ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා විකිණීම ගැන ක්‍රියාමාර්ග ගන්නවා – රාජ්‍ය අමාත්‍ය අලගියවන්න
ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛතම වෙබ් අඩවියක අලෙවි කෙරේ.
අමෙරිකානු ඩොලර් 12කට පාපිස්නාවක් අලෙවි කිරීමට තබා ඇති අතර එහි නැව් ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 9ක මුදලක් සටහන් කර තිබේ.
ඊට අමතරව ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාවහන් යුගලක් අමෙරිකානු ඩොලර් 20ක මුදලකට අලෙවි කිරීමට තබා ඇති අතර ඒ සඳහා නැව් ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 10ක මුදලක් සටහන් කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,
“මේ පිළිබඳව ප්‍රථමයෙන්ම අපේ කණගාටුව පළ කරනවා. අද උදේ මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබුණා. ඒ අනුව අපේ රට තුළ එවැනි දෙයක් සිද්ද වෙනවා නම්, ඍජුවම එයට මැදිහත් වෙලා විනයානුකූල ක්‍රියාමාර්ග අරගෙන අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම ජාත්‍යන්තරව ඒ වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේ දී ලෝකයේ රටවල් ගණනාවක කොඩිය පාපිස්නාවක යොදා අලෙවි කර ඇති බව දැනගන්න ලැබුණා.
අනෙක් රටවල්වල එහෙම ඉඩ ලබාදුන්නත් අපි සුදානම් නෑ අපේ ජාතික කොඩිය කුමන හෝ රටක එවැනි පාපිස්නයක භාවිත කරනවා නම් ඒ සම්බන්ධයෙන් විදෙස් අමාත්‍යාංශය හා තානාපති මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ සංවිධාන සමග ඉතා කඩිනමින් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.“
ශ්‍රී ලංකාවේ ජාතික ධජය පාපිස්නාවක් ලෙසින් දැක්වෙන වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන්, චීනයේ අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කර ගන්නා ලෙසට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, ඒ පිළිබඳව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අවධානයද යොමු කර තිබේ. එමෙන්ම, ඇමසෝන් හි වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මෙම කාරණය පිළිබඳ පසු විපරමක් සිදු කරන ලෙසට වොෂිංටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද උපදෙස් දී තිබේ