ෆොන්සේකා වෙනුවෙන් එක් අතකින් අත්සන් දස ලක්ෂයක පෙත්සමක් කරලියට ගෙන එමින් පුළුල් ජනතා නැගිටීමක් සංවිධානය කරන්නට එජාපයට අවශ්‍ය විය. අනෙක් අතින් විවිධ ආගමික නායකයන් හරහා රජයට ඉල්ලීමක් ගොනු කරමින් ෆොන්සේකාට ජනාධිපති සමාව රැගෙන දෙන්නට ද එජාප සැලසුමක් ක්‍රියාත්මක විණි.
එහෙත් එජාපය මෙම සැලසුම් ක්‍රියාවට නගද්දී කිසිම සහයෝගයක් ඊට පළ නොකර ෆොන්සේකා පවුලේ උදවිය ඉඳීම ගැන ද රනිල් තුළ වූයේ නොසතුටකි. විශේෂයෙන් අනෝමා ෆොන්සේකා මේ සඳහා මැදිහත් නොවීම ගැන රනිල් ෆොන්සේකා සමඟ කතා කළේ කලකිරීමෙනි.
මෙම තත්ත්වයට හොඳ උත්තරයක් දී තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂය. ඔහු අපූරු කතාවක් පසුගිය සතියේ මේ වෙනුවෙන් කියනු ලැබීය.
"කෙනෙක්ට නිදහස අපේක්ෂා කරනවා නම් රටේ නායකයගෙන් ඊට ඉල්ලීමක් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුගමනය කරන්නේ නැතිව ඔබාමාට පෙත්සම් ලිය ලිය ඉඳලා ඕවා හරියන්නේ නැහැ..."
සත්තකින්ම මේ තත්ත්වය හොඳින් වටහා ගත්තේ දේශපාලන නිරීක්ෂකයෝය. ඔවුහු මෙය නිවැරැදිව විශ්ලේෂණය කොට ගත්හ. ඔවුන්ට අනුව ෆොන්සේකාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා ඇතුළු පවුලේ උදවිය ක්‍රියාත්මක වන්නේ වෙනම දේශපාලන න්‍යාය පත්රයකටය. සරත් ෆොන්සේකාව නිදහස් කර ගැනීමට කළ යුතු දේ කිරීම සඳහා අනෝමා ෆොන්සේකාට නිදහස නොදෙන්නේ ඇයව දේශපාලන හිරකාරියකව තබාගෙන සිටින තවත් පිරිසකි. ඔවුන්ගේ පැවැත්ම හා අනාගතය තහවුරු වන්නේ සරත් ෆොන්සේකා නිදහස ලබා ගෙදර එන තරමට නොව ෆොන්සේකා වධ විඳිමින් තවදුරටත් හිරගෙදරම තපින තරමටය. ෆොන්සේකා හිරේ සිටින තාක් කල් ෆොන්සේකා ගැනම කඳුළු සලමින් ඒ සංවිධානාත්මක පිරිසට දේශපාලන පොර පිටියේ තහවුරු විය හැකිය. සරත් ෆොන්සේකාට තිබෙන ජනතා අනුකම්පාව තව තවත් වැඩි දියුණු කරගනිමින් අනෝමා ෆොන්සේකා පෙරමුණට දමා රජයට එරෙහිව ලොකු දේශපාලන බලවේගයක් ගොඩනංවා එහි අදෘශ්‍යමාන හස්තයන් ලෙස ක්‍රියා කළ හැකිය. අවශ්‍ය නම් පසු කලෙක රජය සමඟ හෝ එජාපය සමඟ කොන්දේසි පෙරදැරි ගිවිසුමකට එළඹ ලොකු වරප්‍රසාදයක් හෝ බලයක් කේක් ගෙඩියකින් කේක් කෑල්ලක් කපා ගත්තා සේ වෙන් කරවා ගත හැකිය.
එහෙත් ෆොන්සේකා ඉක්මන් නිදහසක් හෝ ජනාධිපති සමාවක් ලැබ පැමිණියහොත් සිදුවන්නේ මේ මෙහෙයුම් මණ්ඩලයට වෙන අතක් බලා ගැනීමටය... ලංකාවේ දේශපාලනය පසුපස ක්‍රියාත්මක වන මේ අදිසි හස්තයෝ පිළිබඳ අප රටේ දේශපාලන නිරීක්ෂකයෝ කිහිප විටක්ම මත පළකර තිබිණි.
මේ අතර අනෝමා ෆොන්සේකා හිටියේ කුමක් කරම්දෝ කුමක් නොකරම්දෝ යන දෙගිඩියාවකය. කෙසේ වෙතත් ඇයට ද දැන් ශ්‍රී ලාංකික දේශපාලන සමාජයේ ලොකු පිළිගැනීමක් නිර්මාණය වී තිබිණි. ඒ පිsළිගැනීම වඩ වඩාත් තහවුරු වන්නේ සරත් ෆොන්සේකා නිදහස් වී ගෙදර එන තරමට නොව, සරත් ෆොන්සේකා තව තවත් හිරේ විලංගුවේ සිට ලෝක ජනතාවගේ අනුකම්පාව වැඩි වැඩියෙන් දිනාගන්නා තරමට බව අනෝමා ෆොන්සේකා ද හොඳින් වටහාගෙන සිටියා නිසැකය.
-දිවයින
ඕන්න ඔහොමයි වෙලා තියෙන්නේ...