SAITM Part 2?

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    2018 ලංකාවේ සාර්ක් වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවනවා

    Rajitha-Senaratne.jpg


    දකුණු ආසියාතික රටවල වෛද්‍ය විද්‍යාලයීය ඉදිකිරීමේ සැලසුම් දෙසැම්බර් මාසයේදී සකස් කර අවසන් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.ඒ අනුව ලබන වසරේ ලංකාවේ සාර්ක් වෛද්‍ය පීඨයක් අරඹන බවද ඔහු කීවේය.

    කොළඹ පැවති සාක් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සැසිවාරයේදී මෙම වෛද්‍ය විද්‍යාලය ඉදිකිරීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සාක් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසිනි. ඊට සෞඛ්‍ය අමාත්‍යවරයා පූර්ණ සහයෝගය පළ කළ අතර, එම වෛද්‍ය විද්‍යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලෙසට යෝජනා කළේය. ඒ අනුව එම වෛද්‍ය විද්‍යාලය මෙරට ස්ථාපිත කිරීමට අවධානය යොමුකර ඇති අතර, ඒ සඳහා මුදල් වෙන්කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

    එම වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කිරීමෙන් පසු දකුණු ආසියාතික රටවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙරටට පැමිණ පහසු ගෙවීමේ ක්‍රම යටතේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ අවස්ථාව උදාවන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.


    Source - Gossiplankanews