SF ගැන ඇමරිකාව ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි. (-නියම&

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
SF ගැන ඇමරිකාව ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි. (-නියම&

ජෙනරාල් රඳවාගෙන ඇත්තේ කුමන නීතියක්‌ යටතේද - ඇමරිකාව ප්‍රශ්න කරයි දේශීය 2010 පෙබරවාරි 13 වෙනි සෙනසුරාදා, 11:27
usa_flag.jpg
විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාව රඳවාගෙන ඇත්තේ කුමන නීති ක්‍රමවේදය යටතේදැයි කරුණු දක්වන ලෙස ඇමෙරිකානු රජය ඊයේ (12) සවස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක්‌ කර ඇත.ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාව රාජ්‍ය දෙපාර්තමේන්තුවට කැඳවා ඇති ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මහජන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් පිලිප් ජේ. ක්‍රම්ලි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි ඊයේ රාත්‍රි ඇමෙරිකාවෙන් ලත් ආරංචි මාර්ග කියා පවසයි.


එහිදී තවදුරටත් ක්‍රම්ලි පවසා ඇත්තේ විශ්‍රාමික ජෙනරාල්වරයා සම්බන්ධව ක්‍රියාකළ යුත්තේ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය මත බවයි. මේ තත්ත්වය යටතේ සරත් ෆොන්සේකා මහතා රඳවාගෙන ඇත්තේ කුමන නීති ක්‍රමවේදය යටතේ දැයි ප්‍රකාශයට පත් කරන්නැයි හෙතෙම තවදුරටත් ශ්‍රී ලංකා තානාපතිගෙන් ඉල්ලීමක්‌ කර ඇත.