Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Share Market Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැපී පෙනෙන ආර්ථික දායකත්වයක් සහ කොවිඩ්-19 සහන මාලාවක් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව සිය සියවස් සැමරුම් වර්ෂය අවසන් කරයි

කොමර්ෂල් බැංකුවේ සියවස් පූර්ණය යෙදී තිබූ 2020 වසරේදී බැංකුව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ශ්‍රී ලාංකිකයින්ට නැවත නැගී සිටීම සඳහා රුපියල් බිලියන 30 කට ආසන්න නව සහන ණය ලබාදී දුන් බව පවසයි. මේ අනුව, බැංකුව මෙරට පුද්ගලික වාණිජ බැංකු අතර වඩාත් නොමසුරු ණය ලබාදෙන්නා ලෙස පසුගිය වසර අවසන් කරනු ලැබූ බවත් සඳහන් කරයි.

බැංකුව විසින් මෙපමණ විශාල සහන ණය ප්‍රමාණයක් ලබාදී තිබෙන්නේ රුපියල් බිලියන 443 ක්වූ ප්‍රාග්ධන වටිනාකමක් සහිත ණය සහ ක්‍රෙඩිට් කාඞ්පත් ශේෂයන්ට දැනටමත් ලබාදී තිබෙන ණය, ප්‍රාග්ධන හෝ පොලී සහන වලට අමතරවය.

‘අපි වසර ආරම්භ කළේ බැංකුවේ සියවස සැමරීම වෙනුවෙන් ප්‍රජා වැඩසටහන් රැසක් සැලසුම් කරමිනුයි. නමුත්, කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ සහ ව්‍යාපාරවල පැවැත්ම තහවුරු කිරීම සඳහා කඩිනම් කාර්යභාරයක් සිදුකිරීමට ඇති බව වටහාගත් අපි ඒ සඳහා ඉක්මනින් කැපවුණා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘මෙරට පුද්ගලික බැංකු අතුරින් කොවිඞ්-19 සහන ණය පහසුකම් ලබාදුන් ප්‍රමුඛයා බවට පත්වෙමින් පසුගිය වසර අවසන් කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. අපි මෙම සහන ණය ලබාදීම අඛණ්ඩවම සිදුකරනවා.’

කොමර්ෂල් බැංකුව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර සඳහා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා 2020 දෙසැම්බර් 30 වනදා වනවිට බහුවිධ සහන ණය යෝජනා ක්‍රම යටතේ රුපියල් බිලියන 29.6 ක කොවිඞ්-19 සහාය ණය පහසුකම් ලබාදී තිබේ. මේ යටතට මහ බැංකුව විසින් නියම කළ ණය යෝජනා ක්‍රම මෙන්ම බැංකුවේ ණය යෝජනා ක්‍රම 2 ඇතුළත් වේ.

මීට අමතරව, බැංකුව විසින් සිය විශේෂ ණය යෝජනා ක්‍රම දෙක වන කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට සහන ණය ලබාදෙන ණය යෝජනා ක්‍රමයට සහ වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ක්ෂුද්‍ර ව්‍යවසායන් සඳහා සහන ණය ලබාදෙන ‘දිරිශක්ති කොවිඞ්-19 සහාය ණය’ යෝජනා ක්‍රමය සඳහා අරමුදල් සපයන ලදී. මේ අනුව, බැංකුව විසින් සිය ණය යෝජනා ක්‍රම යටතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය 102 ක් සපයමින් රුපියල් බිලියන 1.4 ක මුදලක් ලබාදී තිබෙන අතර ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට ණය 313 ක් සපයමින් රුපියල් මිලියන 34 ක මුදලක් ලබාදී ඇත.

2020 වසරේදී රුපියල් ටි්රලියන 1.5 ක වත්කම් සීමාව පසුකළ රුපියල් ටි්රලියන 01 කට අධික තැන්පතු තිබෙන රුපියල් බිලියන 900 ක ණය ලබාදී තිබෙන මෙරට පළමු පුද්ගලික වාණිජ බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්විය. මේ අතර, බැංකුව විසින් නව්‍ය වූ බැංකු සේවා රැසක් හඳුන්වා දුන් අතර ඒ අතරට නවාංග මාලාවක් සහිතව ‘කොම්බෑන්ක් ඩිජිටල්’ අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය වැඩිදියුණු කිරීම, භාෂා තුනෙන්ම සේවා ලබාදෙන ඒකාබද්ධ සම්බන්ධතා මධ්‍යස්ථානයක් හඳුන්වාදීම, ලංකාවේ පළමු වරට ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා QR සක්‍රීය ගෙවීම් විකල්පයක් හඳුන්වාදීම සහ ශ්‍රී ලංකාවේ පළමු වරට WhatsApp බැංකුකරණයක් හඳුන්වාදීම ඇතුළත් වේ.

සමාජ සත්කාරක සේවා දෙස බැලීමේදී කොමර්ෂල් බැංකුව කොවිඞ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කළ අතර ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් දියත් කර තිබෙන ‘තුරු මිතුරු’ ව්‍යාපෘතිය සමගද එක්වී තිබේ. මේ අතර, මෙරට තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය නැංවීමේ අරමුණෙන් බැංකුව විසින් අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර 200 ක් පරිත්‍යාග කර තිබෙන අතර පාසැල් 50 ක ‘කෝඩින් ක්ලබ්ස්’ ආරම්භ කර ඇත. එසේම, බැංකුවේ සියවස් සැමරුමට සමගාමීව පාසැල් 100 ක STEM(විද්‍යාව, තාක්ෂණය, ඉංග්‍රීසි, ගණිතය) පන්ති කාමර 100 ක් ආරම්භ කිරීමේ වැඩසටහනක්ද බැංකුව විසින් ආරම්භ කර තිබෙන අතර වියලි කළාපයේ හෙක්ටයාර් 100 ක වන වගාව නැවත ආරම්භ කිරීමේ වැඩසටහනක්ද දියත් කර ඇත.

ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ මූල්‍ය ආයතනය වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් පවත්වාගෙන යයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

enbsl

2021-01-19

කොටස් වෙළෙඳපොළට කළු සල්ලි ඇවිත් ද?

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හරහා පසුගිය දින කිහිපය තුළ දී ඉහළ පිරිවැටුමක් වාර්තා වීමත් සමඟම කොටස් වෙළෙඳපොළ වෙත මෙයාකාරයෙන් නව මුදල් ගලා ඒමක් සිදුවූයේ කෙලෙසද යන කාරණය බොහෝ දෙනාගේ සාකච්ඡාවට භාජනය වී තිබේ. මේ අතර ඇතැම් පාර්ශව විසින් මෙහිදී කළු සල්ලි සුදු කිරීමක් හෙවත් මුදල් විශුද්ධීකරණයක් කොටස් වෙළෙඳපොළ හරහා සිදුවන බවට චෝදනා කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරගැනීම සඳහා අද දෙරණ Biz විසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කරන ලදී. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය මෙලෙස කරුණු පැහැදිලි කිරීමක් සිදුකළාය.

“කොටස් වෙළෙඳපොළට ගලා එන සියලු මුදල් පැමිණෙන්නේ බැංකු පද්ධතිය හරහා. දැනටමත් මූල්‍ය බුද්ධි ඒකකය විසින් මුදල් ගලා ඒම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය හා ඒවා වාර්තා කළ යුතු ආකාරය පිළිබඳව බැංකු වෙත මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. බැංකු විසින් මේ උපදෙස් අනුගමනය කරනු ලබනවා. ඒ වගේම මූල්‍ය බුද්ධි ඒකකය ඔවුන්ගේ සාමාන්‍ය කටයුතු ඒ ආකාරයෙන් පවත්වා ගෙන යනවා.“

2021 වසරේ ඊයේ (18) දිනය දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුව ඇති ගනුදෙනුවල සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 83 ඉක්මවා තිබේ. මෙය 2020 වසරේ සමස්ත පිරිවැටුම මෙන් 21% ක් වන අතර 2019 වසරේ සමස්ත ගනුදෙනු පිරිවැටුම මෙන් 48% ක ප්රමාණයකි.

deranabiz

------ Post added on [DATETIME="UT"]1611045797[/DATETIME]

[QUOTE="samsri, post: 26063723, member: 567365"] [HEADING=2][B][COLOR=rgb(184, 49, 47)]කැපී පෙනෙන ආර්ථික දායකත්වයක් සහ කොවිඩ්-19 සහන මාලාවක් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව සිය සියවස් සැමරුම් වර්ෂය අවසන් කරයි[/COLOR][/B][/HEADING] කොමර්ෂල් බැංකුවේ සියවස් පූර්ණය යෙදී තිබූ 2020 වසරේදී බැංකුව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ශ්‍රී ලාංකිකයින්ට නැවත නැගී සිටීම සඳහා රුපියල් බිලියන 30 කට ආසන්න නව සහන ණය ලබාදී දුන් බව පවසයි. මේ අනුව, බැංකුව මෙරට පුද්ගලික වාණිජ බැංකු අතර වඩාත් නොමසුරු ණය ලබාදෙන්නා ලෙස පසුගිය වසර අවසන් කරනු ලැබූ බවත් සඳහන් කරයි. බැංකුව විසින් මෙපමණ විශාල සහන ණය ප්‍රමාණයක් ලබාදී තිබෙන්නේ රුපියල් බිලියන 443 ක්වූ ප්‍රාග්ධන වටිනාකමක් සහිත ණය සහ ක්‍රෙඩිට් කාඞ්පත් ශේෂයන්ට දැනටමත් ලබාදී තිබෙන ණය, ප්‍රාග්ධන හෝ පොලී සහන වලට අමතරවය. ‘අපි වසර ආරම්භ කළේ බැංකුවේ සියවස සැමරීම වෙනුවෙන් ප්‍රජා වැඩසටහන් රැසක් සැලසුම් කරමිනුයි. නමුත්, කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ සහ ව්‍යාපාරවල පැවැත්ම තහවුරු කිරීම සඳහා කඩිනම් කාර්යභාරයක් සිදුකිරීමට ඇති බව වටහාගත් අපි ඒ සඳහා ඉක්මනින් කැපවුණා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘මෙරට පුද්ගලික බැංකු අතුරින් කොවිඞ්-19 සහන ණය පහසුකම් ලබාදුන් ප්‍රමුඛයා බවට පත්වෙමින් පසුගිය වසර අවසන් කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. අපි මෙම සහන ණය ලබාදීම අඛණ්ඩවම සිදුකරනවා.’ කොමර්ෂල් බැංකුව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර සඳහා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා 2020 දෙසැම්බර් 30 වනදා වනවිට බහුවිධ සහන ණය යෝජනා ක්‍රම යටතේ රුපියල් බිලියන 29.6 ක කොවිඞ්-19 සහාය ණය පහසුකම් ලබාදී තිබේ. මේ යටතට මහ බැංකුව විසින් නියම කළ ණය යෝජනා ක්‍රම මෙන්ම බැංකුවේ ණය යෝජනා ක්‍රම 2 ඇතුළත් වේ. මීට අමතරව, බැංකුව විසින් සිය විශේෂ ණය යෝජනා ක්‍රම දෙක වන කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට සහන ණය ලබාදෙන ණය යෝජනා ක්‍රමයට සහ වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ක්ෂුද්‍ර ව්‍යවසායන් සඳහා සහන ණය ලබාදෙන ‘දිරිශක්ති කොවිඞ්-19 සහාය ණය’ යෝජනා ක්‍රමය සඳහා අරමුදල් සපයන ලදී. මේ අනුව, බැංකුව විසින් සිය ණය යෝජනා ක්‍රම යටතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය 102 ක් සපයමින් රුපියල් බිලියන 1.4 ක මුදලක් ලබාදී තිබෙන අතර ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට ණය 313 ක් සපයමින් රුපියල් මිලියන 34 ක මුදලක් ලබාදී ඇත. 2020 වසරේදී රුපියල් ටි්රලියන 1.5 ක වත්කම් සීමාව පසුකළ රුපියල් ටි්රලියන 01 කට අධික තැන්පතු තිබෙන රුපියල් බිලියන 900 ක ණය ලබාදී තිබෙන මෙරට පළමු පුද්ගලික වාණිජ බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්විය. මේ අතර, බැංකුව විසින් නව්‍ය වූ බැංකු සේවා රැසක් හඳුන්වා දුන් අතර ඒ අතරට නවාංග මාලාවක් සහිතව ‘කොම්බෑන්ක් ඩිජිටල්’ අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය වැඩිදියුණු කිරීම, භාෂා තුනෙන්ම සේවා ලබාදෙන ඒකාබද්ධ සම්බන්ධතා මධ්‍යස්ථානයක් හඳුන්වාදීම, ලංකාවේ පළමු වරට ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා QR සක්‍රීය ගෙවීම් විකල්පයක් හඳුන්වාදීම සහ ශ්‍රී ලංකාවේ පළමු වරට WhatsApp බැංකුකරණයක් හඳුන්වාදීම ඇතුළත් වේ. සමාජ සත්කාරක සේවා දෙස බැලීමේදී කොමර්ෂල් බැංකුව කොවිඞ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කළ අතර ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් දියත් කර තිබෙන ‘තුරු මිතුරු’ ව්‍යාපෘතිය සමගද එක්වී තිබේ. මේ අතර, මෙරට තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය නැංවීමේ අරමුණෙන් බැංකුව විසින් අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර 200 ක් පරිත්‍යාග කර තිබෙන අතර පාසැල් 50 ක ‘කෝඩින් ක්ලබ්ස්’ ආරම්භ කර ඇත. එසේම, බැංකුවේ සියවස් සැමරුමට සමගාමීව පාසැල් 100 ක STEM(විද්‍යාව, තාක්ෂණය, ඉංග්‍රීසි, ගණිතය) පන්ති කාමර 100 ක් ආරම්භ කිරීමේ වැඩසටහනක්ද බැංකුව විසින් ආරම්භ කර තිබෙන අතර වියලි කළාපයේ හෙක්ටයාර් 100 ක වන වගාව නැවත ආරම්භ කිරීමේ වැඩසටහනක්ද දියත් කර ඇත. ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ මූල්‍ය ආයතනය වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් පවත්වාගෙන යයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ. enbsl [HR][/HR] [HEADING=2]2021-01-19[/HEADING] [HEADING=2][B][COLOR=rgb(226, 80, 65)]කොටස් වෙළෙඳපොළට කළු සල්ලි ඇවිත් ද?[/COLOR][/B][/HEADING] කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හරහා පසුගිය දින කිහිපය තුළ දී ඉහළ පිරිවැටුමක් වාර්තා වීමත් සමඟම කොටස් වෙළෙඳපොළ වෙත මෙයාකාරයෙන් නව මුදල් ගලා ඒමක් සිදුවූයේ කෙලෙසද යන කාරණය බොහෝ දෙනාගේ සාකච්ඡාවට භාජනය වී තිබේ. මේ අතර ඇතැම් පාර්ශව විසින් මෙහිදී කළු සල්ලි සුදු කිරීමක් හෙවත් මුදල් විශුද්ධීකරණයක් කොටස් වෙළෙඳපොළ හරහා සිදුවන බවට චෝදනා කරමින් සිටී. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරගැනීම සඳහා අද දෙරණ Biz විසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කරන ලදී. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය මෙලෙස කරුණු පැහැදිලි කිරීමක් සිදුකළාය. “කොටස් වෙළෙඳපොළට ගලා එන සියලු මුදල් පැමිණෙන්නේ බැංකු පද්ධතිය හරහා. දැනටමත් මූල්‍ය බුද්ධි ඒකකය විසින් මුදල් ගලා ඒම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය හා ඒවා වාර්තා කළ යුතු ආකාරය පිළිබඳව බැංකු වෙත මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. බැංකු විසින් මේ උපදෙස් අනුගමනය කරනු ලබනවා. ඒ වගේම මූල්‍ය බුද්ධි ඒකකය ඔවුන්ගේ සාමාන්‍ය කටයුතු ඒ ආකාරයෙන් පවත්වා ගෙන යනවා.“ 2021 වසරේ ඊයේ (18) දිනය දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුව ඇති ගනුදෙනුවල සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 83 ඉක්මවා තිබේ. මෙය 2020 වසරේ සමස්ත පිරිවැටුම මෙන් 21% ක් වන අතර 2019 වසරේ සමස්ත ගනුදෙනු පිරිවැටුම මෙන් 48% ක ප්රමාණයකි. deranabiz ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1611045797[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom