Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sinhala tripitakaya(only 17.7mb, html with eng n pali) සිංහල ත්රිපිටකය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුන් පිරිනිවී දෙදහස් පන්සියවසක් ඉක්ම ගොසිනි. බුදුරදුන් අද ජීවමාන ව වැඩසිටියේ නැතත් උන්වහන්සේ පන්සාලිස්වසක් දේශනා කළ ධර්ම විනය අද ත් ලෝකයේ බබළයි. පන්සාලිස්වසක් දේශනා කළ උතුම් ධර්මය ප්රධාන වශයෙන් විනය පිටකය, සුත්ර පිටකය, අභිධර්ම පිටකය ලෙසින් කොටස් තුනකින් සමන්විත ය. "ආනන්දය, මා පිරිනිවන්පාන්නා වූ එක් බුදුවරයකු පමණයි. මගෙන් පසු වැඩසිටින්නා වූ සුවාසූදහසක් බුදුවරුන් ඇත. ඒ මා විසින් දේශිත ධර්මස්කන්ධය යි".

සුවාසුදහසක් ධර්මස්කන්ධය අතරින් 82,000 තරම් ධර්මස්කන්ධයක් බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කර ඇත. තව ත්, ධර්මස්කන්ධ 2,000 බුද්ධකාලීන මහාරහතන් වහන්සේලා දේශනා කර ඇති බව දැක්වේ. එයින් ද, විනය පිටකය සහ සුත්ර පිටකය ධර්මස්කන්ධ 21,000 බැගින් අඩංගු ය. අභිධර්ම පිටකයේ ධර්මස්කන්ධ 42,000 පවතී.

ත්රිපිටකය ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ලංකාවේ පැවැත්වූ ධර්ම සංගායනාව අතිශය වැදගත් සන්ධිස්ථානයකි. දුර්භික්ශාදී දේ හේතුවෙන් අනාගතයේ ථෙරවාද බෞද්ධ ධර්ම සම්ප්රදාය විනාශ වීම ට ඉඩ නො තබා ත්රිපිටකය ග්රන්ථාරූඪ කිරීම නිසා අදටත් ධර්මරත්නය ලොව පවතී. ත්රිපිටක පිළිබඳ අද ඇතැම් දෙනා සැක පහල කරගනිති. බුද්ධ දේශනාව ම ත්රිපිටකයේ ඇති දැ යි විමසති. ත්රිපිටකය ග්රන්ථාරූඪ කිරීම ට දායක වන්නේ මහාවිහාරයේ වැඩවිසූ රහතන් වහන්සේලා බව මතක්කර දීම ට කැමැත්තෙමි. නික්ලේශී රහත් උතුමන් ට බුද්ධ ධර්මය විකෘති කිරීම ට කිසිසේත් උවමනාවක් නැත.

බුද්ධ දේශනාවේ නියම හරය දක්වන්නට ප්රඥප්ති භාෂාවේ වචන හිඟ බව අපි පිළිගනිමු. අද වනවිට ත්රිපිටකය භාෂා කිහිපයකින් ම පරිවර්තනය වී ඇත. ධර්මය තමන් ගේ ස්වකීය මව් භාෂාවෙන් ඉගෙනීම ට බුදුරදුන් අනුදැන වදාළා ඇත. එ නමුත් ධර්මය වෙනස් කිරීම සඳහා හෝ අඩුවැඩි කොට දැක්වීම කිසිසේත් අනුමත කර නැත.

සිංහල භාෂාව ට පරිවර්තනය වූ ත්රිපිටක ය යි හැඳින්වෙන පරිවර්තන කිහිපයක් ම අද ඇත. නුදුරු අනාගතයේ තව ත් පරිවර්තන නිර්මාණය කෙරෙනු ඇත. එ ම පරිවර්තන අතරින් සරල සිංහල ත්රිපිටක පරිවර්තන ඉතා පහසුවෙන් ධර්මය තේරුම් කරගැනීම ට ඉවහල් වන බව සාමාන්ය බොදුජනයා විශ්වාස කරති.

බුදුරජාණන් වහන්සේ මේ කාරණය දැනගෙන ම දෝ මෙ සේ සංයුක්ත නිකායේ ඕපම්ම සංයුක්තයේ මෙ ලෙස දේශනා කර තිබේ.

"මහණෙනි, පෙරැ දසාරහ නම් රජ හට මහ හඬ ඇති අණ බෙරයක් විය. ඒ අණ බෙරය පැළුණු කල් හි එ තැන ට අනෙක් රන්මුවා ඇණයක් යෙදූ හ. මෙ සේ පැළෙන තැන ට රන්මුවා, රිදීමුවා ඇණ දැමීමෙන් කලකට පසු එ හි පැරණි (මුල්) බෙර කඳ අතුරුදහන් විය. ඇණ සැකිල්ල පමණක් මැ ඉතිරි විය."

"එ සේ මැ මහණෙනි, අනාගතයෙ හි මෙ බඳු භික්ෂූහු වෙති. කෙබඳු ද යත්, යම් ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ සූත්රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු කැමැති නො වෙති, කන් යොමු නො කෙරෙති, වටහා ලනු සඳහා සිත ද නො දෙති, ඒ ධර්මයන් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද නො සිතති."

"එහෙත් කන් කලු වන පරිදි විසිතුරු අකුරින් හා ව්යඤ්ජනයෙන් ද යුක්ත කොට කාව්ය ස්වරූපයෙන් කළ බාහිරක වූ ශ්රාවකකාලික වූ සුත්රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු ද කැමැති වෙති, කනුදු යොමු කෙරෙති; වටහාගැනීමට සිත ද එළවති, එ දහම් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද හඟති. මෙ සේ ඒ තථාගත භාෂිත වූ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ, ලොකොත්තරාර්ථය ප්රකාශ කරන්නා වූ, ශුන්යප්රතිසංයුක්ත වූ මගේ ධර්මය අතුරුදහන් වේ."

අද දක්නට ඇති සරල ත්රිපිටක පරිවර්තන ද, පැලුණු බෙරයට ඇණ යෙදීමක් වැනි ය. අවසානයේ පැරණි බෙරකඳ අතුරුදහන් වන්නා සේ කාලෙන් කාලෙට භාෂාවක පරිහානියත් සමග ම ත්රිපිටකය ද, අලුත් වෙමින් සරල වෙමින් පරිහානි වන්නේ ය. මෙ හි ඇති බැරෑරුම්කම වන්නේ කාලයත් සමග මෙ සේ පරම්පරා කිහිපයක් පුරාවට ත්රිපිටකය සරල බව ට පත් වූ විට අවසානයේ ඉතා මිහිරි කාටත් වැටහෙන සුරංගනා කතාවක් ඉතිරි වී ත්රිපිටකයේ අර්ථාන්විත බව අන්තර්ධාන වීම යි.

එ මෙන් ම අදවන විට ඇතැම් ගිහියන් පමණක් නො ව භික්ෂූන් වහන්සේලා ය යි කියාගන්නා උදවිය ද, අභිධර්ම පිටකය අතහැර දෙපිටකය ට බැස තිබේ. ඔවුන් පවසන්නේ අභිධර්ම දේශනය බුද්ධ දේශනාවක් නො වන බව යි. සුවාසූ දහසක් ධර්ම ස්කන්ධයේ හරි අඩකට සම වන, බුදු පියාණන් වහන්සේ විසින් ම තව ත් බුදුවරුන් හතලිස් දෙදහසකට සමාන යැ යි උපමා කරන ලද, අති ගාම්භීර වූ, බුදු දහමේ සැබෑ හරය වන අභිධර්මය ප්රතික්ෂේප කිරීම විශාල අකුසල කර්මයක් සේ ම නිර්මල බුදුදහම ට සිදුකළ විශාල විනාශයකි. ජිනචක්රය ට පහර දීමකි. අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතයේ මෙ සේ දේශනා කර ඇත. "මහණෙනි, තථාගතයන් ට දෝෂාරෝපණය කරන දෙදෙනෙකි. තථාගතයන් වහන්සේ නො දෙසන ලද්ද දෙසන ලද්දක් ය යි කියන්නා හා තථාගතයන් වහන්සේ දෙසන ලද්ද නො දෙසන ලද්දක් ය යි කියන්නා ය."

අභිධර්ම පිටකය අබුද්ධ දේශිතය යි කියනවුන්ට පිළිතුරු

කෙ සේ වෙතත් සසුනට ද, අනිත්ය භාවය පොදු වෙයි. සද්ධර්මය ද, යම් කිසි කලක අන්තර්ධාන වීම ධර්මතාවයකි. බුදුන් වහන්සේ ලොව පහළ වූව ත් නො වූව ත් මේ ධර්මය ලොව පවති යි. සියලු සංස්කාර ධර්මයන් අනිත්ය නම් ධර්මයට හෝ එ සේ පැවතිය නො හැකි ය. ධර්මය තිබුණ ත් විනයය තිබුණ ත් ප්රතිපත්ති පුරන්නවුන් පිරිහී ගිය විට සද්ධර්මය, ශාසනය පිරිහී යන වග බුද්ධ දේශනාව අනුව ඉතා ප්රකට කරුණකි. අවසාන වශයෙන් දැනට ඇති ත්රිපිටක පරිවර්තන අතරින් බුද්ධ ජයන්ති ත්රිපිටක ග්රන්ථ පෙළ, පෙළ දහම ට අනුකුල ව සකස් කරන ලද්දක් බව පැවසිය හැකි ය.

[QUOTE="madhawavish, post: 17226419, member: 514270"] බුදුන් පිරිනිවී දෙදහස් පන්සියවසක් ඉක්ම ගොසිනි. බුදුරදුන් අද ජීවමාන ව වැඩසිටියේ නැතත් උන්වහන්සේ පන්සාලිස්වසක් දේශනා කළ ධර්ම විනය අද ත් ලෝකයේ බබළයි. පන්සාලිස්වසක් දේශනා කළ උතුම් ධර්මය ප්රධාන වශයෙන් විනය පිටකය, සුත්ර පිටකය, අභිධර්ම පිටකය ලෙසින් කොටස් තුනකින් සමන්විත ය. "ආනන්දය, මා පිරිනිවන්පාන්නා වූ එක් බුදුවරයකු පමණයි. මගෙන් පසු වැඩසිටින්නා වූ සුවාසූදහසක් බුදුවරුන් ඇත. ඒ මා විසින් දේශිත ධර්මස්කන්ධය යි". සුවාසුදහසක් ධර්මස්කන්ධය අතරින් 82,000 තරම් ධර්මස්කන්ධයක් බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කර ඇත. තව ත්, ධර්මස්කන්ධ 2,000 බුද්ධකාලීන මහාරහතන් වහන්සේලා දේශනා කර ඇති බව දැක්වේ. එයින් ද, විනය පිටකය සහ සුත්ර පිටකය ධර්මස්කන්ධ 21,000 බැගින් අඩංගු ය. අභිධර්ම පිටකයේ ධර්මස්කන්ධ 42,000 පවතී. ත්රිපිටකය ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ලංකාවේ පැවැත්වූ ධර්ම සංගායනාව අතිශය වැදගත් සන්ධිස්ථානයකි. දුර්භික්ශාදී දේ හේතුවෙන් අනාගතයේ ථෙරවාද බෞද්ධ ධර්ම සම්ප්රදාය විනාශ වීම ට ඉඩ නො තබා ත්රිපිටකය ග්රන්ථාරූඪ කිරීම නිසා අදටත් ධර්මරත්නය ලොව පවතී. ත්රිපිටක පිළිබඳ අද ඇතැම් දෙනා සැක පහල කරගනිති. බුද්ධ දේශනාව ම ත්රිපිටකයේ ඇති දැ යි විමසති. ත්රිපිටකය ග්රන්ථාරූඪ කිරීම ට දායක වන්නේ මහාවිහාරයේ වැඩවිසූ රහතන් වහන්සේලා බව මතක්කර දීම ට කැමැත්තෙමි. නික්ලේශී රහත් උතුමන් ට බුද්ධ ධර්මය විකෘති කිරීම ට කිසිසේත් උවමනාවක් නැත. බුද්ධ දේශනාවේ නියම හරය දක්වන්නට ප්රඥප්ති භාෂාවේ වචන හිඟ බව අපි පිළිගනිමු. අද වනවිට ත්රිපිටකය භාෂා කිහිපයකින් ම පරිවර්තනය වී ඇත. ධර්මය තමන් ගේ ස්වකීය මව් භාෂාවෙන් ඉගෙනීම ට බුදුරදුන් අනුදැන වදාළා ඇත. එ නමුත් ධර්මය වෙනස් කිරීම සඳහා හෝ අඩුවැඩි කොට දැක්වීම කිසිසේත් අනුමත කර නැත. සිංහල භාෂාව ට පරිවර්තනය වූ ත්රිපිටක ය යි හැඳින්වෙන පරිවර්තන කිහිපයක් ම අද ඇත. නුදුරු අනාගතයේ තව ත් පරිවර්තන නිර්මාණය කෙරෙනු ඇත. එ ම පරිවර්තන අතරින් සරල සිංහල ත්රිපිටක පරිවර්තන ඉතා පහසුවෙන් ධර්මය තේරුම් කරගැනීම ට ඉවහල් වන බව සාමාන්ය බොදුජනයා විශ්වාස කරති. බුදුරජාණන් වහන්සේ මේ කාරණය දැනගෙන ම දෝ මෙ සේ සංයුක්ත නිකායේ ඕපම්ම සංයුක්තයේ මෙ ලෙස දේශනා කර තිබේ. "මහණෙනි, පෙරැ දසාරහ නම් රජ හට මහ හඬ ඇති අණ බෙරයක් විය. ඒ අණ බෙරය පැළුණු කල් හි එ තැන ට අනෙක් රන්මුවා ඇණයක් යෙදූ හ. මෙ සේ පැළෙන තැන ට රන්මුවා, රිදීමුවා ඇණ දැමීමෙන් කලකට පසු එ හි පැරණි (මුල්) බෙර කඳ අතුරුදහන් විය. ඇණ සැකිල්ල පමණක් මැ ඉතිරි විය." "එ සේ මැ මහණෙනි, අනාගතයෙ හි මෙ බඳු භික්ෂූහු වෙති. කෙබඳු ද යත්, යම් ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ සූත්රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු කැමැති නො වෙති, කන් යොමු නො කෙරෙති, වටහා ලනු සඳහා සිත ද නො දෙති, ඒ ධර්මයන් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද නො සිතති." "එහෙත් කන් කලු වන පරිදි විසිතුරු අකුරින් හා ව්යඤ්ජනයෙන් ද යුක්ත කොට කාව්ය ස්වරූපයෙන් කළ බාහිරක වූ ශ්රාවකකාලික වූ සුත්රාන්ත කෙනෙක් වෙත් නම්, එය අසනු ද කැමැති වෙති, කනුදු යොමු කෙරෙති; වටහාගැනීමට සිත ද එළවති, එ දහම් උගත යුතු යැ යි ද පිරිවැහිය යුතු යැ යි ද හඟති. මෙ සේ ඒ තථාගත භාෂිත වූ, පාළි වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ, ලොකොත්තරාර්ථය ප්රකාශ කරන්නා වූ, ශුන්යප්රතිසංයුක්ත වූ මගේ ධර්මය අතුරුදහන් වේ." අද දක්නට ඇති සරල ත්රිපිටක පරිවර්තන ද, පැලුණු බෙරයට ඇණ යෙදීමක් වැනි ය. අවසානයේ පැරණි බෙරකඳ අතුරුදහන් වන්නා සේ කාලෙන් කාලෙට භාෂාවක පරිහානියත් සමග ම ත්රිපිටකය ද, අලුත් වෙමින් සරල වෙමින් පරිහානි වන්නේ ය. මෙ හි ඇති බැරෑරුම්කම වන්නේ කාලයත් සමග මෙ සේ පරම්පරා කිහිපයක් පුරාවට ත්රිපිටකය සරල බව ට පත් වූ විට අවසානයේ ඉතා මිහිරි කාටත් වැටහෙන සුරංගනා කතාවක් ඉතිරි වී ත්රිපිටකයේ අර්ථාන්විත බව අන්තර්ධාන වීම යි. එ මෙන් ම අදවන විට ඇතැම් ගිහියන් පමණක් නො ව භික්ෂූන් වහන්සේලා ය යි කියාගන්නා උදවිය ද, අභිධර්ම පිටකය අතහැර දෙපිටකය ට බැස තිබේ. ඔවුන් පවසන්නේ අභිධර්ම දේශනය බුද්ධ දේශනාවක් නො වන බව යි. සුවාසූ දහසක් ධර්ම ස්කන්ධයේ හරි අඩකට සම වන, බුදු පියාණන් වහන්සේ විසින් ම තව ත් බුදුවරුන් හතලිස් දෙදහසකට සමාන යැ යි උපමා කරන ලද, අති ගාම්භීර වූ, බුදු දහමේ සැබෑ හරය වන අභිධර්මය ප්රතික්ෂේප කිරීම විශාල අකුසල කර්මයක් සේ ම නිර්මල බුදුදහම ට සිදුකළ විශාල විනාශයකි. ජිනචක්රය ට පහර දීමකි. අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතයේ මෙ සේ දේශනා කර ඇත. "මහණෙනි, තථාගතයන් ට දෝෂාරෝපණය කරන දෙදෙනෙකි. තථාගතයන් වහන්සේ නො දෙසන ලද්ද දෙසන ලද්දක් ය යි කියන්නා හා තථාගතයන් වහන්සේ දෙසන ලද්ද නො දෙසන ලද්දක් ය යි කියන්නා ය." අභිධර්ම පිටකය අබුද්ධ දේශිතය යි කියනවුන්ට පිළිතුරු කෙ සේ වෙතත් සසුනට ද, අනිත්ය භාවය පොදු වෙයි. සද්ධර්මය ද, යම් කිසි කලක අන්තර්ධාන වීම ධර්මතාවයකි. බුදුන් වහන්සේ ලොව පහළ වූව ත් නො වූව ත් මේ ධර්මය ලොව පවති යි. සියලු සංස්කාර ධර්මයන් අනිත්ය නම් ධර්මයට හෝ එ සේ පැවතිය නො හැකි ය. ධර්මය තිබුණ ත් විනයය තිබුණ ත් ප්රතිපත්ති පුරන්නවුන් පිරිහී ගිය විට සද්ධර්මය, ශාසනය පිරිහී යන වග බුද්ධ දේශනාව අනුව ඉතා ප්රකට කරුණකි. අවසාන වශයෙන් දැනට ඇති ත්රිපිටක පරිවර්තන අතරින් බුද්ධ ජයන්ති ත්රිපිටක ග්රන්ථ පෙළ, පෙළ දහම ට අනුකුල ව සකස් කරන ලද්දක් බව පැවසිය හැකි ය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom