SIFCO..මොකක්ද බන් මේ

j.a.sudesh

Junior member
  • Dec 14, 2012
    85
    27
    18
    37
    SIFCO..මොකක්ද බන් මේ

    අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම සඳහා රජය සතු විශේෂ යටිතල පහසුකම් සමාගමක් (SIFCO) ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    කාර්යක්ෂම සහ ඵලදායී මෙහෙයුම් යොදාගනිමින් වගකීම් සහගතව අරමුදල් කළමනාකරණය කරමින් රටෙහි සංවර්ධනය වේගවත් කිරීමට දායක වන ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම සඳහා මූලිකත්වය දීම රජයේ ප්‍රතිපත්තිය බව එම අමාත්‍ය මණ්ඩල යෝජනාවේ දැක්වේ.

    ඒ අනුව, හඳුනාගත් අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල ප්‍රශස්ත කාර්යක්ෂමතාවකින් ආයෝජනය කිරීමට ඉඩ සැලසෙන පරිදි, ශ්‍රී ලංකා රජයට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අයත්, වගකීමෙන් සීමිත පොදු සමාගමක් ලෙස 'විශේෂ යටිතල පහසුකම් සමාගම' (SIFCO) ස්ථාපනය කිරීමටත්, දැනට ඉදි කරනු ලැබ ඇති දක්ෂිණ, පිටත වටරවුම්, කොළඹ - කටුනායක යන අධිවේගී මාර්ගවල, ඉදි කෙරෙමින් පවතින හා අනාගතයේ ඉදි කෙරෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල වත්කම් එම සමාගම වෙත පැවරීමටත්, එම වත්කම් පදනම යොදාගනිමින් ආයෝජකයින්ගෙන් ප්‍රාග්ධනය ඉපයීමට හෝ එම වත්කම් ඇපයක් වශයෙන් යොදාගනිමින් නව අධිවේගී මාර්ග ඉදි කිරීම සඳහා ණය ලබාගැනීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.