Sinidu ft Manasick

Zorrow

Active member
  • Jul 5, 2025
    171
    93
    28
    t.me


    by Decrypt HipHop

    Lyrics Breakdown 027 - Part I
    Track : Sinidu by Master D
    🦾
    🖤
    ft. Manasick
    🐐
    🖤

    ⭕️
    Disclaimer: The following breakdown reflects my personal interpretation of the lyrics. There may be significant differences between my views and the artist’s original intent.
    Borna's Verse :
    ❗️
    මට අකුරු කිව්ව දවසේ තිබිලා බලගතු ඒරාෂ්ටකයක්
    මේ Bar එකෙන් කියන්නෙ Borna ට පොත් කියවන්න බැරි seen එක ගැන (if you know you know
    😉
    )
    ❗️
    ගැහුව සරස්වතියත් කටට ප්ලාස්ටරයක්
    මේ Bar එකෙන් කියන්නෙ Borna ට සින්දු කියන්න බැරි seen එක ගැන
    ❗️
    අද බොගෙ තොල කට වේලෙන රැපෙ Borna කාශ්ටකයක්
    එහෙම උනත් අද උඹලගෙ තොල කට වේලෙනකන් උඹලා කියවන රැප් වල අයිතිකාරයා Borna කියලයි කියන්නෙ
    ❗️
    පපු කැවුත්ත විලි කිලි බයේ ඇහැ ගැහිලයි මාස්ටරයක්
    හදවතේ මොන ලැජ්ජාව, බය, මොන කිලි තිබ්බත් මගෙ ඇහැ ගැහුනෙම මේ දේවල් (Master D Reference කරලා තියෙන්නෙ)
    ❗️
    ඇකේ ඉදන් ක්‍රමය නිය කකා මම බලාගෙන
    පොඩි කාලෙ අම්මගෙ උකුලෙ ඉඳන් නියපොතු කකා මම බලාගෙන හිටියෙ මේ සමාජ ක්‍රමේ දිහා
    ❗️
    උඹලා සිංහයෝ ටික මාව අරන් හදාගෙන
    උඹලා, සිංහල කියන ජාතියට මාවත් ඉපදුන ගමන්ම ඈඳා ගෙන හිටියත් (මට කිසිම ජාතිබේද නෑ මගේ ජාතිය මනුස්ස)
    ❗️
    උඹලාගෙ සංහිඳියා කබොල්ල යටින් තුවාලය
    උඹලා සංහිඳියාව කියන ප්ලාස්ටරෙන් වැහුවට මේ තුවාලෙ වහන්න බෑ
    ❗️
    මම බොලාගේ නාහෙන් නහන ගති අරින්න හුමාලය
    මම උඹලගෙ නාහෙට අහන්නෙ නැති ගති නැති කරලා දාන්න ආපු එකා (හෙම්බිරිස්සාවක් හැඳුනම නහය Block වෙනවනෙ, හුමාලෙ අල්ලලානෙ අපි නහයෙ Block වෙච්ච ගතිය නැති කරගන්නෙ)
    ❗️
    මම මැද පෙරදිග - බොලා නෑ එහෙම සැප අරගෙන
    මම මැද පෙරදිග ඉන්න නිසා විඳින දේවල් උඹලා මේ පොඩි රටේ දැකලවත් නෑ (උන් උඹලට ඒවා විඳින්න දෙන්නෙත් නෑ)
    ❗️
    මම නරා ම.රා. වට කරගෙන - වහේ ආයේ ඒවි ඇප අරගෙන
    මිනිස්සු එකතු වෙලා ඒ හොරු ටික අල්ලලා දුන්නත් උන් ආයෙ ඇප අරන් නිදහස් වේවි [(Political වෙනසක් කලාට වැඩක් නෑ, System එකයි වෙනස් කරන්න ඕනෙ),(ම.රා.= මහින්ද රාජපක්ෂ)]
    ❗️
    වැඩිම මනාපයකි රත්නපුරට ජයසේකර
    *චොකා මල්ලි
    [Ad-lib:මෙසේ වූවා සොයුරණි...]
    ❗️
    ප්‍රබුද්ධ බොලා පවා කිව්ව මහගමසේකර
    බොලා බුද්ධිමත් කියලා මහගමසේකර පවා කිව්වා නේද (මහගමසේකරගෙ ප්‍රබුද්ධ කෘතිය Reference කරලා තියෙන්නෙ)
    ❗️
    පැන්නා කල යල බලා - මට නම තිබ්බේ නෑ අහුබුදු
    මම නම් මේ රටින් කල් යල් බලලා පැනගත්තා (මගේ අනාගත අභිවෘද්ධිය සඳහා), කල් යල් බලලා නෙමේ මට නම තිබ්බෙ, නම තිබ්බෙ අරිසෙන් අහුබුදුත් නෙමේ
    ❗️
    බලපන් ගෙයි අහුමුලු - තිබ්බොත් දියං මට කහ කුඩු
    ගෙදර අස්සක් මුල්ලක් නෑර බලලා තිබ්බොත් මට කහ කුඩු පොඩ්ඩක් දියං (කහ කුඩු හිඟයක් ආවා නේද මේ කාලේ ?? සමහර විට ඒක Reference කරන්න ඇත්තෙ)
    ❗️
    රැපෙන් පීඩාවක් - දීලා ඉහ රිදවන්නෙ කාරිය
    මගෙ රැප් වලින් මේ රටේ තියෙන ප්‍රශ්න ගැන කියලා උඹලගෙ ඔලු තවත් අවුල් කරනවද කියලත් හිතෙනවා
    ❗️
    කදිම ක්‍රීඩාවක් - තනි කලු දැන් මහ මාරිය
    නමුත් මේක පට්ට සෙල්ලමක්, ලෙඩක් වගේ හැමතැනම බෝවෙලා දැන් #තනිකලු
    Thank you.
    Decryptor
    ❕

    P.S. :
    ❗️
    පපු කැවුත්ත විලි කිලි බයේ ඇහෙයි ගැහෙයි ලෑන්මාස්ටරයක්
    මගෙ මේ වචන අහලා උඹලගෙ පපු ගැහෙයි, හරියට ලෑන්මාස්ටරයක් වගේ...
    ❗️
    මම මැද පෙරදිග - බොලා නාහෙන් අඬන්නෙ සැප අරගෙන
    උඹලා සැප අරන්, නාහෙන් ඇඬුවට මමත් මේ මැද පෙරදිග ඇවිල්ලා දුක් තමයි විඳින්නෙ, ඒත් උඹලට මගෙ කෙඳිරියක්වත් ඇහුනද ?
    ❗️
    ගණ කල යල බලා - මට නම තිබ්බෙ නෑ අහුබුදු
    කල් යල් බලලා ගණ පිහිටුවලා මට නම තිබ්බෙ නෑ, මගෙ නම Manasick කියලා මමමයි තියා ගත්තෙ (ආරියසේන ආශුබෝද නෙමෙයි මගෙ නම තිබ්බෙ)
    Thank You Hasanka Wickramarathna President
    🫡
    🖤



    (Underrated Bars)