වසර 1982දී සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරනවා. සොරි, සාමය ආරක්ෂා කරන්න මව් ආණ්ඩුවේ ඉල්ලීමට ඇෆ්ගනිස්ථානට එනවා.සෝවියට් හමුදාව කියන්නේ මේ වෙනකොට ලෝකේ දෙවනියට බලවත්ම හමුදාව. හැබයි අඩිය තිබ්බ ගමන් කන්න වෙනවා හොඳ කෑමක්. මොකද රතු හමුදාව පුරුදු පුහුණු වෙලා හිටපු යුරෝපයේ තැනිතලා වලට වඩා හොඳටම වෙනස් කදුකර පරිසරයක. ගරිල්ලා සටන් වැදුන මුදහජීන් කණ්ඩායම් වගේම ඇමරිකානු CIA කණ්ඩායම් හින්දා වැඩේ ලෝසිවුනේ නැහැ. ප්‍රධාන නගර අවට පාලනය ඇෆ්ගනිස්ථාන කොමියුනිස්ට් ආණ්ඩුවට තිබ්බබාට නගර වලින් ඈතට වෙන්න රතු හමුදාවට මුදහජීන් වරුන්ගේන් සෑහෙන්න කරදර සිද්ද වෙමින් තිබුනා. ප්‍රධානම ප්‍රශ්නය වුනේ ඇමරිකාව එවපු ස්ට්‍රින්ගර් anti air craft manpad මිසයිල. මොකද ඒවා රුසියානු හෙලිකොප්ටර් වලට පහර දෙන්න පාවිච්චි කිරීම. හෙලිකොප්ටර් කියන්නේ ඇෆ්ගනිස්ථානයට හරි යනම වාහනය. අබලන් පාරවල් වල ambush වලට ලක්වෙනවා වඩා ලේසියෙන් ප්‍රවාහන කටයුතු කරන්න හෙලිකොප්ටර්වලට හැකිවීම රුසියනු හමුදා මෙහෙයුම් සාර්ථක වෙන්න ප්‍රධාන හේතුවක් වීම.
ස්ට්‍රින්ගර් මිසයිලයක්
ඔය අතරේ රතු හමුදාවට ලැබෙනවා හොද ඔත්තුවක් පකිස්ථාන බෝඩර් තියන මුදහජීන් පුහුණු කදවුරක් ගැන. මේ කදවුරක් නිතරම CIA එකෙන් ගැවසෙනවා. ඒ වගේම මේක තමා manpad training කරණ ප්‍රධානම කදවුර. රොබත් ජලි කියන මේ කදවුර කන්දහආර් වල ඉදන් කිලෝමීටර් හරසියයකට ආසන්න දුරකින්, ඉරාන ඇෆ්ගනිස්ථාන බෝඩර් ඉදන් කිලෝමීටර් දෙකක විතර දුරකින් පිහිටලා තිබ්බා. ඉතින් මේ තත්වය ගැන ක්‍රෙමිලනය දැනුවත් කරලා අවසර අරන් 82 මාර්තු operation south දියත් කරන්න රතු හමුදාවේ ඇෆ්ගනිස්ථාන ලොක්කා ජනරාල් වැලැදමිර් වනුකුරා ලැහැස්ති වුනා.
මේ මෙහෙයුම ලොකු සැලසුමක් අනුව ක්‍රියාත්මක කරන්න රතු හමුදාව ලැහැස්ති වුනා. කිසිම විදියකින් මේ මෙහෙයුම ගැන විස්තර ඇෆ්ගනිස්ථානය දැන නොගන්නා විදිහට සැලසුම් කරපු මේ මෙහෙයුමට කිසිම ඇෆ්ගන් හමුදා නිලධාරීන් ගාවා නොගැනීමට සෝවියට් නිලධාරින් ක්‍රියා කලා. මේ මෙහෙයුමට රතු හමුදා භටයෝ හයසියක් විතර සහභාගි වෙන විදිහට ගුවන්පාබල රෙජිමේන්තු තුනක් යාන්ත්‍රික රයිෆල් රෙජිමේන්තුවක් වගේම ස්පෙස්නාස් විශේෂ කණ්ඩායමක් සහභාගී කරගත්තා. මේ කණ්ඩායම mi 8 හෙලිකොප්ටර් 61 භාවිතා කරලා රොබත් ජලී කදවුර වෙත පියාසර කිරිමටත් logistics කටයුතුවලට mi 6 හෙලිකොප්ටර් දහ අටක් පාවිච්චි කිරීමටත් රතු හමුදාව ලැහැස්ති වුනා. හෙලිකොප්ටර් වල සම්පූර්ණ හදුනාගැනීමේ සලකුණු මකා දමන්න රතු හමුදාව කටයුතු කර තිබුනි. Mi 24 ප්‍රහාරක යානා වල පියාසැරි දුර අඩු වීම හින්දා MI 8 යානා ප්‍රහාරක සැකසුමට සකස් කරලා භාවිතා කරන්න සූදානම් වුනා. සහයට su 17 භූමි ප්‍රහාරක යානා දොළහක් සහ මිග් 23 ප්‍රහාරක යානා අටක් සූදානම් කර ගත් අතර අන්තනොව් 30 යානයක් නිරීක්ෂණ කටයුතු වලට යොදා ගත්තා. ගුවන් යානා මෙහෙයුමට සෘජුවම දායක වෙන අතර හෙලිකොප්ටර් යානා ඉලක්කයේ සිට කිලෝමීටර 47ක් දුරින් පිහිටි ආරක්ශිත ප්‍රදේශයක් එකරාශ්‍රී වීමටත් සැපයුම් ලබා ගැනීමටත් සූදානම් වුනා. ඒ සදහා අවශ්‍ය ඉන්ධන හා සැපයුම MI6 යානා මගින් අදාල ප්‍රදේශය වෙත යැවුවා. 82 මාර්තු තිහ මෙහෙයුමට සියල්ල සුදානම් කරන අතර කුඩා කණ්ඩායම් ලෙස පිටත් වූ භට කණ්ඩායම් එදින සවස් වන විට පෙර සැලසුම්කර ගත් ප්‍රදේශය වෙත සාර්ථකව ළගා වුනා.
MI 8 gunship configurations
MI 6 හෙලිකොප්ටරය
හෙලිකොප්ටර් යානා වලට නැවත තෙල් පිරවු අතර ප්‍රහාරක Mi8 යානා සදහා තවත් අයඋධද සවිකරන ලද අතර ප්‍රවාහන MI 8 යානා වල තුවක්කු ගලවා තවත් සෙබළෙකුට ඉඩ ලබා ගත්තා.
Antonov AN 30
පසුදින අලුයම ජෙට් යානා සහ AN 30 යානයක් පිටත් වූ අතර AN 30 යානයේ රතු හමුදා ඇෆ්ගනිස්ථානයේ දෙවන අණදෙන නිලධාරියා වු ජෙනරල් අන්තෝනි තබුනශ්චිකොව් නිරික්ෂණයට එක්වී තිබූ අතර භූමි අණදෙන්නා ලෙස කර්නල් වැලඩමීර් අප්රෙල්කින් සහභාගී උනා. උදෑසන හයට ප්‍රධාන mi8 යානය පිටත් වූ අතර ක්‍රමානුකූලව සියලු හෙලිකොප්ටර් යානා ඒ පසූපස ගමන් අරඹනු ලැබුවා. හයයි හතලියට SU 17 යානා දෙකක් රබත් ජලී කදවුර හදුනාගත අතර අනෙකුත් යානා සදහා හදුනාගැනීමේ දීප්තිමත් කොළ පැහැති ගිනි බෝම්බ දෙක බැගින් නිකුත් කළා. පසුපසින් පැමිණි අනෙකුත් SU 17 යානා දොළහම සාර්ථකව කදවුර වෙත බෝම්බ පතිත කලා. ඒත් මේ අවස්ථාවේ සිදුවූ සූළු වරදක් නිසාය සම්පූර්ණ මෙහෙයුමම රුවිතෙට ගමන් කරන්න පටන් ගත්තා.
SU 17 භූමි ප්‍රහාරක යානය
ඇෆ්ගනිස්ථානය සම්පුර්ණයෙන්ම කාන්තාර ප්‍රදේශයන්. මඟ සලකුණු හදුනා ගැනීම බොහොම අමාරුයි. විශේෂයෙන් අහසේ ඉදන්. මුල් SU 17 යානා නිකුත් කළ හදුනාගැනීමේ ගිනිබෝම්බ පැරිශූටයක් මගින් බිමට වැටෙන ලෙස සකසා තිබුනා. මේ නිසා මේ ගිනි බෝම්බ කාන්තාර සුළඟට අසුව ඉරාන දේශසීමාව තුලට ගමන් කරමින් තිබුනා. ප්‍රදේශය හොදින් හදුන්වන ජෙට් යානා නියමුවන් සාර්ථකව කදවුර හදුනාගත්තාත් හෙලිකොප්ටර් කදවුරු සිමාවට ඇතුල්වන විට ගිනි බෝම්බ ඉරාන දේශසීමාව පසු කර තිබුනි. ඒ පසුපස ගමන් කල ප්‍රධාන හෙලිකොප්ටර් යානාව ඉරාන දේශ සීමාව පසු කරනු ලැබුවා. යානයේ නියමුවන් තම වැරුද්ද හදුනාගත්තාත් යානය තුල සිටි අණදෙන නිලධාරී අප්රෙල්කින් ඒ බව පිලි ගත්තේ නැහැ. තවත් යානාවකින් තමන් තාරදැමු ප්‍රධාන මාර්ගයක් දකින බව දැක්වුවත් තමා වරද පිලිනොගත් කර්නල්වරයා යානා ඉදිරියටම යොමුකළා. ටික දුරකට පසු ආරක්ෂක අට්ටාල සහිත කදවුරු බිමක් වැනි යමක් නිරික්ෂණයට ලක් වූ අතර විනාඩි කිහිපයකින් MI 8 යානා පනහක් පමණ ඒ ඉදිරිපිට ගොඩ බස්සවන ලැබුවා. යානා වලින් බැසගත් සෙබළු කලින් ගුවන් ප්‍රහාරයන්ට ලක්වු බවක් නොපෙන්නූ එම කදවුරු ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරන ලදී අතර විනාඩි දා හතක් තුල සම්පූර්ණ කදවුරම තමා යටතට ගැනීමට සමත් වුණා. කදවුර තුල සිටි ආරක්ෂකයන් දෙදෙනා වෙඩි පහරවල් වලට ගොදුරු වී සිටින අතර කදවුර තුල අවි ආයුධ වෙනුවට තාර බැරල් ගොඩගසා ඇතිබව රතු හමුදා භටයින් දුටු අතර හදිසියේ අවදි වු පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඔවුන් කිලෝමීටර් දොළහක් ඉරනය තුල සිටින බවත් වහාම සියළු කටයුතු නවතා පසුබසින ලෙස නිරීක්ෂණ යානයේ ජනරාල්වරයා අණදෙනු ලැබුවා. නමුත් මේවන විට ගොඩ බා තිබූ MI6 යානා අනෙත් යානා වෙත නැවත ඉන්දන පිරවීම ආරම්භ කර තිබූ බැවින් කටයුතු මදක් ප්‍රමාද වූ අතර හදිසියේ ගිගරුම් හඩින් අහස වැසී ගියා. ඉරාන F4 යානා දෙකක් මේ වෙන්නේ කුමක්ද සොයා බැලීමට පැමිණි අතර නැවත හරවා පැමින සෝවියට් හමුදා වෙත sidewinder missile ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. එක් මිසයිලයක් බිම් වැදී පුපුරාගිය අතර අනෙක් මිසයිලය බිම වැදී නතර වුනා. පසුව පැමිණි තවත් F4 pantham යානා දෙකක් හෙලිකොප්ටර් යානා වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කල අතර එක් MI 8 යානයක් විනාශ වී තවත් යානා කිහිපයකට හානි සිදුවී තිබුණා. මෙම කාලය තුළ සෝවියට් මිග් යානා F4, යානා ඉලක්ක ගතකරගෙන සිටියත් පහරදීමට අවසරලබාදීම ජනරාල්වරයා විසින් සිදුකලේ නැහැ. මේ අතර තුල සෝවියට් හෙලිකොප්ටර් යානා නැවත පිටත් වීම් ඇරබූ අතර අවසන් පිටත්විය හැකි යානා පිටත්වන විට ඉරාන යුද්ධ ටැංකි ප්‍රදේශය වටකර ගෙන තිබුනා. ඒ අතර තවත් සෝවියට් හමුදා ඛණ්ඩයක් පයින් ගමන් ඇරබූ අතර පැය පහකට පමණ පසු ඔවුන් රබත් ජලී කදවුරු ප්‍රදේශයට රැස් වුනා. එවනවිට සියළුම සෝවියට් හමුදා එම ප්‍රදේශයට එක්වී තිබූ අතර දෙකයි තිහට පමණ නැවත SU 17 යානා තවත් ගුවන් ප්‍රහාරයක් එල්ල කල අතර එක් සමග රතු හමුදා කල ප්‍රහාරයකින් පසු සවස හත්වන විට සම්පුර්ණ කදවුරු සංකීර්ණයම විනාශ කිරීමට රතු හමුදාවට හැකි උනා. නමුත් ඒ වනවිට මුදහජීන් වරු තම හමුදා මෙන්ම ආයුධ එම ප්‍රදේශයෙන් ඉවත් කරගෙන තිබුනා. කිසිදු manpad missile සොයාගැනීමට සෝවියට් හමුදා අසමත් වුනා.
ඉරාන F4 phantom යානා
රාති හතයි තිහට පමණ සෝවියට් හමුදා එම ප්‍රදේශයෙන් ඉවත් වීම ඇරබූ අතර එම අවස්ථාවේදී එක් MI8 යානයක් පෙරලී ගිය අතර ගුවන් යානා කාර්මිකයෙකුට දොර ඇර ගැනිමට හෑකි වීම නිසා සියලුම දෙනා නිරුපද්‍රිතව ඉවත් කරනු ලබනවා. මේ රට වටේ දිවීම නිසා ඉන්දන අවසන් වෙමින් පැවති හෙලිකොප්ටර් යානා සදහා ඉන්දන රැගත් MI6 යානා කිහිපයක් කන්දහාර් වලින් පිටත් වන අතර එක් යානයක් මුදහජීන් වරුන්ගේ ප්‍රහාරයකට ලක්ව කඩා වැටෙනවා. ගුවන් යානයක නිරුපද්‍රිතව ගොඩ බා ගැනීමට නියමුවන් සමත් උවත් ප්‍රහාර හමුවේ අබලන්ව තිබූ යානය විනාශ කිරීමට සෝවියට් හමුදාවට සිදු වනවා.
ඉතා සාර්ථකව සැලසුම් කරන ලද operation south මෙහෙයුම මේ ආකාරයෙන් රුවිතෙට යන අතර හෙලිකොප්ටර් යානා තුනක් පමණක් විනාශ කර ගනිමින් මෙලෙස නිමා වන අතර සෝවියට් දේශය ඉරානයෙන් මේ සිදුවීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන අතර මියගිය ආරක්ශ්‍රක නිලධාරින් දෙදෙනා වෙනුවෙන් ගෙවීමක් සිදු කල බවට සදහන් වෙනවා.

Attachments
Last edited: