Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sanjiva Weerawarana (WSO2) Resigns from the ICTA Board
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිතුමනි! මේ හිල් වසන්න...

රජයට අයත් මෙරට ප්‍රධානතම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය වන ෂක්‍ඔ් හෙවත් තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්යක්ෂවරයකු වන සංජීව වීරවර්ණ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

එම ඉල්ලා අස්වීමට හේතුව ලෙස එම ආයතනයේ එහි තීරණ හා කටයුතු රටේ හා ජනතාවගේ අවශ්‍යතා හා වර්තමාන ලෝක තත්ත්වයන්ට හා වර්තමාන තාක්ෂණයට අනුව සිදු නොවන බවත් ඉතාම ඉහළ මිලගණන් වලට වසර විස්සකට වඩා පැරණි තාක්ෂණ ක්‍රම මිලදී ගන්නා බවත් සඳහන් කර තිබේ. ලොව පිළිගත් නවීනතම තාක්ෂණ ක්‍රමවේද තිබියදී වසර විස්සක් පැරණි තාක්ෂණික ක්‍රමවලට රුපියල් මිලියන නවදහසකට අධික වටිනාකමින් යුත් මෙරට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම හා රුපියල් මිලියන තුන්දහසකට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම රටට පාඩු ගෙනදෙන බවත් මේවා සඳහා දේශීය ආයතනවලට අවස්ථාව ලබා දීම හෝ දේශීයව මේවා සිදු කිරීමකින් තොරව ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකි බවත් ඔහු සිය ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබේ.

ඇතැම්විට ඔහුට ඉල්ලා අස්වීමට හේතුවූ තවත් කරුණු තිබීමට පුළුවන, එහෙත් මෙහිදී අපට වැදගත් වන්නේ ඔහු නොව ඔහු විසින් පෙන්වා දුන් කාරණාය.

වර්තමාන ජනාධිපතිවරයා ප්රමුඛ රජය බලයට පත්වන විට රටේ ජනතාවට සපථ කළේ රාජ්‍ය අංශය දියුණු කරන බවටත්, දේශීය කර්මාන්ත හා දේශීය ව්‍යාපාරිකයා දියුණු කරන බවටත් ඒවා මුල් කර ගත් ආර්ථිකයක් මෙරට ගොඩනගන බවටත්ය. එහෙත් මේ රජය යටතේද එවැන්නක් සිදු කරන්නට බාධාව ඇතැම් නිලධාරීන්ගේ කටයුතු බව පෙනේ.

අපේ රටේ තොරතුරු තාක්ෂණ අංශයේ හා මෘදුකාංග අංශවල ප්‍රවීණත්වය දරන දේශීය ව්‍යාපාරිකයෝ ඕනෑතරම් සිටිති. බි්රතාන්යයේ ලන්ඩන් කොටස් වෙළෙඳපොළ ක්‍රියාත්මක කරන්නේද ශ්‍රී ලාංකික සමාගමක් විසිනි. ජපානය, සිංගප්පූරුව, මලයාසියාව, මාලදිවයින ආදී රටවල් ගණනාවක ප්‍රධාන ව්‍යාපෘති සිදුකරන ශ්‍රී ලාංකික සමාගම් බොහෝය. එහෙත් අපේ රටේ ව්‍යාපෘති සඳහා අධික මිල ගණන්වලට පැරණි තාක්ෂණයද සමග ගෙන එන්නේ විදේශීය සමාගම්ය. දේශීය සමාගම්වලට හෝ රාජ්‍ය ආයතනවලට කිසිවිට එම ව්‍යාපෘති ලැබෙන්නේ නැත.

