Scavenger Fish සැමන්/උම්බලකඩ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Scavenger Fish සැමන්/උම්බලකඩ

    T1_j0sXoJqXXc_n6.._113102.jpg


    පොල්ගොල්ල ජලාශයේ විශාල වශයෙන් බෝවී ඇති ටැංකි ශෝධක (Tank cleaner) මාළුන්ගෙන් උම්බලකඩ හා සැමන් නිෂ්පාදනය කළ හැකි බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ධීවර අංශයේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන තිබේ.

    ස්කැවේන්ජර් ෆිෂ් (Scavenger Fish) යනුවෙන් හැදින්වෙන මෙම මාළු විශේෂය පොල්ගොල්ල මහවැලි ජලාශයේ මෙතරම් විශාල ලෙස බෝවූවා දැයි නොදන්නා අතර, එම ජලාශයේ මිරිදිය කටයුතු වල නිරත වන ධීවරයන් පවසන්නේ ජලාශයේ මසුන් ඇල්ලීම සදහා දැලක් යෙදුවිට සාමාන්‍ය ආහාරයට ගන්නා මසුන් පස්දෙනෙකු දැලට හසුවන විට ටැංකි ශෝධක මසුන් විස්සක් පමණ ප‍්‍රමාණයක් හසුවන බවයි.

    ජලාශයේ ඇති එවැනි මාළුන් අඩි දෙක දෙකහමාරක් දක්වා වූ විශාලත්වයෙන් වැඩෙන බව පවසන ධීවරයෝ, එම මාළුන් ආහාරයට නොගන්නා බවද පවසති.

    මෙම මාළු විශේෂය ජලාශයේ ඇති පාසි හා අනෙකුත් මාළුන්ගේ බිත්තර කා දමන බැවින් සෙසු මාළුන් ජලාශයේ බෝවීම අඩුවී ඇති බවද ඔවූහු පවසති.



    :baffled::baffled::baffled:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අවුලක් නෑ බං..මුහුදේ මාලු කන්නේ එහෙනම් මොන තරම් ජරාවද ? :baffled: