Saloon arala

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    තවදුරටත් දිවයින පුරා පිහිටි සැලුන් සහ රූපලාවන්‍යාගාර වසා තබන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.
    රටේ ඇතැම් ප්‍රදේශවලට ඇඳිරි නීතිය ලිහිල් කර ඇති කාල සීමාවේදී ජනතාව ගේ හැසිරිම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරිම වැදගත් බවට ද මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියා.


    අප තවමත් වෛරසය සම්පුර්ණයෙන් පරාජය කොට නැති බවත් ඒ සඳහා කාලයක් ගතවන බව පැවසූ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ජනතාව නිරන්තරයෙන් සමාජ දුරස්ථභාවය තබා ගැනීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව කියා සිටියා.


    මේ අතර දිවයිනේ රෝහල් අසල පිහිටා තිබෙන කුඩා ප්‍රමාණයේ ආපන ශාලා තවදුරටත් වසා තබන ලෙස දැනුම් දුන් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සෑම ආපන ශාලාවක්ම පිරිසිදුව සිය සේවා සැපයීම සිදුකල යුතු බව දන්වා සිටියා.
    පාරිභෝගිකයින්ට සිය ආපන ශාලාව තුලදීම ආහාර ලබා ගැනීමට ඉඩ දෙනවා වෙනුවට ඔවුන්ට සිය ආහාර රැගෙන යා හැකි (Take Away) ආකාරයේ සේවා සපයන ලෙස ආපන ශාලා හිමියන්ට දැනුම් දී සිටියා.