Shadow cabinet from samagi jana balawegaya

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සමගි ජනබලවේගයෙන් ඡායා කැබිනෙට්ටුවක්

    රජයේ අමාත්‍ය මණ්ඩලයට සමාන ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. රජයේ ඇමති මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටීම මෙම ඡායා කැබිනට්ටුවේ කාර්යය වෙයි.

    විපක්ෂනායක කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ. අජිත් පී. පෙරේරා, නලීන් බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමනායක, ශිරාල් ලක්තිලක, තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.

    දැනට තිබෙන සෑම අමාත්‍යංශයක් සඳහාම ඡායා ඇමතිවරයකු පත්කරනු ලබන අතර එම අමාත්‍යංශ තුළ සිදුවන සියලු කරුණු පිළිබඳව සොයා බැලීම, අදහස් දැක්වීම, ගැටළු වලට විසඳුම් ලබාගැනීම සඳහා වගකීම හිටපු මන්ත්‍රීවරයකුට පැවරේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,435
    113
    මාලඹේ
    සජිත්ගේ පක්‍ෂයේ නාම යෝජනා නීති විරෝධීයි.. අධිකරණයෙන් අවලංගු වීමේ බියෙන් හිටපු මන්ත‍්‍රී තිස් ගණනක් එජාපයට එක්වන්න සාකච්චා..


    සජිත් ගේ සෙට් එක නැතුව පාර්ලිමේන්තුව ආපහු රැස් කරනවලු . ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් නිකම්ම.

    සමගි ජනබලවේගය පක්ෂය විසින් ඉදිරි මැතිවරණයට තරඟ කිරීම සදහා ලබා දුන් සියලු නාමයෝජනා අවලංගු වීමේ තත්ත්වයක් මතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

    දැනටමත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවත් නීති ප්‍රවීනයන් කිහිප දෙනෙකුම දැනටමත් පෙන්වා දී ඇති පරිදි මෙම නාමයෝජනා බරපතළ ලෙස නීති විරෝධී ඒවා යැයි ද ඔහු පැවසීය.

    ඔවුන්ගේ සමගි ජනබලවේගය පක්ෂය පිහිටුවීමේදී ඊට පෙර පැවති පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවත් එනිසා මෙම නාම යෝජනා අවලංගු වනු ඇති බව නීතිඥයන් පෙන්වා දී ඇතැයි ද ඔහු කියා සිටියේය.

    සමගි ජනබලවේගය හිටපු මන්ත්‍රීවරුන් තිස් ගණනක් නැවතත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට දැනටමත් සාකච්ඡා කරමින් ඇතැයිද ඔහු පැවසීය.

    හිරු රූපවාහිනියේ පැවැති බලය දේශපාලන වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී
     
    • Like
    Reactions: D_Mad