Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sinhala tripitakaya(only 17.7mb, html with eng n pali) සිංහල ත්රිපිටකය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආනාපානසති යන්නෙහි අර්ථය හුස්මගැනීම පිලිබඳව මනා සිහියක් ඇතිකරගැනීම යන්නයි (පාලි භාෂාවෙන් සති යනුවෙන් හැඳින්වෙන්නේ මනා සිහියයි. ආනාපාන යනු ආශ්වාසය හා ප්රාශ්වාසයයි). මෙය බුදුන් වහන්සේ විසින් ඉගැන්වූ මූලිකම භාවනා ක්රමයයි. ආනාපානසති සූත්රයෙන් හඳුන්වාදෙන පරිදි මෙම ඉගැන්වීමට අනුව ආර්ය අශ්ඨාංගික මාර්ගයේ කොටසක් ලෙස මෙම භාවනා ක්රමය පුරුදු පුහුණු කිරීම අවසාන වශයෙන් නිර්වාණය සාක්ෂාත් කරගැනීම සඳහා කෙලෙසුන් නැසීමේ මාර්ගය විවරකරදෙනු ලබයි.

අතීතයේ මෙන්ම වර්තමානයේදීද ශාරීරික ප්රපංචයන් අරමුණු කොටගෙන සිදුකරනු ලබන බෞද්ධ භාවනා ක්රමයන්ගෙන් වැඩියෙන්ම භාවිතයට ගනු ලබන භාවනාව වන්නේ ආනාපානසතිය යි. සාම්ප්රදායිකව එය සමාධිය උපදවාගැනීමේ පදනම් භාවනා ක්රමයක් ලෙස යොදාගනු ලැබේ. සිය නිර්මාණාවබෝධය කරා ගිය ගමනේ බුදුන් වහන්සේ ළගාකරගත් එක් ධ්යාන මට්ටමක් වූයේ සිතේ සමාධිය ඇතිකර ගැනීමයි. සෙන් සම්ප්රදායේදී සාසෙන් හෝ ෂිකන්ටසා (සෝටෝ සම්ප්රදායේදී) සමඟ ආනාපානසතිය පුරුදු පුහුණු කරනු ලබයි. ආනාපානසතිය සෙසු සාම්ප්රදායික භාවනා ක්රම සමඟින්ද වැඩිය හැකිය.

ආනාපානසතිය සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පදනම් වනනේ නිර්වාණාවබෝධය ලබාගැනීමේදී උන්වහන්සේ අනුගමනය කළ අත්දැකීම් පදනම්කොටගෙනය.

ආනාපානසති සූත්රය මනා සිහියෙන් යුතුව ආශ්වාස ප්රාශ්වාස කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් දක්වන අතර මනා සිහියේ අංගයන් වන මනා සිහිය, විශ්ලේෂණය, වීර්ය, පී්රතිය, ශාන්තභාවය, සමාධිය සහ උපේක්ෂාව යනාදී ගුණයන් වර්ධනය කරගැනීමේ මාර්ගයක් ලෙස ආනාපානසති භාවනාව වැඞීමට නිර්දේශ කරනු ලබයි. මෙම ගුණයන් වර්ධනය කරගැනීම තුලින් වේදනාව අවසන් කළහැකි (නිර්වාණය) බව බුදුන් වහන්සේගේ ඉගැන්වීම විය.

භාවනාව වැඞීම

ආනාපානසති භාවනාව විවිධාකාරයෙන් වැඩිය හැක. සාමාන්යයෙන් කෙනෙක් එය ආරම්භ කරන්නේ ඍජු කොන්දක් හා කෙලින් කරගත් හිසින් යුතුව පහසු ඉරියව්වකින් කලබලකාරීත්වයකින් තොර පරිසරයක හිඳගැනීමෙනි.

භාවනා කරන තැනැත්තා තමන් හුස්ම ගන්නා වේගය අඩු වැඩි නොකොට සාමාන්ය ආකාරයෙන් ආශ්වාස ප්රාශ්වාස කළ යුතුය. ආශ්වාස ප්රාශ්වාසය කෙටි නම් භාවනා කරන්නා එය කෙටි බව මෙනෙහි කළ යුතුය. එය දිගු හුස්මක් නම් සරළව එය දිගු හුස්මක් බව මෙනෙහි කළ යුතුය.

ආශ්වාස ප්රාශ්වාස කරන අතර භාවනා කරන තැනැත්තා:

සම්පූර්ණ ශරීරය, ප්රහර්ශය, සතුට, මනස හා මානසික කි්රයාවලිය පිලිබඳ සංවේදී වීමට පුහුණුව ලබයි.

චපලත්වය, ලලාසාව, විරතිය සහ අත්හැරීම පිලිබඳව මනස අවදිව තබාගැනීමට පුහුණුව ලබයි.

මනස අචලව තෘප්තිමත්ව නිදහස්ව පවත්වා ගනී.

හික්මවනු නොලැබූ මනසක අඛණ්ඩව සිතිවිලි උත්පත්තිය ලබන අතර මානසික ඒකාග්රතාවයට ඒවා බාධා කරයි. සාගරයේ රළ නැගෙන්නාසේ ඒවා මතුවී බිඳී විසිරී යයි. යමකු ඒවා දෙස උපේක්ෂාවෙන් යුතුව බලයි නම් ඒවා ක්රමයෙන් නැතිවී අහෝසිවී යයි. අනෙක් අතට යමකු ඒවා වෙත අවධානය යොමු කරයි නම් එම තැනැත්තා සිතිවිලි ජාලයක මංමුලා වී යයි.

මෙහිදී සිතිවිලි ආකාර දෙකක් පිලිබඳ විස්තර කෙරෙයි. එනම් අතීතය පිලිබඳ සිතිවිලි සහ අනාගතය පිලිබඳ සිතිවිලිය. මේවා දුක හෝ සතුට රැගෙන පැමිණෙති. මේවා පිලිබඳ එළඹගත් සිහිය නොමැති වූ විට මනස එක් සිතිවිල්ලකින් අනෙකට ඉගිලෙමින් ඉලක්කයකින් තොරව ඉබාගාතේ සැරිසැරීමට පටන්ගනී.

ගලායන සිතිවිලි බාධාවක් කරනොගෙන නැවත නැවත ආශ්වාසය හා ප්රාශ්වාසය පිලිබඳව පමණක් අවධානය යොමු කරන ලෙසට මෙම භාවනාව පුරුදු කරන්නන්ට උපදෙස් දෙනු ලැබේ. ති්රපිටකයේ සඳහන් නොවූවද විසුද්ධිමාර්ගය පදනම්ව සකසාගත් වර්තමාන භාවනා ක්රමවේදයක් පියවර හතරක් අනුගමනය කරයි.

1 ප්රාශ්වාසය අවසානයේ සෑම හුස්මක්ම ගණන් කරන්න

2 ආශ්වාසය ආරම්භයේදී සෑම හුස්මක්ම ගණන් කරන්න

3 ගණන් කිරීම වෙත නොව හුස්ම පිලිබඳව අවධානය යොමු කරන්න

4 හුස්ම නාස් පුඩුවලට ඇතුල්වන හා ඉන් පිටවන ස්ථානය පිලිබඳව පමණක් මෙනෙහි කරන්න ආනාපානසතියේ අදියරයන්

විධිමත් ආකෘතිය තුල පියවර දහසයක් අඩංගු වේ. ඒවා කාණ්ඩ හතරකට බෙදනු ලබයි. පළමු පියවර හතර මනස හුස්මගැනීම පිලිබඳ අවධානයට යොමුකරවයි (කාය සංඛ්යාර). දෙවන කාණ්ඩය හැඟීම් පිලිබඳව අවධානය යොමු කරවයි (වේදනා). තුන්වැන්න මනස පිලිබඳ අවධානය යොමු කරවයි (සිත). සතරවැන්න සත්යය කෙරෙහි අවධානය යොමු කරවයි (ධර්ම).

කලින් භාවනා වැඞීමේදී මෙම පියවරයන් සම්පූර්ණකර නොතිබුණද සෑම ආනාපානසති භාවනා වැඞීමක්ම අනුපිලිවෙලින් මෙම අදියරයන් අනුගමනය කළයුතුය.

සතිපට්ඨාන ආනාපානසති කාණ්ඩය

1.ශරීරය පිලිබඳ චිත්ත ඒකාග්රතාවයක් ඇතිකර ගැනීම

1 ගැඹුරින් හුස්ම ගැනීම පළවන කාණ්ඩය

2 කෙටි හුස්ම ගැනීම

3 සම්පූර්ණ ශරීරයම දැනීමට ඉඩහැරීම

4 ශාරීරික කි්රයාකාරකම් සන්සුන් කරගැනීම

2.හැගීම් පිලිබඳ ඒකාග්රතාවයක් ඇතිකර ගැනීම

5 ප්රහර්ශය අත්දැකීම දෙවන කාණ්ඩය

6 පී්රති ප්රමෝදය අත්දැකීම

7 මානසික කි්රයාකාරකම් අත්දැකීම

8 මානසික කි්රයාකාරකම් පිලිබඳ ඒකාග්රතාවයක් ඇතිකර ගැනීම

3. මනස ඒකාග්ර කොටගැනීම

9 මනස දැනෙන්නට හරින්න තුන්වන කාණ්ඩය

10 මනස සතුටුවීමට ඉඩහරින්න

11 මනස මධ්යස්ථ සමාධියට එල්බගන්න

12 මනස නිදහස් කරන්න

4. ධර්මය සිහියට නැගීම

13 අනිත්යය මෙනෙහි කරන්න හතරවන කාණ්ඩය

14 ආශාව වියැකීයන ආකාරය මෙනෙහි කරන්න

15 විරතිය සිහියට නගන්න

16 සියල්ලෙන් මිදීම සහියට ගන්න

වගුව 1. සතර සතිපට්ඨානය සහ ආනාපානසතියේ අදියර හතර

ප්රාණයානය සමඟ සම්බන්ධ කිරීම

ආනාපානසති භාවනාව බුද්ධාගමේ විශේෂයෙන්ම, ඵෙරවාද බුදුදහමේ ඉගැන්වෙන වැදගත්ම භාවනාව වුවද එයට අවශ්ය වන්නේ සාමාන්ය හුස්ම ගැනීමේ කි්රයාවලිය පිලිබඳ නිෂ්කී්රය නිරීක්ෂණයක යෙදීම පමණකි. මෙහිදී හුස්ම ගැනීමේ කි්රයාවලිය පාලනය කිරීමට උත්සාහ නොකරන නමුත් ආනාපානසතිය හා ප්රණයානය අතර සමානකම්ද පවතී. නමුත් යෝගී අභ්යාසයක් වන ප්රාණයානයට හුස්මගැනීමේ ශිල්ක්රම සහ හුස්ම ගැනීම පාලනය කිරීම් ඇතුලත් වේ. එනම් ආනාපානසතිය හුස්ම ගැනීම පදනම් කරගත් එකම භාවනා ක්රමය නොවේ. උදාහරණයක් ලෙස ටිබෙටය, මොංගෝලියාව යනාදී රටවල පුහුණු කරවන භාවනා ක්රමයන්හි මෙන්ම ජපාන සෙන් භාවනාවේද හුස්ම ගැනීම වැදගත් අංගයක් වෙයි.

එය ටිබෙටයේ හා මොගෝලියාවේ බහුලව පවත්නා උගුරෙන් හඬ පිටකරමින් සිදුකරන බෞද්ධ ආරාමයන්හි සිදුකරන ගායනා ක්රමයේදී දීර්ඝ හා කෙටි හුස්ම ගැනීමේ ක්රමවේදයක් භාවිතා කරනු ලබයි. සජ්ඝායනයේ හඬද සිත සමාධියට එල්බ ගැනීමේ අරමුණක් ලෙසින් සැලකේ. එහිදී හුදු ශබ්දය කෙරෙහි පමණක්ම මනස ඒකාග්ර කරගැනීම සිදුවේ. සෙන් භාවනාවේදී උදර ප්රදේශය ශක්තිමත්ව පවත්වා ගැනීම පිලිබඳව අවධානය යොමු කරනු ලබයි. දීර්ඝ ප්රාශ්වාසයකින් අනතුරුව කෙටි ආශ්වාසයක් සිදුකිරීම මනස එක් අරමුණක රඳවා තබාගැනීමට දරන්නාවූ උත්සාහයකි.

මේ අනුව යෝගී භාවනා ක්රමයක් වන ප්රාණයානු භාවනාව සහ බෞද්ධ භාවනාව අතර සමානකම් රාශියක් පවතී. මෙකී සමානකම් ඵෙතිහාසිකවද ප්රශ්ණගත වන්නේ ගෞතම බුදුන් වහන්සේ හා පටන්ජී අතර ඇත්තේ වසර 200 ක කාළ පරතරයක් පවතින හෙයිනි. කෙසේ වෙතත යෝගී භාවනා අභ්යාසයන් බෞද්ධ භාවනා ක්රමවේදයන් කෙරෙහි බලපෑම් සහගත වී ඇති බව පෙනී යයි. මෙම සම්ප්රදායන් දෙක තුලම හුස්ම ගැනීම සහ මානසික තත්වය නිරීක්ෂණයට ලක්කිරීම දැකගත හැක. හුස්ම ගැනීම පාලනය කිරීම පූර්ණ මානසික ඒකාග්රතාවයෙන් යුතු තත්වයක් කරා මෙහෙයවනු ලබන අතර එහිදී හුස්ම ගැනීම හෝ මනස යන දෙකින් එකක පාලනය කිරීමේ හැකියාව ලබාගනිද්දී ඉබේම අනෙක පාලනය කිරීමේත් හැකියාව ලබාගනී.

[QUOTE="madhawavish, post: 17491465, member: 514270"] ආනාපානසති යන්නෙහි අර්ථය හුස්මගැනීම පිලිබඳව මනා සිහියක් ඇතිකරගැනීම යන්නයි (පාලි භාෂාවෙන් සති යනුවෙන් හැඳින්වෙන්නේ මනා සිහියයි. ආනාපාන යනු ආශ්වාසය හා ප්රාශ්වාසයයි). මෙය බුදුන් වහන්සේ විසින් ඉගැන්වූ මූලිකම භාවනා ක්රමයයි. ආනාපානසති සූත්රයෙන් හඳුන්වාදෙන පරිදි මෙම ඉගැන්වීමට අනුව ආර්ය අශ්ඨාංගික මාර්ගයේ කොටසක් ලෙස මෙම භාවනා ක්රමය පුරුදු පුහුණු කිරීම අවසාන වශයෙන් නිර්වාණය සාක්ෂාත් කරගැනීම සඳහා කෙලෙසුන් නැසීමේ මාර්ගය විවරකරදෙනු ලබයි. අතීතයේ මෙන්ම වර්තමානයේදීද ශාරීරික ප්රපංචයන් අරමුණු කොටගෙන සිදුකරනු ලබන බෞද්ධ භාවනා ක්රමයන්ගෙන් වැඩියෙන්ම භාවිතයට ගනු ලබන භාවනාව වන්නේ ආනාපානසතිය යි. සාම්ප්රදායිකව එය සමාධිය උපදවාගැනීමේ පදනම් භාවනා ක්රමයක් ලෙස යොදාගනු ලැබේ. සිය නිර්මාණාවබෝධය කරා ගිය ගමනේ බුදුන් වහන්සේ ළගාකරගත් එක් ධ්යාන මට්ටමක් වූයේ සිතේ සමාධිය ඇතිකර ගැනීමයි. සෙන් සම්ප්රදායේදී සාසෙන් හෝ ෂිකන්ටසා (සෝටෝ සම්ප්රදායේදී) සමඟ ආනාපානසතිය පුරුදු පුහුණු කරනු ලබයි. ආනාපානසතිය සෙසු සාම්ප්රදායික භාවනා ක්රම සමඟින්ද වැඩිය හැකිය. ආනාපානසතිය සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පදනම් වනනේ නිර්වාණාවබෝධය ලබාගැනීමේදී උන්වහන්සේ අනුගමනය කළ අත්දැකීම් පදනම්කොටගෙනය. ආනාපානසති සූත්රය මනා සිහියෙන් යුතුව ආශ්වාස ප්රාශ්වාස කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් දක්වන අතර මනා සිහියේ අංගයන් වන මනා සිහිය, විශ්ලේෂණය, වීර්ය, පී්රතිය, ශාන්තභාවය, සමාධිය සහ උපේක්ෂාව යනාදී ගුණයන් වර්ධනය කරගැනීමේ මාර්ගයක් ලෙස ආනාපානසති භාවනාව වැඞීමට නිර්දේශ කරනු ලබයි. මෙම ගුණයන් වර්ධනය කරගැනීම තුලින් වේදනාව අවසන් කළහැකි (නිර්වාණය) බව බුදුන් වහන්සේගේ ඉගැන්වීම විය. භාවනාව වැඞීම ආනාපානසති භාවනාව විවිධාකාරයෙන් වැඩිය හැක. සාමාන්යයෙන් කෙනෙක් එය ආරම්භ කරන්නේ ඍජු කොන්දක් හා කෙලින් කරගත් හිසින් යුතුව පහසු ඉරියව්වකින් කලබලකාරීත්වයකින් තොර පරිසරයක හිඳගැනීමෙනි. භාවනා කරන තැනැත්තා තමන් හුස්ම ගන්නා වේගය අඩු වැඩි නොකොට සාමාන්ය ආකාරයෙන් ආශ්වාස ප්රාශ්වාස කළ යුතුය. ආශ්වාස ප්රාශ්වාසය කෙටි නම් භාවනා කරන්නා එය කෙටි බව මෙනෙහි කළ යුතුය. එය දිගු හුස්මක් නම් සරළව එය දිගු හුස්මක් බව මෙනෙහි කළ යුතුය. ආශ්වාස ප්රාශ්වාස කරන අතර භාවනා කරන තැනැත්තා: සම්පූර්ණ ශරීරය, ප්රහර්ශය, සතුට, මනස හා මානසික කි්රයාවලිය පිලිබඳ සංවේදී වීමට පුහුණුව ලබයි. චපලත්වය, ලලාසාව, විරතිය සහ අත්හැරීම පිලිබඳව මනස අවදිව තබාගැනීමට පුහුණුව ලබයි. මනස අචලව තෘප්තිමත්ව නිදහස්ව පවත්වා ගනී. හික්මවනු නොලැබූ මනසක අඛණ්ඩව සිතිවිලි උත්පත්තිය ලබන අතර මානසික ඒකාග්රතාවයට ඒවා බාධා කරයි. සාගරයේ රළ නැගෙන්නාසේ ඒවා මතුවී බිඳී විසිරී යයි. යමකු ඒවා දෙස උපේක්ෂාවෙන් යුතුව බලයි නම් ඒවා ක්රමයෙන් නැතිවී අහෝසිවී යයි. අනෙක් අතට යමකු ඒවා වෙත අවධානය යොමු කරයි නම් එම තැනැත්තා සිතිවිලි ජාලයක මංමුලා වී යයි. මෙහිදී සිතිවිලි ආකාර දෙකක් පිලිබඳ විස්තර කෙරෙයි. එනම් අතීතය පිලිබඳ සිතිවිලි සහ අනාගතය පිලිබඳ සිතිවිලිය. මේවා දුක හෝ සතුට රැගෙන පැමිණෙති. මේවා පිලිබඳ එළඹගත් සිහිය නොමැති වූ විට මනස එක් සිතිවිල්ලකින් අනෙකට ඉගිලෙමින් ඉලක්කයකින් තොරව ඉබාගාතේ සැරිසැරීමට පටන්ගනී. ගලායන සිතිවිලි බාධාවක් කරනොගෙන නැවත නැවත ආශ්වාසය හා ප්රාශ්වාසය පිලිබඳව පමණක් අවධානය යොමු කරන ලෙසට මෙම භාවනාව පුරුදු කරන්නන්ට උපදෙස් දෙනු ලැබේ. ති්රපිටකයේ සඳහන් නොවූවද විසුද්ධිමාර්ගය පදනම්ව සකසාගත් වර්තමාන භාවනා ක්රමවේදයක් පියවර හතරක් අනුගමනය කරයි. 1 ප්රාශ්වාසය අවසානයේ සෑම හුස්මක්ම ගණන් කරන්න 2 ආශ්වාසය ආරම්භයේදී සෑම හුස්මක්ම ගණන් කරන්න 3 ගණන් කිරීම වෙත නොව හුස්ම පිලිබඳව අවධානය යොමු කරන්න 4 හුස්ම නාස් පුඩුවලට ඇතුල්වන හා ඉන් පිටවන ස්ථානය පිලිබඳව පමණක් මෙනෙහි කරන්න ආනාපානසතියේ අදියරයන් විධිමත් ආකෘතිය තුල පියවර දහසයක් අඩංගු වේ. ඒවා කාණ්ඩ හතරකට බෙදනු ලබයි. පළමු පියවර හතර මනස හුස්මගැනීම පිලිබඳ අවධානයට යොමුකරවයි (කාය සංඛ්යාර). දෙවන කාණ්ඩය හැඟීම් පිලිබඳව අවධානය යොමු කරවයි (වේදනා). තුන්වැන්න මනස පිලිබඳ අවධානය යොමු කරවයි (සිත). සතරවැන්න සත්යය කෙරෙහි අවධානය යොමු කරවයි (ධර්ම). කලින් භාවනා වැඞීමේදී මෙම පියවරයන් සම්පූර්ණකර නොතිබුණද සෑම ආනාපානසති භාවනා වැඞීමක්ම අනුපිලිවෙලින් මෙම අදියරයන් අනුගමනය කළයුතුය. සතිපට්ඨාන ආනාපානසති කාණ්ඩය 1.ශරීරය පිලිබඳ චිත්ත ඒකාග්රතාවයක් ඇතිකර ගැනීම 1 ගැඹුරින් හුස්ම ගැනීම පළවන කාණ්ඩය 2 කෙටි හුස්ම ගැනීම 3 සම්පූර්ණ ශරීරයම දැනීමට ඉඩහැරීම 4 ශාරීරික කි්රයාකාරකම් සන්සුන් කරගැනීම 2.හැගීම් පිලිබඳ ඒකාග්රතාවයක් ඇතිකර ගැනීම 5 ප්රහර්ශය අත්දැකීම දෙවන කාණ්ඩය 6 පී්රති ප්රමෝදය අත්දැකීම 7 මානසික කි්රයාකාරකම් අත්දැකීම 8 මානසික කි්රයාකාරකම් පිලිබඳ ඒකාග්රතාවයක් ඇතිකර ගැනීම 3. මනස ඒකාග්ර කොටගැනීම 9 මනස දැනෙන්නට හරින්න තුන්වන කාණ්ඩය 10 මනස සතුටුවීමට ඉඩහරින්න 11 මනස මධ්යස්ථ සමාධියට එල්බගන්න 12 මනස නිදහස් කරන්න 4. ධර්මය සිහියට නැගීම 13 අනිත්යය මෙනෙහි කරන්න හතරවන කාණ්ඩය 14 ආශාව වියැකීයන ආකාරය මෙනෙහි කරන්න 15 විරතිය සිහියට නගන්න 16 සියල්ලෙන් මිදීම සහියට ගන්න වගුව 1. සතර සතිපට්ඨානය සහ ආනාපානසතියේ අදියර හතර ප්රාණයානය සමඟ සම්බන්ධ කිරීම ආනාපානසති භාවනාව බුද්ධාගමේ විශේෂයෙන්ම, ඵෙරවාද බුදුදහමේ ඉගැන්වෙන වැදගත්ම භාවනාව වුවද එයට අවශ්ය වන්නේ සාමාන්ය හුස්ම ගැනීමේ කි්රයාවලිය පිලිබඳ නිෂ්කී්රය නිරීක්ෂණයක යෙදීම පමණකි. මෙහිදී හුස්ම ගැනීමේ කි්රයාවලිය පාලනය කිරීමට උත්සාහ නොකරන නමුත් ආනාපානසතිය හා ප්රණයානය අතර සමානකම්ද පවතී. නමුත් යෝගී අභ්යාසයක් වන ප්රාණයානයට හුස්මගැනීමේ ශිල්ක්රම සහ හුස්ම ගැනීම පාලනය කිරීම් ඇතුලත් වේ. එනම් ආනාපානසතිය හුස්ම ගැනීම පදනම් කරගත් එකම භාවනා ක්රමය නොවේ. උදාහරණයක් ලෙස ටිබෙටය, මොංගෝලියාව යනාදී රටවල පුහුණු කරවන භාවනා ක්රමයන්හි මෙන්ම ජපාන සෙන් භාවනාවේද හුස්ම ගැනීම වැදගත් අංගයක් වෙයි. එය ටිබෙටයේ හා මොගෝලියාවේ බහුලව පවත්නා උගුරෙන් හඬ පිටකරමින් සිදුකරන බෞද්ධ ආරාමයන්හි සිදුකරන ගායනා ක්රමයේදී දීර්ඝ හා කෙටි හුස්ම ගැනීමේ ක්රමවේදයක් භාවිතා කරනු ලබයි. සජ්ඝායනයේ හඬද සිත සමාධියට එල්බ ගැනීමේ අරමුණක් ලෙසින් සැලකේ. එහිදී හුදු ශබ්දය කෙරෙහි පමණක්ම මනස ඒකාග්ර කරගැනීම සිදුවේ. සෙන් භාවනාවේදී උදර ප්රදේශය ශක්තිමත්ව පවත්වා ගැනීම පිලිබඳව අවධානය යොමු කරනු ලබයි. දීර්ඝ ප්රාශ්වාසයකින් අනතුරුව කෙටි ආශ්වාසයක් සිදුකිරීම මනස එක් අරමුණක රඳවා තබාගැනීමට දරන්නාවූ උත්සාහයකි. මේ අනුව යෝගී භාවනා ක්රමයක් වන ප්රාණයානු භාවනාව සහ බෞද්ධ භාවනාව අතර සමානකම් රාශියක් පවතී. මෙකී සමානකම් ඵෙතිහාසිකවද ප්රශ්ණගත වන්නේ ගෞතම බුදුන් වහන්සේ හා පටන්ජී අතර ඇත්තේ වසර 200 ක කාළ පරතරයක් පවතින හෙයිනි. කෙසේ වෙතත යෝගී භාවනා අභ්යාසයන් බෞද්ධ භාවනා ක්රමවේදයන් කෙරෙහි බලපෑම් සහගත වී ඇති බව පෙනී යයි. මෙම සම්ප්රදායන් දෙක තුලම හුස්ම ගැනීම සහ මානසික තත්වය නිරීක්ෂණයට ලක්කිරීම දැකගත හැක. හුස්ම ගැනීම පාලනය කිරීම පූර්ණ මානසික ඒකාග්රතාවයෙන් යුතු තත්වයක් කරා මෙහෙයවනු ලබන අතර එහිදී හුස්ම ගැනීම හෝ මනස යන දෙකින් එකක පාලනය කිරීමේ හැකියාව ලබාගනිද්දී ඉබේම අනෙක පාලනය කිරීමේත් හැකියාව ලබාගනී. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom