Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sinhala tripitakaya(only 17.7mb, html with eng n pali) සිංහල ත්රිපිටකය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආනාපානසති සූත්රය.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයෙහි සැරියුත් මුගලන්, මහා කාශ්යප, මහාකච්චායන, මහාකප්පින, මහාචුන්ද, අනුරුද්ධ, රෙවත, ආනන්ද ආදී තෙරවරුන් ඇතුළු ශීලාදී ගුණයෙන් ප්රසිද්ධියට පැමිණි වෙනත් බොහෝ ශ්රාවක සංඝයා ද සමග වැඩ වෙසෙන සේක.

එකල්හි ස්ථවිර භික්ෂුහු අළුත පැවිදි බව ලැබුවන්ට අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් භික්ෂූහු පැවිද්දන් දස දෙනකුට, විසිදෙනකුට, හතළිස් දෙනකුට ද, අවවාද අනුශාසනා කෙරෙති. එසේ අවවාද අනුශාසනා ලබන්නා වූ නවක භික්ෂූහු මුල දී සම්පූර්ණ කළ යුතු වූ ශීලා දී ගුණාංගයන්ට අමතර ව එයට වඩා උසස් වූ කසිණ භාවනාදිය පිළිබද ව ද දැනගත්තාහු ය.

එකල්හි බුදුරජාණන් වහන්සේ පුර පසළොස්වක පොහෝ දිනයෙහි භික්ෂූන් පිරිවරා ගෙන, එළිමහනෙහි වැඩ හුන් සේක, ඉතා නිහඩව සිටි භික්ෂූන් දෙ බලා මහණෙනි, “ ඔය නමලාගේ ප්රතිපත්ති හේතු කොට ගෙන මම සතුටු වූයේ වෙමි. එම නිසා නොපැමිණි රහත් බවට පැමිණීම පිණිස, ප්රත්යක්ෂ නො කළ නිවණ ප්රත්යක්ෂ කිරීම පිණිස විශේෂයෙන් වීර්යය කරන්න. මම මේ සැවැත්නුවර මැ වෙසෙමින් කුමුදු මල් පපී සද බබළන ඉල් මාසයේ පසළොස්වක පොහෝ දිනය දක්වා ඔය නමලා පිළිබද වැ බලා සිටින්නෙමි,, යි වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ කුමුදු මල් පිපී ඇති ඉල් මස පුර පසළොස්වක දක්වා අප ගැන බලන සේකැ යි දැනගත් ජනපදවාසී භීක්සූහු බුදුරදුන් දක්නට පැමිණෙති. නවක පැවිද්දනට වැඩි වැඩියෙන් අවවාද අනුශාසනා කෙරෙති. ඒ නවක භික්ෂූහූ ද කලින් ලබන ලද ගුළ විශේෂයන්ට වඩා පසුව සෝවාන් ආදී උදාර ගුණ විශේෂයන්ට පැමිණෙති. තමා තුළ උදාර ගුණ විශේෂ ඇතැයි දකිති.

බුදුරජාණන් වහන්සේ ඉල් පුණු පොහෝ දින රාත්රිෙයහි එළිමහනෙහි වැඩ සිටි සේක, ඉතා නිහඩ වැ සිටි ඒ භික්ෂූන් දැක, භික්ෂූ සංඝයා අමතා මෙසේ වදාළහ.

“මහණෙනි, මේ භික්ෂූ පිරිස නොසිස් යැ. හිස් වචන නොමැත්තේය. පිරිසිදු යැ. මාර්ගඵල නැමැති අධිගම සාරයෙහි පිහිටියේ ය. කිසියම් බුද්ධපුත්ර පිරිසක් ආහුණෙය්ය, පාහුණෙය්ය, දක්ඛිණෙය්ය, අංජලීකරණීය වේ ද, ලොවට උතුම් පින්කෙතක් (අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං) වේ ද, මහණෙනි, මේ භීක්ෂු පිරිස එබදු වේ. කිසියම් පිරිසකට දෙන ලද සුළු දෙයෙහි අනුසස් බොහෝ වේ ද, මේ භීක්ෂූ පිරිස එවැනි වේ. මේ භීක්ෂූ පිරිස ලෝකයා විසින් දක්නට පවා දුර්ලභ පිරිසෙකි. කිසියම් පිරිසක් දක්නට මාර්ගෝපකරණ ගෙන, යොදුන් දහස් ගණනක් මග ගෙවා යන්නට වුවත් සුදුදු ද, මේ භික්ෂු පිරිස ද, එබදු යැ.

මේ භික්ෂූ පිරිස අතර භවසංයෝජනයන් ක්ෂය කළ රහතන් වහන්සේලා ද ඇත්තාහ. ඕරම්භාගිය සංයෝන ක්ෂය කළ අනාගාමී භික්ෂුන් වන්සේලා ද ඇතත්තාහ. ත්රිවිධ සංයෝජන ධර්මයන් ක්ෂය කළ, රාග, දෝස, මෝහ ධර්මයන් තුනි කළ සකදාගාමී භික්ෂූන් වහන්සේලා ද මෙහි ඇත්තාහ. ත්රිවිධ සංයෝජන ධර්මයන් ප්රභීණ කළ සම්බෝධිපරායන වූ සොතාපන්න භික්ෂූන් වහන්සේලා ද මෙහි ඇත්තාහ.

මහණෙනි, මේ භික්ෂූ සංඝයා අතරෙහි සතර සතිබට්ඨාන (කායානුපස්සනා, වේදනානූපස්සනා, ච්ත්තානුපස්සනා, ධම්මානූපස්සනා) ධර්මයන් අරමුණු කොට ගෙන, භාවනාවෙහි යෙදී සිටින්නා වූ සංඝායා ද මෙහි ඇත්තාහ. එමෙන් ම ඡන්ද, චිත්ත, විරිය, විමංසා යන සතර සෘද්ධිපාද භාවනා සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන පඤ්ච ඉන්ද්රිය භාවනා ක්රමයන්හි යෙදුණු භික්ෂූ සංඝයා ද මෙහි ඇත්තා හ.

මහණෙනි, (මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා) සතර බ්රහ්ම විහරන භාවනා, අසුභ භාවනා සහ අනත්යසංඥා භාවනාවෙහි යෙදුණු සංඝයා ද මෙහි ඇත්තාහ.

මහණෙනි, ආනාපානසති භාවනාවෙහි යෙදි සිටින භික්ෂු සංඝයා ද මෙහි ඇත්තාහ.

නිතර බොහෝ සෙයින් වඩනා ලද ආනාපානසති භාවනාව මහත් අනුසස් ගෙන දෙන්නේ ය. එසේ වඩනා ලද ආනාපාන සති භාවනාවෙන් සතරසතිපට්ඨාන ධර්ම සම්පූර්ණ බවට පැමිණේ. එසේ බහුල වැ වඩනා ලද සතරසතිපට්ඨාන ධර්ම නිසා සප්තබෝධ්යංග ධර්ම සම්පූර්ණ බවට පැමිණේ.

මහණෙනි, මෙසේ වඩනා ලද ආනාපානසති භාවනාව මහත් අනුසස් හා මහත්ඵල ගෙනදෙන්නේ කෙසේ ද යත් වනයකට රුක් මූලකට හෝ ශූන්යෘගාරයකට හෝ ගිය මහණ බද්ධ පර්යංකයෙන් හිද ගෙන, ශරීරය හරි කෙළින් තබා ගෙන, හුස්ම ඉහල ගැනීම, හුස්ම පහළ දැමීම කෙරෙහි සිහිය මනා සේ පිහිටුවා ගෙන ආශ්වාස - ප්රශ්වාස කෙරෙයි. දීර්ඝ ව හෝ භ්රස්ව ව හෝ හුස්ම ඉහළ - පහළ ගැනීමේ දී දික් ව හෝ කෙටියෙන් හුස්ම ඉහළ - පහළ ගන්නෙමි යයි නුවණින් දැන ගනී. ආශ්වාස ප්රශ්වාස කරන ආකාරය පිළිබද ව මහා අවබෝධයකින් යුතු ව ආශ්වාස - ප්රශාවාස කරයි. සියලු ආශ්වාසය - ප්රශ්වාස ක්රියා සමූහය පිළිබද ව මහා අවබෝධයකින් යුතු ව ආශ්වාස - ප්රශ්වාස කෙරෙමි යි ද, මුළු සිරුර ම (කායසංස්කාරය) සන්සිදුවමින් ආශ්වාස - ප්රශ්වාස කරමි. යයි ද නුවණින් දැනගනී.

කායික හා මානසික ප්රීතියෙන් හා සැපයෙන් යුතු ව ආශ්වාස - ප්රශ්වාස කරමි යයි දැනගනී. සිත එකග කරමින් හා සිත් හි කෙලෙසුන් සංසිදුවමින්, කෙලෙස්වලින් මුදවමින් ආශ්වාස _ ප්රශ්වාස කෙරෙමි යයි දැනගනී. අනිත්යය අනුව, විරාගය අනුව (සංස්කාරයන්ගේ විනාශය සහ නිවණ) නිරෝධය (නිවණ) අනුව නුවණින් දකිමින් ද, කෙලෙසුන් සහ පංචස්කන්ධය අත්හැර දැමීම විදසුන් නුවණින් දකිමින් ද ආශ්වාස - ප්රශ්වාස කෙරෙමි යි දැනගනී. මෙසේ වඩන ලද, බහුල වශයෙන් වඩන ලද ආනාපානසති භාවනාව මහත්ඵල - මහත් අනුසස් ඇත්තේ වෙයි.

මහණෙනි, වඩන ලද, බහුල ව වඩන ලද ආනාපානසති භාවාවෙන් සතර සතිපට්ඨාන ධර්ම සම්පූර්ණ වන්නේ කවර ලෙසකින් ද?. ආනාපානසති භාවනාවේ යෙදෙන මහණ තෙම ශරීර අනුව බලමින් කෙලෙසුන් තවන වීර්යය ඇති ව, මනා නුවණින් හා සිහියෙන් යුතු ව, ශරීර නමැති ලෝකය තුළ පවත්නා දැඩි ලෝභය සහ තරහ දුරු කොට වාසය කෙරෙයි. මේ ආශ්වාස - ප්රශ්වාස දෙක නැතහොත් ආනාපාන සතිය (පඨවි, ආපෝ, තේජෝ, වායෝ) සතර මහා භූත නමැති සිරුර ඇතුළත පවත්නා වෙනත් සිරුරක් ලෙසින් මම කියමි. එනිසා මහණෙනි, ඒ මහණ ශරීර නමැති ලෝකයෙහි (කායෙ කායානුපස්සී) දැඩි ලෝභයත්, දොම්නසත් දුරු කෙරෙමින් කෙලෙසුන් තවන වීර්ය ඇතිව, මනා නුවණින් හා සිහියෙන් යුතු ව කය අනුව බලමින් වෙසෙයි.

යම් අවස්ථාවක භික්ෂූව සිතෙහි ඉමහත් ප්රීතියත්, සැපයත් උපදවමින්, සිත්හි උපදනා කෙලෙසුන් පිළිබද මනා දැනීමකින් හා අබබෝධයෙන් යුතු ව, සිත සංසිදුවමින් (කෙලෙසුන්ගෙන් සිත මුදවා සංසිදුවමින්) ආශ්වාස - ප්රශ්වාස කෙරෙමි යයි නුවණින් දැනගන්නේ නම්, කෙලෙසුන් තවන වීර්යය ඇති ව, යහපත් නුවණින් හා සිහියෙන් යුතු ව, පංචස්කන්ධ ශරීර නමැති ලෝකයෙහි පවත්නා දැඩි ලෝබයත්, තරහවත් දුරු කොට වෙසෙයි. කිසියම් අවස්ථාවක ඒ මහණ සිත පිළිබද ව මනා අවබෝධයක් ඇති ව, සිත ඉමහත් සතුටට පත් කෙරෙමින්, ආශ්වාස - ප්රශ්වාස අරමුණෙහි සිත මනා ලෙස පිහුටුවමින් සිත එකග බවට පමුණුවම්න්, සිත කෙලෙසුන්ගෙන් මුදවමින්, සිත අනුව බලමින් කෙලෙසුන් තවන වීර්ය ඇති ව, මනා නුවණින් හා සිහියෙන් යුතු ව පංචස්කන්ධය නමැති ලෝකයෙහි පවත්නා වූ දැඩිලෝභය සහ තරහව දුරු කොට වාසය කෙරෙයි. මහණෙනි, මම යහපත් නුවණ නොමැති, සිහි මුළා වූ පුද්ගලයාට ආනාපානසති භාවනාව පිළිබද දේශනා නො කරන්නෙමි.

එම නිසා මනා සිහියෙන් යුතු මහණ සිතෙහි උපදනා කෙලෙස් දහම් අනුව බලමින්, එම කෙලෙසුන් (තවන) දුරු කරන යහපත් සිහියෙන් හා නුවණින් යුතු ව මේ පංචස්කන්ධ නමැති ලෝකයෙහි පවත්නා දැඩි ලෝභයත්, තරහවත් දුරු කොට වෙසෙයි.

මහණෙනි, කිසියම් අවස්ථාවක මහණ තෙම සියල්ල අනත්යය අනුව නුවණින් බලමින් ආශ්වාස - ප්රශ්වාස කරන්නෙමි යයි හික්මෙන්නේ නම්, කෙලෙසුන් කෙරෙහි නො ඇලීම, කෙලෙසුන් සිතින් දුරු කිරීම නුවණින් දකිමින් කෙලෙසුන් තවන වීර්යය ඇති ව ආශ්වාස - ප්රශ්වාස කෙරේ ද, එම අවස්ථාවෙහි කෙලෙස් දහම් සිත්හි උපදින අයුරු ද, නැතිවන ආකාරය ද නුවණින් දකිමින්, කෙලෙසුන් තවන වීර්යය ඇති ව, යහපත් නුවණින් හා සිහියෙන් දැන ගෙන මේ පංචස්කන්ධ ලෝකයෙහි පවත්නා දැඩි ලෝභය සහ දොම්නස් දුරු කෙරෙමින් වෙසේ. හෙතෙම ඒ අභිධ්යා දෝමනස්ස පිළිබද දුරුවීම නුවණින් දැන ගෙන, එය උපේක්ෂාවෙන් මැදහත් ලෙසින් බලයි. හෙතෙම එවිට කෙලෙස් දහම් පිළිබද ඇතිවීම, නැතිවීම නුවණින් දකිමන් ධම්මානුපස්සනාවේ යෙදෙමින් කෙලෙස් දුරුකරන වීර්යය ඇති ව මනා සිහියෙන් යුතු ව පංචස්කන්ධය නැමැති ලෝකයෙහි පවත්නා දැඩි ලෝභය හා දෝම්නස දුරු කරමින් වෙසේ. එසේ බහුල වශයෙන් පුරුදු-පුහුණු කරන ලද ආනාපානසති භාවනාව නිසා සතර සත්පට්ඨාන ධර්මය සම්පූර්ණ වේ.

මහණෙනි, කවර ආකාරයෙකින් බොහෝ සෙයින් වඩන ලද, පුරදු - පුහුණු කරන ලද සතර සත්පට්ඨාන ධර්මය නිසා සප්තබෝධ්යංග ධර්මයන් සම්පූර්ණ වන්නේ දයත් කය අනුව බලමින් මනා සිහයෙන් හා නුවණින් යුතු ව, පංචස්කන්ධය නමැති ලෝකයෙහි දැඩි ලෝභයත්, දොම්නසත් දුරු කිරීමෙන් නො මුළාවූ සිහිය ඇති වූ කල් හි ඒ භාවනානුයෝගී මහණ තෙම “සතිසංබොජ්ඣඞගය“ වඩන්නට පටන් ගනී. හෙතෙම සතිසංබොජ්ඣඞගය සම්පූර්ණ කෙරෙයි.

ඒ මහණ මනා සිහියෙන් වෙසෙහින් ඒ ස්මෘතිය ද, අනිත්යාදී වශයෙන් කල්පනා කරයි. විශේෂයෙන් සිතයි. එය උසස් වශයෙන් විමසන්නා වූ හෙතෙම ධම්මවිචයසංබොජ්ඣඞගය වඩන්නට පටන් ගනී. හෙතෙම ධම්මවිචයසංබොජ්ඣඞගය භාවනාවේ සම්පූර්ණ බවට පැමිණේ.

ඒ බෝධ්යංග ධර්මය නුවණින් හා විමසීමෙන් යුක්ත පුරුදු - පුහුණු කරන ඒ මහණහට නො පසුබස්නා වීර්යය ඇතිවේ. ඒ වීර්යයෙන් විරියසංබොජඣඞගය වඩන්නට පටන් ගනී. එය ද භාවනාවෙන් සමුපූර්ණ බවට පැමිණේ.

[QUOTE="madhawavish, post: 17493525, member: 514270"] ආනාපානසති සූත්රය. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයෙහි සැරියුත් මුගලන්, මහා කාශ්යප, මහාකච්චායන, මහාකප්පින, මහාචුන්ද, අනුරුද්ධ, රෙවත, ආනන්ද ආදී තෙරවරුන් ඇතුළු ශීලාදී ගුණයෙන් ප්රසිද්ධියට පැමිණි වෙනත් බොහෝ ශ්රාවක සංඝයා ද සමග වැඩ වෙසෙන සේක. එකල්හි ස්ථවිර භික්ෂුහු අළුත පැවිදි බව ලැබුවන්ට අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් භික්ෂූහු පැවිද්දන් දස දෙනකුට, විසිදෙනකුට, හතළිස් දෙනකුට ද, අවවාද අනුශාසනා කෙරෙති. එසේ අවවාද අනුශාසනා ලබන්නා වූ නවක භික්ෂූහු මුල දී සම්පූර්ණ කළ යුතු වූ ශීලා දී ගුණාංගයන්ට අමතර ව එයට වඩා උසස් වූ කසිණ භාවනාදිය පිළිබද ව ද දැනගත්තාහු ය. එකල්හි බුදුරජාණන් වහන්සේ පුර පසළොස්වක පොහෝ දිනයෙහි භික්ෂූන් පිරිවරා ගෙන, එළිමහනෙහි වැඩ හුන් සේක, ඉතා නිහඩව සිටි භික්ෂූන් දෙ බලා මහණෙනි, “ ඔය නමලාගේ ප්රතිපත්ති හේතු කොට ගෙන මම සතුටු වූයේ වෙමි. එම නිසා නොපැමිණි රහත් බවට පැමිණීම පිණිස, ප්රත්යක්ෂ නො කළ නිවණ ප්රත්යක්ෂ කිරීම පිණිස විශේෂයෙන් වීර්යය කරන්න. මම මේ සැවැත්නුවර මැ වෙසෙමින් කුමුදු මල් පපී සද බබළන ඉල් මාසයේ පසළොස්වක පොහෝ දිනය දක්වා ඔය නමලා පිළිබද වැ බලා සිටින්නෙමි,, යි වදාළ සේක. බුදුරජාණන් වහන්සේ කුමුදු මල් පිපී ඇති ඉල් මස පුර පසළොස්වක දක්වා අප ගැන බලන සේකැ යි දැනගත් ජනපදවාසී භීක්සූහු බුදුරදුන් දක්නට පැමිණෙති. නවක පැවිද්දනට වැඩි වැඩියෙන් අවවාද අනුශාසනා කෙරෙති. ඒ නවක භික්ෂූහූ ද කලින් ලබන ලද ගුළ විශේෂයන්ට වඩා පසුව සෝවාන් ආදී උදාර ගුණ විශේෂයන්ට පැමිණෙති. තමා තුළ උදාර ගුණ විශේෂ ඇතැයි දකිති. බුදුරජාණන් වහන්සේ ඉල් පුණු පොහෝ දින රාත්රිෙයහි එළිමහනෙහි වැඩ සිටි සේක, ඉතා නිහඩ වැ සිටි ඒ භික්ෂූන් දැක, භික්ෂූ සංඝයා අමතා මෙසේ වදාළහ. “මහණෙනි, මේ භික්ෂූ පිරිස නොසිස් යැ. හිස් වචන නොමැත්තේය. පිරිසිදු යැ. මාර්ගඵල නැමැති අධිගම සාරයෙහි පිහිටියේ ය. කිසියම් බුද්ධපුත්ර පිරිසක් ආහුණෙය්ය, පාහුණෙය්ය, දක්ඛිණෙය්ය, අංජලීකරණීය වේ ද, ලොවට උතුම් පින්කෙතක් (අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං) වේ ද, මහණෙනි, මේ භීක්ෂු පිරිස එබදු වේ. කිසියම් පිරිසකට දෙන ලද සුළු දෙයෙහි අනුසස් බොහෝ වේ ද, මේ භීක්ෂූ පිරිස එවැනි වේ. මේ භීක්ෂූ පිරිස ලෝකයා විසින් දක්නට පවා දුර්ලභ පිරිසෙකි. කිසියම් පිරිසක් දක්නට මාර්ගෝපකරණ ගෙන, යොදුන් දහස් ගණනක් මග ගෙවා යන්නට වුවත් සුදුදු ද, මේ භික්ෂු පිරිස ද, එබදු යැ. මේ භික්ෂූ පිරිස අතර භවසංයෝජනයන් ක්ෂය කළ රහතන් වහන්සේලා ද ඇත්තාහ. ඕරම්භාගිය සංයෝන ක්ෂය කළ අනාගාමී භික්ෂුන් වන්සේලා ද ඇතත්තාහ. ත්රිවිධ සංයෝජන ධර්මයන් ක්ෂය කළ, රාග, දෝස, මෝහ ධර්මයන් තුනි කළ සකදාගාමී භික්ෂූන් වහන්සේලා ද මෙහි ඇත්තාහ. ත්රිවිධ සංයෝජන ධර්මයන් ප්රභීණ කළ සම්බෝධිපරායන වූ සොතාපන්න භික්ෂූන් වහන්සේලා ද මෙහි ඇත්තාහ. මහණෙනි, මේ භික්ෂූ සංඝයා අතරෙහි සතර සතිබට්ඨාන (කායානුපස්සනා, වේදනානූපස්සනා, ච්ත්තානුපස්සනා, ධම්මානූපස්සනා) ධර්මයන් අරමුණු කොට ගෙන, භාවනාවෙහි යෙදී සිටින්නා වූ සංඝායා ද මෙහි ඇත්තාහ. එමෙන් ම ඡන්ද, චිත්ත, විරිය, විමංසා යන සතර සෘද්ධිපාද භාවනා සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන පඤ්ච ඉන්ද්රිය භාවනා ක්රමයන්හි යෙදුණු භික්ෂූ සංඝයා ද මෙහි ඇත්තා හ. මහණෙනි, (මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා) සතර බ්රහ්ම විහරන භාවනා, අසුභ භාවනා සහ අනත්යසංඥා භාවනාවෙහි යෙදුණු සංඝයා ද මෙහි ඇත්තාහ. මහණෙනි, ආනාපානසති භාවනාවෙහි යෙදි සිටින භික්ෂු සංඝයා ද මෙහි ඇත්තාහ. නිතර බොහෝ සෙයින් වඩනා ලද ආනාපානසති භාවනාව මහත් අනුසස් ගෙන දෙන්නේ ය. එසේ වඩනා ලද ආනාපාන සති භාවනාවෙන් සතරසතිපට්ඨාන ධර්ම සම්පූර්ණ බවට පැමිණේ. එසේ බහුල වැ වඩනා ලද සතරසතිපට්ඨාන ධර්ම නිසා සප්තබෝධ්යංග ධර්ම සම්පූර්ණ බවට පැමිණේ. මහණෙනි, මෙසේ වඩනා ලද ආනාපානසති භාවනාව මහත් අනුසස් හා මහත්ඵල ගෙනදෙන්නේ කෙසේ ද යත් වනයකට රුක් මූලකට හෝ ශූන්යෘගාරයකට හෝ ගිය මහණ බද්ධ පර්යංකයෙන් හිද ගෙන, ශරීරය හරි කෙළින් තබා ගෙන, හුස්ම ඉහල ගැනීම, හුස්ම පහළ දැමීම කෙරෙහි සිහිය මනා සේ පිහිටුවා ගෙන ආශ්වාස - ප්රශ්වාස කෙරෙයි. දීර්ඝ ව හෝ භ්රස්ව ව හෝ හුස්ම ඉහළ - පහළ ගැනීමේ දී දික් ව හෝ කෙටියෙන් හුස්ම ඉහළ - පහළ ගන්නෙමි යයි නුවණින් දැන ගනී. ආශ්වාස ප්රශ්වාස කරන ආකාරය පිළිබද ව මහා අවබෝධයකින් යුතු ව ආශ්වාස - ප්රශාවාස කරයි. සියලු ආශ්වාසය - ප්රශ්වාස ක්රියා සමූහය පිළිබද ව මහා අවබෝධයකින් යුතු ව ආශ්වාස - ප්රශ්වාස කෙරෙමි යි ද, මුළු සිරුර ම (කායසංස්කාරය) සන්සිදුවමින් ආශ්වාස - ප්රශ්වාස කරමි. යයි ද නුවණින් දැනගනී. කායික හා මානසික ප්රීතියෙන් හා සැපයෙන් යුතු ව ආශ්වාස - ප්රශ්වාස කරමි යයි දැනගනී. සිත එකග කරමින් හා සිත් හි කෙලෙසුන් සංසිදුවමින්, කෙලෙස්වලින් මුදවමින් ආශ්වාස _ ප්රශ්වාස කෙරෙමි යයි දැනගනී. අනිත්යය අනුව, විරාගය අනුව (සංස්කාරයන්ගේ විනාශය සහ නිවණ) නිරෝධය (නිවණ) අනුව නුවණින් දකිමින් ද, කෙලෙසුන් සහ පංචස්කන්ධය අත්හැර දැමීම විදසුන් නුවණින් දකිමින් ද ආශ්වාස - ප්රශ්වාස කෙරෙමි යි දැනගනී. මෙසේ වඩන ලද, බහුල වශයෙන් වඩන ලද ආනාපානසති භාවනාව මහත්ඵල - මහත් අනුසස් ඇත්තේ වෙයි. මහණෙනි, වඩන ලද, බහුල ව වඩන ලද ආනාපානසති භාවාවෙන් සතර සතිපට්ඨාන ධර්ම සම්පූර්ණ වන්නේ කවර ලෙසකින් ද?. ආනාපානසති භාවනාවේ යෙදෙන මහණ තෙම ශරීර අනුව බලමින් කෙලෙසුන් තවන වීර්යය ඇති ව, මනා නුවණින් හා සිහියෙන් යුතු ව, ශරීර නමැති ලෝකය තුළ පවත්නා දැඩි ලෝභය සහ තරහ දුරු කොට වාසය කෙරෙයි. මේ ආශ්වාස - ප්රශ්වාස දෙක නැතහොත් ආනාපාන සතිය (පඨවි, ආපෝ, තේජෝ, වායෝ) සතර මහා භූත නමැති සිරුර ඇතුළත පවත්නා වෙනත් සිරුරක් ලෙසින් මම කියමි. එනිසා මහණෙනි, ඒ මහණ ශරීර නමැති ලෝකයෙහි (කායෙ කායානුපස්සී) දැඩි ලෝභයත්, දොම්නසත් දුරු කෙරෙමින් කෙලෙසුන් තවන වීර්ය ඇතිව, මනා නුවණින් හා සිහියෙන් යුතු ව කය අනුව බලමින් වෙසෙයි. යම් අවස්ථාවක භික්ෂූව සිතෙහි ඉමහත් ප්රීතියත්, සැපයත් උපදවමින්, සිත්හි උපදනා කෙලෙසුන් පිළිබද මනා දැනීමකින් හා අබබෝධයෙන් යුතු ව, සිත සංසිදුවමින් (කෙලෙසුන්ගෙන් සිත මුදවා සංසිදුවමින්) ආශ්වාස - ප්රශ්වාස කෙරෙමි යයි නුවණින් දැනගන්නේ නම්, කෙලෙසුන් තවන වීර්යය ඇති ව, යහපත් නුවණින් හා සිහියෙන් යුතු ව, පංචස්කන්ධ ශරීර නමැති ලෝකයෙහි පවත්නා දැඩි ලෝබයත්, තරහවත් දුරු කොට වෙසෙයි. කිසියම් අවස්ථාවක ඒ මහණ සිත පිළිබද ව මනා අවබෝධයක් ඇති ව, සිත ඉමහත් සතුටට පත් කෙරෙමින්, ආශ්වාස - ප්රශ්වාස අරමුණෙහි සිත මනා ලෙස පිහුටුවමින් සිත එකග බවට පමුණුවම්න්, සිත කෙලෙසුන්ගෙන් මුදවමින්, සිත අනුව බලමින් කෙලෙසුන් තවන වීර්ය ඇති ව, මනා නුවණින් හා සිහියෙන් යුතු ව පංචස්කන්ධය නමැති ලෝකයෙහි පවත්නා වූ දැඩිලෝභය සහ තරහව දුරු කොට වාසය කෙරෙයි. මහණෙනි, මම යහපත් නුවණ නොමැති, සිහි මුළා වූ පුද්ගලයාට ආනාපානසති භාවනාව පිළිබද දේශනා නො කරන්නෙමි. එම නිසා මනා සිහියෙන් යුතු මහණ සිතෙහි උපදනා කෙලෙස් දහම් අනුව බලමින්, එම කෙලෙසුන් (තවන) දුරු කරන යහපත් සිහියෙන් හා නුවණින් යුතු ව මේ පංචස්කන්ධ නමැති ලෝකයෙහි පවත්නා දැඩි ලෝභයත්, තරහවත් දුරු කොට වෙසෙයි. මහණෙනි, කිසියම් අවස්ථාවක මහණ තෙම සියල්ල අනත්යය අනුව නුවණින් බලමින් ආශ්වාස - ප්රශ්වාස කරන්නෙමි යයි හික්මෙන්නේ නම්, කෙලෙසුන් කෙරෙහි නො ඇලීම, කෙලෙසුන් සිතින් දුරු කිරීම නුවණින් දකිමින් කෙලෙසුන් තවන වීර්යය ඇති ව ආශ්වාස - ප්රශ්වාස කෙරේ ද, එම අවස්ථාවෙහි කෙලෙස් දහම් සිත්හි උපදින අයුරු ද, නැතිවන ආකාරය ද නුවණින් දකිමින්, කෙලෙසුන් තවන වීර්යය ඇති ව, යහපත් නුවණින් හා සිහියෙන් දැන ගෙන මේ පංචස්කන්ධ ලෝකයෙහි පවත්නා දැඩි ලෝභය සහ දොම්නස් දුරු කෙරෙමින් වෙසේ. හෙතෙම ඒ අභිධ්යා දෝමනස්ස පිළිබද දුරුවීම නුවණින් දැන ගෙන, එය උපේක්ෂාවෙන් මැදහත් ලෙසින් බලයි. හෙතෙම එවිට කෙලෙස් දහම් පිළිබද ඇතිවීම, නැතිවීම නුවණින් දකිමන් ධම්මානුපස්සනාවේ යෙදෙමින් කෙලෙස් දුරුකරන වීර්යය ඇති ව මනා සිහියෙන් යුතු ව පංචස්කන්ධය නැමැති ලෝකයෙහි පවත්නා දැඩි ලෝභය හා දෝම්නස දුරු කරමින් වෙසේ. එසේ බහුල වශයෙන් පුරුදු-පුහුණු කරන ලද ආනාපානසති භාවනාව නිසා සතර සත්පට්ඨාන ධර්මය සම්පූර්ණ වේ. මහණෙනි, කවර ආකාරයෙකින් බොහෝ සෙයින් වඩන ලද, පුරදු - පුහුණු කරන ලද සතර සත්පට්ඨාන ධර්මය නිසා සප්තබෝධ්යංග ධර්මයන් සම්පූර්ණ වන්නේ දයත් කය අනුව බලමින් මනා සිහයෙන් හා නුවණින් යුතු ව, පංචස්කන්ධය නමැති ලෝකයෙහි දැඩි ලෝභයත්, දොම්නසත් දුරු කිරීමෙන් නො මුළාවූ සිහිය ඇති වූ කල් හි ඒ භාවනානුයෝගී මහණ තෙම “සතිසංබොජ්ඣඞගය“ වඩන්නට පටන් ගනී. හෙතෙම සතිසංබොජ්ඣඞගය සම්පූර්ණ කෙරෙයි. ඒ මහණ මනා සිහියෙන් වෙසෙහින් ඒ ස්මෘතිය ද, අනිත්යාදී වශයෙන් කල්පනා කරයි. විශේෂයෙන් සිතයි. එය උසස් වශයෙන් විමසන්නා වූ හෙතෙම ධම්මවිචයසංබොජ්ඣඞගය වඩන්නට පටන් ගනී. හෙතෙම ධම්මවිචයසංබොජ්ඣඞගය භාවනාවේ සම්පූර්ණ බවට පැමිණේ. ඒ බෝධ්යංග ධර්මය නුවණින් හා විමසීමෙන් යුක්ත පුරුදු - පුහුණු කරන ඒ මහණහට නො පසුබස්නා වීර්යය ඇතිවේ. ඒ වීර්යයෙන් විරියසංබොජඣඞගය වඩන්නට පටන් ගනී. එය ද භාවනාවෙන් සමුපූර්ණ බවට පැමිණේ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom