Sinopharm මාත්‍රා දෙකම ලබා ගත්තත් එයින් මැරුණු අනුපාතිකය වැඩියි

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113

    Sinopharm මාත්‍රා දෙකම ලබා ගත්තත් එයින් මැරුණු අනුපාතිකය වැඩියි​

    On: September 16, 2021 7:37 pm
    FacebookTwitterEmailWhatsAppMessengerSkypeViberPrint
    ශ්‍රී ලංකාව තවදුරටත් කොවිඩ් අධි අවදානම් එනම් රතු කලාපයක් ලෙස හඳුනාගෙන ඇත. රතු කලාපයේ සිට කොළ කලාපය දක්වා රට රැගෙන ඒම ඉලක්කය වියයුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
    දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
    පවතින සංචරණ සීමා කඩිනමින් ලිහිල් කළහොත් භයානක විපත් රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවත් ආසාදිතයින්, ඔක්සිජන් අවශ්‍යතාව හා මරණ වාර්තාවීම අඩුවක් දක්නට ලැබුණ ද එය තවමත් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමේ ආරම්භක ප්‍රතිඵල පමණක් බවත් විශේෂඥ වෛද්‍යවරුන් පැවසුවේය.
    කොරෝනා වසංගතය- දුර දිග බලා ගතයුතු අවැසි පියවර
    අප සියලු දෙනා දන්නා පරිදි කොවිඩ් රෝගය සම්බන්ධයෙන් අප රට තවමත් අධි අවදානම් කලාපයේ (එනම් red list) සිටින රටකි. සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීම මගින් රෝගීන් සංඛ්‍යාව අඩුවීම, ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ අඩුවීම සහ මරණ සංඛ්‍යාව අඩු වීම යන කරුණු තුනම මේ මොහොතේදී අපි දැන් යන්තමින් හෝ අත්දකිමින් සිටිමු .
    මෙම දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම නිසා ආර්ථික වශයෙන් ඉතාම දැඩි බලපෑමකට පත්වී ඇත්තේ සමාජයේ ඉතාම දිළිඳු පුද්ගල කණ්ඩායම් බව මනාව පැහැදිලිය. ඔවුන්ට මුහුණ පෑමට සිදු වී ඇති මෙම අති දුශ්කර තත්ත්වය අප හොඳාකාරව දන්නා නමුදු අප විසින් අමතක නොකළ යුතු දෙය නම් දැනට අප රෝගය පැතිරීම පාලනය සම්බන්ධයෙන් යම් ජයග්‍රහණයක් ලබා ඇත්නම් එය තවදුරටත් රැකගැනීම සඳහා මෙම සංචාරණ සීමා දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන බව ය. අප මෙහිදී අදහස් කරන්නේ සංචරණ සීමා දීර්ඝ කිරීමේ තීරණ ගැනීමේදී දිගුකාලීන ජයග්‍රහණයක් ලැබීමට නම් කෙටි කාලීන විසදුම් සඳහා නොයා යුතු බවයි.
    පාසල් නැවත විවෘත කිරීමේදී සිදුවිය හැකි ප්‍රධාන අවදානම නම් ලමයින්ගේ කෙළිලොල් හැසිරීම නිසා ඔවුන් අතර “ළමුන්ගෙ කොරෝනා” කණ්ඩායමක් බිහිවීමට ඇති හැකියාවයි. මෙමගින් නැවතත් පාසල් ළමුන් හරහා, වැඩි ප්‍රමාණයකට රෝගය බෝ වීම සිදුවිය හැකි වීම තවත් අවදානමකි.
    සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට ගෙන ඒම මෙම අවස්ථාවේදී ආර්ථික වශයෙන් ඉතා වැදගත් වන නමුත් මෙහිදී අප විසින් ඉතා විධිමත් මෙන්ම විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක් මගින් තෝරාගත් රටවල් කිහිපයකට වඩා ලෝකයේ ඕනෑම රටකින් ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන සියලුම සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි විශ්වාසයක් ඇතිකළ යුතු අතර ඔවුන්ට මෙහිදී රෝගය බෝවීමේ හැකියාව ඉතා අවම බව ප්‍රත්‍යක්ෂ වීමේ ඉතා පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය.
