samsung dan godak ewa hadanne Vietnam thamai bng,mata nam hithenawa fake clone ekath hadanne vietnam walama wenna athi kiyala![]()
OW....
EHE THAMAI ... LOKU COMPANY EKAKIN HADANNEsamsung dan godak ewa hadanne Vietnam thamai bng,mata nam hithenawa fake clone ekath hadanne vietnam walama wenna athi kiyala![]()
EHE THAMAI ... LOKU COMPANY EKAKIN HADANNE
මේ post එක කලින් දාපු එකක්ද දන්නේ නෑ ... දන්නේ නැති කව්රු හරි ඉන්නවනම් වැදගත් වෙයි කියලා හිතලා මං මේක දානවා...
සැම්සුන් ඇන්රෝයිඩ් දුරකථනයක් මිලදි ගන්නා විට එය නියම සැම්සුන්ද නැතිනම් ව්‍යාජ ලෙස නිපදවු එකක්ද කියලා බලන්න.
![]()
ඇන්රොයිඩ් තාක්ෂණය සහිත දුරකථන අතර Samsung දුරකථනවලට ලෝකයේ ප්‍රධාන තැනක් හිමි වෙයි. මේවා අතර samsung galaxy වර්ගයේ දුරකථනයට බොහෝ දෙනාගේ වැඩි කැමැත්තක්ද තිබෙයි.
මේ විදියට සැම්සුන්වලට තියෙන ඉල්ලුම නිසාම අද ව්‍යාජ අයුරින් සකසනලද සැම්සුම් දුරකථන බොහෝමයක් වෙළදපොලේ ඇත. නමුත් නියම දුරකථනයත් ව්‍යාජ දුරකථනයත් අතර බැලු බැල්මට කිසිදු වෙනසක් නොපෙනන පරදි මෙවා නිපදවා ඇත. ඔබට සුළු හෝ දැණුමක් මේ ගැන නොමතිනම් ඔබ මිලදිගන්නා දුරකථනයද ව්‍යාජ එකක් විය හැකියි. බොහෝවිට මෙම ව්‍යාජ සැම්සුන් දුරකථන චිනය වැනි රටවල නිපදවු තත්වයෙන් ඉතාමත් අඩු එවාය. ඇතැම් අවස්ථාවලදි නියම දුරකථනයේ මිලටත් වඩා හරි අඩකටත් අඩු මුදලකට මෙම ව්‍යාජ සැම්සුන් දුරකථන විකිණිමට ඇත. අපේ බොහෝ අය මිලෙන් අඩු දේ ගැන ගැනිමට උනන්දුවක් දක්වන නිසා බොහෝවිට මිලදි ගන්නෙ ව්‍යාජ දුරකතනයයි. කෙසේ නමුත් සැම්සුන් දුරකථනයක් මිලදි ගන්න යන අවස්ථාවකදි එය නියම එකක්ද ව්‍යාජ එකක්ද කියාලා පහත කරුණු වලින් සරලව බලාගත හැකියි.
පළමු ක්‍රමය - සැම්සුන් දුරකථනයක බාහිර පෙණුමෙන් හදුනාගැනිම (Physical Check )
මුලින්ම සැම්සුන් දුරකථනයක් දුටු සැණින් එය නියම එකක්ද ව්‍යාජ එකක්ද යන්න හදුනාගන්න පහත රුපය බලන්න.එහි අංක වලින් කියවෙන දේ පහතින් විස්තර කර තිබේ.
![]()
ඉහත රුපයට අනුව
1 නියම සැම්සුන් දුරකථනයක් නම් එහි තිරය ඉතා දිප්තිමත්, පැහැදිලි වර්ණ සහිතයි.නමුත් එය ව්‍යාජ එකක්නම් එහි අදුරු ගතියක් දක්නට ලැබෙයි.
2 තිරයේ සිට එළියට විහිදෙන අවසානය දක්වා ඇති තීරුව ව්‍යාජ දුරකථකනයක නියම දුරකථනයකට වඩා ටිකක් පළලින් වැඩියි.
3 සැම්සුන් දුරකථනවල Logo එක ඇති ස්ථානය ව්‍යාජ සැම්සුන් දුරකථනවල නියම දුරකථනයට වඩා අකුරුවල ප්‍රමාණය ටිකක් ලොකුවන අතර නියපොත්තෙන් පවා සිරූවිට මැකියන ස්වාභාවයක් දකින්න පුළුවන්
4 නියම අයුරින් නිපදවා ඇති සැම්සුන් දුරකථනයේ ඇති Home Button එක ව්‍යාජ සැම්සුන් දුරකථනවල නියමිත ස්ථානයෙන් වෙනස් වි පිහිටා ඇත.
5 ඔරිජිනල් සැම්සුන් දුරකථනයක දක්නට ඇති ඇතැම් සංවේදක ව්‍යාජව නිපදවු සැම්සුන් දුරකථනවල දක්නට නොමැත.
6 ව්‍යජ සැම්සුන්වල තීරය ප්ලාස්ටික් බදු අමුද්‍රව්‍ය යොදාගනිමින් නිපදවා ඇති අතර ඔරිජිනල් තීරයක් සහිත දුරකථනයක එය විදුරුවක් වගේ ඇගිලි තුඩුවලට දැනේවි.
දෙවන ක්‍රමය - සැම්සුන් දුරකථනයක් ව්‍යාජද , ඔරිජිනල්ද යන්න Short Code මගින් බැලිම
ඉහතින් ඔබට විස්තර කර ඇත්තෙ ඔරිජිනල් සැම්සුන් දුරකථනයක් සහ ව්‍යාජ සැම්සුන් දුරකථනයක් දුටුව සැණින් අදුනා ගත හැකි ලක්ෂණ කීපයකි. මිට අමතරව දුරකථනය ක්‍රියාත්මක කිරිමෙන් පසුව වැඩිදුරටත් සොයා බැලිමේ ක්‍රමද ඇත. මුලින්ම පහතින් දක්වා ඇති Short Code දෙස බලන්න.
Knowing SW Version, PDA, CSC and Modem *#1234#
Samsung SW & HW Info *#12580*369#
Samsung Test mode *#0*#
Samsung Service Mode *#197328640#
Samsung Bluetooth Test Mode *#232331#
Samsung Bluetooth Address *#232337#
Samsung Ciphering Information *#32489#
ඉහතින් දක්වා ඇත්තෙ නියම සැම්සුන් දුරකථනවලට පොදු වු Short Code කීපයකි. ඉහත Code Type කර Call බොත්තම ක්ලික් කල විට එවාට ඔබගේ සැම්සුන් දුරකථනය ප්‍රතිචාර දක්වයි නම් එය ඔරිජිනල් සැම්සුන් දුරකථනයක් ලෙස විශ්වාස කල හැකි මුත් ඉහත කොඩ් වලට කිසිදු ප්‍රතිචාරයක් නොලැබෙන්නෙ නම් එය ව්‍යාජ එකක් බවද හදුනාගත හැකියි.
තුන්වන ක්‍රමය -පසුපස ඇති ස්ටිකරයේ විස්තරය මගින්
සැම්සුන් දුරකථනය ඔරිජිනල්ද කියලා හදුනාගන්න පුළුවන් තවත් ක්‍රමයක් ලෙස පිටුපස ඇති විස්තර වලින්ද හැකියාව ලැබෙනවා. එහිදි නියම සැම්සුන් දුරකථනයක නම් සියළුම විස්තර කොරියානු භාෂාවෙන් ලියා ඇති අතර ලංකාවේ අපිටනම් කියවා ගත හැක්කෙ එහි ඇති අංක පමණි. මිට අමතරව පිටුපස ඇති ස්ටිකරයේ අයිනකට වෙන්න රවුම් හැඩයට ලියු K අකුරක් දක්නට ඇත. එය තියෙන්නෙ නියම කොරියන් සැම්සුන් දුරකථනවල පමණි. පහත රූපය බලන්න.
![]()
හතරවන ක්‍රමය - එකවර ඇප්ස් කීපයක් Run කීරිම
මෙයද ඔබ මිලදි ගන්නා සැම්සුන් දුරකථනය ඔරිජිනල්ද කියා බලාගත හැකි සරල ක්රමයකි. මුලින්ම දුරකථනයේ Music player වැනි ඇප්ස් කීපයක් open කරගන්න. එම ඇප්ස් සියල්ල Close නොකර Home බොත්තම ක්ලික් තවත් කුමක් හෝ open කරන්න උත්සහ දරණ විටදි එය මන්දගාමි ස්වරූපයකින් සිදුවෙනම් එය ව්‍යාජ එකක් විය හැකියි.නියම දුරකථනයක ඇප්ස් කීපයක් Run වෙද්දි තවත් එකක් Open කලවිට එතරම් මන්දගාමි තත්වයක් දක්නට ලැබෙන්නෙ නැත.
පස්වන ක්‍රමය - මෘදුකාංගයක් මගින් හදුනා ගැනිම (Download and install Samsung Kies )
මෙ සදහා ඔබ මුලින්ම Samsung Kies මෘදුකාංගය පරිගණකයට ස්ථාපිත කරගත යුතුයි.කෙසෙ නමුත් සැම්සුන් ගැලක්සි වර්ගයේ දුරකථනයක් මිලදි ගැනිමට යැමේදි නම් මෙම ක්‍රමය මගින් දුරකථනය ව්‍යාජ එකක්ද නොමති නම් නියම එකක්ද කියා බැලිම ටිකක් අපහසු කටයුත්තකි. ඊට හේතුව දුරකථනය මිලදි ගන්නා ස්ථානයේදි මෙම මෘදුකාංගය හරහා දුරකථනය පරික්ෂාකර බලාගැනිමට පහසුකම් නොමති විමයි. කෙසේ නමුත් මෙමගින් දැනට ඔබ භාවිතා කරන සැම්සුන් ගැලක්සි දුරකථනය ඔරිජිනල් එකක්ද කියා බලාගත හැකියි. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.
මුලින් Samsung Kies මෘදුකාංගය පරිගණකයට ස්ථාපිත කරගන්න. ඒ සදහා ලින්ක් එක මෙතනින් -->http://www.samsung.com/ph/support/usefulsoftware/KIES/
දැන් ඉහත මෘදුකාංගය නිවරදිව install කර එය Open කරගන්න. දැන් ඔබගේ දුරකථනය USB කේබලය ආධාරයෙන් පරිගණකයට සම්බන්ධ කරන්න. එවිටි ටික වෙලාවකින් ඉහත මෘදුකාංගයේන් ඔබගේ දුරකථනයේ හදුනාගන්නා අයුරු දැකගත හැකියි. පහත රූපය බලන්න.
![]()
දැන් තත්පර කීපයක් ඇතුලත ඔබගේ සැම්සුන් ගැලක්සි දුරකථනය හා සම්බන්ධවි දුරකථනයේ Model No එක සහ firmware information පෙන්වනු ලබනවා. මේ සියලු තොරතුරු Samsung Kies හරහා ඔබට බලාගත හැක්කෙ ඔබගේ සැම්සුන් දුරකථන ඔරිජිනල් එකක් නම් පමණි. ඔබ දුරකථනය මෙම මෘදුකංගය විවෘතකර සම්බන්ධකරන අවස්ථාවලදි not recognize your device යනුවෙන් පණිවිඩයක් ලැබෙනම් දුරකථනය ව්‍යාජ ලෙස නිපදවු එකකි. පහත රූපය බලන්න.
![]()
තවත් අමතර කරුණු කීපයක් කීපයක් පහතින්
ඉහතින් විස්තර කල කරුණුවලට අමතරව Original Samsung දුරකථන version කීපයක් යටතේ නිෂ්පාදනය කරන අතර එවා Model No එක අනුව හදුනාගත හැකියි. ඒ විදියට ප්‍රධාන version හතරක් අපට දැකගත හැකියි. එවා පහත පරිදියි
Model No එක GT-i XXXX වගේ එකක් නම් එය International version එකක් ලෙස අපට හදුනාගත හැකියි.
Model No එක SHW-M XXX හෝ SHV-E XXX වගේ අංකයකින් පටන් ගන්නා එකක් නම් එය Korean version එකකි
Model No එක SGH-i XXX වගේ අංකයකින් පටන්ගන්නා එකක් නම් US/Canada version එකක් ලෙස අපට හදුනාගත හැකියි.
Model No එක SC- XXX වගේ එකක් නම් එය Japan version එකක් ලෙස අපට හදුනාගත හැකියි.
බොහෝ අය ඉහතින් දක්වා ඇති International version එක පමණක් Original Samsung ලෙස හදුන්වයි. නමුත් එය නිවරදි නොවේ.ඉහතින් දක්වා ඇති version හතරම Original Samsung වේ.
IMEI නම්බර් එක භාවිතා කර සැම්සුන් ගැලක්සි දුරකථනය නිපදවු රට සොයාගැනිම
ඉහතින් දක්වා ඇති Model No එකට ඇතැම් අවස්ථාවලදි ඔබගේ දුරකථනය අයත් නොවන අවස්ථාවලිදි ඒ සදහා IMEI නම්බර් එක භාවිතා කල හැකියි ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.
මුලින්ම ඔබගේ දුරකථනයේ IMEI නම්බර් එක සොයාගන්න. ඒ සදහා *#06# අංකනය කරන්න. නැතිනම් ඔබට පිටුපස පියන ගලවා බැටරිය ඉවත් කල පසු එම අංකය බලාගත හැකියි.
දැන් එම අංකයේ 7 වැනියට සහ 8 වැනියට ඇති අංක දෙස බලන්න. පහත රූපය බලන්න.
![]()
ඉහත රූපය අනුව නම් 7 සහ 8 වෙනි අංක එක්කල විට සැදෙන අංකය 20 වේ. ඒ අනුව එම දුරකථනය UAE හෝ India යන රටක නිපදවු එකකි. එය තිරණය කරගන්න ඔබගේ IMEI අංකයේහි 7වැනි සහ 8වැනි අංකය එක්කර සැදෙන අංකය බලන්න. ඒ අනුව රට තිරණයේ වන්නෙ පහත පරිදියි.
හත්වැනි සහ අටවැනි අංකක දෙක එක්කල විට 05 හෝ 50 සැදෙනම් එය Brazil, USA or Finland යන රටකදි නිපදවුවකි.
හත්වැනි සහ අටවැනි අංකක දෙක එක්කල විට 08 හෝ 80 සැදෙනම් එය Germany නිපදවුවකි.
හත්වැනි සහ අටවැනි අංකක දෙක එක්කල විට 00 ක් ලැබේනම් එය Original Factory හි නිපදවා ඇත.
හත්වැනි සහ අටවැනි අංකක දෙක එක්කල විට 01 හෝ 10 ලැබේනම් එය Finland නිපදවා ඇත.
හත්වැනි සහ අටවැනි අංකක දෙක එක්කල විට 02 හෝ 20 ලැබේනම් එය UAE හෝ India යන රටකදි නිපදවා ඇත.
හත්වැනි සහ අටවැනි අංකක දෙක එක්කල විට 03 හෝ 30 හෝ 04 හෝ 40 ලැබේනම් එය China නිපදවා ඇත.
හත්වැනි සහ අටවැනි අංකක දෙක එක්කල විට 06 හෝ 60 ලැබේනම් එය Hong Kong, China or Mexico වැනි රටක නිපදවුවකි.
හත්වැනි සහ අටවැනි අංකක දෙක එක්කල විට 13 ලැබේනම් එය Azerbaijan හි නිපදවා ඇත.
Internet එකේ තිබ්බ post එකකින් උපුටා ගත්තු එකක් හොදේ...