Namo Buddhaya !
Pahadili lesa desu Sri Saddharmayata namaskara wewa !!!
Pahadili lesa desu Sri Saddharmayata namaskara wewa !!!
Last edited:


Sadhu! Sadhu! Sadhu!lummhg said:Ma dakwa athi Anguttara nikaye - 4 wana nipathaya - Walahaka wargaye thibena Asivisopama Sutraye sarpayanwa upama kara dakwanne kenekuta ekawara athi wana tharahath.. e tharaha pawathina kalayath ganai...

lummhg said:rapa mithura sadahan karana lada.. Asivisopama Sutraya thibenne Sanyuktha nikaye - Salayathana sanyukthaye - Asivisa wargaye... Ehi Sarpayanwa upama kara aththe Sathara maha dathunatai ( Patawi, Apo, thejo, wayo )
Rapa sadahan kala deshanawe...(Audio) pinwath Gnanananda Swameenwahase ithamath pahadiliwa sarpayan alla ganeema, un rakaganeema, unta alum kireema gana Budu piyanan kala deshanawa pahadala denawa bohoma apuruwata![]()
mawella said:ananda sarpyaa dutu wehidaa![]()

...
...
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. සර්පයෙකු ගෙන් ප්*රයෝජන තියෙන මනුස්සයෙක් සර්පයෙකුව හොයා ගෙන යනවා. ඉතින් ඔහුට විශාල සර්පයෙක්ව දකින්න ලැබෙනවා. ඉතින් ඔහු කිසිම වග විභාගයක් නැතිව ඒ සර්පයා ගේ කඳෙන් හරි, වලිගෙන් හරි අල්ල ගන්නවා. එතකොට ඒ සර්පයා කරන්නෙ ආපහු කැරකිලා සර්පයාව අල්ලපු පුද්ගලයා ගේ අතට හරි, ඇගේ කොහාට හරි දෂ්ට කරන එකයි. එතකොට ඒ පුද්ගලයා ඒ හේතුවෙන් මරණයට පත් වෙන්න වුනත් පුළුවන්. මාරාන්තික දුක් වේදනා විඳින්න වුනත් පුළුවන්. ඒකට හේතුව මොකක් ද? ඒ සර්පයාව අල්ල ගත්තේ වැරදි විදියටයි.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහම යි. බුදු සසුනට ඇතුළු වෙන සමහර හිස් මිනිස්සු ඉන්නවා. ඔවුන් මේ ධර්මය ඉගෙන ගන්නවා. ඔවුන් සූත්*ර දේශනාත් ඉගෙන ගන්නවා. ගෙය්යත් ඉගෙන ගන්නවා. වෙය්යාකරණත් ඉගෙන ගන්නවා. ගාථාවනුත් ඉගෙන ගන්නවා. උදානත් ඉගෙන ගන්නවා. ඉතිවුත්තකත් ඉගෙන ගන්නවා. ජාතකත් ඉගෙන ගන්නවා. අබ්භූතධම්මත් ඉගෙන ගන්නවා. වේදල්ලත් ඉගෙන ගන්නවා. ඔවුන් ඒ ධර්මය ඉගෙන ගත්තට ඒ ධර්මයේ අර්ථ නුවණින් විමසන්නෙ නෑ. ඒ නිසා ඔවුන්ට ඒ ධර්මය අවබෝධ වෙන්නෙත් නෑ. අන්තිමේ දි ඔවුන් කරන්නෙ ‛අපි මේ විදියට වාදවලින් ජය ගනිමු’ කියල වාද විවාද පිණිස ම ඒ ධර්මය පාවිච්චි කරනවා. ධර්මය ඉගෙනීමෙන් යම් යහපතක් ලැබිය යුතු නම්, ඒ යහපත ඔවුන්ට අහිමි වෙනවා. එතකොට ඔවුන් විසින් ඒ ධර්මය වැරදියට ගැනීම හේතුවෙන් බොහෝ කාලයක් ඔවුන්ට දුක් පීඩා පිණිස පවතිනවා. ඒකට හේතුව මොකක් ද? පින්වත් මහණෙනි, ධර්මය වරදවා ගත්තු නිසාම යි.
...
...