Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sexual Selfishness ඔබේ විවාහයත් අවදානමක ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගික එක්වීමක් කියන්නේ බොහොම සුන්දර අත්දැකීමක්, හැබැයි ඒක හැමවෙලාවකම, හැමකෙනෙක්ටම සුන්දර අත්දැකීමක් වෙනවා කියලා අපිට කියන්න බෑ. ඒත් ලිංගික එක්වීමක් ලස්සන වෙන්නනම්, සුන්දර වෙන්නනම් දෙන්නම ඒ අත්දැකීම සුන්දරව විඳින්න ඕන වගේම දෙන්නම තෘප්තිමත්වෙන්න ඕන.

හැබැයි මේ අපි කතාකරන ලිංගික ආත්මාර්ථකාමීත්වය හෙවත් Sexual Selfishness කියන දේ නිසා බොහොමයක් විවාහ ජීවිත වගේම ප්රේම සම්බන්ධතාත් කඩාගෙන වැටෙනවා.

Sexual Selfishness කියන්නේ මොකක්ද?

ඇත්තටම කිව්වොත් ලිංගික ආත්මාර්ථකාමිත්වය කියන්නේ ලිංගික එක්විමකදි එක් අයෙක් පමණක් හැමවිටම තෘප්තිමත් වෙන්න කටයුතු කිරීම සහ අනෙකාගේ තෘප්තිය හෝ කැමැත්ත නොසලකා හැරීම කියලා සරලව කියන්න පුළුවන්.

උදාහරණයක් ගත්තොත්, ඔන්න ඔබ ලිංගිකව එක්වීමකට කලින් ඔබේ සහකාරියට හෝ සහකරුවාට බොහොම ප්රේමාන්විත Body Massage එකක් කරනවා. එහෙම කරලා ඉවරවෙලා ඔබටත් එහෙම කරයි කියලා බලාපොරොත්තුවෙන් හිටිද්දි අනිත් කෙනා මහන්සියි කියලා හරි, නිදිමතයි කියලා හරි වැඩේ නොකර මගහරිනවනම් සහ දිගින් දිගටම මේ වගේ සිදුවීම් වෙනවනම් බොහෝවිට ඔබේ ලිංගික බැඳීමට ලිංගික ආත්මාර්ථකාමිත්වය ඇතුල්වෙලා ඉවරයි.

හරියටම කිව්වොත් ඔබ ලිංගිකව එක්වීමකදි ඔබේ පැත්තෙන් උපරිමයෙන් දේවල් කරනවා කරනවා..ඒත් අනිත් කෙනා ඒවා බාරගන්නවා බාරගන්නවා සහ සතුටුවෙනවා විතරයි. ඔබට මොකුත් නෑ.

Sexual Selfishness ඇති අයගේ ලක්ෂණ

ගොඩක් වෙලාවට ලිංගික ආත්මාර්ථකාමිත්වයෙන් කටයුතු කරන බොහෝමයක් දෙනෙක් ලිංගිකව එක්වීමකදි පෙන්වන පොදු ලක්ෂණ ටිකක් තියනවා.

තමන්ගේ සුරතාන්තය ගැන විතරක් හිතන එක

මේ විදිහට Sexual Selfishness නිසා ඇතැම් අය තමන්ගේ සුරතාන්තය ගැන විතරයි හිතන්නේ. ලිංගික එක්වීමකදි ඒ කෙනා සතුටට පත්වුණාට පස්සේ අනිත් කෙනාගේ සතුට හරි, අනිත් කෙනා තෘප්තිමත් වුණාද කියලා බලන එක not my business කියන තැන තමයි ඔවුන් ඉන්නේ.

පාලනය තමන්ගේ අතේ තියාගන්නවා

බොහෝ වෙලාවට ලිංගික ආත්මාර්ථකාමිත්වයෙන් කටයුතු කරන අය පිරිමි හෝ ගැහැණු වේවා සමස්ත ලිංගික එක්වීමේ පාලනය තමන්ගේ අතේ විතරක් තියාගන්න උත්සහ කරනවා. උදාහරණයක් විදිහට, ලිංගිකව එක්වෙන වෙලාව, තැන, අඳින ඇඳුම, එකතුවෙන විදිහ විතරක් නෙවෙයි තමන්ගේ ස්පර්ශ කරන්න ඕන තැන්, ස්පර්ශ කරන්න ඕන විදිහ, වේගයෙන්ද නැත්නම් හෙමින්ද කියන මේ හැමදේම තීරණය කරන්නේ එක්කෙනෙක්නම් අනිත් කෙනා හුදෙක්ම ඒ ලිංගික ඒකවීම ඇතුලේ නිකම්ම රූකඩයක් ගාණට වැටෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් කියන්නේ Sexual Selfishness එක උපරිම අවස්ථාවක්. මෙහෙම බැඳීම් කෙළවර වෙන්නේ බොහොම බරපතල දේවල් වලින්.

