SFගේ හිර ගෙදර ජීවිතය ගැන විස්තරයක්
මචන්ලා මම මේ Article එක ගැන දැක්කේ මේ ඉරිදා දිවයින පත්තරෙන්. මෙතනට දේශපාලනය කියන දේ මම කතා කරන්න මම කැමති නෑ, ඒත් මේ තියන විස්තර දිහා බලපුවාම මට හිතුනේ මේ ඉන්නේ අද මේ වගේ තැනක ඉන්න ඕනේ කෙනෙක් නෙමෙයි කියන එකයි.

ගාර්දියහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා එසේත් නැතහොත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද වැලිකඩ කොටු පවුර තුළ සිරගතව සිටිනුයේ සිරකරු අංක ඕ. 22032 යටතේ වේ.
එදා හමුදාපති ලෙස වීරයකු වී අද සිරකරුවකු ලෙස සිටින ඔහුගේ ජීවිතය ගලා යමින් තිබෙන්නේ කෙසේද? මෙතෙක් කිසිවෙකුත් නොසෙවූ සහ නොකියූ ඒ කතාව අපි මෙසේ කියන්නෙමු.
සරත් ෆොන්සේකා මහතා මේ බිමේදී මුලින්ම සිරකරුවකු වන්නේ ඉකුත් 2010 ජනාධිපතිවරණයේ නිමාවත් සමග 2010 පෙබරවාරි මාසයේදී යුද හමුදා පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගැනීමෙනි.
සරත් ෆොන්සේකා යනු එදා පටන් මේ දක්වාම ගත කරනුයේ සිරගත ජීවිතයකි. ඒ කෙසේද? ඔහුව තර්ස්ටන් පෙදෙසේ වූ සිය පක්ෂ කාර්යාලයේදී මුලින්ම යුද හමුදා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවා තබනු ලැබුවේ නාවික හමුදා මූලස්ථානයේ වූ නිවසක විය.
ඒ සැකකරු අංක 4763 යටතේ විය. එතැන් පටන් යුද අධිකරණ දෙකක් මගින් නඩු විභාග කොට තීන්දු ප්‍රකාශ කෙරෙන තුරුම ඔහු එම නිවසේ රඳවා තැබිණ.
එම නිවස වූ කලී නාවික හමුදා ප්රධානියකුට අයත් නිල නිවසකි. සිව් මහල් ගොඩනැගිල්ලක තෙවැනි මහලේ වූ එම නිවසේදී සරත් ෆොන්සේකා මහතාට ලැබුණේ එක් කාමරයක වීසීමේ සහ එම නිවසේ සාලය කොටස භාවිත කිරීමේ පහසුකම පමණි.
"ඔව් මහත්තයාව එහෙට ගෙනාවට පස්සේ එයාව බලන්න අවසර ලැබුණේ හතර දෙනකුට විතරයි.. ඒ බිරිඳ අනෝමා ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස්, පියුමි කල්පනා සහ ප්‍රසන්න මුණසිංහ කියන පවුලේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකුට.. ඒත් මෙතනදිත් මහත්තයට කෑම එක ගෙනත් දෙන්න දුන්නේ අනෝමා ෆොන්සේකා මහත්මියට විතරමයි..
වෙන කාටවත් ඒ අවසරය දුන්නේ නැහැ.. කෑම දෙන වෙලාවට තමයි හොඳම සිද්ධිය සිද්ධ වුණේ. අනෝමා මැඩම් කෑම ගේන පෙට්ටිවලට ඉබියතුරු දාලා තිබුණා.. ඒකේ එක යතුරක් තිබුණේ මැඩම් ළඟ..
අනෙක් යතුර තිබුණේ මහත්තයා භාරව රාජකාරි කරපු බන්ධනාගාරේ නිලධාරියෙක් ළඟ.. කෑම ගෙනාවට පස්සේ මහත්තයට ඒවා දෙන්න ඉස්සර වෙලා හමුදාවේ නිලධාරියකුයි නිලධාරිනියකයි එනවා පරීක්ෂා කරන්න..
ඒ ඇවිත් එයාලා හැම කෑමකින්ම චුට්ටක් කාලා බලනවා.. එහෙම කාලා පරීක්ෂණ නළ වගේ ඒවට තවත් චුට්ටක් අරගන්නවා.. ඒවා ශීතකරණයක අරන් තියනවා.. ඊට පස්සේ තමයි මහත්තයට ගෙදරින් ගේන කෑම එක කන්න දුන්නේ.. හැබයි මේව කෙරුවේ මහත්තයාගෙම ආරක්ෂාවට.
නාවික හමුදා මූලස්ථානයේ ඉන්න කාලේ මහත්තයා මුර කරන්න මිලිටරි පොලිසියේ පස් දෙනෙක් පැය විසි හතරෙම එතන හිටියා.. ඊට අමතරව බන්ධනාගාරේ නිලධාරි දෙන්නෙකුත් නාවික හමුදාවේ පිරිසකුත් හිටියා.. ඒ නිවස භාරව හිටියේ හමුදාවේ මෙජර් ජෙනරාල් කෙනෙක්.. කාටවත් ෆොaන් අරගෙන එතනට යන්න බැහැ..
ඒත් සමහරු ෆොaන් අරගෙන ඇවිත් ඒ දවස්වල මේ නිවස වීඩියෝ පවා කළා.. හැබැයි හොරෙන්.. ඒ දවස්වල වෙච්ච හොඳම සිද්ධියක් තමා පළවෙනි යුද අධිකරණෙන් මහත්තයගේ නිල තනතුර ඉවත් කරලා එයාට අයිතිව තිබුණ තරු, පටි ගලවන්න හමුදාවෙන් ආපු එක..
ඒ වැඩේට ආවේ හමුදාවේ ලොකු මහත්තුරු තුන් දෙනෙක්.. හැබැයි එයාලට එදා ඒක කරන්න බැරි වුණා.. මොකද මහත්තයා එදා හොඳටම කලකිරිලා වගේ ඒ නිලධාරින්ට කිව්වා මාවිල් ආරු සොරොව්ව ආයෙත් වහලා.. තොප්පිගල කැලේට හිටපු කොටි ත්රස්තවාදීන් ටික දාලා ආවොත් තරුයි පටියි ඔක්කොම ගලවලම දෙන්නම් කියලා..
මහත්තයා රඳවලා හිටපු ඒ ගෙදර තිබුණේ වටෙන්ම ආවරණය කරලා.. මහත්තයට පිටත පේන නිසා ඒකේ ජනෙල්වලට ලෑලි ගහලා වහලා දැම්මා.. ඒ දවස්වල කෑම අරගෙන ආපුවහම අනෝමා මැඩම්ට පැයක් විතර මහත්තයා එක්ක කතා කරන්න හම්බ වුණා..
මහත්තයා නාවික හමුදා මූලස්ථානයේ රඳවලා හිටපු කාලේ ගත කළේ ඔය වගේ ජීවිතයක්.. ඒ ගෙදර පැය විසි හතරෙම ලයිට් දාලා.. මහත්තයා බලන්න මැඩම් ආපුවහම එයාලා කතා කරන එක ආරක්ෂාවට ඉන්න අයට පේන විදිහටයි හැම දෙයක්ම සිද්ධ වුණේ..
සරත් ෆොන්සේකා මහතා මුලින්ම රඳවා සිටි නාවික හමුදා මූලස්ථානයේ වූ එම නිවසේ සෑබෑ වටපිටාව මේ ලෙස අපට කීවේ එදා එහි රැකවලට සිටියකුම විසිනි.
සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධානාගාරය දක්වා පැමිණි ගමන ආරම්භ වන්නේ ඒ මහතාට එරෙහි විභාග වූ දෙවැනි යුදාධිකරණ තීන්දුවත් සමගිනි. ඒ ඔහු අත්අඩංගුවට ගෙන නාවික හමුදා මූලස්ථානයේ රඳවා මාස අටක පමණ කාලයක් ඉක්ම ගිය පසුව විය. එහිදී ඔහුට ලබා දුන් දඳුවම වූයේ වසර දෙකහාමාරක සිර දඬුවමකි.
"ඔව්.. ඒ 2010 අවුරුද්දේ නොවැම්බර් මාසේ දවසක්.. එදා තමයි සර්ව මුලින්ම වැලිකඩට ගෙනාවේ..
සර්ව අරගෙන එනකොට වැලිකඩ බන්ධනාගාරේ වටේම මාධ්‍යවේදීන් පිරිලා හිටියා..නිලධාරින්ට කර කියා ගන්න දෙයක් නැති වුණා.. අන්තිමට සර්වත් අරගෙන අපි බන්ධනාගාරෙට ඇතුළු වුණේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය පැත්තෙන්.. ඒ මැද්දේ තියෙන දොරකින් තමයි සර්ව වැලිකඩට අරගෙන ආවේ..
සරත් ෆොන්සේකා මහතා වැලිකඩට ගෙන ඒමේ කථාවේ ආරම්භය එසේ අපට කීවේ එක්තරා බන්ධනාගාර නිලධාරියෙකි.
මෙලෙස සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන පැමිණි දිනයේ ඔහු රඳවා තැබූ වැලිකඩ බන්ධනාගාරයේ සුප්‍රසිද්ධ එස්. වාට්ටුව හෙවත් විජය කුමාරතුංග ශාලාවේ තිබී ඇත්තේ මෙට්ටයක් පමණකි.
ඔහුව එතුළට දැමීමෙන් පසු එය දැක කම්පා වූ එක්තරා බන්ධනාගාර නිලධාරියකු එදා සරත් ෆොන්සේකා මහතා වෙත ගොස් කණගාටුවෙන් මෙලෙස විමසා ඇත්තේය.. "සර්.. කොහොමද සර් මෙතැන ඉන්නේ.. අපි පොඩි අයනේ අපිට කිසි දෙයක් කරන්න බැහැ..
එහිදී සරත් ෆොන්සේකා මහතා එකී බන්ධනාගාර නිලධාරියාට ලබා දී ඇත්තේ අපූරු පිළිතුරකි. "කමක් නැහැ පුතා.. කැලේට ගිහින් යුද්ධ කරනකොට ගස් දෙබල්වල නිදා ගත්ත මට මේක හොඳයි.. මේක නැතුව පැදුරක් තිබුණත් මට ඒ ඇති.. සරත් ෆොන්සේකා මහතා එදා වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරියාගේ හිත හදා තිබුණේ එලෙසිනි.
"සර් එදා ඉඳන් අවුරුද්දකුත් ගෙවිලා ගිහින් අදටත් ඉන්නේ ඒ කාමරේමයි.. මේ වෙකොට නම් සර් ඉන්න කාමරය තියෙන පැත්ත සම්පූර්ණයෙන්ම වට කරලා තහඩු ගහලා තියෙන්නේ..
හැබයි දැන් ඒ කාමරේ එදාට වැඩි ගොඩක් පහසුකම් තියෙනවා.. ඒකේ ෆෑන් එකක් තියෙනවා.. රූපවාහිනියක් තියෙනවා.. සර්ට නිදා ගන්න ඇඳක් තියෙනවා.. එක්සයිස් මැෂින් එකක් වගේම නාන්න උණු වතුරත් තියෙනවා.. හැබයි මේ හැම දෙයක්ම සර්ට හම්බ වුණේ අධිකරණයෙන් දීපු නියෝග නිසා.. ඉහත බන්ධනාගාර නිලධාරියා යළිත් වරක් අපට ඒ කතාව කිවේ එසේය.
වැලිකඩ බන්ධනාගාරේ මහ විශාල ලෑලි දොරෙන් ඇතුළට ආපුවහම මුලින්ම තියෙන්නේ යකඩ ගේට්ටුවකි.
එය පසුකර ඉදිරියට ගිය විට හමුවන්නේ මකර තොරණකි. ඉන් ඇතුළු වූ කල වැලිකඩ සිරකරුවන් වැඩ දමන කර්මාන්ත අංශය පෙනෙන්නට තිබේ.
එයත් පසු කර ඉදිරියටම ගිය කල්හි කදිමට නිර්මාණය කෙරුණු දර්ශනීය පොකුණක් දකින්නට තිබේ.. එහි පසෙක සද් ව්‍යාපාරයක් වූ බාල දක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ වූ පාවුළු ස්වාමි තුමන්ගේ පිළිරුවකි.
වැලිකඩට එන ළාබාල තරුණ රැඳවියන් රඳවා තැබෙන "වයි. ඕ." වාට්ටුව ඇත්තේ ඉන් එක් පසෙකය. සරත් ෆොන්සේකා මහතා අද රඳවා සිටින එස්. වාට්ටුව හෙවත් විජය කුමාරතුංග ශාලාව ඇත්තේ එහි අනෙක් පසය.
ඊට ඇතුළු විය හැක්කේ එකම දොරටුවකින් පමණකි. ඒ දිවා රාත්‍රි ඕවසියර්වරයකුද ඇතුළු නිලධාරින් පස් දෙනකු පමණ මුර කරනු ලබන මුරකුටියක් හරහාය. එය බන්ධනාගාරය ඇතුළත තවත් බන්ධනාගාරයක් ලෙස වටේටම ආවරණය කෙරුණු වෙනමම ලෝකයකි.
ඔව්.. සර් දැන් හැමදාම උදේ පහට හයට විතර ඇහැරෙනවා.. පස්සේ කාමරේ තියෙන මැෂින් එකේ ව්‍යායාම කරනවා.. ඊට පස්සේ බුදුන් වඳිනවා.. එයිනුත් පස්සේ දහයට විතර තමයි මහත්තයා උදේ කෑම ගන්නේ..
සර්ට අද දෙන කෑම වේල විශේෂ එකක්.. ඒකත් අධිකරණ නියෝගයක්.. ඒ කෑම වේලට ගස්ලබු කෑල්ලක් අනිවාර්යයි.. හමුදා මූලස්ථානයේදී එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සර්ගේ උධරයටවෙලා තියෙන තුවාල නිසයි එහෙම කරන්නේ.. ඒක තුන් වේලටම දෙනවා.. සර්ගේ කෑම එක අරගෙන එන්නේ බන්ධනාගාර කුස්සිය භාරව ඉන්න නිලධාරියා..
ඒක උස්සගෙන එන්නේ වෙනත් සිරකරුවෙක්.. කෑම එක ගෙනාවහම ඒකේ තියෙන හැම දෙයක්ම මුරට ඉන්න නිලධාරින් වෙනම පොතක සටහන් කරන්න ඕනේ.. කරපිංච කොලේ ඉඳන් එහෙම ලියනවා..
උදේ කෑම වේල ගත්තට පස්සේ සර් වැඩිපුරම කරන්නේ පොත් කියවන එක.. රෑ එකොළහ දොළහ වෙනකම්ම සර් කාලේ ගෙවන්නේ ඔය විදිහට.. සමහර දවස්වලට එක දෙක වෙනකම්ම පොත් කියවනවා.. බන්ධනාගාර නිලධාරියා ඒ කතාව තවදුරටත් අපට පැහැදිලි කරමින් සිටී
අද වැලිකඩදී සරත් ෆොන්සේකා මහතාගේ සහායට සිටින තවත් සිරකරුවන් දෙදෙනකුද වන්නේය. ඒ සිරකරු අනුර සහ "කලු බාපන" අඳින සිරකරුවකු වන විමලේ වෙති. මේ කලු බාපන යනු බන්ධානාගාරයේදී යහපත් කල්ක්‍රියාව මත සිරකරුවකුට හිමිවන විශේෂ වරප්රසාදයකි.
"සර් කාමරේ ඉන්න ගොඩක් වෙලාවට ඉන්නේ කමීසය ගලවලා.. ඒ වෙලාවට සර්ට වෙඩි වැදිලා තුවාල වේච්ච තැන් හොඳට පේනවා.. ඒවා දැකලා බන්ධනාගාර නිලධාරින් දුක් වෙන අවස්ථා හුඟක් තියෙනවා..
මොනවා වුණත් සර් වැසිකිළියට ගියත් චුට්ටක් හරි එයාව පේන විදිහට තමයි අද ඉන්න කාමරෙත් හදලා තියෙන්නේ.. සර් අපිට බනින්නේ නැහැ.. හැබැයි සර්ව එළියට අරගෙන ගියහම මාධ්‍යවලින් එයාව ආවරණය කරන වෙලාවට එයා අපිට බණිනවා..
ඒත් පස්සේ කියනවා ඔයාලා කළේ ඔයාලගේ රාජකාරිය.. හැබයි පුතෝ මගේ රාකාරිය තමයි කොහොම හරි මාධ්‍යවලට කථා කරන එක කියලා.. එහෙම කියලා හිනා වෙනවා.. ඒත් සර් අද ගෙවන ජීවිතේ දුකක් මෙතෙන්දී ඒක එයාට උරුම නොවිය යුතුව තිබුණු එකක් කියලා නම් පැහැදිලිව කියන්න ඕනේ..
මේ අප සමග කතා කළ ඒ නිලධාරියා අද සරත් ෆොන්සේකා මහතා ගෙවන ජීවිතය පිළිබඳ කථාව අවසන් කරමින් සිටි අයුරුය..
source http://www.divaina.com/2012/01/08/feature04.html

sf thama mula amathaka karala rata pawa dunne 