ඊයෙ මම කාගිල්ස් එකේ සොසේජස් ගන්න යද්දි ෆ්‍රිජ් එක ඇතුලෙ මොකෙක්ද ඉන්නවා කියලා මට දැනුනා, මම එක පාරටම කැගහන්න ගියත් මට මායවක් පේනවාද කියලා හිතෙන නිසා මම කාටවත් කිව්වෙ නැ,
ඒත් මට සොසේජස් ගන්න උවමනාව තිබ්බ නිසා මම ආයෙත් දොර ඇරියා, ඒත් මම දැකපු දෙයින් මට මගේ ඇස් අදහගන්න බැරි උනා, ඇත්තටම එක සතෙක් විතරක් නෙමෙයි තවන් උන් ඇතුලෙ ඉන්නවා කියලා මට තේරුනා.
කෝකටත් කියලා ලග තිබ්බ රැක් එකෙන් කිරි හට්ටියක් අතට ගත්තෙ මට අනතුරක් කරන්න ආවොත් මගේ ආරක්ශාව මමම බලාගන්න.
හිතේ බයක් තිබුනත් මම ඇතුලට අත දැම්මා සතා ලගටම. සතා ගැන වැඩියෙන්ම බය හිතෙන දේ උනේ ඒක හරියටමට සිංහල හොල්මන් කතාවක වගේ ඔලුව නැති සතෙක් එකක් නිසයි;
මම ඕන දෙයක් වෙනන් කියලා ඒ සතාලගට අත දානකොටම,,, මගේ ලග හිටපු කෙනා වීරයෙක් වගේ සතාව උගේ පිටිපස්සෙන් අල්ලලා කූඩුවකට දාගත්තා,,
මට හිතාගන්න බැරි උනා ඒ මනුස්සයගෙ නිර්භීත කම... ඒත් කාගීල්ස් එක ඇතුලෙ ඒ වගෙ සතෙක් ඉන්න එක ගැන මට එක අතකින් කලකිරීමකුත් හිතුනා.
කොහොම හරි ඒ උන හැම දෙයක්ම ගැන හිත හිත කැශියර් එකේ හිටපු කැල්ලට හැමදාම වගේ හිනාවක් දානගමන් මමගත්ත සොසේජස් පැකට් එක මේසෙ උඩින් තියෙනකොට තමයි මට කේස් එක තෙරුනෙ,
මම සොසේජස් කියලා අරන් ඇවිත් තිබුනෙ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පැකට් එකක්, මම ඒක අතේ තියාගෙනත් ගොඩාක් වෙලා කල්පනා කරා මෙච්චර පොඩි සොසේජස් ගොඩක් මොනා කරන්නද, අද සොසේජස් වල පාටත් වෙනස් නේද කියලා.
දැන් කරන්න දෙයක් නැති නිසා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පැකට් එකට ගෙවලා, වෙන කඩේකින් සොසේජස් ගන්නවා කියලා හිතාගත්තෙ හවස ගහපු KG පාර තාමත් වැඩ කරනවා කියලා,
ඒත් එක්කම මට දැනුනා අර සතා අල්ලගත්ත මිනිහා මගේ පස්සෙ ඉන්නවා කියලා, හිතෙ තැතිගැන්මක් තිබ්බත් ඕන දෙයක් කියලා පස්ස හැරෙනවාත් එක්කම මම උගේ අතේ තිබ්බ කූඩුව දිහත් බැලුවා.
මිනිහගෙ කූඩුව කියලා මම දැකලා තියෙන්නෙ මිනිහගෙ shopping cart එක, සතෙක් වගේ දැකලා තියෙන්න සුද්ද කරපු whole chicken පැකට් එකක්, පොඩ්ඩක් මොලේ තිබ්බ නිසා කැගැහුවෙ නැ, කැගැහුවා නම් වස නෝන්ඩිය.
සොසේජස් ගන්න ගියත් අරන් ආවෙ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පැකට් එකයි කිරි හට්ටියයි. අන්තිමට සොසේජස් ගන්න සල්ලිත් නැ බැංකුවට පහලට යන්නත් බැ, අතෙ ඉතුරු වෙලා තිබ්බ රුපියල් පනහෙ තව ගෝල්ලිෆ් එකක් ගහලාඅ ගෙදර ආවා.