එයාට ඔබේ ශරීරය ගැන ගාණක්වත් නෑ

සාමාන්යයෙන් ලිංගිකව එක්වීමකදි එකිනෙකා අනිත් කෙනාගේ සිරුරට ගරුකරන්න සහ ආදරය කරන්න ඕන කියන එක අනිවාර්යයි. මොකද එතකොට තමයි ඒ ලිංගික එක්වීම පරිපූර්ණ එකක් වෙන්නේ. ඒත් ඔබේ සහකාරිය හෝ සහකරුවා තමන්ගේ වැඩේ කරගෙන ඔබේ සිරුර ගැන නොහිතා, ඔබේ සංවේදී තැන්වලට අතවත් තියන්නේ නැත්නම් එතන මොකක්හරි ලොකු ගැටළුවක් තියනවා. ඇත්තටම ඒක ලැජ්ජාව නෙවෙයි, ලිංගිකව එක්වීමකදි ලැජ්ජාව කියන එකේ බලපෑමක් නෑ බොහෝවිට. ඒ නිසා කවුරුහරි ඔබේ සිරුරේ සංවේදී තැන් සහ ඔබේ සිරු ලිංගිකව එක්වීමකදි නොසලකා හරිනවනම් එතන තියෙන්නේ Sexual Selfishness එකම තමයි.

සාකච්ඡා විතරයි - වැඩ නෑ

ගොඩක් වෙලාවට සමහරු ලිංගිකව එක්වීම් සෑහෙන්න ප්ලෑන් කරනවා. ලස්සන පැත්තක, ලස්සන හෝටලයක, බොහොම රොමාන්තික පරිසරයක, සරාගී ඇඳුම් ආයිත්තම්වලින් සැරසිලා, ලිංගිකව එක්වීමකට කලින් පූර්ව ලිංගික කටයුතු ගැන එහෙමත් සැලසුම් කරනවා. හැබැයි මේ සැලසුම් ක්රියාත්මක කරන්න ගියාම ගොඩක් වෙලාවට ඔබේ සහකාරිය ඇඳක් උඩ මළමිනියක් වගේ ඉන්නවනම්, නැත්නම් ඔබේ සහකරුවා කරත්තයක් දක්කන්න වගේ එකපාරටම ඇඟ උඩට පැනලා අභ්යන්තර ලිංගික එක්වීමක් පටන්ගන්නවානම් අර සැලසුම් කරපු දේවලා සේරම කැලේ. ඒ නිසා Sexual Selfishness එක බරපතලව තියන උදවිය සාකච්ඡා විතරයි, වැඩේ කරන්න ගියාම තනිකරම තමන්ට ඕන විදිහට විතරයි. එහෙම අයගෙන් sexual pleasure බලාපොරොත්තුවෙන එක බොරු වැඩක්.

ඔබේ කැමැත්තට ඉඩක් නෑ

Sexual Selfishness එකේදි ගොඩක් වෙලාවට ඔබේ සහකාරිය හෝ සහකරුවා ඔබේ කැමැත්තට ඉඩක් දෙනවා බොහොම අඩුයි. සමහරවිට ඔබ ලිංගිකව එක්වෙන්න කැමති රෑ වෙලාවක වෙන්න පුළුවන්, නමුත් ඔබේ සහකාරිය කැමති දවල් කාලයේ වෙන්න පුළුවන්. හැබැයි ඉඳහිට හෝ ඔබ රෑ වෙලාවක ලිංගිකව එක්වෙන්න හදද්දි ඔබේ සහකාරිය ඒ වැඩේ නොකෙරෙන තැනට පස්ස ගහලා අන්තිමට රණ්ඩුවක් හදාගෙන ඉවරවෙනවනම් Sexual Selfishness කියන එක ඔබට බරපතලව හානිකරන්න පටන් අරගෙන.

අළුත් දේවල් ඕනෙම නෑ - හැමදාම එකම දේ

ලිංගික එක්වීමක රසය තියෙන්නේ වෙනස්වීම් මත. ඒ කියන්නේ ලිංගිකව එක්වෙන තැන, ආකාරය, වෙලාව, positions වගේම අළුත් අළුත් දේ අත්හදාබැලීම් එක්ක. ඒක නිසාම තමයි සමහරු sexy toys සහ බොඩි මසාජ් වගේ දේවල් පවා අත්හදා බලන්නේ. එහෙම නැතිව හැමදාම එකම විදිහට ලිංගිකව එකතුවීම්වලට කැමැති ලිංගික ආත්මාර්ථකාමිත්වයෙන් පෙලෙන අය තමයි.එයාලා අළුත්වෙන්න බයයි සහ අකමැතියි.