අපේ රටේ සමාගමකින් හෝ ආයතනයකින් මේවා මිලදී ගතහොත් ඒවායේ නිරීක්ෂණ චාරිකා සඳහා යුරෝපයට හෝ ඇමරිකාවට හෝ ගොස් එකී නොකී සියලූ ආකාරයට සප්පායම් වන්නට ඒවායේ ටෙන්ඩර් මණ්ඩලවල සිටින රජයේ නිලධාරීන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එම නිසා මේ නිලධාරීන්ගේ ප්‍රමුඛත්වය සෑම විටම හිමිවන්නේ විදේශීය සමාගම් වෙතය.

රියැදුරු බලපත්‍රය සම්බන්ධ දූෂිත ගනුදෙනුව ගැන පසුගිය වසර කීපය මුළුල්ලේම අප පෙන්වා දුන්නද වගකිවයුතු නිලධාරීන් එය ගණනකට ගත්තේ නැත.

2006 වසරේ මේ රියැදුරු බලපත්‍ර ටෙන්ඩරය ලබා දෙන ලද්දේ ඒ සඳහා ඉදිරිපත් වූ තාක්ෂණ අතින් සුදුසුකම් සම්පූර්ණ කළ ආයතන ගණනාවක් තිබියදී වැඩිම මිලට මෙන්ම අඩුම තාක්ෂණ සුදුසුකම් තිබූ සමාගමටය. ඔස්ටේ්රලියානු සමාගමක් රුපියල් 450 කටද, බි්රතාන්ය සමාගමක් රුපියල් 600 කටද මැලේසියානු සමාගමක් රුපියල් 800 කටද ටෙන්ඩර් කැඳවා තිබියදී එය ලබා දුන්නේ රුපියල් 1750 ක් වැනි ඉතාම වැඩි මිලකට වසර පහක් සඳහා අප්‍රිකානු සමාගමකටය. එම සමාගමට එවන් ව්‍යපෘති සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක්වත් තිබුණේ නැත. එම කාඞ්පත එවකට පවා රුපියල් 200 ත් 300 ත් අතර මිලකට ලබාදිය හැකිව තිබිණි. එවකට ඇමැති පුතෙකු මේ ගනුදෙනුව පසුපස සිටියේය. පසුව තවත් ඇමැතිවරයෙකු මේ ගාස්තුව රුපියල් 1340 කට අඩුකර ගිවිසුම් කාලය වසර හතකට දීර්ඝ කළේය. 2016 දී එය රජයට පවරා ගත යුතු වුවද එය රජයට පවරා නොගත්තේ එවකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේත් ප්‍රවාහන අමාත්‍යංශයේත් ඉහළ නිලධාරීන් අදාළ සමාගමෙන් වාසි ලබමිනි.

පසුව පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව මෙය පවරා ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍යංශය වෙත තුන් වරක් නියෝග කරන ලදී. ඒ අනුව කමිටු පත් කරන ලද අතර ඒ සෑම විටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එවකට සිටි ඇතැම් දූෂිත නිලධාරීන් විසින් කැබිනට් මණ්ඩලය හා අදාළ කමිටු නොමග යවමින් පැවසුවේ තමන්ට මෙවැන්නක් කළ නොහැකි බවය. එහෙත් එවැනි වසර විස්සක් යල් පැනගිය ක්‍රමවේදයක් නොව අලූත්ම ව්‍යාපෘතියක් වුවද ක්‍රියාත්මක කරන්නට තරම් දක්ෂ නිලධාරීහු හා උපාධිධාරීහු එම දෙපාර්තමේන්තුවේ සිය ගණන් සිටිති.

දැන් සිදුව ඇත්තේ තවත් වසර දෙකකට අදාළ අප්‍රිකානු සමාගමටම මේ ව්‍යාපෘතිය පවරාදීමය. ඒ සඳහා රුපියල් මිලියන නවදහසකට අධික මුදලක් අප්‍රිකානු සමාගමට ගෙවන්නට සිදුවේ. ඉල්ලා අස්වූ ෂක්‍ඔ් අධ්යක්ෂවරයා මේ බව පැහැදිලිව පෙන්වා දෙමින් පවසා ඇත්තේ මෙය විසිවසරකට වඩා පැරණි ක්‍රමවේදයක් බවත් මේවා දේශීයව ඉතාම අඩු මුදලකට කළ හැකි බවත්ය. මීට අදාළ ගිවිසුම ලබන ජුලි පළමු වැනිදාට පෙර අත්සන් තැබීමට නියමිතව තිබේ.

රටේ මෙතරම් විදේශ විනිමය ප්‍රශ්නයක් තිබියදී මේ ආකාරයට මුදල් විදෙස් රටවලට ගලායෑම බරපතළ ගැටලූවකි. අදටත් සෑම මාසයකම අඩුම තරමින් රුපියල් මිලියන සියයකට අධික මුදලක් මාසිකව එම අප්‍රිකානු සමාගමට රජය විසින් ගෙවනු ලබයි.

මෙරට රජයේ දෙපාර්තමේන්තු සහ සියලූ රාජ්‍ය ආයතනවල සියලූ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති අධීක්ෂණය හා මෙහෙයවීම තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අවසරය හා අනුමැතිය ඇතිව සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනට මාස කීපයකට පෙර සියලූම රාජ්‍ය ආයතන සඳහා දැනුම්දීමක්ද සිදු කරන ලදී. එහෙත් එහි ඇතැම් නිලධාරීන් කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ මගපෙන්වීම අනුව නොවේ.

එම නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ මේ ඇති දූෂිත ගනුදෙනුව තාවකාලිකව හෝ නවතා දමා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මේවා අඩුම තරමින් මින් ඉදිරියටවත් සිදු නොවන ආකාරයට කටයුතු කරන ලෙස හා මෙවැනි ව්‍යාපෘති මින් ඉදිරියට රාජ්‍ය ආයතන මගින් හෝ දේශීය සමාගම් මගින් පමණක් සිදු කරන්නට පියවර ගන්නා ලෙසය.

- Divaina -

[QUOTE="didulamax, post: 25440665, member: 38239"] [SIZE=6][B]ජනාධිපතිතුමනි! මේ හිල් වසන්න...[/B][/SIZE] රජයට අයත් මෙරට ප්‍රධානතම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය වන ෂක්‍ඔ් හෙවත් තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්යක්ෂවරයකු වන සංජීව වීරවර්ණ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. එම ඉල්ලා අස්වීමට හේතුව ලෙස එම ආයතනයේ එහි තීරණ හා කටයුතු රටේ හා ජනතාවගේ අවශ්‍යතා හා වර්තමාන ලෝක තත්ත්වයන්ට හා වර්තමාන තාක්ෂණයට අනුව සිදු නොවන බවත් ඉතාම ඉහළ මිලගණන් වලට වසර විස්සකට වඩා පැරණි තාක්ෂණ ක්‍රම මිලදී ගන්නා බවත් සඳහන් කර තිබේ. ලොව පිළිගත් නවීනතම තාක්ෂණ ක්‍රමවේද තිබියදී වසර විස්සක් පැරණි තාක්ෂණික ක්‍රමවලට රුපියල් මිලියන නවදහසකට අධික වටිනාකමින් යුත් මෙරට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම හා රුපියල් මිලියන තුන්දහසකට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම රටට පාඩු ගෙනදෙන බවත් මේවා සඳහා දේශීය ආයතනවලට අවස්ථාව ලබා දීම හෝ දේශීයව මේවා සිදු කිරීමකින් තොරව ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකි බවත් ඔහු සිය ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබේ. ඇතැම්විට ඔහුට ඉල්ලා අස්වීමට හේතුවූ තවත් කරුණු තිබීමට පුළුවන, එහෙත් මෙහිදී අපට වැදගත් වන්නේ ඔහු නොව ඔහු විසින් පෙන්වා දුන් කාරණාය. වර්තමාන ජනාධිපතිවරයා ප්රමුඛ රජය බලයට පත්වන විට රටේ ජනතාවට සපථ කළේ රාජ්‍ය අංශය දියුණු කරන බවටත්, දේශීය කර්මාන්ත හා දේශීය ව්‍යාපාරිකයා දියුණු කරන බවටත් ඒවා මුල් කර ගත් ආර්ථිකයක් මෙරට ගොඩනගන බවටත්ය. එහෙත් මේ රජය යටතේද එවැන්නක් සිදු කරන්නට බාධාව ඇතැම් නිලධාරීන්ගේ කටයුතු බව පෙනේ. අපේ රටේ තොරතුරු තාක්ෂණ අංශයේ හා මෘදුකාංග අංශවල ප්‍රවීණත්වය දරන දේශීය ව්‍යාපාරිකයෝ ඕනෑතරම් සිටිති. බි්රතාන්යයේ ලන්ඩන් කොටස් වෙළෙඳපොළ ක්‍රියාත්මක කරන්නේද ශ්‍රී ලාංකික සමාගමක් විසිනි. ජපානය, සිංගප්පූරුව, මලයාසියාව, මාලදිවයින ආදී රටවල් ගණනාවක ප්‍රධාන ව්‍යාපෘති සිදුකරන ශ්‍රී ලාංකික සමාගම් බොහෝය. එහෙත් අපේ රටේ ව්‍යාපෘති සඳහා අධික මිල ගණන්වලට පැරණි තාක්ෂණයද සමග ගෙන එන්නේ විදේශීය සමාගම්ය. දේශීය සමාගම්වලට හෝ රාජ්‍ය ආයතනවලට කිසිවිට එම ව්‍යාපෘති ලැබෙන්නේ නැත. අපේ රටේ සමාගමකින් හෝ ආයතනයකින් මේවා මිලදී ගතහොත් ඒවායේ නිරීක්ෂණ චාරිකා සඳහා යුරෝපයට හෝ ඇමරිකාවට හෝ ගොස් එකී නොකී සියලූ ආකාරයට සප්පායම් වන්නට ඒවායේ ටෙන්ඩර් මණ්ඩලවල සිටින රජයේ නිලධාරීන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එම නිසා මේ නිලධාරීන්ගේ ප්‍රමුඛත්වය සෑම විටම හිමිවන්නේ විදේශීය සමාගම් වෙතය. රියැදුරු බලපත්‍රය සම්බන්ධ දූෂිත ගනුදෙනුව ගැන පසුගිය වසර කීපය මුළුල්ලේම අප පෙන්වා දුන්නද වගකිවයුතු නිලධාරීන් එය ගණනකට ගත්තේ නැත. 2006 වසරේ මේ රියැදුරු බලපත්‍ර ටෙන්ඩරය ලබා දෙන ලද්දේ ඒ සඳහා ඉදිරිපත් වූ තාක්ෂණ අතින් සුදුසුකම් සම්පූර්ණ කළ ආයතන ගණනාවක් තිබියදී වැඩිම මිලට මෙන්ම අඩුම තාක්ෂණ සුදුසුකම් තිබූ සමාගමටය. ඔස්ටේ්රලියානු සමාගමක් රුපියල් 450 කටද, බි්රතාන්ය සමාගමක් රුපියල් 600 කටද මැලේසියානු සමාගමක් රුපියල් 800 කටද ටෙන්ඩර් කැඳවා තිබියදී එය ලබා දුන්නේ රුපියල් 1750 ක් වැනි ඉතාම වැඩි මිලකට වසර පහක් සඳහා අප්‍රිකානු සමාගමකටය. එම සමාගමට එවන් ව්‍යපෘති සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක්වත් තිබුණේ නැත. එම කාඞ්පත එවකට පවා රුපියල් 200 ත් 300 ත් අතර මිලකට ලබාදිය හැකිව තිබිණි. එවකට ඇමැති පුතෙකු මේ ගනුදෙනුව පසුපස සිටියේය. පසුව තවත් ඇමැතිවරයෙකු මේ ගාස්තුව රුපියල් 1340 කට අඩුකර ගිවිසුම් කාලය වසර හතකට දීර්ඝ කළේය. 2016 දී එය රජයට පවරා ගත යුතු වුවද එය රජයට පවරා නොගත්තේ එවකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේත් ප්‍රවාහන අමාත්‍යංශයේත් ඉහළ නිලධාරීන් අදාළ සමාගමෙන් වාසි ලබමිනි. පසුව පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව මෙය පවරා ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍යංශය වෙත තුන් වරක් නියෝග කරන ලදී. ඒ අනුව කමිටු පත් කරන ලද අතර ඒ සෑම විටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එවකට සිටි ඇතැම් දූෂිත නිලධාරීන් විසින් කැබිනට් මණ්ඩලය හා අදාළ කමිටු නොමග යවමින් පැවසුවේ තමන්ට මෙවැන්නක් කළ නොහැකි බවය. එහෙත් එවැනි වසර විස්සක් යල් පැනගිය ක්‍රමවේදයක් නොව අලූත්ම ව්‍යාපෘතියක් වුවද ක්‍රියාත්මක කරන්නට තරම් දක්ෂ නිලධාරීහු හා උපාධිධාරීහු එම දෙපාර්තමේන්තුවේ සිය ගණන් සිටිති. දැන් සිදුව ඇත්තේ තවත් වසර දෙකකට අදාළ අප්‍රිකානු සමාගමටම මේ ව්‍යාපෘතිය පවරාදීමය. ඒ සඳහා රුපියල් මිලියන නවදහසකට අධික මුදලක් අප්‍රිකානු සමාගමට ගෙවන්නට සිදුවේ. ඉල්ලා අස්වූ ෂක්‍ඔ් අධ්යක්ෂවරයා මේ බව පැහැදිලිව පෙන්වා දෙමින් පවසා ඇත්තේ මෙය විසිවසරකට වඩා පැරණි ක්‍රමවේදයක් බවත් මේවා දේශීයව ඉතාම අඩු මුදලකට කළ හැකි බවත්ය. මීට අදාළ ගිවිසුම ලබන ජුලි පළමු වැනිදාට පෙර අත්සන් තැබීමට නියමිතව තිබේ. රටේ මෙතරම් විදේශ විනිමය ප්‍රශ්නයක් තිබියදී මේ ආකාරයට මුදල් විදෙස් රටවලට ගලායෑම බරපතළ ගැටලූවකි. අදටත් සෑම මාසයකම අඩුම තරමින් රුපියල් මිලියන සියයකට අධික මුදලක් මාසිකව එම අප්‍රිකානු සමාගමට රජය විසින් ගෙවනු ලබයි. මෙරට රජයේ දෙපාර්තමේන්තු සහ සියලූ රාජ්‍ය ආයතනවල සියලූ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති අධීක්ෂණය හා මෙහෙයවීම තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අවසරය හා අනුමැතිය ඇතිව සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනට මාස කීපයකට පෙර සියලූම රාජ්‍ය ආයතන සඳහා දැනුම්දීමක්ද සිදු කරන ලදී. එහෙත් එහි ඇතැම් නිලධාරීන් කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ මගපෙන්වීම අනුව නොවේ. එම නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ මේ ඇති දූෂිත ගනුදෙනුව තාවකාලිකව හෝ නවතා දමා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මේවා අඩුම තරමින් මින් ඉදිරියටවත් සිදු නොවන ආකාරයට කටයුතු කරන ලෙස හා මෙවැනි ව්‍යාපෘති මින් ඉදිරියට රාජ්‍ය ආයතන මගින් හෝ දේශීය සමාගම් මගින් පමණක් සිදු කරන්නට පියවර ගන්නා ලෙසය. - Divaina - [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom