Shake Hand.....හරියටම

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මිනිසුන් එකිනෙකාට ආචාර සමාචාර කරගන්නා එකිනෙකට වෙනස් විධි බොහොමයක් ලෝකය පුරා තියෙනවා, ඒවා ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට, රටෙන් රටට මහද්වීපයෙන් මහද්වීපයට වෙනස් වෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට ලංකාවේ අපි තව කෙනෙකු හමු වුනාම අත්දෙක එකතු කරලා “ආයුබෝවන්” කියලා කිව්වට වෙනත් රටවල් වල මේ සුභ පැතීම සමහර විට කම්මුල් සිප පිළිගැනීමක් වෙන්නට පුළුවන්. මේ මොනවා වුනත් එක ම එක ආචාර විදියක් මේ වෙනකොට ලෝකය පුරාම පැතිරිලා තිබෙනවා. ඒ තමයි, එකිනෙකාට “අතට අත” දී ආචාර කිරීම.



    1. අතට අත දීමේ ඉතිහාසය
    Hand_Shake_01.jpg

    විද්වතුන් පවසන අන්දමට අතට අත දීම ආචාර විදියක් ලෙසට සම්මත වෙන්නේ ක්‍රි.පූ. 5 වන සියවසේ පමණ සිටයි. ඒ ග්‍රීක සහ රෝමන් ජාතිකයින් අතරිනුයි. එකල අතට අත දීමෙන් සංඛේතවත් වී තිබෙන්නේ දෙපාර්ශවයක් අතර නොබිඳෙන සාමයක් පවතින බව පෙන්වීමයි.



    2. වර්තමානයේදී
    Hand_Shake_02.jpg

    වර්තමානය වෙන විට අතටඅත දීමෙන් සංඛේතවත් වෙන්නේ දෙපාර්ශවයක් අතර ඇතිවන එකඟතාවයයි. මේ නිසා බොහෝ අවස්ථාවල රැස්වීම්, හමුවීම් සහ ගිවිසුම් වලදී දෙපාර්ෂව අතර මේ ආචාරධර්මය භාවිතා වෙනවා. එමෙන්ම සාමාන්‍ය ජීවිතයේදීත් මෙම අතට අත දීම වෙනස් වෙනස් ආකාර වලට භාවිතා වෙනවා.

    සාමාන්‍යයෙන් අතට අත දීමක් කෙරෙන්නේ යම් හමුවීමකදී එකඟතාවයකදී කියන එක අපි කතා කෙරුවානේ. ඉතින් මේ වීඩියෝවේ දැක්වෙන්නේ සමහර පුද්ගලයින් අතට අත දෙනවිට ඔවුන්ගේ චර්යාවන් නිසා හෙළිවෙන විවිධ මානසික මට්ටම් ගැනයි. නිදසුනක් විදිහට තමුන් අනෙක් අයට වඩා ඉහලින් සිටින බව පෙන්වීමට, තමුන් අනෙක් අය සමඟ කුළුපග බව පෙන්වීමට අතට අත දීම භාවිතා කරන ආකාරය මේ වීඩියෝ එකෙන් බොහොම පැහැදිලිව පෙන්වනවා.
    https://www.facebook.com/ZipRecruiter/videos/1239045179447131/



    3. අතට අත දෙන විදිය
    Hand_Shake_03.gif

    කෙනෙක් අතට අත දෙන ආකාරය තුලින් අපිට ඒ පුද්ගලයා ගැන විවිධ තොරතුරු ග්‍රහණය කරගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම අතට අත දීමේ විලාසය අනුව අපිට පහත ආකාරයට අපේ අතට අත දීම කොටස් කරගන්නට පුළුවන්. අමතක කරන්නෙපා අතට අත දෙන විදිය රටවල් අනුවත් වෙනස් වෙන්න පුළුවන්. ඒ මෙන්න මේ ආකාරයෙන්.



    ශක්තිය (දුර්වල හෝ ශක්තිවන්ත ලෙසින්)

    Hand_Shake_04.jpg

    කෙනෙක් ඔබේ අත බොහොම තදින් සොලවමින් අතට අත දෙනවා නම් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ තමන් බොහොම ශක්තිමත් බව සහ අවස්තාව ලද තැන ඔබව යටත් කරගන්නට හැකියාව ඇති අය බවට හෝ තමන් තුල ඔබ ගැන ඇති තදබල ප්‍රසාදය පෙන්වීමටයි. මෙහිදී ඔබටත් ඔවුන්ගේ අත ඒ හා සමානවම තදින් සොලවමින් තමන්ගේ ප්‍රසාදය දක්වන්නට පුළුවන්.



    උෂ්ණත්වය (සීතල හෝ උණුසුම් ලෙසින්)

    Hand_Shake_05.jpg

    හස්තය බොහොම ශීතල වීමෙන් ඔවුන් මේ හමුවීම ගැන යන දෙගිඩියාවකින් සිටින බව පෙන්වන ලකුණක්. ඒ වගේම ඔබ අතට අත දෙන හස්තය උණුසුම් නම් එය ඒ පුද්ගලයා මේ හමුවීම ගැන තිබෙන උද්යෝගය දනවන ලකුණක් වෙන්නත් පුළුවන්.



    මෘදු බව (සුමුදු හෝ රළු ලෙසින්)

    Hand_Shake_06.jpg

    සමහර අය ඔබ දිගු කරන හස්තය බොහොම බුරුලෙන් අල්ලා අත හරිනවා නම් එයින් කියවෙන්නේ ඔබ ගැන ඔහු නොදන්නා නිසා ඔහු තුල තවමත් අවිශ්වාසයක් පවතින බවයි. එහෙත් හමුවීමෙන් පසුව ඒ කෙනා බොහොම සතුටින් අතට අත දෙනවා නම් ඒ ඉහතින් කියූ අදහස වෙනස් වෙලා තියෙනවා කියා ආපහු කියන්නට උවමනා නැහැනේ.



    අත අල්ලන අයුරින් (සම්පුර්ණයෙන් හෝ කොටසක් ලෙසින්)
    Hand_Shake_07.jpg

    මෙතනත් කියවෙන්නේ විශ්වාසය ගැනම තමා. අතින් කොටසක් ස්පර්ශවෙන ලෙසින් අතට අත දීමෙන් අවිශ්වාසයත්, හස්තය ආවරණය වෙන ලෙසින් අතට අත දෙනවිට ඔබ ගැන පවතින ප්‍රසාදයත් එතැනදී පෙන්නුම් වෙනවා.



    අතට අත දෙන කාලය (ඉතා කෙටි හෝ දීර්ඝ ලෙසින්)

    Hand_Shake_08.gif

    අතට අත දෙන කාලය තුල ඔවුන් එකිනෙකා සමඟ කතා කරන දේවල් බොහෝ විට ඔවුන්ගේ සම්බන්ධතාව පිළිබඳව පෙන්නුම් කිරීමක් හා සමානයි. ඔවුන් දීර්ඝ ලෙසින් අත සොලවමින් කතා කරයි නම් ඔවුන් ස්ථිර සම්බන්ධතාවකට ඇති මනාපයත්, බොහොම කෙටි අතට අත දීමක් නම් එහිදී ඔවුන් තුල ඇති අවස්ථාවාදී අදහස් හෝ අවිශ්වාසි හැඟීමත් නිහඬව කියාපාන්නක් වෙනවා.



    වේගය (හෙමින් හෝ වේගවත් ලෙසින්)

    Hand_Shake_09.gif

    මේ වේගය කියන දේ අපි කතා කරපු පලවෙනි කාරණය වෙන ශක්තිය සමඟ සමපාත වෙනවා. මෙහිදී වෙගය් අඩු හෝ වැඩි වීම ඔවුන් තුල ඔබ ගැන ඇති ප්‍රසාදයේ ප්‍රමාණය කියා පානවා.



    නෙත් යොමුකිරිම (ඉතා වැඩි කාලයක් හෝ යොමු නොකර සිටීම ලෙසින්)

    Hand_Shake_10.jpg

    අතට අත දෙනවිට නෙත් යොමු කිරීම එක එල්ලේ කරනවා නම් එය බොහොම හොඳ ලකුණක්. එහිදී ඔවුන් තුල එකිනෙකා ගැන පවතින විශ්වාසය ගැන අරුතක් කියා පාන අතර එසේ නොවීම ඔහු තුල ඔබෙන් සඟවන්නට යම් රහසක් ඇති බව හඟවන වන බව කියන්න පුළුවන්.



    4. අදහන ආගමික දර්ශනය අනුව
    Hand_Shake_11.jpg

    අදහන ආගමික දර්ශනය අනුවත් මේ අතට අත දීම වෙනස් වෙනවා. නිදසුනක් ලෙසට වර්තමානය වෙනවිට බෞද්ධ සහ හින්දු ආගම් තවමත් දෑත් එකතු කර ආයුබෝවන් හෝ වනක්කම් කියමින් ආචාර කරනවා.

    ඒ වගේම කතෝලික සහ ක්‍රිස්තියානි ආගම් වල සාමාජිකයින් එකිනෙකාව වැලඳ ගැනීම හෝ අතට අත දීම මගින් තම සුහදත්වය පල කරනවා.

    මුස්ලිම් ආගමේ මේ තත්වය මඳක් වෙනස්. පිරිමි එකිනෙකාට සුපුරුදු සුහදත්වයෙන් අතට අත දුන්නත් ඔවුන් හට ඔවුන් ගේ පවුලේ කාන්තාවන් හෝ තමන්ගේ බිරිඳ හැරෙන්නට අන් කාන්තාවන්ගේ අත් ස්පර්ශ කරන්නට අවස්ථාවක් නැහැ. මේ තත්ත්වය මුස්ලිම් කාන්තාවන්ටත් එක සේම බලපානවා. තමන්ගේ සැමියා හෝ පවුලේ සාමාජිකයින් හැරෙන්නට අන් නොදන්නා කිසිදු පිරිමියෙකුට අතට අත දීම හෝ ස්පර්ශ කිරීම ඔවුන්ගේ ආගමට අනුව තහනම් ක්‍රියාවක් වෙනවා.



    5. හෝමෝන ක්‍රියාකාරිත්වය
    Hand_Shake_12.jpg

    ඔබ බොහොම සාර්ථකව අතට අත දීමක් සම්පුර්ණ කරන හැම අවස්තාවක ම ඔබේ සිරුරෙන් ඔක්සිටෝසින් (Oxytocin) හෝමෝනය සිරුරෙන් නිදහස් වීමේ ප්‍රවනතාවයක් තිබෙනවා. මේ තත්ත්වය අතට අත දීමේදී පමණක් නොවෙයි. අපි තවත් මනුෂ්‍ය සම්බන්ධතාවක් විශ්වාස කරන හැම අවස්ථාවකදීම මේ හෝමෝනය සිරුරෙන් නිදහස් වෙන බව පෝල් ජේ සැක් (Paul.J.Zak) මහතා පවසනවා.



    6. තවත් තියෙනවද ඒ මොනවද?
    අපි ඉහතින් කිව්වා වගේ අතට අත දීමට අමතරව ගොඩක් දෑත් සම්බන්ධ කර ගනිමින් කරන සුභ පතා ගැනීම් ක්‍රියාත්මක වෙනවා. එහෙත් මේ ක්‍රම ගැන, ඒවා ඇති වුනේ කෙසේ ද යන්න ගැන අපි අවධානය යොමු කරන එකෙන් අපි ට අවස්ථාව අනුව නිවැරදි තේරීම කරන්න පුළුවන්.



    The Fist Bump

    Hand_Shake_13.gif

    මේ ෆිස්ට් බම්ප් එක මුලින්ම ඇති වෙලා තිබෙන්නේ බොක්සිං ක්‍රීඩකයින් අතරයි. බොක්සිං අත්වැසුම් දමා ගෙන සිටිත්දී එකිනෙකා ට සුභ පතා ගන්න ක්‍රමයන් නැති නිසා මේ ක්‍රමය ඇතිවූ බව පැවසෙනවා. ඒ වගේ ම යතුරුපැදි කරුවන් අතරත් මේ ක්‍රමය ප්‍රචලිත වෙලා තිබුනු බව සඳහන්. නමුත් වර්තමානයේ නම් බොහෝ ක්‍රීඩකයන් සහ සමීප ම මිතුරන් එකිනෙකා ට සුභ පතා ගන්නෙත් මේ ආකාරයෙන් තමයි.

    වර්තමානයේදී ක්‍රීඩකයින් කණ්ඩායමක් තමන්ගේ සාමාජිකයෙක් දිනුමක් ලබාගත් වෙලාවල් වල මේ ලෙසින් සුභ පතා ගැනීම බොහොම සුලභ දෙයක් වෙනවා.

    ඒ වගේම යම් කෙනෙක් අසනීපයෙන් සිටින අවස්ථාවක දී විෂබීජ අත්ලකින් තවත් අත්ලකට පැතිර නොයනු පිණිසත් මේ ලෙසින් ආචාර කරනවා



    The Bro Hug/Pound Hug

    Hand_Shake_14.gif

    සමීපම මිතුරන්, ක්‍රීඩකයින් සහ සහෝදරයින් විසින් එකිනෙකාට සුභ පතා ගන්නා ආකාරයක් විදියට හඳුනාගන්නා මේ ක්‍රමය පිරිමින් අතර පමණක් ජනප්‍රිය වුවක් වෙනවා.



    The High Five (දාන්න පහක්!)

    Hand_Shake_15.gif

    රැකියා ස්ථානයේ/ තමන්ගේ කණ්ඩායමේ ජයග්‍රණයකදී සතුට සැමරීම උදෙසා එකිනෙකාගේ අත්ලට ගසා ගනිමින් සතුට පල කිරීම මේ නමින් හඳුන්වනවා.

    යුරෝපීය සමාජය තුල මේ ක්‍රමය බොහෝම සාමාන්‍ය වුවත් සමහර සංස්කෘතික සතුට පල කිරීමේ ක්‍රමයක් ලෙස “පහක් දැමීම” හඳුන්වා දෙන්නට හැකියි.


    The Cheek Kiss/ සිපාචාර

    Hand_Shake_16.gif

    මේ ක්‍රමය යුරෝපියානු රටවල් වල වඩාත් ප්‍රචලිත ක්‍රමයක්. ඒ වගේම තමන් හොඳින්ම දන්නා කෙනෙක්ට මේ ක්‍රමය ක්‍රියාත්මක කරත් නොදන්නා කෙනෙකුට මේ ක්‍රමය ඔබ ක්‍රියාත්මක කරන්න යනකොට පොඩ්ඩක් පරිස්සමින් කල යුතුයි.

    මොකද එතන වෙන්නේ මෘදු සිපගැනීමක් නිසා. ඔබ සිපාචාර දක්වන කෙනා වැරදි ලෙසට තේරුම් ගන්නට හැකියාව තිබෙනවා.


    Source : http://www.aniwa.lk/
     
    Last edited:
    • Like
    Reactions: dark92b

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    What i want to say is; අතට අත දෙනකොට කෙලින්ම ඇස් දිහා බලපන්...