කැප්‍රියෝගේ චරිතයට "පිස්සුව" සනීපද නැද්ද කියන එක තීරණය වෙන්නේ ෆිල්ම් එකේ අවසාන මොහොතේ කියන දෙබසකින්. මට මතක විදියට නම්, " to live as a monster or to die as a good man?". ඩිකැප්‍රියෝ පඩියේ වාඩි වෙලා ඉන්නකොට රෆලෝ ලගට ඇවිල්ලා සිගරට් එකකුත් දීලා, ඩිකැප්‍රියෝ තාමත් ෆැන්ටසියක ඉන්නවද කියල චෙක් කරනව නේ. මට තේරුන විදියට නම් ඩිකැප්‍රියෝට තේරුනා, රෆලෝ මොකක්ද කරන්නේ කියලා. ඩිකැප්‍රියෝ එතෙන්දි ඇක්ට් කරනව තමන් තාමත් ෆැන්ටසියක තමයි ජීවත් වෙන්නේ කියලා. රෆලෝ ඔළුව වනලා 'නොඩ්' එක දෙනවා 'ලොබොටොමි' ඔපරේෂන් එක කරන්න. අන්න එතනදි තමයි කැප්‍රියෝ අර දෙබස කියන්නේ. ඒ දෙබස අනුව මං තේරුම් ගත්තේ, කැප්‍රියෝගේ 'පිස්සුව' සනීපයි ඒත් ඒකෙන් අදහස් වෙනවා කැප්‍රියෝ දැන් හොද සිහි බුද්ධිය තියෙන කෙනෙක්, ඒත් වරදකාරී පුද්ගලයෙක් කියලා ( මොකද මිනිහා තමන්ගේ නෝනගේ ඩිප්‍රෙශන් එක නොසලකා ඉදපු නිසා නෝනා අන්තිමේදි ළමයි මැරුවා. ඉන්ඩිරෙක්ටි මිනිහා තමයි නෝනගේ පිස්සුව වැඩි වෙන්නත් ළමයින්ගේ මරණ වලටත් හේතුව වෙන්නෙ කියල කැප්‍රියෝ හිතනවා). ඉතින් කැප්‍රියෝ හිතනව පිස්සුව හොදයි කියල ඔප්පු කරලා නමුත් වරදකාරී මිනිහෙක් (monster) විදියට සමාජයට යනවට වඩා පිස්සෙක් කියලා ඒත්තු ගන්වලා ලොබොටමයිස් වෙලා හොද මිනිහෙක් (මෙතන හොද මිනිහෙක් කියල අදහස් වෙන්නේ, ෆැන්ටසියේ ඇතුලේ කැප්‍රියෝ US Marshall? කෙනෙක් නිසා) විදියට මැරිලා යන එක හොදයි කියලා. (ලොබොටමයිස් කරනව කියන්නේ මැරුනා වගේ තමයි.)
මට චිත්‍රපටිය තුන් පාරක් බලන්න උනා ඔය ටික තේරුම් ගන්න.