SINHABAHU - සිංහබාහු

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    (මෙහි ඇති පින්තූර මනක්කල්පිත බවත් කතාවට අලංකරණයක් ලෙස යොදා ගත් බවත් කරුණාවෙන් සළකන්න . . .)

    සිංහබාහු

    image-4BBA_4BD9CD71.jpg


    ශ්‍රී ලංකාවේ ‍ෙඑතිහාසික ලේඛනය වන මහාවංශයහි ලේඛනගත කොට ඇති ජනප්‍රවාදය අනුව,සිංහබාහුගේ පියා සිංහයෙක් වූ අතර ඔහුගේ මව වංග කුමාරිකාවක් වූවාය. ඔහුගේ අත් සහ පා සිංහයෙකුගේ පය මෙන් විය. ඔහුට සිංහසීවලී නමින් සොහොයුරියක් විය.
    සිංහසීවලී කුමරිය සිය පිරිවර සමගින් වනය මැදින් ගමන් කරද්දී මෙම සිංහයා පැමිණ පිරිවර පලවා හැර කුමරිය සිය පිට මත තබා වන වැදුනු බව කියති. පසුව මෙම සිංහයා ඉමහත් ආදරයෙන් කුමරිය රැක බලා ගත් බවද ඔහුට දාව සිංහබාහු හා සිංහසීවලී යන දෙදරුවන් උපන් බවද ජනප්‍රවාදයන්හි කියැවේ. තම බිරියට හා දරු දෙදෙනාට ඇවැසි සියළු දේ සිංහයා විසින් සැපයූ නමුදු ඔවුන් හට සිංහ ගුහාවෙන් පිටතට යෑම තහනම් විය.සිය පුතා වැඩිමහළු වූ කල සිංහ ගුහාව විසල් ගලකින් අහුරා සිංහ තෙම කෑම සපයා ගැනීම උදෙසා පිටත්වූ බව පැවසේ.

    image-B280_4BD9CD71.jpg


    සිංහබාහු හට වයස දහසයක් වූ කල විසල් ගල පෙරලා තම මව හා සෙහොයුරිය සමග වංග දේශයේ අගනුවර වෙත පලා ගිය බව පැවසේ. පළමුව අතිශය දුකට පත්වූ සිංහයා පසුව වියරු වැටී ගම් නියම් ගම් පැන මිනිසුන් මරා දැමීමට පටන් ගෙන ඇත. සිංහයා මැරීමට කිසිවකු සමත් නොවූ කල සිංහබාහු ඉදිරිපත් වීළු. පුතු දුටු කල සිංහයා සෙනෙහසින් ඉදිරියට පැමිණි කල, සිංහබාහු තම දුන්නෙහි තැත මුදවා සිංහයාගේ හදවත පසාරු කලේලු.එම "වීර" ක්‍රියාවට වංග දේශයේ කිරුළ සිංහබාහුට පිරිනැමුනු බව කියැවේ.
    මෙය නිෂ්ප්‍රභා කල ඔහු, තම මවගේ ජන්ම භූමිය වන ලාට රටෙහි සිංහපුර නමින් නව පුරවරයක් පිහිටුවා සිංහසීවලී ආවහ කොට ගෙන ජීවත් වීළු. ඔවුනට දරුවන් තිස් දෙදෙනෙකු ලැබුනු අතර, වැඩිමහල්ලා විජය වූ අතර සුමිත්ත දෙවැන්නා විය.


    image-C7F5_4BD9CD71.jpg


    ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
    සිංහබා සිංහබා සිංහබා

    මා සොදුර මා සොදුර මා සොදුර
    සිංහ සීවලී මා ප්‍රිය දියණිය
    ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
    ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්
    මම දැන ගතිමි මම සැක කලෙමි
    සිංහබා සිංහබා සිංහබා

    ලෙන තුල නොවෙති
    පෙරලා නොඑති
    මම දැන ගතිමි මම සැක කලෙමි
    සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය
    අහර පිසන්නිය
    සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය
    අහර පිසන්නිය

    image-DD66_4BD9CE87.jpg


    කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
    වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය
    කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
    වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය

    image-93EF_4BD9CD71.jpg


    ඈත් ගොසින්ය ඈත් ගොසින්ය
    ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ
    ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ
    සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත
    සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත
    ඔහුගේ අණටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී
    ඔහුගේ අණටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී






    sinhalese.jpg

     
    • Like
    Reactions: ~ Fiona ~

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සිංහලයන්ගේ මුල් රට

    සිංහලයන්ගේ මුල් රට


    image-D726_4BD9D5F2.jpg

    සිංහල බෞද්ධයා පුවත්පත් සාරගර්භ ලිපි සහ පුවත් වලින් පොහොසත් වෙමින් ආයෙත් මහජනයා අතර ජනප‍්‍රිය වෙන බව අසන්ට ලැබීම ප‍්‍රීතියට කාරණයකි. එදා අනගාරික ධර්මපාලතුමා නිදාගෙන සිටි සිංහලයන් අවදිකිරීම සදහා යොදගත් මෙම පුවත්පත ජාතික වස්තුවකි. සිංහල බෞද්ධයා පත‍්‍රයේ මැදින් කලාපයේ ප‍්‍රධාන ලිපිය මගින් සිංහලයාගේ මුල්බිම ගුජරාටය බව අවධාරනය කර තිබේ. සුප්පාදේවිය විසුවේත් සිංහබාහු සිංහපුරය ගොඩනැගුවේත් විජය පිරිස මුහුදු ගමනට පිටත් වුයේත් ගුජරාටයෙන් බව ලිපියෙන් පෙන්වා දෙයි.

    ගුජරාටය සිංහලයන්ගේ මුල් රට

    ඓතිහාසික සාධක ඕනෑවටත් වඩා තිබියදීත් මෙපමණ කාලයක් වෙනතුරා ලංකාවෙ ඉතිහාසඥයින්ඩ සිංහලයන්ගේ මුල්බිම් හොයාගන්ඩ හැකි වෙලා නැහැ. ඊට මුළික හේතුව යුරෝපීය ඉතිහාසඥයින් කියපු කතා ඇදහීමයි. ඔවුන් වංශකතා සැකයට ලක්කිරීම සම්ප‍්‍රදායක් කරගෙන තියෙනව. හුගදෙනෙක් වංශකාව්‍යයන්හි අඩංගු තොරතුරු බොරුය යන අදහස දරනව.
    ලාට රටින් විජය කුමාරයා ප‍්‍රධාන 700 යක් පිරිස නැව් නැංග බව මහාවංශයේ සදහන්ව තියෙනව. ලාට කොහෙවත් නොවෙයි ගුජරාටයටයි. පැරණි ලාට රාජධානිය නර්මදා හා තප්ති ගංගා අතර පැතිර ගිය ප‍්‍රදේශය යැයි ගුජරාති ඉතිහාසඥයින් පෙන්වා දෙනව. මහාවංශයේ විජය කතාවෙහි රාජධානි කිහිපයක් ගැනම සදහන් වෙනව. මෙයින් කාලිංග කුමාරියක් පාවාගත් රජු විසු වගුරට තමා සුරාෂ්ට‍්‍රය. එරටේ රජකුමරියක් සදහා සුප්පාදේවී නම ලැබෙන්නෙ සුරාෂ්ට‍්‍රයේදේවී යන අරුතිනුයි. සුප්පාදේවියගේ පුත‍්‍ර සිංහබාහු වගු රට අටවියෙහි සිංහපුර නමින් අඵත් නුවරක් හැදු බවයි මහාවංශය කියන්නෙ. මෙය ලාට දේශය බව වැඩි විස්තර විභාගකරද්දි පැහැදිලි වෙනව.

    ස්වර්ණමතී ( සිංහලට කැළණි * ගංගාවේ මුවදොර පිහිටි ලෝතාල පටුන තමයි ලෝකයේ පැරණිම නාවික වරාය. මෙතනින් තමා විජය සහ පිරිස පිටත්වෙලා තියෙන්නෙ. විජය සුප්පාරක පටුනට ගිය බව වංශකතාවේ සදහන් වෙනව. ඊට හේතුව සුප්පාරකය තම මවගේ රටවිමයි. සුරාෂ්ට‍්‍රයෙහි වු ප‍්‍රධාන පටුනක් භාරුකච්ච ලෙසින් වංශකතාවෙ සදහන් වෙනව. මෙය මීට සමාන නමකින් ග‍්‍රීක වාර්තාවල සදහන්ව තියෙනව.

    සුප්පාදේවි රහසින් රජවාසලින් පිටවී මගධයට යන තවලමක එක්ව යන අතරමගදී ඉදිරියට පැමිණි සිංහයෙක් ඇයව භාර්්‍යාව කරගත් බව සදහන් වෙන මහවංශ පුවත මිථ්‍යාවක් කියල බැහැර කරන්නෙ පුරාන ඉන්දීය චාරිත‍්‍ර සහ වංශකතා රචනා වෙලා තියෙන ක‍්‍රමය හරියට තේරුම් නොගත් නිසයි. මේ පැහැර ගැනීම පැරණි විවාහ චාරිත‍්‍රයක්. පණ්ඩුකාභය කුමාරය ස්වර්ණපාලිව පැහැර ගත්තෙ ඒ චාරිත‍්‍රය පිළිපදිමිනුයි. ගුජරාටයේ පමණක් නොවෙයි රාජපුතානා හා පංජාබ් පලාත්හි ආර්්‍ය රාජධානිවලත් මෙම විවාහ චාරිත‍්‍රය පැවතුනි. විජය කුවේණිය පාවාගෙන ඇත්තෙත් ඒ රාක්ෂ විවාහ චාරිත‍්‍රය විදිහටයි.

    සිංහල ඉතිහාසය විස්තර කරපු බොහොමයක් ඉතිහාසඥයින් මුලාශ‍්‍රයන් හරියට අධ්‍යයනය නොකිරිම ඊලාම් ඉතිහාසයක් ගොඩනැංවිමට මුළික හේතුව වශයෙන් සදහන් කරන්ඩ පුඵවනි. එළාර කියන්නෙ තමිල්නාඩුවලින් ආපු සෙනවියෙක් නොවෙයි. ඔහුත් ගුජරාටියෙක්. මහාවංශයේ දමිල යන වචනය යොදන්නෙ තමිල් කියන අර්ථයෙන් නොවෙයි. සිංහල රාජධානි බිහිවෙන කාලෙ අද ඉන්න තමිල් ජනවර්ගය ඉදල නැහැ. සිංහල වර්ගයා බිහිවී සියවස් ගණනාවක් ගියාට පස්සෙ චෝල යුගයේ තමයි ජන වර්ගය හැදෙන්නෙ.

    2010 ජනවාරි මාසයේ ගුජරාටයේ අති විශේෂ බෞද්ධ සම්මේලනයක් පැවැත්වුනා. ඊට කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අනුර මනතුංග ඉතාම අගනා ඉතිහාස ලිපියක් ඉදිරිපත් කර තියෙනව. ගුජරාතයේ බෞද්ධ ඉතිහාසය ලංකාවේ මුලාශ‍්‍ර ඇසුරෙන් පැහැදිලි කරන ආචාර්ය මනතුංගගේ එම ලිපිය ලංකාව වෙනුවෙන් කළ ජාතික සේවාවක් හැටියට සලකන්ට පුඵවනි. එහි ගුජරාතයේ සෙල්ලිපියක සදහන් වෙන භික්ෂුණ්ට ලෙන් තැනවු බුද්ධමිත‍්‍රක හා බුද්ධ රක්ෂිත කියන සිංහල අශ්ව වෙළදුන් දෙදෙනාගේ ප‍්‍රවෘත්තිය මගින් පැහැදිලි වෙන්නෙ අනුරාධපුර යුගයේ සිංහලයින් මවුරට සමග සම්බන්ධතා පවත්වාගෙන ගිය පිළිවෙලයි.

    මහාවංශයේ සේන සහ ගුත්තික කියන අශ්ව වෙළෙන්දන් දෙදෙනක් අනුරාධපුර සිංහාසනය පැහැර ගත්තා කියල සදහන් වෙනව. මේ දෙදෙනාත් ගුජරාටින්. චෝලයන් නැගි එන්ඩ පෙර අනුරාධපුරයේ රජකම සදහා සටන්වැදී ඇති රජවරු සියඵ දෙනාම ගුජරාටයට සම්බන්ධයි. වංශකතාවෙ ඔවුන් දෙමඵ වශයෙන් හදුන්වන්නෙ තමිල් කියන අර්ථයෙන් නොවෙයි. ඉස්සර බුදුසසුන සා ජෛන සසුන අතර විශාල තරගයක් තිබිල තියෙනව. විශේෂයෙන්ම ගුජරාතයේ. මේ තරගය ලංකාවටත් බලපෑම්කරල තියෙනව.

    ලංකාව සහ සින්දු නිම්න ශිෂ්ටාචාරය අතර ඉතා දිර්ඝ කාලයක පටන් සම්බන්ධකම් පැවතුනා. පරණවිතාන ඉන්දු නිම්න අක්ෂර ලංකාවේ බ‍්‍රාහ්මී අක්ෂර අනුසාරයෙන් කියවීමට දැරූ උත්සාහය නිවැරදියි. සිංහල අක්ෂර මාලාව සහ සින්දු අක්ෂර මාලාව අතර සමානකම් තියෙනව. සින්දු සංස්කෘතිය පැතිර පැවති කාලයෙත් සින්දු ශිෂඨචාරය ලංකාව සමග සම්බන්ධකම් පවත්වා තියෙනව. ගුජරාතය සින්දු සංස්කෘතියේ අති විශේෂ භුමි කලපායක්.

    ගුජරාතයේ ලෝතාල් වරාය හරප්පා ශිෂ්ඨාචාරයේ නාවික කේන්ද්‍රස්ථානය ලෙසින් පැවතුනා. සින්දු නදිී ප‍්‍රදේශයේ සියලූම නගර සමග සම්බන්ධකම් පැවැත් වු ස්වර්මතී ගංගාව මුහුදට වැටෙන මුවදොරහි පිහිටි මෙම වරාය අසල පිහිටි නගරය ඉතාම ක‍්‍රමානුකුලව ඉදිකර තිබු නගරයක්. ලෝතාල්හි පුරාවිද්‍යා පර්යේෂණ ආරම්භ කළේ එස්. ආර්. රා ඕ විසිනුයි. ඔහු ලෝතාල් ජාත්යන්තර වරායකට පමණක් සීමා කළේ නැහැ. එය සින්දු නදි ශිෂ්ටාචාරයට කපු වී සහ පබඵ සැපයු ප‍්‍රදේශයක් බව පැහැදිලි කෙරුව. විජයාගමණය කතාවේ ලංකාවේ විජය පදිංචි වෙන ප‍්‍රදේශයේ ඒ ප‍්‍රධාන නිෂ්පාදන තුනම ප‍්‍රධාන කර්මාන්ත හැටියට කෙරුන බව සදහන් වෙනව. මේ විතරක් නොවෙයි කතා කරන හා ලියන සිංහල භාෂාව ඇතුඵ සිංහල ජිවිතයට මුළික වු බොහොම දේවල් ගුජරාටය සමග සම්බන්ධයි.

    සිංහලයන්ගේ ගුජරාත මුළ පිළිබදව බොහෝ ඓතිහාසික සාධක තියෙනව. සංස්කෘතික ඇමතිවරයා ඉදිරිපත් වෙලා රජය සම්බන්ධ කරගෙන රාජ්‍ය මට්ටමින් ගුජරාත් ප‍්‍රාන්ත නායකයිනුත් සමග සිංහලයින්ගේ නෑදැ සබදතා පිළිබද සංවාදයක් ආරම්භ කළ යුතුයි. මෙය සිංහලයන්ට මෙන්ම ගුජරාතීන්ටත් ඉතාම ආනන්දජනක ඒවාගේම ප‍්‍රයෝජණවත් කටයුත්තක් වෙනවා ස්ථිරයි. එහෙම කළොත් බොහොම කෙටි කාලයකින් සිංහලයින්ට ඔවුන්ගේ නැදෑයින් සමග යළි පෑහෙන්ට අවස්ථාව එළඹේවි.




    toplankanews
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හොද පොස්ට් එකක් බ්‍රෝ
    ඉතාමත් වටිනා පොස්ට් එකක්
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    godak watinawa yahaluwa meka godak dewal denagaththa thanks thanks thanks

    rep denna behelu

    You must spread some Reputation around before giving it to hemalsilva again