Samsung chief gets 5-year prison term for corruption

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,762
    9,457
    113
    සැම්සුන් උරුමකරුට වසර පහක සිර දඬුවමක්

    _97527502_041245078-1.jpg


    දූෂණ චෝදනාවලට වරදකරු වූ සැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොංට වසර පහක සිර දඬුවමක් නියම කිරීමට දකුණු කොරියානු අධිකරණයක් නියෝග කළේය.අල්ලස් ලබාදීම ඇතුළු තවත් චෝදනා කීපයක් මත ඔහු පසුගිය පෙබරවාරි මාසයේ දී අත්අඩංගුවට ගැනිණි.

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හේට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට හේතුපාදක වූ අපචාර චෝදනා සම්බන්ධයෙන් ද ලී ජායේ-යොංට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක විය.
    දකුණු කොරියාවේ විශාලතම ව්‍යාපාරය වන සැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොං ඔහුට එරෙහිව නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි.දේශපාලනික අනුග්‍රහය ලබාගැනීමේ අරමුණින් හිටපු ජනාධිපතිනියගේ හිතවතියක විසින් පවත්වාගෙන ගිය ලාභ අරමුණු කර නොගත් පදනමකට ඩොලර් මිලියන තිස් හයක මුදලක් ලබා දී ඇති බවට ඔහුට චෝදනා එල්ල වේ.

    කොටස් වෙළෙඳපළ

    අල්ලස් දීම, මූල්‍ය වංචා සහ විදෙස් රටවල වත්කම් සඟවා තැබීම යන චෝදනා ද ඊට ඇතුළත්ය.අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ලී ජායේ-යොංගේ නීතිඥයෙකු පැවසීය.අදාළ අධිකරණ නියෝගය ලබා දීමත් සමග කොටස් වෙළෙඳපළේ සැම්සුන් කොටස් මිල 1% පහත වැටුණි.



    _97527494_041244557-1.jpg



    bbc-blocks-dark.png


     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,762
    9,457
    113
    මෙයා ලංකාවේ හිටියනම් මෙහෙම වෙයිද නේහ්හ්:P