Sebala Puthu (සෙබළ පුතු) Bathiya & Santhush feat Dhanith Sri

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    Sebala Puthu (සෙබළ පුතු) Bathiya & Santhush feat Dhanith Sri

    Sebala Puthu (සෙබළ පුතු) Bathiya & Santhush feat. Dhanith Sri



    නැති වුවත් මව්බිමේ අඟලක් තමන්ගේ යැයි කීමට
    නුඹයි හැම බිම් අඟලක්ම නිදහස් කලේ ලක් මෑණිට
    ජීවිතේ හැම මිහිරි දේවල් අහිමි වූවත් ඔබ හට
    දිවි පරදු කොට සටන් කෙරුවේ ලක් මවුන් රැක ගැනුමට...

    රට නසන්නට සතුරු කැල අවි දරා ආවිට දස දෙසින්
    අප පුතුන් ඉදිරියට ආවේ මවු බිමට ඇති සෙනෙහසින්
    කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්ධයේ සෙන්පතිවරුන්
    රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන් ...

    දශක ගණනක් අපේ මිනිසුන් විඳි අපා දුක් යුධ බියෙන්
    තුරන් කල ඔබ සදා නොමියෙන අපේ විරුවෙකි හදවතින්
    ඉදිරි දිවියම ඇඳට වී ඔබ ගත කළත් අප හඬවමින්
    වැය කලේ ඔබ ඔබේ අද දින අපේ හෙට දින සුරකිමින්...

    සෙනෙවියන් සෙන්පතිවරුන් යුද මෙහෙයවුවත් අණදෙමින්
    නොහැක මේ නිදහස ලබන්නට නොහිටියානම් මේ පුතුන්
    කැප කලේ මුළු තරුණ දිවියම දෙ ඇස් ඇත් පා දන් දෙමින්
    සෙබල පුත නුඹ වැදූ මව වෙනු ඇතිය මෙපිනින් මතු බුදුන්...
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කොතෙක් සිටියද මෙහෙයවන්නට යුද්ධයේ සෙන්පතිවරුන්
    රටට ණය නැති සෙබල පුත නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන් ..
    .

    Class 1 සෙන්පතියෙක් වෙච්ච කමල් ගුණරත්නගෙ වචන :love: