Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sarath? Mahinda? Or?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා, ජනාධිපති තරග බිමට ඇතුළු වනවාය යන ආරංචියත් සමග දේශපාලන පිටියේ මහත් වූ ආන්දෝලනයක් ඇති විය. මුලින් මුලින් ඔහු මෙම තරගයට ඇතුළු නොවනු ඇතැයි කියා කතා පැතිරිණ. නිලයෙන් ඉවත් නොවී, ඔහුට ඡුන්දයකට ඉදිරිපත් විය නොහැකි යැයි පසුව කියැවිණි. ඊටත් පසුව පැමිනි අදහස වූයේ, ජෙනරාල්වරයා ඉල්ලා අස්වීමට ක්‍රියා කළත් ජනාධිපති වරයා විසින් ඉල්ලා අස්වීම භාර නොගතහොත් ඔහුට ජනාධිපති ඡුන්දයට ඉදිරිපත් විය නොහැකි බවයි. ඒ අදහස් වලින් වූයේ ජනාධිපති වරයාගේ පෞරුෂය පලූදු වීමයි. ඒ නිසාම ආරක්ෂක මාණ්ඩලික ප්රධානිගේ ඉල්ලා අස්වීම භාරගැනීමට ජනාධිපතිවරයාට සිදුවිය.

පසුගිය සති කිහිපය තුළ ජනාධිපති වරණයත් සරත් ෆොන්සේකා නම් පුද්ගලයා ගැනත් ඇති වූ කතාබහ විකාර ස්වරූපයක් ගත්තේය. මහින්ද හා සරත් යන දෙදෙනාම එකිනෙකා පරයා නැගෙන යුධ වීරයන් වීමත්, ඒ දෙදෙනාම වටා දේශපේ‍්‍රමී ගුරුත්වය එම විකාර ස්වරූපය ඇති වීමට හේතුවිය. අර එක එක විකාර කතා කියන්නට පටන් ගත්තේ ජනාධිපති වරයා පරාජය වුවහොත් තම තමන්ගේ ඉරණමත් අනතුරේ වැටෙනු ඇතැයි කියා සිතුණු දේශපේ‍්‍රමීහුය. අවසානයේ හමුදාපති වරයා තරගයට ඉදිරිපත් වන බව තහවුරුවිය. ඒ සමග විකාර දොඩවමින් සිටි අය තම පැරණි යුධ වීරයාට අවමන් කරන්නට පටන් ගත්තේය. වීරයා ද්‍රෝහියා විය. ඔවුන් ට අනුව සරත් ෆොන්සේකා මහතා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සටන් වැදීම වැරදිය. මංත්‍රී හාමුදුරුවරුන් කිහිප නමක්, ඡන්දයට ඉදිරිපත් නොවන්නැයි කියා සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටි බවට වාර්තා විය. ඉන් එක් පැවිද්දෙක්, තමන් මීට පෙර දේශපාලන තරග බිමට නොබසින්නැයි කියා, හිටපු හමුදාපතිවරයෙකු වූ ජානක පෙරේරා මහතාට අවවාද කළ බවත්, එය නෑසූ ඔහු ඊට ජීවිතයෙන් වන්දි ගෙවූ බවත්්, පවසමින්, සරත් ෆොන්සේකා මහතාටද දේශපාලන තරග බිමට ඇතුළු නොවන්නැයි කියා අනතුරු ඇගවූයේය. හිටපු හමුදා නිලධාරියෙකුට ගිහියෙකු වශයෙන් මැතිවරණ දේශපාලනය නුසුදුසු වන්නේත් පැවිද්දන්ට දේශපාලනය සුදුසු වන්නේත් කෙසේදැයි පැහැදිලි නැත. අහෝ අපකිච්ඡු ප්‍රතිපදාව බහුකිච්ඡු ප්‍රතිපදාවට හැරිච්ච හැටි. නීති විශාරදයන්, උගතුන්, බුද්ධිමතුන් හා පඩිවරුන් ද අර භික්ෂූන් මෙන් ම මේ ප්‍රෙහේලිකාවේ පැටලී ව්‍යාකූලව ඔවුන්ගේ සැබෑ ස්වරූපයෙන් හෙවත් නිරුවතින් ඉන්නා සෙයකි. මේ ලිපියේ පරමාර්ථය වන්නේ අවධානයට ලක්විය යුතු කරුණු කිහිපයක් පමණක් එම සංවාදයට යොමු කිරීමය.

ජනාධිපති තරගයකට ඉදිරිපත් වීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා ඇති ප්‍රතිපාදන අනුව, සිවිල් පුරවැසියෙකු වී සිටින සරත් ෆොන්සේකා නම් පුරවැසියා එම තරගයට ඉදිරිපත් වීමේ වරද කුමක්ද? ඔහුගේ නුසුදුසුකම කුමක්ද? මේ පිළිබද වාමාංශික තර්ක ද රාජපක්ෂවාදී තර්කද සිවිල් සමාජවාදී තර්කද සංවර්ධනවාදී තර්කද අප ඉදිරියේ ඇත. අප මෙම තර්ක විමසා බැලිය යුත්තේ මේ තර්ක කරන්නන් එසේ කරන්නේ රටේ සුභසිද්ධිය වෙනුවෙන් ද නැද්ද සොයා බැලීමටය. රටේ අනාගතය වෙනුවෙන් වැදගත් වන්නේ ජයගත යුත්තේ කුමන පුද්ගලයාද යන්න නොව කුමන ප්රතිපත්තියද එය යථාර්ථවාදීද නැද්ද යන්නයි. ඉතිහාසය පුරා අප වරද්දාගත් තැන මෙතැනය. දැනට ඉදිරිපත්ව ඇති ඒ තර්ක හා ප්‍රවාද සියල්ලේම හරය මෙසේය.

(1) සරත් ෆොන්සේකා බලයට පත් වුවහොත් හමුදා ජුන්ටාවක් ගොඩනගනු ඇත.

(2) හමුදා නිලධාරියෙකුට ප්රජාතන්ත්රවාදියෙකු වන්නට නොහැකිය.

(3) හොදම හමුදා පාලකයාට වඩා නරකම දේශපාලන නායකයා හොදය.

(4) රටක් දියුණුකිරීමට නම් ඒකාධිපති පාලකයෙකු අවශ්‍යය.

(1) සරත් ෆොන්සේකා හමුදා ජුන්ටාවක් ගොඩ නගනු ඇත යන අදහස උපකල්පනයකි. මේ උපකල්පනයේ පදනම ඔහු හමුදාවේ නායකයෙකු ලෙස සේවය කළ නිසාය.

Source :- http://wp.me/pI5Gy-46

[QUOTE="laknews, post: 5976015, member: 250381"] ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා, ජනාධිපති තරග බිමට ඇතුළු වනවාය යන ආරංචියත් සමග දේශපාලන පිටියේ මහත් වූ ආන්දෝලනයක් ඇති විය. මුලින් මුලින් ඔහු මෙම තරගයට ඇතුළු නොවනු ඇතැයි කියා කතා පැතිරිණ. නිලයෙන් ඉවත් නොවී, ඔහුට ඡුන්දයකට ඉදිරිපත් විය නොහැකි යැයි පසුව කියැවිණි. ඊටත් පසුව පැමිනි අදහස වූයේ, ජෙනරාල්වරයා ඉල්ලා අස්වීමට ක්‍රියා කළත් ජනාධිපති වරයා විසින් ඉල්ලා අස්වීම භාර නොගතහොත් ඔහුට ජනාධිපති ඡුන්දයට ඉදිරිපත් විය නොහැකි බවයි. ඒ අදහස් වලින් වූයේ ජනාධිපති වරයාගේ පෞරුෂය පලූදු වීමයි. ඒ නිසාම ආරක්ෂක මාණ්ඩලික ප්රධානිගේ ඉල්ලා අස්වීම භාරගැනීමට ජනාධිපතිවරයාට සිදුවිය. පසුගිය සති කිහිපය තුළ ජනාධිපති වරණයත් සරත් ෆොන්සේකා නම් පුද්ගලයා ගැනත් ඇති වූ කතාබහ විකාර ස්වරූපයක් ගත්තේය. මහින්ද හා සරත් යන දෙදෙනාම එකිනෙකා පරයා නැගෙන යුධ වීරයන් වීමත්, ඒ දෙදෙනාම වටා දේශපේ‍්‍රමී ගුරුත්වය එම විකාර ස්වරූපය ඇති වීමට හේතුවිය. අර එක එක විකාර කතා කියන්නට පටන් ගත්තේ ජනාධිපති වරයා පරාජය වුවහොත් තම තමන්ගේ ඉරණමත් අනතුරේ වැටෙනු ඇතැයි කියා සිතුණු දේශපේ‍්‍රමීහුය. අවසානයේ හමුදාපති වරයා තරගයට ඉදිරිපත් වන බව තහවුරුවිය. ඒ සමග විකාර දොඩවමින් සිටි අය තම පැරණි යුධ වීරයාට අවමන් කරන්නට පටන් ගත්තේය. වීරයා ද්‍රෝහියා විය. ඔවුන් ට අනුව සරත් ෆොන්සේකා මහතා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සටන් වැදීම වැරදිය. මංත්‍රී හාමුදුරුවරුන් කිහිප නමක්, ඡන්දයට ඉදිරිපත් නොවන්නැයි කියා සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටි බවට වාර්තා විය. ඉන් එක් පැවිද්දෙක්, තමන් මීට පෙර දේශපාලන තරග බිමට නොබසින්නැයි කියා, හිටපු හමුදාපතිවරයෙකු වූ ජානක පෙරේරා මහතාට අවවාද කළ බවත්, එය නෑසූ ඔහු ඊට ජීවිතයෙන් වන්දි ගෙවූ බවත්්, පවසමින්, සරත් ෆොන්සේකා මහතාටද දේශපාලන තරග බිමට ඇතුළු නොවන්නැයි කියා අනතුරු ඇගවූයේය. හිටපු හමුදා නිලධාරියෙකුට ගිහියෙකු වශයෙන් මැතිවරණ දේශපාලනය නුසුදුසු වන්නේත් පැවිද්දන්ට දේශපාලනය සුදුසු වන්නේත් කෙසේදැයි පැහැදිලි නැත. අහෝ අපකිච්ඡු ප්‍රතිපදාව බහුකිච්ඡු ප්‍රතිපදාවට හැරිච්ච හැටි. නීති විශාරදයන්, උගතුන්, බුද්ධිමතුන් හා පඩිවරුන් ද අර භික්ෂූන් මෙන් ම මේ ප්‍රෙහේලිකාවේ පැටලී ව්‍යාකූලව ඔවුන්ගේ සැබෑ ස්වරූපයෙන් හෙවත් නිරුවතින් ඉන්නා සෙයකි. මේ ලිපියේ පරමාර්ථය වන්නේ අවධානයට ලක්විය යුතු කරුණු කිහිපයක් පමණක් එම සංවාදයට යොමු කිරීමය. ජනාධිපති තරගයකට ඉදිරිපත් වීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා ඇති ප්‍රතිපාදන අනුව, සිවිල් පුරවැසියෙකු වී සිටින සරත් ෆොන්සේකා නම් පුරවැසියා එම තරගයට ඉදිරිපත් වීමේ වරද කුමක්ද? ඔහුගේ නුසුදුසුකම කුමක්ද? මේ පිළිබද වාමාංශික තර්ක ද රාජපක්ෂවාදී තර්කද සිවිල් සමාජවාදී තර්කද සංවර්ධනවාදී තර්කද අප ඉදිරියේ ඇත. අප මෙම තර්ක විමසා බැලිය යුත්තේ මේ තර්ක කරන්නන් එසේ කරන්නේ රටේ සුභසිද්ධිය වෙනුවෙන් ද නැද්ද සොයා බැලීමටය. රටේ අනාගතය වෙනුවෙන් වැදගත් වන්නේ ජයගත යුත්තේ කුමන පුද්ගලයාද යන්න නොව කුමන ප්රතිපත්තියද එය යථාර්ථවාදීද නැද්ද යන්නයි. ඉතිහාසය පුරා අප වරද්දාගත් තැන මෙතැනය. දැනට ඉදිරිපත්ව ඇති ඒ තර්ක හා ප්‍රවාද සියල්ලේම හරය මෙසේය. (1) සරත් ෆොන්සේකා බලයට පත් වුවහොත් හමුදා ජුන්ටාවක් ගොඩනගනු ඇත. (2) හමුදා නිලධාරියෙකුට ප්රජාතන්ත්රවාදියෙකු වන්නට නොහැකිය. (3) හොදම හමුදා පාලකයාට වඩා නරකම දේශපාලන නායකයා හොදය. (4) රටක් දියුණුකිරීමට නම් ඒකාධිපති පාලකයෙකු අවශ්‍යය. (1) සරත් ෆොන්සේකා හමුදා ජුන්ටාවක් ගොඩ නගනු ඇත යන අදහස උපකල්පනයකි. මේ උපකල්පනයේ පදනම ඔහු හමුදාවේ නායකයෙකු ලෙස සේවය කළ නිසාය. Source :- [url]http://wp.me/pI5Gy-46[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom