Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sex 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි කලිං ලිපියේ කිව්වනේ බොහොමයක් සෛලවල තියෙන වර්ණදේහ ගැන.ඉතිං මේ වර්ණදේහ 46 පුද්ගලයෙක්ට ලැබෙන්නේ ඒ පුද්ගලයාගේ මවගෙන් සහ ජීවවිද්‍යාත්මක පියාගෙන් කියන දෙන්නගෙන්ම.අම්මගෙන් 23කුත් තාත්තගෙන් 23කුත් විදිහට ලැබෙන මේ වර්ණදේහ යුගල් ඒ කියන්නේ දෙකේ ගොඩවල් 23ක් විදිහට සළකන්ඩ පුළුවං.මේ යුගල් 23න් 22ක් සාමාන්‍ය ශරීරයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය යාමනය කරන්ඩ දායක වෙද්දි එක යුගලක් පුද්ගලයාගේ ලිංගය තීරණය කරන්ඩ දායක වෙනවා.ඒ යුගලට කියන්නේ ලිංග වර්ණදේහ කියලා.

ලිංග වර්ණදේහ ජාති දෙකක් තියෙනවා.X වර්ණදේහ සහ Y වර්ණදේහ කියලා.ගැහැනු අයගේ මේ ලිංග වර්ණදේහ යුගලම X වර්ණදේහ.පිරිමි අයගේ ලිංග වර්ණදේහ යුගලෙන් එකක් X වර්ණදේහයක්.අනික Y වර්ණදේහයක්.

අම්මගෙන් වර්ණදේහ 23කුත් තාත්තගෙන් වර්ණදේහ 23කුත් ලැබිච්ච හින්දා තමයි දරුවන්ට අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ලක්ෂණ තියෙන්නේ.ඔන්න 'අපිනං අපේ තාත්තා වගේ නෙමෙයිනෙ' කියලා කොමෙන්ට් දාන්ඩ එපා.පොඩ්ඩක් වටේ පිටේ ගෙවල්වල ඇවිදලා බලන්ඩ ඈ.

ඉතිං දැං මේ විදිහට වර්ණදේහ කළවං කරලා ළමයෙක් හදන්ඩනං ඉස්සෙල්ලාම වර්ණදේහ 23ක් තියෙන සෛලයක් හදාගන්ඩ ඕනෙ.ඊට පස්සේ අනිත් එක්කෙනාගෙත් එහෙම වර්ණදේහ 23ක් තියෙන සෛලයක් එක්ක මේක එකතු කරලා වර්ණදේහ 46ක් තියෙන සෛලයක් හදාගන්ඩ විදිහක් තියෙන්ඩ ඕනෙනෙ.අන්න ඒකට තමයි ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක පද්ධති හැදිලා තියෙන්නේ.ඒ කියන්නේ පිරිමින්ගේ වෘෂණවලදිත් ගැහැනුන්ගේ ඩිම්බකෝෂවලදිත් වර්ණදේහ 46ක් තියෙන සෛල බෙදීමට ලක්කරලා වර්ණදේහ 23ක් තියෙන සෛල හදනවා.

ඊට පස්සේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ තියෙන අනිකුත් නාල, ග්‍රන්ථි සහ ශිෂ්ණය කියන කොටස් වෘෂණ ඇතුලේ හදපු ඒ වර්ණදේහ 23ක් අඩංගු ශුක්‍රාණුව ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ලබා දෙන්ඩ කටයුතු කරනවා.එතකොට ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ තියෙන යෝනි මාර්ගය ගර්භාෂය සහ පැලෝපීය නාල මේ ශුක්‍රාණුව ඩිම්බය කරා ගෙනියන්ඩ දායක වෙනවා.

ඩිම්බයක් සහ ශුක්‍රාණුව එකට එකතු වීම හෙවත් සංසේචනයෙන් පස්සේ වර්ධනය වෙන කළලය පොඩි කොලු පැටියෙක් හරි කෙලි පැටියෙක් හරි වෙනකන් ලොකුමහත් කරන්නේ ගර්භාශය ඇතුලේ.සති 40කට පස්සේ පොඩි එකා අම්මගේ යෝනි මාර්ගය හරහා එළියට ඇවිල්ලා කිරි ඉල්ලලා අඬන්ඩ ගන්නවා.ඔන්න ඔහොමයි වෙන්නේ ඈ.නැතුව කොකෙක් ඇවිත් ගෙදර දුම් බටෙන් පොඩි එකෙක්ව ගේ ඇතුලට දානවා එහෙම නෙමෙයි.

ඔහොම කිව්වට ඕක ඔහොම ලේසියට වෙන්නෙ නෑ.ඒකට ඉතිං ඒ ඒ ප්‍රජනක පද්ධති විස්තර කරලම කියන්ඩ එපායෑ.පොඩි කාලේ ඉඳං දැකලා තියෙන හින්දා ඉස් ඉස්සෙල්ලම විශිෂ්ඨම ප්‍රජනක පද්ධතිය ඒ කියන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැන කියන්නං.

පුරුෂ ප්‍රජනක පද්ධතිය ගත්තම වැඩි කොටසක් තියෙන්නේ ශරීරයෙන් බාහිරට වර්ධනය වෙලානේ.ඒකේ ප්‍රධාන වශයෙන් කොටස් කීපයක් නම් කරන්ඩ පුළුවන්.

# වෘෂණ

# වෘෂණ කෝෂය

# අපිවෘෂණ

# ශුක්‍ර නාළ

# පුරස්ථිති ග්‍රන්ථිය

# කූපර් ග්‍රන්ථි

# මුත්‍ර මාර්ගය

# ශිෂ්ණය

වෘෂණ

වෘෂණ තියෙන්නේ යුගලක් ඒ කියන්නේ දෙකක් විදිහට.මේවා තියෙන්නේ වෘෂණ කෝෂය කියන සමෙන් නිර්මාණය වුනු ව්‍යුහය ඇතුලේ ශරීරයෙන් පිටතට එල්ලෙන විදිහට.මේ වෘෂණ දෙකෙන් එකක් සාමාන්‍යයෙන් අනිත් එකට වඩා පහලින් තියෙන්නේ මේ නිසා ඇවිදීමේදී එකිනෙක ගැටීමෙන් ඇතිවන අපහසුව අවම වෙලා තියෙනවා.පුංචි කොලු පැටියෙක් අම්මගෙ බඩේ ඉද්දී උගේ වෘෂණ දෙක හැදෙන්නේ උගේ බඩ ඇතුලේ.පොඩි එකා බඩ ඇතුලේ ඉන්න සති 40න් 33වෙනි සතිය විතර වෙද්දි සාමාන්‍යයෙන් මේ වෘෂණ දෙක බඩ ඇතුලේ ඉඳං එළියේ තියෙන වෘෂණ කෝෂයට එනවා.සමහර අයගේ මෙහෙම බඩේ ඉඳං එන වෘෂණ ඔන්නොහේ එන්ඩ බෑ කියලා බඩ ඇතුලෙම නවතිනවා.සමහර අයගේ බඩේ ඉඳං වෘෂණ කෝෂයට එන පාර මැද හරියකදි නවතිනවා.සමහරුංගේ පහලටම එන වෘෂණ පාර වැරදිලා වෘෂණ කෝෂයට නොගිහිං කකුලේ කළවා ප්‍රදේශයට ගමන් කරනවා.සැත්කමකින් මේවා නිවැරදි කරගන්ඩ පුළුවං.

වෘෂණ ශරීරයෙන් එළියේ මල්ලක දාලා එල්ලලා තියෙන්නේ ඒවයේ ශුක්‍රාණු හැදෙන්ඩ තරමක අඩු උෂ්ණත්වයක් අවශ්‍ය හින්දයි.ඒක හින්දා රස්නේ වැඩි වෙලාවට වෘෂණ දාලා තියෙන මල්ල බුරුල් වෙලා මේවා තරමක් ඇඟෙන් ඈත් වෙලා ඉන්නවා.ඒ වගේම තමයි තද සීතලත් හොඳ නැති හින්දා හොඳටම සීත වෙලාවට වෘෂණ දෙක ඇඟට බොහොම කිට්ටු වෙන විදිහට වෘෂණ කෝෂ හොඳටම හැකිලෙනවා.මේ උෂ්ණත්ව යාමනයටම තමයි පිරිමි අය වාඩි වෙද්දි කකුල් දෙක ඈත් කරලා වාඩි වෙන්නේ.

හැබැයි කට්ටිය තද යට ඇඳුම් ඇන්දම, නයිලෝන් යට ඇඳුම් ඇන්දම වෘෂණවල උෂ්ණත්වය අඩු කරගන්ඩ බැරි වෙනවා.එතකොට ඒ අයගේ ශුක්‍රාණු හැදෙන එක අඩුවෙනවා.අනික නිතරම තද උණු වතුරෙන් නාන එකත් හොඳ නෑ කියලා තමයි කියන්නේ.ඒ වගේම ලැප්ටොප් එක උකුල උඩ තියං පාවිච්චි කරනවනං ඒකත් හොඳ නෑ.මොකද ලැප්ටොප් එක උකුළ උඩ තියාගන්ඩනං කකුල් දෙක ටිකක් ළං කරලා තියාගන්ඩ ඕනෙ වගේම ලැප්ටොප් එක රත් වෙද්දි ඒ උෂ්ණත්වයත් වෘෂණවලට බලපානවනේ.

නිකං මොකටද ඉල්ලං මාමයිට් ගාගන්නේ කියලා හැකි හැම වෙලාවෙම නිදහසේ එල්ලෙන්ඩ දීලා සිවිල් පිට හිටියම හරිනේ.

වෘෂණ ඇතුලේ තියෙන්නේ ඉතා කුඩා නාළ පද්ධතියක්.ඒ කියන්නේ පුංචිම පුංචි බට සෙට් එකක්.මේවා ඇතුලේ තමයි ශුක්‍රාණු හැදෙන්නේ.වෘෂණවල තියෙන මේ බටවල දිග එකතු කරලා බැලුවොත් මීටර් 250ක් විතර වෙනවා කියලා තමයි කියන්නේ.

වෘෂණ බඩේ ඉඳං වෘෂණ කෝෂයට ආපු මාර්ගය සාමාන්‍යයෙන් වැහිලා යනවා.සමහරුන්ගේ මේ පාර වැහිච්ච එක දුර්වල උනොත් ඒ පාර දිගේ බඩවැල් ඇවිල්ලා හර්නියා තත්වයක් එන්ඩත් පුළුවං.

[QUOTE="diwarathne, post: 19930738, member: 554526"] [SIZE="5"][B] හරි කලිං ලිපියේ කිව්වනේ බොහොමයක් සෛලවල තියෙන වර්ණදේහ ගැන.ඉතිං මේ වර්ණදේහ 46 පුද්ගලයෙක්ට ලැබෙන්නේ ඒ පුද්ගලයාගේ මවගෙන් සහ ජීවවිද්‍යාත්මක පියාගෙන් කියන දෙන්නගෙන්ම.අම්මගෙන් 23කුත් තාත්තගෙන් 23කුත් විදිහට ලැබෙන මේ වර්ණදේහ යුගල් ඒ කියන්නේ දෙකේ ගොඩවල් 23ක් විදිහට සළකන්ඩ පුළුවං.මේ යුගල් 23න් 22ක් සාමාන්‍ය ශරීරයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය යාමනය කරන්ඩ දායක වෙද්දි එක යුගලක් පුද්ගලයාගේ ලිංගය තීරණය කරන්ඩ දායක වෙනවා.ඒ යුගලට කියන්නේ ලිංග වර්ණදේහ කියලා. ලිංග වර්ණදේහ ජාති දෙකක් තියෙනවා.X වර්ණදේහ සහ Y වර්ණදේහ කියලා.ගැහැනු අයගේ මේ ලිංග වර්ණදේහ යුගලම X වර්ණදේහ.පිරිමි අයගේ ලිංග වර්ණදේහ යුගලෙන් එකක් X වර්ණදේහයක්.අනික Y වර්ණදේහයක්. අම්මගෙන් වර්ණදේහ 23කුත් තාත්තගෙන් වර්ණදේහ 23කුත් ලැබිච්ච හින්දා තමයි දරුවන්ට අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ලක්ෂණ තියෙන්නේ.ඔන්න 'අපිනං අපේ තාත්තා වගේ නෙමෙයිනෙ' කියලා කොමෙන්ට් දාන්ඩ එපා.පොඩ්ඩක් වටේ පිටේ ගෙවල්වල ඇවිදලා බලන්ඩ ඈ. ඉතිං දැං මේ විදිහට වර්ණදේහ කළවං කරලා ළමයෙක් හදන්ඩනං ඉස්සෙල්ලාම වර්ණදේහ 23ක් තියෙන සෛලයක් හදාගන්ඩ ඕනෙ.ඊට පස්සේ අනිත් එක්කෙනාගෙත් එහෙම වර්ණදේහ 23ක් තියෙන සෛලයක් එක්ක මේක එකතු කරලා වර්ණදේහ 46ක් තියෙන සෛලයක් හදාගන්ඩ විදිහක් තියෙන්ඩ ඕනෙනෙ.අන්න ඒකට තමයි ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක පද්ධති හැදිලා තියෙන්නේ.ඒ කියන්නේ පිරිමින්ගේ වෘෂණවලදිත් ගැහැනුන්ගේ ඩිම්බකෝෂවලදිත් වර්ණදේහ 46ක් තියෙන සෛල බෙදීමට ලක්කරලා වර්ණදේහ 23ක් තියෙන සෛල හදනවා. ඊට පස්සේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ තියෙන අනිකුත් නාල, ග්‍රන්ථි සහ ශිෂ්ණය කියන කොටස් වෘෂණ ඇතුලේ හදපු ඒ වර්ණදේහ 23ක් අඩංගු ශුක්‍රාණුව ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ලබා දෙන්ඩ කටයුතු කරනවා.එතකොට ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ තියෙන යෝනි මාර්ගය ගර්භාෂය සහ පැලෝපීය නාල මේ ශුක්‍රාණුව ඩිම්බය කරා ගෙනියන්ඩ දායක වෙනවා. ඩිම්බයක් සහ ශුක්‍රාණුව එකට එකතු වීම හෙවත් සංසේචනයෙන් පස්සේ වර්ධනය වෙන කළලය පොඩි කොලු පැටියෙක් හරි කෙලි පැටියෙක් හරි වෙනකන් ලොකුමහත් කරන්නේ ගර්භාශය ඇතුලේ.සති 40කට පස්සේ පොඩි එකා අම්මගේ යෝනි මාර්ගය හරහා එළියට ඇවිල්ලා කිරි ඉල්ලලා අඬන්ඩ ගන්නවා.ඔන්න ඔහොමයි වෙන්නේ ඈ.නැතුව කොකෙක් ඇවිත් ගෙදර දුම් බටෙන් පොඩි එකෙක්ව ගේ ඇතුලට දානවා එහෙම නෙමෙයි. [/B][/SIZE] [IMG]http://www.istockphoto.com/file_thumbview_approve/5889153/2/istockphoto_5889153-stork-baby.jpg[/IMG] [B][SIZE="5"]ඔහොම කිව්වට ඕක ඔහොම ලේසියට වෙන්නෙ නෑ.ඒකට ඉතිං ඒ ඒ ප්‍රජනක පද්ධති විස්තර කරලම කියන්ඩ එපායෑ.පොඩි කාලේ ඉඳං දැකලා තියෙන හින්දා ඉස් ඉස්සෙල්ලම විශිෂ්ඨම ප්‍රජනක පද්ධතිය ඒ කියන්නේ පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැන කියන්නං. පුරුෂ ප්‍රජනක පද්ධතිය ගත්තම වැඩි කොටසක් තියෙන්නේ ශරීරයෙන් බාහිරට වර්ධනය වෙලානේ.ඒකේ ප්‍රධාන වශයෙන් කොටස් කීපයක් නම් කරන්ඩ පුළුවන්. # වෘෂණ # වෘෂණ කෝෂය # අපිවෘෂණ # ශුක්‍ර නාළ # පුරස්ථිති ග්‍රන්ථිය # කූපර් ග්‍රන්ථි # මුත්‍ර මාර්ගය # ශිෂ්ණය[/SIZE][/B] [IMG]http://4.bp.blogspot.com/-CYFfXIjP5oc/UGAsx74T7iI/AAAAAAAAAXM/fNbS9DvlbIc/s280/male.jpg[/IMG] [B][SIZE="5"]වෘෂණ වෘෂණ තියෙන්නේ යුගලක් ඒ කියන්නේ දෙකක් විදිහට.මේවා තියෙන්නේ වෘෂණ කෝෂය කියන සමෙන් නිර්මාණය වුනු ව්‍යුහය ඇතුලේ ශරීරයෙන් පිටතට එල්ලෙන විදිහට.මේ වෘෂණ දෙකෙන් එකක් සාමාන්‍යයෙන් අනිත් එකට වඩා පහලින් තියෙන්නේ මේ නිසා ඇවිදීමේදී එකිනෙක ගැටීමෙන් ඇතිවන අපහසුව අවම වෙලා තියෙනවා.පුංචි කොලු පැටියෙක් අම්මගෙ බඩේ ඉද්දී උගේ වෘෂණ දෙක හැදෙන්නේ උගේ බඩ ඇතුලේ.පොඩි එකා බඩ ඇතුලේ ඉන්න සති 40න් 33වෙනි සතිය විතර වෙද්දි සාමාන්‍යයෙන් මේ වෘෂණ දෙක බඩ ඇතුලේ ඉඳං එළියේ තියෙන වෘෂණ කෝෂයට එනවා.සමහර අයගේ මෙහෙම බඩේ ඉඳං එන වෘෂණ ඔන්නොහේ එන්ඩ බෑ කියලා බඩ ඇතුලෙම නවතිනවා.සමහර අයගේ බඩේ ඉඳං වෘෂණ කෝෂයට එන පාර මැද හරියකදි නවතිනවා.සමහරුංගේ පහලටම එන වෘෂණ පාර වැරදිලා වෘෂණ කෝෂයට නොගිහිං කකුලේ කළවා ප්‍රදේශයට ගමන් කරනවා.සැත්කමකින් මේවා නිවැරදි කරගන්ඩ පුළුවං.[/SIZE][/B] [IMG]http://1.bp.blogspot.com/-ftN9Ap-H1Fs/UGA5d008gJI/AAAAAAAAAXk/720U3pe8-YM/s1600/popup-Ectopic-Testes.jpg[/IMG] [B][SIZE="5"]වෘෂණ ශරීරයෙන් එළියේ මල්ලක දාලා එල්ලලා තියෙන්නේ ඒවයේ ශුක්‍රාණු හැදෙන්ඩ තරමක අඩු උෂ්ණත්වයක් අවශ්‍ය හින්දයි.ඒක හින්දා රස්නේ වැඩි වෙලාවට වෘෂණ දාලා තියෙන මල්ල බුරුල් වෙලා මේවා තරමක් ඇඟෙන් ඈත් වෙලා ඉන්නවා.ඒ වගේම තමයි තද සීතලත් හොඳ නැති හින්දා හොඳටම සීත වෙලාවට වෘෂණ දෙක ඇඟට බොහොම කිට්ටු වෙන විදිහට වෘෂණ කෝෂ හොඳටම හැකිලෙනවා.මේ උෂ්ණත්ව යාමනයටම තමයි පිරිමි අය වාඩි වෙද්දි කකුල් දෙක ඈත් කරලා වාඩි වෙන්නේ. හැබැයි කට්ටිය තද යට ඇඳුම් ඇන්දම, නයිලෝන් යට ඇඳුම් ඇන්දම වෘෂණවල උෂ්ණත්වය අඩු කරගන්ඩ බැරි වෙනවා.එතකොට ඒ අයගේ ශුක්‍රාණු හැදෙන එක අඩුවෙනවා.අනික නිතරම තද උණු වතුරෙන් නාන එකත් හොඳ නෑ කියලා තමයි කියන්නේ.ඒ වගේම ලැප්ටොප් එක උකුල උඩ තියං පාවිච්චි කරනවනං ඒකත් හොඳ නෑ.මොකද ලැප්ටොප් එක උකුළ උඩ තියාගන්ඩනං කකුල් දෙක ටිකක් ළං කරලා තියාගන්ඩ ඕනෙ වගේම ලැප්ටොප් එක රත් වෙද්දි ඒ උෂ්ණත්වයත් වෘෂණවලට බලපානවනේ. නිකං මොකටද ඉල්ලං මාමයිට් ගාගන්නේ කියලා හැකි හැම වෙලාවෙම නිදහසේ එල්ලෙන්ඩ දීලා සිවිල් පිට හිටියම හරිනේ. වෘෂණ ඇතුලේ තියෙන්නේ ඉතා කුඩා නාළ පද්ධතියක්.ඒ කියන්නේ පුංචිම පුංචි බට සෙට් එකක්.මේවා ඇතුලේ තමයි ශුක්‍රාණු හැදෙන්නේ.වෘෂණවල තියෙන මේ බටවල දිග එකතු කරලා බැලුවොත් මීටර් 250ක් විතර වෙනවා කියලා තමයි කියන්නේ.[/SIZE][/B] [IMG]http://roboticurosurgery.com/images/Testis.jpg[/IMG] [B][SIZE="5"]වෘෂණ බඩේ ඉඳං වෘෂණ කෝෂයට ආපු මාර්ගය සාමාන්‍යයෙන් වැහිලා යනවා.සමහරුන්ගේ මේ පාර වැහිච්ච එක දුර්වල උනොත් ඒ පාර දිගේ බඩවැල් ඇවිල්ලා හර්නියා තත්වයක් එන්ඩත් පුළුවං.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom