Sarath Fonseka released

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,464
    13,205
    113
    ලංකාවේ අපේ ලංකාව
    අද බොහොම සන්තෝසෙන් ඉන්නේ. දවල් කිට්ටු වෙනකොට බොරැල්ලේ ඉඳලා වැලිකඩටම පයින් ගියා දන්නවා බයික් එක එතන නවත්තන්න තැනක් නැති වෙනවා කියලා. අව්ව රස්නේ දැනුනෙවත් නැහැ. හප්පා හිටපු සෙනග. අපේ වීරයා නිදහස ලබලා ගෙදර යනවා. ඒ යනකොට අපිව අමතක කරේ නැහැ. කොහොම හරි අපි එක්කත් කතා කරා. ලඟට යන්න කිසිම පුළුවන් කමක් තිබුනේ නැහැ හිටපු සෙනග නිසා හැබැයි කොහොම හරි නිදහස් වෙලා එලියට එනකොට ඒක මම වගේම අනික් මිනිස්සුත් එක්කම දකින්න ලැබුණ ඒක ලොකු දෙයක්. කියන්න ඕනේ ආණ්ඩුවේ සැණකෙළි වලට වගේ සල්ලි දීලා, බස් වල්ලින් ගෙනත් දාලා, බත් පැකට් එකට ආපු මිනිස්සු නෙමේ හිටියේ. හිටිය මිනුසුන්ගේ මුහුණු වල අලුත් පිපිදීමක් දැක්කා, සමහරු සන්තෝසේ වැඩි කමට අඬනවා, ගොඩ දෙනෙක් මල් මාලා ගෙනත් තිබුණා. අපේ වීරයා අපිව අමතක කරේ නැහැ අපිත් එතුමව අමතක කරේ නැහැ. පුදුම සන්තෝසයක් අද මට තියෙන්නේ. ගුණමකුවොන්ගේ ඇස් වල කන් වල කටු අනිනවා වගේ ඇති දැන්. කාගෙන හිටපල්ලා. අපේ ජෙනරාල් තුමාට ජය වේවා. ලක් මෑණියන්ට ජය වේවා. ගුණමකුවෝ භංග වේවා. ජනාධිපති තුමාට ස්තුති අපේ ජනරාල් තුමාව නිදහස් කරපු එකට. :yes::yes::yes: