අපගේ ධර්මස්වාමී වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් පණිවිඩය සකල ලෝ වාසී දෙව් මිනිසුන්ගේ යහපත උදෙසා පතුරුවාලීම පිණිසත් අප ලක් වැසියන් හට ආර්ථික, සමාජීය නිසි මග පෙන්වීමන් ලබාදෙනු පිණිසත් සරණක් ඇවැසි අපේ ම සහෘදයන් වෙත කරුණා පෙරදැරිව සෙනෙහසින් අතදෙනු පිණිසත් අපේ කම, අපේ දේ සුරකින අභිමානවත් ජාතියක් තනනු පිණිසත් 2013 දුරුතු මස පුන් පොහෝ දින අපගේ ගුරුදේවෝත්තම අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් ඇරඹි ශ්‍රද්ධා ගුවන්විදුලිය තවතවත් දේශයට යහපත උදාකරලීමට ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2560 වන ශ්‍රී බුද්ධ වර්ෂ ලැබීමත් සමගින් සාමාන්‍ය ගුවන්විදුලි නාලිකාවක් ලෙස FM තරංග මාලා 105.2 න් දිවයින පුරා ගුවනට මුසු වූ වගයි. (source: shraddha.lk)