SCIENCE FICTION : ඇෆ්ඝන් මෙහෙයුම

Jun 2, 2016
154
119
0
Sri Lanka
SCIENCE FICTION : ඇෆ්ඝන් මෙහෙයුම

collage245.png


“That’s a Mi-24…..!!!” කැලුම් ශ්‍රී ලංකා ගුවන් හමුදාවද සතුව තිබෙන භයානක රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටරය හඳුනාගත්තා. පියාඹන යුධ ටැංකිය යන විරුදාවලි ලබා තිබූ Mi-24 යානය සැබැවින්ම බියකරු යානයක්.

“Why the hell is that Hind doing here buzzing us?” ඇමරිකානුවන් හයින්ඩ් ලෙස හැඳින්වූ එම්.අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටරය කොහේ සිට ආවාද? මොන රටකට අයිතිදැයි සළකුණක් තිබුණේ නෑ. ඉදිරියට පියාසර කල එය ආයෙත් හරවනවා මෙන් පෙනුනා.

“It's turning….!!!!” කැලුම් කෑගැසුවා. මේ වන විට රුසියානු ගුවන් නියමුවා හොඳටම බියපත්ව සිටි අතර ඔහුට යානය පාලනය කරගන්නට පවා සිහියක් නැති බව පෙනුනා.

“That does not look friendly……….....shit……………….get down!!! get down!!!…..” කෑගසමින් ක්ෂණයකින් ක්‍රියාත්මකවූ කැලුම් සැලී හා යසිත් දෙදෙනාම ඇදගෙන යානයේ අසුන ඉදිරියේ පහත්වුනා. ඒත් සමගම හයින්ඩ් ප්‍රහාරක හෙලික්කොප්ටරයේ ප්‍රධාන මැෂින් තුවක්කුව බිහිසුණු හඬින් ක්‍රියාත්මක වුනා. සතරවැනි ඊලාම් යුද්ධයේදී කැළුම් හා සගයින් වෙඩි හා මෝටාර් වරුසාවලට කොටුවී ඉදිරියට යා ගන්නට නොහැකිව ලතවෙන බොහෝ අවස්ථාවල අහසින් එන දෙවියෙක් මෙන් පිහිට වුනේ ගුවන් හමුදාවේ එම්.අයි.24 යානා.

පට.....පට....පට.....පට හඬින් එම්.අයි.24 පියාඹන යුධ ටැංකිවල ගැට්ලිං තුවක්කු අහසේ ක්‍රියාත්මක වෙද්දී “අහසේ දෙයියෝ වැඩ පටන් ගත්තා!!! ....වරෙල්ලා!!! ” යනුවෙන් ගුගුරමින් සගයින්ට ගැම්ම දුන් ආකරය කැලුම්ට මතක් වුනා. දැන් ඒ දෙයියෝ කෝප වෙලා වගේ....

පට.....පට....පට.....පට....පට.....පට....සතුරු යානයේ මිලිමීටර් දොලහ ගැට්ලිං මැෂින් තුවක්කුව නොකඩවා ගිණිගුළි විදිද්දී කැලුම්ලාගේ යානයේ ප්ලෙක්සි-ග්ලාස් වීදුරු පුපුරා හැලුනා. ඒ සමගම යානයේ නියමුවාගේ ලේ වතුර කරවන මරලතෝනිය ඇසුනු අතර යානය පාලනයෙන් ගිලිහී කැරකෙන්නට වුනා. එන්ජින් වලට වෙඩි වැදී යානය දුමෙන් පිරී ගියා. ඒ සමගම වෙඩි ප්‍රහාරය නතර වුනා.තත්පර 30කටත් අඩු කාලයක් පැවති ඒ ප්‍රහාරය පැය ගණනාවක් මෙන් දැනුනා. හුස්ම හිරකරවන කලු දුම් රොටු යාන වෙලා ගනිද්දී….

“Are you guys OK??.....We are losing altitude ……” කැලුම් කෑගැසුවා

නිමේෂයකින් නැගීසිටි සැලී වෙඩි ප්‍රහාරයෙන් දෙකඩවී ගිය නියමුවාගේ කවන්ධ සිරුර උඩින් පහත්වී යානයේ පාලන යෂ්ඨිය අල්ලා ගත්තා.

“Kelum!!..Yasith!!. lose the pilot ….. I need to work the pedals…..”සැලී කෑ ගැසුවා. සිවිල් වැසියෙකුවූ යසිත් බියපත්ව ගල්ගැසී සිටියත් දරුණු සටන් බිම්වල පන්නරය ලබා සිටි කැලුම් ක්ෂණයකින් ක්‍රියාත්මක වුනා. ලේ විලක්ව තිබූ නියමු අසුනේ ආරක්ෂක පටිවලට තවමත් බැඳී තිබූ නියමුවාගේ දෙකඩවූ සිරුර තත්පර කිහිපයකින් ගලවා එලියට තල්ලු කිරීමට කැලුම් සමත් වෙද්දි යානය වේගයෙන් කරකැවෙමින් කඩාවැටෙමින් තිබුණා. මොහොතකින් කැලුම්ගේ උදව්වෙන් නියමු අසුනට පැනගත් සැලී යානයේ පැඩල් ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තා. හොඳටම අබලන් වී තිබුණත් සැලීගේ පළපුරුදු විධාන වලට අවනතවූ යානය නැවතත් කෙඳිරිගාමින් ඉහලට එසවුනා.

“Where’s that fucking Hind?....” සිහි එලවාගත් යසිත් කෝපයෙන් අසද්දි ඔහුගේ සිරුර කම්පණයෙන් ගැහෙමින් තිබුණා.

“I can't keep this flying for more than a few more minutes….. You need to jump…..!!”

“No Sally you can land this…..” කැලුම් ආවේගයෙන් පැවසුවේ තමන් පැන ගන්නාතෙක් යානය අහසේ තබාගෙන සිටියහොත් එය කඩාවැටීමට පෙර සැලීට පැනගන්නට අවස්ථාවක් නොලැබෙන බව අවබෝධවීමෙන්.

“NO I CAN'T………….GRAB YASITH AND.JUMP!!”

“Sally please…” කැලුම් බැගෑපත් වුනා

“GET THE FUCK OUT KELUM!!!!!.....” ගිගුරූ සැලී යානයේ පාලන යෂ්ඨිය අවනත කරගැනීමට දඟලන අතරම මොහොතකට හැරී කැලුම් දෙස බැලුවා. කම්පණ ආවේගයත්, කෝපයත් නිසා ඇයගේ දෑස් ගිණිගුලි මෙන් දිලිසුනා. ඒ වන විට හෙලිකොප්ටරය පොලොවට අඩි 50ක් තරම් ලංවී සිටි අතර සැලී යානයේ පාලන යෂ්ඨිය සමග පොරබදමින් ආයාසයෙන් යානය තව තත්පර කිහිපයක් අහසේ රඳවාගෙන තබාගන්නට වෙර දැරුවා. තව දුරටත් බලා සිටීමේ තේරුමක් නොමැති බව වටහාගත් කැළුම් යසිත්ගේ වම් බාහුවෙන් තදින් අල්ලාගෙන ඔහුත් ඇදගෙන යානයෙන් පැන්නා. තත්පර කිහිපයකින් ඔවුන් දෙදෙනා උස්බෙකිස්තාන් ශුෂ්ක වැළිකතරේ වැළිකඳු අතර පතිතවුනා. සැලී රැගත් හෙලිකොප්ටරය ඝණදුමාරයක් සමග ගිණිදළු විහිදුවමින් ඈතට ඇදී ගියා.

සම්පූර්ණ කතාව මෙතනින් කියවන්න;

http://vidya-gaweshana.blogspot.com/2017/12/science-fiction-mission-in-afghanistan_23.html
 
  • Like
Reactions: GuneBhai