Sea Shanties

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,070
    13,308
    113
    ඒ පැල් කවි පාරු කවි තිබ්බට සිංහල මේ වාගෙ මුහුදු යනකොට කියන කවි සිංදු අහලා නෑ නේද? එක්කො සුද්දා අවුරුදු හාරපන්සීයක් අපේ මුහුදුයෑමට කෙලපු හින්දා වල ගිහින්ද?
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major
    හම්බන්තොටින් ඇදලා රුවල විගසිනේ
    නියඳ කුපත කොල්ලෑවට තබා-ගෙනේ
    වලවේ මෝදර ද ඉබ්බාගල නො පෙනේ
    වටගල බලබලා දුවපන්න දියඹිනේ

    වාරයා වාරකන් මයි බහින්නේ
    හරහයා උතුරුකන් මයි බහින්නේ
    මාරියා ගෙඩිය පස්සේ දුවන්නේ
    ලිහිණියා කඩුල්ලෙන් තංගලු යන්නේ

    දුවනවා මතුරෙ මෙ පමණ මේ සෙව්වේ
    සොයනවා සොඳට විපරම් කෙරෙව්වේ
    දැනෙනවා පමණ යන්තම් ඔය තැනුවේ
    පෙනෙනවා ඔන්න රුව නිල්වැලි තුඩුවේ

    අපිත් දුවමු මහ රුවල ම උඩ ඇදලා
    ගන්දර නො පෙනී යන කල පපුව උණු-වෙලා
    වල්දූගලත් එනව ලු අපට කිට්ටු වෙලා
    දෙබැගලට කිට්ටු ද සකි පස්ස ගලා

    ඔන්න බලපාන් ඉර පායන තානේ
    තලා දිදී එන සුළඟකි එම ගානේ
    වලාහක දෙවිඳු හෙළි කළ සඳපානේ
    බලා දුවපන්න අන්දම තඹානේ2

    ගොඩින් වලස්සුත් ඇත ගල් ගෙවල් වල
    ගොඩින් සොඳ වතුර ඇත වැවු පොකුණු වල
    වටින් කුපත් ඇත එහි මැද වරාගල
    මැදින් සොඳ වරායේ3 අරගන් රුවල

    කතරගම දෙවිඳු කන්දස් සුවාමිනේ
    ඔරුව රුවල රත්තරනෙන් තනාගෙනේ
    කුඹ ද පරුමාණ රිදියෙන් සදා-ගෙනේ
    ඇහැළ මහට එඤඤයි ඉස තබාගෙනේ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,310
    6,818
    113
    East Blue (Goa Kingdom)
    ගාල්ලේ උන් ත්‍රස්තවාදියෝ ගාල්ලේ original town එක කුඩු කරලා හදපු ජරා කොටුව ගාල්ලේ අභිමානය කියද්දී , මුහුදු යන උන් කියපු සින්දු කොහේ ඉතුරු වෙන්නද .

    අනිවාර්යෙන් ධීවරයෝ කියපු කවි වලට වඩා නැව් වල උන් කියපු සිංහල කවි වෙනස් ඇති .
    තාලෙත් මුහුදේ රැල්ලේ beat එකට ඇති

    බබූත අපූ කාලේ ගාල්ල තිබිල තියෙන්නේ ලොකු town එකක් trading කරන hub එකක් .