SFtaමඩ-ගැසීමට-රූපවාහිනිය සැරසේ
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිධූරය හොබවන සමයේ දඩුවම් ලැබූ හමුදා සාමාජිකයින් පිරිසක් යොදා ගෙන ජෙනරාල්වරයාට අපහාස වන අන්දමේ වැඩසටහනක් ජාතික රූපවාහිනිය විසින් රූගත කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබී තිබේ. හමුදා සේවයේ යෙදී සිටියදී විවිධ චෝදනාවන්ට වරදකරුවන්වී සේවයෙන් පහ කළ හමුදා මේජර්වරයකු ඇතුළු හමුදා නිලධාරීන් 4 දෙනෙකු මෙම වැඩසටහන සදහා යොදා ගෙන තිබේ. වාර්තාවන ආකාරයට මෙම වැඩ සටහනේදී ඔවුන් ජෙනරාල්වරයාට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශ කිහිපයක්ම සිදුකර ඇත.
මෙම රූගත කිරීම ජෙයික් හිල්ටන් හෝටලයේ 11වන මහලේ 6 වෙනි කාමරයේදී ඊයේ සිදු කර තිබේ. රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ අනූෂ පැල්පිට මහතාගේ මැදිහත්වීම මත මෙහි සියලු සම්බන්ධීකරණ කටයුතු චමුදිත සමර වික්‍රම විසින් සිදුකර තිබේ. මේ සදහා ජාතික රූපවාහිනියේ කැමරා කණ්ඩායම පැමිණ ඇත්තේ 62 - 0802 දරණ වෑන් රථයෙනි.
මෙම වැඩසටහන හෙට දිනයේදී විකාශය කිරීමට සූදානම් කර ඇති බවත් එය නිසි බලධාරියා විසින් තහනම් කළ හැකි බැවැන් හෙට දිනය පුරාම එය විකාශය කරන ලෙස රූපවාහිනියට උපදෙස් ලැබී ඇති බවත් ජාතික රූපවාහිනියෙන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරයි.