Sinhala typing problem

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    පොඩි උදව්වක් ඕනේ, එකේ සින්හලෙන් type කරන කොට ඉස්පිලි පාපිලි හරියට තියනවා නමුත් post කරන කොට ව්zරදියට එන්නේ,,ඒක හදා ගන්නේ කොහොමද
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,551
    15,115
    113
    New Zealand
    සිම්හලුත් එකයි, සිම්හලුන්ගේ ෆොන්ටුත් එකයි. මෙලෝ රහක් නෑ
    ඉස්කෝලපොත කියලා මගුලක්තියනවා. ඒකෙන් ටයිප් කරපු ඩොකියුමන්ට් එකක් වෙන කොම්පියුටරේකට දැම්මම වචන අතර ස්පේසින් වෙනස්, ස්පිලි පාපිලි විකාර වෙලා තියනවා. සමහර වෙලාවට "ර්" අකුර පිටීපස්සට යනවා. මර්ධනය කියලා ටයිප් කරලා වෙන ලැප් එකකින් ඕපන් කරද්දි මධර්නය කියලා තියෙන්නෙ. සමහර වෙලාවට ""ේර්" වගේ විදියටත් ඉස්පිලි පාපිලි වෙන වෙනම වදිනවා. Office 2010,2013 වගේ එකක ටයිප් කරපුවා 2016න් පස්සේ එකක ඕපන් කරද්දි පට්ට අවුල්. හැබැයි මේවා කම්පියුටරයේ ප්‍රශ්නවත්, ඔෆිස් සොෆ්ට්වෙයා එකේ ප්‍රශ්නවත් නෙමෙයි. ඒ කොම්පියුටර්වල ටයිප් කරද්දි කිසි අවුලක් නෑ. හැබෙයි වෙන එකකට දාලා බලද්දි අවුල්. ඒ අවුල තියන කම්පියුටරෙත් නිව් පේජ් එකක් ඕපන් කරලා ඒ ටිකම අලුතෙන් ගැහුවොත් කිසිම අවුලක් නැතුව ටයිප් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නෙ ෆොන්ට් එකෙ. ෆොන්ට් එක කොම්පියුටරෙන් කම්පියුටරේට වෙන වෙන විදිවලට වැඩ කරන්නේ
     
    Last edited: