Serious ප්‍රශ්ණ: Engine oil filter

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,918
    6,809
    113
    39
    Galle
    oil filter එක අපි service එකේදී මාරු කරනවනේ. oil filter ekakin කොච්චර milage එකක් දුවන්න් පුලුවන්ද? මොකද mineral දැම්මත් semi-synthetic දැම්මත් fully synthetic දැම්මත් දාන්නේ එකම oil filter එකනේ.
    20000km විතර දුවන්න පුලුවන්ද?
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,315
    3,882
    113
    සාමාන්‍යයෙන් ඔයිල් මාරු කරන හැම සර්විස් එකකදිම මාරු කරනවා. මැනුෆැක්චරර් රෙකමන්ඩ් කාලසීමාවෙදි මාරු කලහම ඇති. මම දැකලා තියනවා සමහරු ඔයිල් ෆිල්ටර් කපලා පෙන්වලා කියනවා මේවා තව දුවන්න පුලුවන් කියලා. ඒත් ඉතින් පිටින් ඕක දිහා බලලා අපිට නිගමනයකට එන්න පුලුවන් ද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,101
    1
    157,720
    113
    98
    කෑගල්ල
    ජෙනුයින් එකක් නන් කිමි 20-30 දාහක් අල්ලල ඉදීවි. ඊට පස්සෙ බ්ලොක් වෙලා, කෑලි කැඩි කැඩි යන්න ගන්නව.

    කව්ද ඕව එහෙම ටෙස්ට් කරන්න යන්නෙ? ඇහැට පේන්නෙ නෑනෙ සැරින් සැරෙ බලන්න.

    කල් යන්න යන්න , ෆිල්ටර් එක බ්ලොක් වෙනව. ඊලගට ෆිල්ටර් නොවෙච්ච තෙල් ඇන්ජිම පුරාම කරකැවෙනව.

    ටිවී එස් ඔරිජින්ල් එකක් එක පාරක් අමතක වෙලා, 7500ක් දිව්ව. මුකුත් වෙලා තිබ්බෙ නෑ. අඩු ගානෙ ෆින්ස් ඇද වෙලාවත් තිබ්බෙ නෑ.
     
    Last edited: