NeoStar

Banned
Jan 10, 2015
157
47
0
සම්හෝග සුවයෙන් ශරීරය සුවපත්වන බව පර්යේෂකයින් හෙළි කරයි

980185-1_l.jpg


ලිංගිකව එක්වීම නැතහොත් සම්හෝග සුව විඳිම යනු තම සහකරු හෝ සහකාරිය සමග පවතින ආදරය සතුට වැඩි කිරීමට ඉවහල්වන උත්තේජතයක් බව කවුරුත් දන්නා රහසකි. එසේම එමගින් ශරීරයට ලැබෙන යහපත් ප්‍රතිලාභයන් බොහෝ වන බව විදේශිය පර්යේෂකයින් කණ්ඩායමක් සිය පර්යේෂණ මගින් සනාථ කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ඔවුන්ගේ නිගමනයන් මගින් යම් පුද්ගලයෙකු සිය සහකරු හෝ සහකාරිය සමඟ ලිහිල් මානසිකත්වයකින් ලිංගිකව එක්වීම මගින් තම ශරීරය වඩා සෞඛය සම්පන්න නිරෝගී එකක් බවට පරිවර්තනය කර ගත හැකි බව පෙන්වා දෙයි.

එසේම එම පර්යේෂකයින් ලිංගිකව එක්වීම මගින් පුද්ගල ජිවිතයට අත්වන ප්‍රතිලාභයන් කිහිපයක් වැඩිදුරටත් පෙන්වා දී ඇත.


හෘදයාබාධ අවදානම අඩු කරයි

හොඳ ලිංගික ක්‍රියාකාරකම් ඔබගේ හෘදයට ඉතා යහපත්ය. එය හෘද ස්පන්දන වේගය පාලනය කරන අතර දේහයේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් මට්ටමද පාලනය කරනු ලබනවා. මෙය දේහයට ඉතා වැදහත්ය. එක් හෝමෝනයක් හෝ අඩු වීම ඔස්ටියෝපොරොසීස්, විවිධ හෘද රෝග වැනි ගැටලුකාරී තත්ත්වය ඇතිවීමට හේතු විය හැක.

ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රියාකාරීව පත්වා ගැනීමට උපකාරී වීම.

සතියකට වරක් හෝ දෙවරක් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගයන්ගේ ශරීරය තුළ ප්‍රතිශක්තිකරණය ඉතා හොඳින් සිදුවන බව එනම් දේහය තුළ විෂ බීජවලට එරෙහිව ක්‍රියාකිරීමේ ශක්තිය වෛරසවලට ග්‍රහණය නොවීමේ හැකියාව වැනි ලක්ෂණ හොඳින් වර්ධනය වන බව පර්යේෂකයන් පවසනවා.

මානසික ආතතිය අවම වීම

තම සහකරු සමග ළඟින් ඇසුරු කිරීම කාන්සිය, මානසික ගැටලු සංහිඳවයි. සිප වැළඳ ගැනීම් මගින් දේහය සැහැල්ලු කර හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩිකරවීමට හැකියාවක් ඇත. එමගින් මොළයේ ස්නායු උත්තේජනය කරවා දේහයට ප්‍රියමනාප ආවේග ලබාදේ. එයින් මානසික ආතතිය දුරු කරවයි. එමෙන්ම පිලිකා අවදානම අඩු කිරීම, දරා ගැනීමේ හැකියා දියුණු වීම වැනි ප්‍රතිලාභ රැසක් දේහයට ලබාදෙනු ලබයි.

රුධිර පීඩනය පාලනය

පර්යේෂකයන් පවසන ආකාරයට ලිංගික ක්‍රියාකාරකම් හා රුධිර සංසරණය අතර මනා සබඳතාවක් පවතී. එමගින් අධිරුධිර පීඩනය අඩු කරවා රුධිර පීඩනය සමනය කරයි.

දේහ ව්‍යායාම

ලිංගික ක්‍රියාකාරකම් යන ව්‍යායාමවල වැදගත් කොටසකි.එය ට්‍රෙඩ් මිල් එකක තරම් නොවුණත් ඒ හා සමාන ව්‍යායාමක් දේහයට ලබාදෙන බවයි පර්යේෂකයන් පවසන්නේ. මෙමගින් දේහ උෂ්ණත්වය වැඩි කරන අතර විවිධ මාංශපේෂි ක්‍රියා කරවයි. ලිංගික ක්‍රියාකාරකම් මගින් මිනිත්තුවකට කැලරි 5ක් දහනය කරනු ලබනවා.
 
Last edited:

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    ekaney machan...lankawe unn okkoma bohoma kamaththakdakkala....google search ekay api SEX search karala number 1 wela thiyenne. koheda...apey lokkonta oka therenewai...api may try karanne lokayma most Healthier minissu wenna.....!!!