ඇත්තටම ඔවුන් බයයි සහ අසාර්ථකයි

ඇත්තම කතාවනම් ලිංගික ආත්මාර්ථකාමිත්වයෙන් ඉන්න අය ලිංගිකව එක්වෙන්න බයක් හරි අකමැත්තක් හරි විතරක් නෙවෙයි, ඒ අත්දැකීමේ සැබෑ රස නොදන්න නිසයි එහෙම වෙන්නේ. ඔවුන් ආදරය සහ සෙනෙහස ගැන ගොඩක් කතා කිව්වට ලිංගිකව එක්වීමේ මේ රස දකින්න සහ සොයන්න බයයි, සහ දන්නේ නෑ.

විසඳුම් තියනවද?

ඔව් සෑහෙන්න තියනවා. එකිනෙකා කතාබහ කරලා මේ ලිංගික ආත්මාර්ථකාමිත්වය හඳුනගෙන සාකච්ඡා මට්ටමෙන් විසඳගන්න පුළුවන්නම් වඩාත් හොඳයි. එතනදි එකිනෙකාගේ කැමැත්තට ඇහුම්කන් දෙන එක, එකඟතාවයන්ට එන එක, අළුත් දේවල් අත්හදා බලන්න පෙලඹෙන එක තමයි උත්තරය. නැත්නම් family counsellor කෙනෙක් මුණගැහිලා වුනත් උපකාර ලබාගන්න පුළුවන්.

එහෙම නැත්නම් බොහොම ඉක්මණට ඔබේ විවාහය හෝ ආදර සම්බන්ධය කැඩිලා බිඳිලා යනවා විතරක් නෙවෙයි ඊට වඩා බරපතල දේවල් පවා වෙන්න පුළුවන්.

මුල් ලිපිය මෙතනින්

[QUOTE="wijaindu, post: 27195565, member: 421102"] ලිංගික එක්වීමක් කියන්නේ බොහොම සුන්දර අත්දැකීමක්, හැබැයි ඒක හැමවෙලාවකම, හැමකෙනෙක්ටම සුන්දර අත්දැකීමක් වෙනවා කියලා අපිට කියන්න බෑ. ඒත් ලිංගික එක්වීමක් ලස්සන වෙන්නනම්, සුන්දර වෙන්නනම් දෙන්නම ඒ අත්දැකීම සුන්දරව විඳින්න ඕන වගේම දෙන්නම තෘප්තිමත්වෙන්න ඕන. හැබැයි මේ අපි කතාකරන ලිංගික ආත්මාර්ථකාමීත්වය හෙවත් Sexual Selfishness කියන දේ නිසා බොහොමයක් විවාහ ජීවිත වගේම ප්රේම සම්බන්ධතාත් කඩාගෙන වැටෙනවා. [B]Sexual Selfishness කියන්නේ මොකක්ද?[/B] ඇත්තටම කිව්වොත් ලිංගික ආත්මාර්ථකාමිත්වය කියන්නේ ලිංගික එක්විමකදි එක් අයෙක් පමණක් හැමවිටම තෘප්තිමත් වෙන්න කටයුතු කිරීම සහ අනෙකාගේ තෘප්තිය හෝ කැමැත්ත නොසලකා හැරීම කියලා සරලව කියන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත්, ඔන්න ඔබ ලිංගිකව එක්වීමකට කලින් ඔබේ සහකාරියට හෝ සහකරුවාට බොහොම ප්රේමාන්විත Body Massage එකක් කරනවා. එහෙම කරලා ඉවරවෙලා ඔබටත් එහෙම කරයි කියලා බලාපොරොත්තුවෙන් හිටිද්දි අනිත් කෙනා මහන්සියි කියලා හරි, නිදිමතයි කියලා හරි වැඩේ නොකර මගහරිනවනම් සහ දිගින් දිගටම මේ වගේ සිදුවීම් වෙනවනම් බොහෝවිට ඔබේ ලිංගික බැඳීමට ලිංගික ආත්මාර්ථකාමිත්වය ඇතුල්වෙලා ඉවරයි. හරියටම කිව්වොත් ඔබ ලිංගිකව එක්වීමකදි ඔබේ පැත්තෙන් උපරිමයෙන් දේවල් කරනවා කරනවා..ඒත් අනිත් කෙනා ඒවා බාරගන්නවා බාරගන්නවා සහ සතුටුවෙනවා විතරයි. ඔබට මොකුත් නෑ. [B]Sexual Selfishness ඇති අයගේ ලක්ෂණ[/B] ගොඩක් වෙලාවට ලිංගික ආත්මාර්ථකාමිත්වයෙන් කටයුතු කරන බොහෝමයක් දෙනෙක් ලිංගිකව එක්වීමකදි පෙන්වන පොදු ලක්ෂණ ටිකක් තියනවා. [B]තමන්ගේ සුරතාන්තය ගැන විතරක් හිතන එක[/B] මේ විදිහට Sexual Selfishness නිසා ඇතැම් අය තමන්ගේ සුරතාන්තය ගැන විතරයි හිතන්නේ. ලිංගික එක්වීමකදි ඒ කෙනා සතුටට පත්වුණාට පස්සේ අනිත් කෙනාගේ සතුට හරි, අනිත් කෙනා තෘප්තිමත් වුණාද කියලා බලන එක not my business කියන තැන තමයි ඔවුන් ඉන්නේ. [B]පාලනය තමන්ගේ අතේ තියාගන්නවා[/B] බොහෝ වෙලාවට ලිංගික ආත්මාර්ථකාමිත්වයෙන් කටයුතු කරන අය පිරිමි හෝ ගැහැණු වේවා සමස්ත ලිංගික එක්වීමේ පාලනය තමන්ගේ අතේ විතරක් තියාගන්න උත්සහ කරනවා. උදාහරණයක් විදිහට, ලිංගිකව එක්වෙන වෙලාව, තැන, අඳින ඇඳුම, එකතුවෙන විදිහ විතරක් නෙවෙයි තමන්ගේ ස්පර්ශ කරන්න ඕන තැන්, ස්පර්ශ කරන්න ඕන විදිහ, වේගයෙන්ද නැත්නම් හෙමින්ද කියන මේ හැමදේම තීරණය කරන්නේ එක්කෙනෙක්නම් අනිත් කෙනා හුදෙක්ම ඒ ලිංගික ඒකවීම ඇතුලේ නිකම්ම රූකඩයක් ගාණට වැටෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් කියන්නේ Sexual Selfishness එක උපරිම අවස්ථාවක්. මෙහෙම බැඳීම් කෙළවර වෙන්නේ බොහොම බරපතල දේවල් වලින්. [B]එයාට ඔබේ ශරීරය ගැන ගාණක්වත් නෑ[/B] සාමාන්යයෙන් ලිංගිකව එක්වීමකදි එකිනෙකා අනිත් කෙනාගේ සිරුරට ගරුකරන්න සහ ආදරය කරන්න ඕන කියන එක අනිවාර්යයි. මොකද එතකොට තමයි ඒ ලිංගික එක්වීම පරිපූර්ණ එකක් වෙන්නේ. ඒත් ඔබේ සහකාරිය හෝ සහකරුවා තමන්ගේ වැඩේ කරගෙන ඔබේ සිරුර ගැන නොහිතා, ඔබේ සංවේදී තැන්වලට අතවත් තියන්නේ නැත්නම් එතන මොකක්හරි ලොකු ගැටළුවක් තියනවා. ඇත්තටම ඒක ලැජ්ජාව නෙවෙයි, ලිංගිකව එක්වීමකදි ලැජ්ජාව කියන එකේ බලපෑමක් නෑ බොහෝවිට. ඒ නිසා කවුරුහරි ඔබේ සිරුරේ සංවේදී තැන් සහ ඔබේ සිරු ලිංගිකව එක්වීමකදි නොසලකා හරිනවනම් එතන තියෙන්නේ Sexual Selfishness එකම තමයි. [B]සාකච්ඡා විතරයි - වැඩ නෑ[/B] ගොඩක් වෙලාවට සමහරු ලිංගිකව එක්වීම් සෑහෙන්න ප්ලෑන් කරනවා. ලස්සන පැත්තක, ලස්සන හෝටලයක, බොහොම රොමාන්තික පරිසරයක, සරාගී ඇඳුම් ආයිත්තම්වලින් සැරසිලා, ලිංගිකව එක්වීමකට කලින් පූර්ව ලිංගික කටයුතු ගැන එහෙමත් සැලසුම් කරනවා. හැබැයි මේ සැලසුම් ක්රියාත්මක කරන්න ගියාම ගොඩක් වෙලාවට ඔබේ සහකාරිය ඇඳක් උඩ මළමිනියක් වගේ ඉන්නවනම්, නැත්නම් ඔබේ සහකරුවා කරත්තයක් දක්කන්න වගේ එකපාරටම ඇඟ උඩට පැනලා අභ්යන්තර ලිංගික එක්වීමක් පටන්ගන්නවානම් අර සැලසුම් කරපු දේවලා සේරම කැලේ. ඒ නිසා Sexual Selfishness එක බරපතලව තියන උදවිය සාකච්ඡා විතරයි, වැඩේ කරන්න ගියාම තනිකරම තමන්ට ඕන විදිහට විතරයි. එහෙම අයගෙන් sexual pleasure බලාපොරොත්තුවෙන එක බොරු වැඩක්. [B]ඔබේ කැමැත්තට ඉඩක් නෑ[/B] Sexual Selfishness එකේදි ගොඩක් වෙලාවට ඔබේ සහකාරිය හෝ සහකරුවා ඔබේ කැමැත්තට ඉඩක් දෙනවා බොහොම අඩුයි. සමහරවිට ඔබ ලිංගිකව එක්වෙන්න කැමති රෑ වෙලාවක වෙන්න පුළුවන්, නමුත් ඔබේ සහකාරිය කැමති දවල් කාලයේ වෙන්න පුළුවන්. හැබැයි ඉඳහිට හෝ ඔබ රෑ වෙලාවක ලිංගිකව එක්වෙන්න හදද්දි ඔබේ සහකාරිය ඒ වැඩේ නොකෙරෙන තැනට පස්ස ගහලා අන්තිමට රණ්ඩුවක් හදාගෙන ඉවරවෙනවනම් Sexual Selfishness කියන එක ඔබට බරපතලව හානිකරන්න පටන් අරගෙන. [B]අළුත් දේවල් ඕනෙම නෑ - හැමදාම එකම දේ[/B] ලිංගික එක්වීමක රසය තියෙන්නේ වෙනස්වීම් මත. ඒ කියන්නේ ලිංගිකව එක්වෙන තැන, ආකාරය, වෙලාව, positions වගේම අළුත් අළුත් දේ අත්හදාබැලීම් එක්ක. ඒක නිසාම තමයි සමහරු sexy toys සහ බොඩි මසාජ් වගේ දේවල් පවා අත්හදා බලන්නේ. එහෙම නැතිව හැමදාම එකම විදිහට ලිංගිකව එකතුවීම්වලට කැමැති ලිංගික ආත්මාර්ථකාමිත්වයෙන් පෙලෙන අය තමයි.එයාලා අළුත්වෙන්න බයයි සහ අකමැතියි. [B]ඇත්තටම ඔවුන් බයයි සහ අසාර්ථකයි[/B] ඇත්තම කතාවනම් ලිංගික ආත්මාර්ථකාමිත්වයෙන් ඉන්න අය ලිංගිකව එක්වෙන්න බයක් හරි අකමැත්තක් හරි විතරක් නෙවෙයි, ඒ අත්දැකීමේ සැබෑ රස නොදන්න නිසයි එහෙම වෙන්නේ. ඔවුන් ආදරය සහ සෙනෙහස ගැන ගොඩක් කතා කිව්වට ලිංගිකව එක්වීමේ මේ රස දකින්න සහ සොයන්න බයයි, සහ දන්නේ නෑ. [B]විසඳුම් තියනවද?[/B] ඔව් සෑහෙන්න තියනවා. එකිනෙකා කතාබහ කරලා මේ ලිංගික ආත්මාර්ථකාමිත්වය හඳුනගෙන සාකච්ඡා මට්ටමෙන් විසඳගන්න පුළුවන්නම් වඩාත් හොඳයි. එතනදි එකිනෙකාගේ කැමැත්තට ඇහුම්කන් දෙන එක, එකඟතාවයන්ට එන එක, අළුත් දේවල් අත්හදා බලන්න පෙලඹෙන එක තමයි උත්තරය. නැත්නම් family counsellor කෙනෙක් මුණගැහිලා වුනත් උපකාර ලබාගන්න පුළුවන්. එහෙම නැත්නම් බොහොම ඉක්මණට ඔබේ විවාහය හෝ ආදර සම්බන්ධය කැඩිලා බිඳිලා යනවා විතරක් නෙවෙයි ඊට වඩා බරපතල දේවල් පවා වෙන්න පුළුවන්. [URL='https://lakvahini.lk/2021/12/sexual-selfishness-%e0%b6%94%e0%b6%b6%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%84%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b6%af%e0%b7%8f%e0%b6%b1%e0%b6%b8%e0%b6%9a-%e0%b6%af/'][B]මුල් ලිපිය මෙතනින්[/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom