පවුලක සංවර්ධනය උදෙසා මෙන්ම සුරක්ෂිත භාවය සඳහා අඹු සැමි සුහදතාවය මෙන්ම ඔවුන්ගේ නිරෝගී බවද ඉතාම වැදගත් වෙනවා. මේ උදෙසා ඔවුනොවුන්ගේ ලිංගික කටයුතු වලින් ලබා දෙන්නේ මහගු ශක්තියක්.
මිනිසාට ඕනෑම අවස්ථාවක ලිංගිකව එක්වීමේ අවස්ථාව තිබෙනවා. එමෙන්ම එක් ලිංගික එක්වීමකින් පසු නැවත ඉතාම කෙටි කාලයකින් තවත් වරක් ලිංගිකව එක්වීමේ අවශ්‍යතාව මිනිසාට ඇති වෙනවා. මිනිසුන් ලිංගිකව එක්වන්නේ තම වර්ගයා බෝ කිරීම සඳහා පමණක්ම නොවෙයි.
තම සහකරු හෝ සහකාරිය සමඟ පවතින ආදර බැදීම දිගුකාලීනව පවත්වාගෙන යාමට ලිංගික එක්වීම වැදගත් කාරණයක් වෙනවා. ක්ෂීරපායී සතුන් අතරින් මිනිසා සහ වානර කුලයට අයත් සත්වයන් විශේෂ කිහිපයක් හැරෙන්නට අනෙක් සියලුම සතුන් ලිංගිකව එක්වන්නේ තම වර්ගයා බෝ කිරීම සඳහාම පමණයි.
එහෙත් සමහර සතුන්ගේ ලිංගික ක්‍රියාවලිය යම් කාලකට සීමා වනවා. විශේෂයෙන්ම නැතිනම් ස්ත්‍රී හෝමෝනවල ස්රාවයේ ඉවට ලිංගික කටයුතු සිදු කරන සතුන්ද අප අතර සිටිනවා. කොහොම වුණත් මිනිසුන් ලිංගිකව එක්වන අවස්ථාවකදී සිදුවන කථාබහ, සිප වැළඳ ගැනීම් මෙන්ම චර්යා රටාවන්ද ඔවුන්ගේ ජීවිතය නැවුම්ව තබාගන්නට හේතු වෙනවා.
බොහෝ රෝගාබාධ සුව වීමටද ලිංගික කටයුතු හේතුවන බව නවතම පරීක්ෂණ මඟින්ද තහවුරු කර තිබෙනවා. ලිංගික ක්‍රියාවලිය මඟින් තම වර්ගයා බෝ කිරීම සඳහාම ප්‍රමුඛතාව ලබා දුන්නද කල්ගතවත්දී ලිංගික තෘප්තිය සහ ආදරය සඳහා ලිංගික එක්වීම සිදුවන බව පැහැදිලි කරුණක් වෙනවා.
මිනිසාගේ ලිංගික ජීවිතය පවුලේ සාමයට, සතුටට, දරුවන් හදා වඩා ගැනීමට බෙහෙවින් ඉවහල් වන්නේ අපේ සමාජ සබඳතාද බොහෝ සෙයින් වර්ධනය වීමට අවකාශ සලසමිනුයි.
කෙසේ වූවත් වර්තමානයේ ආසාර්ථක පවුල් ජීවිත රැසකට මූලිකම හේතුව, අසාර්ථක ලිංගික සබඳතාවයන් බව ඉතාම පැහැදිලි කරුණක් වෙනවා.
මෙහිදී ලිංගික ජීවිතයේ තෘප්තිය දෙදෙනාම බලාපොරොත්තු වන කරුණක් නිසා යම් කෙනෙකුගේ අඩුවක් ඇත්නම් එය පවුල් ජීවිතයට හානියක් නොවන අයුරින් විසඳා ගැනීම දෙදෙනාගේම වගකීමක් වෙනවා. අසාර්ථක ලිංගික සබඳතාවයන් අසාර්ථක පවුල් ජීවිතයකට හේතුවක් වන්නේ ඒ නිසයි.
උපුටා ගැනීම - www.her.lk