරීම නිසා ජනතාව තුල SAITM විරෝධීන්ගේ ප්‍රකාශ පිලිබඳ අවිශ්වාසයක් ගොඩනැගුණි. ධනපතියන් නොවන පිරිස් ද SAITM වෙත පක්ෂපාතී වීමට SAITM විරෝධීන් ගේ මේ පදනම් විරහිත ප්‍රකාශ හේතු විය.

4) SAITM ආයතනය විසින් "තම සිසුන් Act16 හෝ වෙනත් ඕනෑම පොදු විභාගයකට පෙනී සිටීමට සූදානම්" යයි ප්‍රසිද්ධියේ පවසා තිබියදීත් එය පිලි නොගැනීමට වෛද්‍ය සභාව කටයුතු කිරීම සහ "Act 16" විභාගය සඳහා විදෙස් වල වෛද්‍ය අධ්‍යාපනය ලැබූ ඕනෑම වෛද්‍ය ශිෂ්‍යයෙක්ට අවස්තාව ලබා දීමත්, SAITM සඳහා පමණක් ප්‍රතික්ෂේප කිරීමත් නිසා, වෛද්‍ය සභාව තුල ද සාධාරණත්වයක් නැති, ඒකපාර්ශ්වික වැඩපිළිවෙලක් යන බව ජනතාවට සහ බලධාරීන්ට පෙනී යාම.

මේ නිසා මෙහි අවසාන තීන්දුව ගැනීම සඳහා විශ්වාසයෙන් යුතුව වෛද්‍ය සභාවට භාර දීමට නොහැකිය යන මතය බලධාරීන් තුල ස්ථාපනය වීම.

5) "SAITM සිසුන්ට Clinical පහසුකම නෑ. ඒ නිසා ඔවුන්ට සුදුසුකම් නෑ" යනුවෙන් පැවසු රජයේ සිසුන් සහ වෛද්‍ය සභාව, ඔවුන්ට රජයේ රෝහලක් තුල සායනික පහසුකම් ලබා දීමට ගිය විට එයට එරෙහිව පාරට බැසීම.

මේ සිද්ධියෙන් බලධාරීන්ට සහ ජනයාට පැහැදිලිව පෙනී ගියේ මෙය පැහැදිලිවම private campus සමඟ තිබෙන ඇරියස් එකක් මිස මෙහි වැඩපිළිවෙල දියුණු කිරීම කෙරෙහි උනන්දුවක් මේ පාර්ශව තුල නොමැති බවයි. සරලව කිවහොත් "ඔවුන්ගේ standards ඉහල දැමිය යුතු බව පවසයි. නමුත් ඒ සඳහා අවස්තාව ලබා දීමේ ඉඩකඩ අහුරයි"

6) "Improve the standards of PMC" යන සටන්පාඨය වෙනුවට කෙලින්ම "NOPMC" කියමින් පාරට බැසීම.

7) රජයේ විශ්වවිද්‍යාල වල බඳවාගැනීම් ඉහල දැමීම, රජයේ ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීම, වැනි සැබෑ ප්‍රශ්න වලට වචනයක් වත් කතා නොකර, "SAITM දැමීම් නිසා රජයේ බඳවාගැනීම් අඩු වෙලා. ඒ නිසා සයිටම් වහමු" සහ "SAITM එකේ වැඩි වැටුප් නිසා රජයේ ආචාර්ය වරු ඒවාට ඇදිලා යනවා. ඒ නිසා සයිටම් වහමු" යන මට්ටමේ තර්ක ගෙන ඒම.

මේ නිසා "රජයේ සිසුන්ගේ සත්‍ය අවශ්‍යතාව රජයේ විශ්ව විද්‍යාල වල තත්වය දියුණු කිරීම නොව, private campus වැසීමය" යන බව බලධාරීන්ට පෙනීම.

8) වෛද්‍ය අධ්‍යාපනයේ සාධාරණත්වය ගැන කතාකරන වෛද්‍යවරු, වෛද්‍ය සේවයේ සාධාරණත්වය තුට්ටුවකටවත් මායිම් නොකර කාර් පර්මිට් එක වෙනුවෙන් ජනතාවගේ ජීවිත බිල්ලට දෙමින් උද්ගෝෂණය කිරීම.

මේ සිදුවීම නිසා ජනතාවගේ ඇස් ඇරුණු බව කිව යුතුමය. මේ උද්ගෝෂණය සහ වැඩවර්ජනය සිදු වුනේ සයිටම් විරෝධී සටන සිදුවන අතරතුරේ මය. මේ පිළිබඳව ජනතාවගේ පමණක් නොව, මාධ්‍ය වල සහ බලධාරීන් ගේ ද අවධානය යොමු විය. සයිටම් විරෝධීන් හුදු තම අවශ්‍යතා පමණක් වෙනුවෙන් ජනතාවගේ ජීවිත වුවද බිල්ලට දීමට සූදානම්ය යන මතය මේ තුලින් සමාජගත වූ බව ඔබ අප කාටවත් ප්‍රතික්ශේප කල නොහැක.

9) හේතු විරහිත NSBM සහ SLIIT විරෝධය.

NSBM ආයතනය තම නවතම Green university එක එළිදැක්වීමත් සමඟ එයට එරෙහිව බුකිය පුරා govt සිසුන් හඬ නැගුවේ කිසිදු පදනමක් ඇතුව නොවේ. "රාජ්‍ය ආයෝජනයක්" යන වචනයෙහි අර්ථය වත් නොදැන, Green university යන්නෙහි අර්ථය අල්පමාත්‍රයක් වත් නොදැන, මුග්ධ තර්ක 2ක් යොදාගෙන මෙම ආයතනයට පහරගැසීම තුලින් රජයේ සිසුන් තුල පුද්ගලික විශ්වවිද්‍යාල කෙරෙහි ඇති පටු ආකල්පමය ස්වභාවය සමාජගත වීම නිසා ජනතාව මෙහි යතාර්ථය අවබෝධ කරගත් අතර බලධාරීන් ද ඒ ගැන දෑස් අයා බලා සිටි බව කිසිවෙකුත් නොසිතන්නට ඇති.

එසේම මේ කිසිවකටත් අදාළ නොවූ SLIIT ආයතනය පුරා වසර ගණනාවක් පුරා ගෙන ආ සේවාව හෑල්ලුවට ලක් කරමින් ඇතැම් රජයේ සිසුන් නැගු මඩ ප්‍රහාර ඔවුන්ගේම සයිටම් විරෝධී සටනේ යතාර්ථය හෙළි කිරීමට සමත් වීම ඔවුන්ටම අවාසියක් විය.

10) පුද්ගලික ආයතනයක් රජයට පවරාගැනීම සුළුපටු කාර්යයක් යයි සිතීම.

පුද්ගලික ආයතනයක් රජයට පවරාගැනීම බස් එකේ සීට් එකක් අල්ලගන්නවා මෙන් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. අතීතයේදී ශිෂ්‍යයන් පාරට බැස එකෙක් දෙන්නෙක් මිය යන තෙක් සටන් වැදුනු විට රජය බිය වී ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට පෙළඹුණි. (උදා: රාගම). නමුත් දැන් නීතිය ඒ කාලයට වඩා දියුණුය. සාධාරණ හේතු විමසීමකින් තොරව එසේ හිතුමතේ යමක් රජයට පවරාගෙන ජනතාවගේ බදු මුලින්ම එය නඩත්තු කිරීමට රජයක් පෙළඹෙන්නේ නැත.
විශේෂයෙන් රටේ ආර්ථිකය අර්බුදයක පවතින කාලයකදී සියලු වියදම් රජය මත පවරාගැනීමට කිසිදු ආණ්ඩුවක් පෙළඹෙන්නේ නැත. අවම වශයෙන් ඒ සඳහා නඩු විභාගයකදී නිවැරදි තර්ක විතර්ක ගොඩනගා මතය තහවුරු කිරීම අවශ්‍යය. නමුත් වෛද්‍ය සභාව සහ අදාළ අංශ වල ඉහත 4) හි කී අන්දමේ ක්‍රියාපටිපාටිය දුටු විට ඔවුන් නඩුවෙන් පරාජය වීමද අරුමයක් නොවේ.
මෙම ප්‍රයෝගික යතාර්ථය පිලි නොගෙන "සයිටම් රජයට පවරාගනු" යයි කෑගැසූ පමණින් එය ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වීම අසාර්ථක වන බව බුද්ධිමතුන් ඕනෑම කෙනෙක්ට අඩිය තියන්නට පෙර ම පෙනෙනු ඇත.
ඒ වෙනුවට "සයිටම් හි standards වැඩිදියුණු කිරීම" හෝ "රජයේ විශ්ව විද්‍යාල වල අවස්ථා පුළුල් කිරීම" යන සැබෑ සටන් පාඨයන් මූලික කරගෙන ඉදිරියට ගියා නම් මීට වඩා ප්‍රයෝගික වෙනසක් බලාපොරොත්තු වන්නට ඉඩ තිබුනි.

11) "සල්ලි තියෙන අයටයි සයිටම්, සල්ලි නැති අයට ඕකට යන්න බෑනේ" යන පෙරපාසල් තර්කය මේ සටනේ මූලික පදනමක් කරගැනීම.

මුදල් යහමින් ඇති අයට පුද්ගලික විශ්ව විද්‍යාල වෙන් වී ඇති බව සැබෑවකි. නමුත් ඒ ප්‍රශ්නය ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විතරද? අධ්‍යාපනයට වඩා මූලික අවශ්‍යතා අතින් ඉහලින් ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවා මුදල් වැඩි අයට වැඩි පහසුකම් ලැබේ. Asiri, Lanka hospital වැනි තැන් වලට අන්ත දිළින්දන් යන්නේ නැත. නමුත් දිළින්දන්ට බැරි නිසා Asiri වහන්න කියා කිසිවකුත් හඬ නගන්නේ නැත. එසේ හඬ නැගීම ප්‍රායෝගික ද නැත.
එසේම රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුල් වීමට උසස් පෙළ ඉහල ලකුණු බලන්නා සේම රජයේ රෝහලකට ගොස් බෙහෙත් ගැනීමට අධික පෝලිමක සිටිය යුතුය. නමුත් පුද්ගලික රෝහල් වල මුදල් ගෙවා වෛද්‍ය වරයෙක් නියමිත වෙලාවට channel කරගත හැක. මේ අවස්තාව දුප්පතුන්ට හිමි නොවේ. එය මුදල් මූලික කරගත් ලෝකයක ස්වභාවයයි. එය වෙනස් කිරීමට නම් පළමුව දිළිඳු බව තුරන් කල යුතුය. නැතුව තියෙන සේරම පුද්ගලික ආයතන එකින් එක වසාගෙන ආවාට වෙන සෙතක් නැත.
ලෝක සත්‍යයෙන් පිට පදනමකින් ක්‍රියා කිරීම ද මෙම සටන අසාර්ථක වීමට හේතුවක් වන්නට ඇතැයි අපි සිතමු.

12) උසස් පෙළ ඉහලම සාමාර්ථ ඇති අය පමණක් වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට සුදුස්සන් ය යන මතය වෙනුවෙන් පෙනී සිටීම.

වෛද්‍ය පමණක් නොව, අනිත් පීඨ වල සිසුන් තුලින් ද මේ මතය කොතෙකුත් ප්‍රකාශ වන අවස්ථා මේ facebook එකෙන්ම දැකගන්නට ලැබී ඇත. ඔවුන්ගේ මතය උසස්පෙළ ඉහලම ලකුණු ඇති අය පමණක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුස්සන් බවයි. නමුත් රජයේ නිර්දේශය වන්නේ "උසස්පෙළ S සාමාර්ථ 3ක් ගැනීම වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට පවා සුදුසුකමක් වේ" යන්නයි. මේ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ handbook එකේ 50 වෙනි පිටුවේ ඇති බව මේ link එකෙන් බලන්න පුළුවන්: http://www.ugc.ac.lk/…/H…/SINHALA HANDBOOK 2015-2016.pdf

ඒ නිසා ඔවුන් නුසුදුස්සන් ය යන තර්කය රජය විසින්ම බොරුවක් බව ඔප්පු කර තිබෙනවා.

13) "උසස්පෙළ ඉහල සාමාර්ථ ඇති, එහෙත් රජයේ වෛද්‍ය විද්‍යාල සඳහා සුදුසුකම් නොලැබූ සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක් මත හෝ ණය පහසුකම් මත සයිටම් වැනි ආයතන වලට ඇතුළු වීම සඳහා පහසුකම් සකසා දෙන්න" යන ප්‍රායෝගික ඉල්ලීම කිසිදිනෙක ඉල්ලා නොසිටීම.

ඇත්තටම එවැනි ඉල්ලීමක් කළා නම් රජය විසින් ඒ සඳහා පියවරක් ගැනීම ප්‍රයෝගිකව සිදු වෙන්නට ඉඩ තිබුනා. නමුත් රජයේ සිසුන් ඉල්ලා සිටියේ එවැනි ප්‍රයෝගික විසඳුම් නොවීම මෙම පරාජයට හේතු වන්නට ඇති බවට අපට පෙනී යනවා.

14) ලේ හලා හෝ උද්ගෝෂණය කර සිතෙන ඕනෑම ඉල්ලීමක් රජයෙන් ඉටු කරගත හැකි යයි සිතීම.

එහෙම පුළුවන් උනා නම් මේ වෙද්දී මීට වඩා ප්‍රශ්න ගණනාවකට ම උත්තර ගන්න මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඉඩ තිබුනා. දශක කීපයකට පෙර අතීතයේ කල හැකි වූ ක්‍රම වර්තමානයේත් කල හැකි යයි සිතීම ප්‍රයෝගික නැතැයි හැඟේ. මන්ද යත් ඒ සඳහා අවම වශයෙන් තමන් තුල හරියාකාර ප්‍රතිපත්තියක් තිබිය යුතුය. ඉහත උදාහරණ වලින් විස්තරකෙරුණු අන්දමේ "නිසි පදනමක් නොමැති" සටනක් තුලින් නිසි පිළිතුරක් බලාපොරොත්තු වන්නේ කෙසේද? නිවැරදිව නම් මෙහි අප සඳහන් කල 1 වන කැරුණේ සිටම අඩුපාඩු හදාගත යුතුය.
මේ පිළිබඳව මීට වසරකට පෙර සිටම අපි අනාවැකි පල කළෙමු. එනම් "මේ යන විදිහට ගියොත් නම් SAITM දිනනවා" යන්නයි.
එය දුරදක්නා නුවණ ඇති ඕනෑම කෙනෙක්ට පෙනිය යුතු කරුණකි. නමුත් කිසිදු ක්‍රියාකාරී සංවිධාන නියෝජිතයෙක් ඒ ගිය විදිහ වෙනස් කර සෘජු පාරකට පැමිණීමට කැමති වුණේ ද නැත.

ඒ නිසාම අපි අනුමාන කල ප්‍රතිපලයම අද ලැබී ඇත.

නමුත් දැන් "නරියා මිදී තිත්තයි කිව්වා වගේ", තමන්ට දිනාගන්න බැරි වුනු නඩු තීන්දුව රජයේ අතපෙවීමෙන් හෝ මුදල් බලයෙන් සිදු වුණා යයි පවසමින් හිත හදාගැනීමට රජයේ සිසුන්ට සිදුවී තිබේ. මුදල් බලයෙන් මහාධිකරණ නඩුවකින් දිනිය හැකි නම් ඇයි ඔබට ඒ බව සටනට පිවිසෙන්නට පෙරම හිතුනේ නැද්ද?

ඒ නිසා එවැනි සැනසුම් වදන් වලින් හිත සතුටු කරගැනීම හෝ වැරදුනු තැන් අවබෝධ කරගැනීම යන දෙකෙන් එකක් කිරීමට ඔබම තීරණය කල යුතුය.

තවත් උද්ගෝෂණය කිරීමට ඔබට හැක. නමුත් දැන් නම් එය අධිකරණයට පිටුපා යාමක් බවට පත් විය හැකි නිසා ප්‍රතිපල පෙරටත් වඩා බරපතල විය හැක.

ඒ නිසා අපේ අදහස නම් "දැන් වත් ඔබ යන පාරේ ගල් මුල් ගලවා, කුණු ගොඩවල් ඉවත් කර, පාර පැහැදිලි කරගැනීමෙන් පසුව පමණක් පියවර තබන ලෙසයි". එසේම රටේ දේශපාලන හා ආර්ථික තත්වයන් සහ නීති පිලිබඳ අවබෝධයක් ඇතිව කරන සටනක් කරගන්නා ලෙසයි.

මෙය ඔබ අප කාගේත් යහපත තකා කරන කාරුණික යෝජනාවකි. ඔබ සැමට ජය!



Fight For Education කණ්ඩායම විසින් පළ කරන ලද්දකි
 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    16427494_10154978681809747_7751509556221418820_n.jpg


    මේ වෛද්‍ය සභාවේ ලියා පදිංචි වීමට ඇති ආකෘති පත්‍රයයි.

    පුතී.. තැනකට යනවා නම් යා යුතු හරි පාරෙන් යන්නේ කියන්නේ මේ නිසාය. පුතීලට අම්මල තාත්තල කියල දීල නැත්තේ ඒකය. හොර පාරවල් වලින් ගිය විට යම් අවස්තාවක මේ ආකාරයට ඇන ගැනීමට සිදුවෙනවාය. ඊළඟට ඇන ගන්නේ ලෙඩෙකුට බෙහෙත් කරන්නට ගිහින්ය. ඒ ලෙඩාටත් අන්නවලාය. පුතීලටයි ලෙඩ්ඩුන්ට යි බුදු සරණයි.


    :lol::lol::lol::lol:
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    අභියාචනාධිකරනෙ තීන්දුවක් ආපු පලියට සටන ජයගත්තා කිය්ලා හිතනවා නම්,ඒක තමුන්ට වැරදි අවබෝදයක්,, අනුන්ට විහිලුවක්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    SAITM අවනඩුව මගේ ඇසින්
    Posted on February 3, 2017​
    මාගේ මිතුරන් කීපදෙනෙකු අද ගුවන් නියමුවන් ලෙස ජාත්‍යන්තර තලයේ සේවය කරති. ඔවුන් ගෙන් ඇතැමෙකු අ.පො. උසස් පෙළ අසමත් ය. මගේ බිරිඳ සහ දියණිය සමඟ මා පියාසර කරන විට එම මිතුරන් සේවය කරන ගුවන් සමාගම් මඟ ඇරීමට මම උත්සහ නොකරමි. මා අසුන් ගෙන සිටින ගුවන් යානයේ ගුවන් නියමුවා එම මිතුරෙකු බව දැනගත්තොත් මට දැනෙනු ඇත්තේ පුදුමාකාර සතුටකි. අප ගමනේ සුරක්ෂිය භාවය ගැන මසිතේ මොහොතකට වත් කුකුසක් නොදැනේ මන්දයත් ඔවුන් යානයේ සුක්කානම හසුරුවන්නේ..ඔව්, අධික මුදලක් යට කර ලැබූ පුද්ගලික අධ්‍යාපනයකිනි, නමුත් ප්‍රමාණවත් සුදුසුකම් සහ ප්‍රයෝගික පුහුණව නොමැතිව එම අසුනේ වාඩි විය නොහැකි බව මට විශ්වාස බැවිනි.

    1254935948_how_to_be_a_pilot.gif

    එම විශ්වාසය හෙට SAITM වෛද්‍යවරයෙකු කෙරෙහි ඔබට මට තිබේ ද? එසේ නොමැති නම්, ඒ එහි උගත් සිසුන්ගේ පුද්ගලික අඩු පාඩුවක් නිසා නොව, හොර පාරෙන් අටවා ගත් ආයතනයේ බරපතල වරදක් නිසා ය. එම වරද අතකොළුවක් කරගෙන සිය පුත්ගලික න්‍යායපත්‍ර මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කරන්නන් ගේ ක්‍රියාවන් නිසා ය.

    SAITM ආයතනයේ පියා S. B. දිසානායක මහතා යි. ඔහු කවරෙක් ද යත්, ප්‍රජාතන්ත්‍රවාදයේ කල හැකි දරුණුම අපරාධයක් වන හොර ඡන්ද දැමීම [1], [2] පමණක් නොව එම ක්‍රියාව ආභරණයක් සේ ප්‍රසිද්ධියේ පැළඳීමට තරම් අවලජ්ජාසහගත පුද්ගලයෙකි. SAITM ආයතනය ට වලංගුතාවයක් ලැබෙන ගැසට් පත්‍ර නිකුත් කළේ, ඔහු රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ දරුවන් ගේ අධ්‍යාපන අයිතිය ගැන සිතාමද?

    වෛද්‍ය සභාව කෙතරම් අපක්ෂපාතී ද?

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් SAITM වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක අඩුපාඩු මෙසේ ඉදිරිපත් කර ඇත. වෛද්‍ය සභාව සිය රාජකාරිය අකුරටම ඉෂ්ඨ කර ඇති බව පෙනේ. එය ට මගේ ආචාරය. මට මතුවන පැනය නම්, වෛද්‍ය සභාව, විදේශීය විශ්වවිද්‍යාල වලටද එම හැන්දෙන් ම බෙදයි ද යන්න යි.

    බංග්ලාදේශයේ USTC පුද්ගලික විශ්ව විද්‍යාලය, වෛද්‍ය සභාව විසින් 2014 වසර මැදක් වන තෙක් පිළිගත් ආයතනයකි. ශ්‍රී ලාංකීය සිසුන් 200 ට අධික පිරිසක් එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරා ඇත. 2014 සිට අද දක්වා එම විශ්වවිද්‍යාලය බංග්ලාදේශ වෛද්‍ය සභාව (BMDC) විසින් ගුණාත්මක කරුණු මත පදනම් කරගෙන ප්‍රතික්ෂේප කර ඇත [3]. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, එම තීරණය මත පදනම් කරගෙන USTC විශ්වවිද්‍යාලය 2014 වසරෙදී සිය පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කරන ලදී [4]. ආරංචි මාර්ග අනුව, USTC හිටපු හිමිකරු බංග්ලාදේශයේ ප්‍රබල ප්‍රභූවරයෙකු වන අතර ඔහු ජීවතක්ෂයට පත් වීමත් සමඟ USTC ආයතනය BMDC විසින් ප්‍රතික්ෂේප වූ බවත් ප්‍රමිතිය අඩු වීමට හේතු 2014 ට පෙර වකවානුවේ සිට පවතී බවත් ය. තව කෙතරම් මෙවැනි විදේශ විශ්වවිද්‍යාල, වෛද්‍ය සභාවේ පිළිගැනීම ලැබී ඇති ද?

    අභියාචනාධිකරණය පසුගිය දින SAITM ආයතනයට වාසිදායක රික්ටආඥාවක් නිකුත් කළේ ද වෛද්‍ය සභාව සිය රාජකාරියේ දී අනුගමනය කල මෙවැනි ම දෙබිඩි පිළිවෙතක් හුවා දක්වමිනි [5], [6].

    GMOA ඒකාධිකාරිය

    රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම අර්බුදයේ දී SAITM සිසුන් ට සායනික පුහුණුව ලැබීම වලකමින් භූමිකාවක් රඟ දක්වයි. GMOA යනු හුදු වුර්තීය සමිතියකි. ඔවුන් සිය වුර්තිකයන්ගේ ඒකාධිකාරය රැක ගැනීම සඳහා ඉතා වගකීමෙන් කටයුතු කරයි. එහිදී රෝගීන් වුවද ප්‍රාණ ඇපයට ගනිමින් එය සිදු කරයි. SAITM ආයතනයට එරෙහි ඔවුන්ගේ ප්‍රතිපත්තිය තර්කානුකූල ය. නමුත් එම තර්ක අවංක ද? නැතිනම්, සිය ඒකාධිකාරී සංගමයේ කේවල් කිරීමේ බලය ට තර්ජනයක් වන මාර්ග අවහිර කිරීමක් ද?

    අධ්‍යාපනයේ නිදහස ද නිදහස් අධ්‍යාපනය ද?

    අධික ආදායම් සහ සම්පත් විෂමතාවයක් තියෙන රට ක උසස් පෙළ ප්‍රතිඵල මත සිසුවෙකුගේ බුද්ධිමත් අබුද්ධිමත් බව තීරණය කිරීම සර්ව සාධාරණ නැත.

    බඩට හරි හැටි අහරක් නැතිව හවසට ගල් කොරියක වැඩ කර උදේට ගුරුවරු නැති ගමේ පාසල් යන සිසුවා සහ සුපිරි පාසලෙන් උපකාරක පන්තියට සහ එතනින් නිවසට සුඛෝපභෝගී රථයේ පිටුපස ආසනයේ ගමන් ගන්නා සිසුවා ද එකම විභාගයට සහ එකම කඩයිම් ලකුණු වලට යටත් ය.

    දිස්ත්‍රික් කුසලතා මත පදනම් වූ ප්‍රවේශය මඟින් යම් දුරකට එම විෂමතාවය මඟ හැරී යනු ඇත. නමුත්, ඇතැම් ඇති හැකි පිටිසර සිසුන්, කොළඹ හෝ ප්‍රධාන නගර අවට නවාතැන් ගෙන උපකාරක පන්ති ගොස් අඩු කඩයිම් ලකුණු මත රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබන බව නොදන්නා රහසක් නොවේ.

    අධ්‍යාපනය මිළ දී ගන්නවා යැයි පුද්ගලික විශ්වවිද්‍යාලයීය සිසුන්ව හංවඩු ගහන ඇතැම් රජයේ සිසුන්, තමා ද රජයේ විශ්ව විද්‍යාලයකට ප්‍රවේශ ලැබුවේ තමාට වඩා දුප්පත් දරුවකු ව අභිබවා යාමට මුදල් කරමතින් උපකාරක පන්ති ගොස් ඇති බව අමතක කරමිනි.

    රටේ අන්ත දුගී දුප්පත් දරුවන්ට කිසිම විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයට ‘නිදහසක්’ නැත. සැබවින්ම නියම ජාතික අරගලය නම්, උපකාරක පන්ති අහෝසි වන තත්වයකට රටේ සියලු පාසල් වලට සම්පත් බෙදී යාම සඳහා පාලකයන් දක්කාගෙන යාමයි. තමා ට වඩා නැති කෙනා වෙනුවෙන් සටන් කිරීම පසෙක ලා තමා ට වඩා ඇති කෙනෙකුට අකුල් හෙලීම හෝ ඇති අය කල දුටු කල වල ඉහ ගැනීම, අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමක් නොවේ.

    පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ලංකාවට යෝග්‍ය ද?

    ශ්‍රී ලංකාවට පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය යෝග්‍ය ද නැති ද යන්න සංකීර්ණ මාතෘකාවකි. ඒ ගැන පුළුල්, තර්කානුකූල, අදේශපාලනික විග්‍රහයක් මෙම ලිපියේ දැක්වේ.එම ලිපියට අනුව, දූෂිත ලාංකීය දේශපාලන සංධර්භය තුල දීර්ඝ කාලීනව බැලූ කල පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රට ට අයහපත් වනු ඇති බව මගේ තේරුම් ගැනීමයි. සමාජ සුභසාධන හා මානව සංවර්ධන දර්ශක වලින් ලොව ඉදිරෙයෙන් ම සිටින ස්කැන්ඩිනෙවියානු රටවල විවිධ අධ්‍යාපන ක්ෂේත්‍ර පෞද්ගලිකරණය වුවද වෛද්‍ය අධ්‍යාපනයේ පුද්ගලීකරණයට දොරගුළු වැසී ඇත්තේ එම රටවල් ධනවත් නිසා පමණක් නොවේ. නොර්වේ හි ද සුවිශ්ෂ්ටතම ලකුණු ලාභින් පමණක් නොමිලේ රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයට හිමිකම් කියන අතර අනෙකුත් සිසුන් නැගෙනහිර යුරෝපීය රටවල මුදල් ගෙවා එම අධ්‍යාපනය ලබයි.

    මාලඹේ වෛද්‍ය පිඨය හෝ එයින් ඔබ්බට ගිය වෛද්‍ය අධ්‍යාපනයේ පුද්ගලීකරණය සම්බන්ධව පුළුල් විද්වත් කතිකාවක් වෙනුවට මා අසා ඇත්තේ ‘හොර උපාධි කඩ’ වැනි සිල්ලර සටන් පාඨ පමණයි. අනෙක එම සටනේ පෙරමුණ, රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් විසින් ගෙන යාම, සටන හෑල්ලු වීමට කරුණකි. එමෙන්ම ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පුද්ගලික අධ්‍යාපනයට අනුබල දෙන බැවින් මෙම සටන බෙහෙවින් දුෂ්කර ය.

    වැරදි සහ ව්‍යාජ ක්‍රමවේද නිසා SAITM ආයතනය අර්බුදයක් විය. එක් වැරැද්දක්, තවත් වැරැද්දකින් නිවැරදි නොවේ. අභියාචනාධිකරණ තීන්දුව වැදගත් හා කාලෝචිත එකකි. මාලඹේ වෛද්‍ය පීඨය රජය ට වග කියන සහ නිවැරදි ප්‍රමිතියකින් නියාමනයන වන ආයතනයක් බවට පත් කිරීම තුලින් එහි අවාසි අවම කරගත හැක, එහි සිසුන් කෙරෙහි ඇති අවිශ්වාසය මඟ හරවා ගත හැක. නමුත් අවසානයේදී.. සුක්කානම ඇත්තේ දේශපාලකයා අතෙහි ය. මුදල් ආකරයක සෙවනැළි පෙනෙන මෙවන් ගණුදෙනුවක් දීර්ඝකාලීන රටේ සුභ සිද්ධිය වෙනුවෙන් හසුරුවන ලබන දේශපාලකයෝ අද සිටිති ද? ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර මහතා මේ මොහොතේ දී මට සිහිපත් වෙන්නේ අසීමත කෘතඥතාවයකි නි.
    :(
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සයිටම්, අද්‍යාපනය පිලිබඳ ප්‍රශ්නයක් නම් එය සියලු අද්‍යාපන අංශ වලට සමාන ලෙස බලපෑ යුතුය. එහෙත් එය එසේ නොවේ. මේ රටේ වෛද්‍ය උපාදියට වෙනම පූජනීය අහවල් එකක් ඇතැයි යන මන්ද මානසික පරාදීන බලු ගැත්තර චින්තනය මීට හේතුවයි. අපේ සංස්කෘතියේ එන ජීවක ආදී සංකල්ප නිසාද මේබයාදු මානසිකත්වයට පොහොර වැටී ඇත. මේ කොදෙව්වෙන් පිට රටක් රාජ්ජයක් නොදැකපු ලපටි ලාමකයෝ කොදෙව් චින්තනයෙන් මත්වී සයිටම් විරෝධයට කඩේ ගියාට සැබෑ ප්‍රශ්නය නම් එය Status quo පිලිබඳ ප්‍රශ්නයක් වීමයි. මෙතෙක් කල් තිබූ දොස්තර හෙජමනිය, එකාදිකාරය හා වරප්‍රසාද එක කල්ලියක් පමනක් භුක්ති විඳි යුගයේ අවසානය සනිටුහන් වීම නිසා ඇසෙන මර ලතෝනියයි.:lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සමහර මහත්-හොරු සිතාගෙන ඉන්නේ මේ රටේ සාමාන්‍ය ජනතව අමු ගොං මැට්ටන් කියාය. සිතු සිතු ආකරයට නටවන්නට , අන්දවන්නට පුලුවන් මෝඩයන් කියාය. "අනී.. පුතී.. අපි ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් වලට විරුද්ද නෑ මෙයාලා,අපි විරුද්ධ සයිටම් වලටයි" කියා කියති. කලකට ඉහත රාගම ප්‍රයිවෙට් මෙඩිකල් කොලීජියක් දැම්මාම කිව්වෙත් ඕකමය, විරුද්ධ වෙන්න හේතුව "කොලිටි " එකය. රාගම සීන් එකට අන්තිමේ ජීවිතවලින් වන්දි ගෙවූ සිසුන් අද සිටින්නේ දිව්‍යලෝක වලය. හෙට සයිටම් වෙනුවට වෙන ප්‍රයිවට් මෙඩිකල් කොලීජී 10ක් දැම්මත් අපට අහන්නට වෙන්නේ ඔය අඬෝවැඩියාවමය. "කොලිටි එකේ ප්‍රශ්නයය, සායනික පුහුනුවය අරකය මේකය , අටානුවක් පුරස්නය....හැබැයි ප්‍රයිවට් මෙඩිකල් කොලීජී? ආහ් ඒවාට අපි කැමතිය කියාය.. හෙහ්
     
    Jul 5, 2012
    1,773
    265
    0
    නමුත් දැන් "නරියා මිදී තිත්තයි කිව්වා වගේ", තමන්ට දිනාගන්න බැරි වුනු නඩු තීන්දුව රජයේ අතපෙවීමෙන් හෝ මුදල් බලයෙන් සිදු වුණා යයි පවසමින් හිත හදාගැනීමට රජයේ සිසුන්ට සිදුවී තිබේ. මුදල් බලයෙන් මහාධිකරණ නඩුවකින් දිනිය හැකි නම් ඇයි ඔබට ඒ බව සටනට පිවිසෙන්නට පෙරම හිතුනේ නැද්ද?

    ඒ නිසා එවැනි සැනසුම් වදන් වලින් හිත සතුටු කරගැනීම හෝ වැරදුනු තැන් අවබෝධ කරගැනීම යන දෙකෙන් එකක් කිරීමට ඔබම තීරණය කල යුතුය.

    තවත් උද්ගෝෂණය කිරීමට ඔබට හැක. නමුත් දැන් නම් එය අධිකරණයට පිටුපා යාමක් බවට පත් විය හැකි නිසා ප්‍රතිපල පෙරටත් වඩා බරපතල විය හැක.

    ඒ නිසා අපේ අදහස නම් "දැන් වත් ඔබ යන පාරේ ගල් මුල් ගලවා, කුණු ගොඩවල් ඉවත් කර, පාර පැහැදිලි කරගැනීමෙන් පසුව පමණක් පියවර තබන ලෙසයි". එසේම රටේ දේශපාලන හා ආර්ථික තත්වයන් සහ නීති පිලිබඳ අවබෝධයක් ඇතිව කරන සටනක් කරගන්නා ලෙසයි.

    මෙය ඔබ අප කාගේත් යහපත තකා කරන කාරුණික යෝජනාවකි. ඔබ සැමට ජය!
    :lol::lol:
     
    • Like
    Reactions: madusha.stranger

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජිංතක ජිල්ලබකිට;21224260 said:
    සයිටම් එකේ කලා කරපු අයත් ඉන්නව කියන්නේ ඇත්තද බන් :oo: දැන් උනුත් දොස්තරලා වෙනවද :oo:
    අර පිටරට ඉඳන් එන එය ලියන විභාගේ දැන් සයිටම් එකේ අය දැන් ලියනවලුද :oo:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඕක පරදින්න ප්‍රධාන හේතුව තමයි දොස්තරලගේ(GMOA) ඉතිහාසය හොඳ නැතිකම

    පෙර වැරදි
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සයිටම් එකේ කලා කරපු අයත් ඉන්නව කියන්නේ ඇත්තද බන් :oo: දැන් උනුත් දොස්තරලා වෙනවද :oo:
    අර පිටරට ඉඳන් එන එය ලියන විභාගේ දැන් සයිටම් එකේ අය දැන් ලියනවලුද :oo:

    මචං, මෙහෙමයි කතාව. සයිටම් එක එහෙම කරනව කියලා කියන්න එවිඩන්ස් මම නම් දැකලා නැහැ. හැබැයි ජෙප්පෝ හරි දක්ෂයි නැති දෙවල් මවලා පෙන්නන්න. මම නම් හිතන්නෙ ඕක ජෙප්පො එහෙමත් නැත්නම් පෙරටුගාමී ගොයියන්ගේ බොරු කතාවක්.

    අනිත් අතට කලා කරපු එවුන්ට සයන්ස් කරන්න බැහැ කියල කොහෙවත් නීතියක් දියුණ රටවල නම් නැහැ. උදාහරණයකට ඇමරිකාවේ නම් පලමු උපාදිය විවිධ ක්ශේත්‍ර වල තියෙන් අයයි වෛද්‍ය විද්‍යාව හදාරන්නේ. කලා ඩිග්‍රියක් හෝ මැනේජ්මන්ට් ඩිග්‍රියක් තියෙන කෙනෙක් අඩු සුදුසුකමක් විදියට නෙවෙයි වඩා පුලුල් සහ විවිධත්වයෙන් වැඩි යමක් වෛද්‍ය ක්ශේත්‍රයට එකතු කරන අය විදියටයි ඇමරිකානුවන් සලකන්නේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජිංතක ජිල්ලබකිට;21224356 said:
    මචං, මෙහෙමයි කතාව. සයිටම් එක එහෙම කරනව කියලා කියන්න එවිඩන්ස් මම නම් දැකලා නැහැ. හැබැයි ජෙප්පෝ හරි දක්ෂයි නැති දෙවල් මවලා පෙන්නන්න. මම නම් හිතන්නෙ ඕක ජෙප්පො එහෙමත් නැත්නම් පෙරටුගාමී ගොයියන්ගේ බොරු කතාවක්.

    අනිත් අතට කලා කරපු එවුන්ට සයන්ස් කරන්න බැහැ කියල කොහෙවත් නීතියක් දියුණ රටවල නම් නැහැ. උදාහරණයකට ඇමරිකාවේ නම් පලමු උපාදිය විවිධ ක්ශේත්‍ර වල තියෙන් අයයි වෛද්‍ය විද්‍යාව හදාරන්නේ. කලා ඩිග්‍රියක් හෝ මැනේජ්මන්ට් ඩිග්‍රියක් තියෙන කෙනෙක් අඩු සුදුසුකමක් විදියට නෙවෙයි වඩා පුලුල් සහ විවිධත්වයෙන් වැඩි යමක් වෛද්‍ය ක්ශේත්‍රයට එකතු කරන අය විදියටයි ඇමරිකානුවන් සලකන්නේ.

    මෙහෙ පළමු උපාධි කතාවක් නෑ AL වලින්නෙ ගන්නේ. එතකොට කලා කරලා s3 වගේ තියෙන එකෙක්ගේ හැකියාව සහ කැපවීම ගැන පොඩි අවුලක් තියෙනව. :oo: එහෙම වෙන්නෙ නැත්තන් හොඳයි. නැත්තන් වෙන්නෙ පෞද්ගලික අධ්‍යාපන නිදහස ඉස්සරහට දාල සයිටම් එක උන්ගේ අඩුපාඩු වහගන්න එක.

    අර විභාගේ සයිටම් එකේ අය ලියන්නේ නැත්තන් එතනත් අවුලක් තියෙනව.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    සයිටම් එකේ කලා කරපු අයත් ඉන්නව කියන්නේ ඇත්තද බන් :oo:


    බංබුව,ඔවා එක එක හාල්පාරුවෝ හදන බොරු කතා....

    මෙඩිකල් ෆැකල්ටි එකට යන්න Bio කරන්නම ඔනේ,SAITM එකේ තියෙන්නෙ මෙඩිකල් විතරක් නෙමෙයි,Art කරපු අය ඇති ඔය අනික් ෆැකල්ටි වල (ඉන්ජිනියරින් සහ මෙඩිකල් කරන්න බැ ආර්ට් කරලා)
    Save
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    "Improve the standards of PMC" යන සටන්පාඨය වෙනුවට කෙලින්ම "NOPMC" කියමින් පාරට බැසීම