    අපගේ අවධානයට ලක් වී ඇති අනිත් කරුණ නම් තෙවැනි මාත්‍රාවක අවශ්‍යතාව පිළිබඳව මේ දිනවල ඇති සංවාදයයි. මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප දැඩි ලෙස විශ්වාස කරන්නේ සමාජ සාධාරණයට මුල්තැන දෙමින් රෝගයට ගොදුරුවීමට වැඩි හැකියාවක් ඇති වයස අවුරුදු 60ට වැඩි අය සහ අනෙකුත් අතුරු ආබාධ ඇති පුද්ගලයින්ට මාත්‍රාවන් දෙකම ලබා දීමට පෙර තරුණ සෞඛ්‍ය සම්පන්න අයට තෙවැනි මාත්‍රාවක් ලබා දීම විද්‍යාත්මක සහ සමාජයීය මූලධර්මයන් ට පටහැනි වන බවයි. අප විසින් අවධාරණය කළ යුතු තව කරුණක් නම් වයස අවුරුදු 60 ට වැඩි සහ අනෙකුත් පිළිකා වැනි අතුරු ආබාධ ඇති , sinopharm දෙවැනි මාත්‍රාව ද ලබා දී ඇති අයට Pfizer හෝ වෙනත් වර්ගයක එන්නත තුන්වෙනි මාත්‍රාව ලෙස ලබාදිය යුතු බවයි.
    Sinopharm මාත්‍රා දෙකම ලබා වුවද මරණයට පත් වූ සංඛ්‍යාව අනිකුත් වර්ගවල එන්නත් මාත්‍රා දෙකම ලබා මරණයට පත්වූ සංඛ්‍යාවට වඩා සුළු වශයෙන් හෝ වැඩි වීම අපගේ මෙම යෝජනාවට හේතුවක් ලෙස දක්වමු.
    අවසාන වශයෙන් , සමාජයේ වයස 20 සහ 30 අතර තරුණ කණ්ඩායම් සඳහා sinopharm එන්නත ඉතා හොඳ ප්‍රතිශක්තිකරණයක් ලබාදෙන බව සෞඛ්‍ය ඉගැන්වීම් මඟින් මනාව පැහැදිලි කර දී ඔවුන්ට sinopharm එන්නත ලබාදීම මගින් ලංකාවට අවශ්‍ය කරන එන්නත්කරණ ඉලක්ක ඉතා ඉක්මනින් සපුරා ගැනීම මේ මොහොතේ දී අත්‍යවශ්‍යම කාරණයක් බව ඔවුන්ට ඒත්තු ගැන්වීම ඉතා වැදගත් බව අපි දැඩි ලෙස විශ්වාස කරමු.
    – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    Sinopharm මාත්‍රා දෙකම ලබා වුවද මරණයට පත් වූ සංඛ්‍යාව අනිකුත් වර්ගවල එන්නත් මාත්‍රා දෙකම ලබා මරණයට පත්වූ සංඛ්‍යාවට වඩා සුළු වශයෙන් හෝ වැඩි වීම අපගේ මෙම යෝජනාවට හේතුවක් ලෙස දක්වමු.

    Misleading title​

    :rolleyes: :rolleyes:
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    සයිනොපාම් ගහපු රටවල සයිපනොපාම් ගහපු උන් මැරෙනව පයිසර් ගහපු රටවල පයිසර් ගහපු උන් මැරෙනවා. 😂😂😂

    Sam sajith නෙමෙයි iam Sajith කියලම දා ගනින් ඒ තරම් මෝඩයි උඹ.
    ------ Post added on Sep 16, 2021 at 9:41 PM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    පැනියට වඩා සයිනෝෆාම් හොදයී..
    ඊවවඩා ෆයිසර් හොදායී..
    ඊටත් වඩා ස්පුට්නික් හොදායී.
    ඔය ඔක්කොමටම වඩා අප්‍රිකානු ප්‍රබේදය හොදයි.
    උන් කියනවා අපි අහනවා.
    සමහරවිට පෙරුම්කායම් කෑල්ල හොද ඇති ඔක්කොටම වඩා
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    238685631_10159035638547535_8958699561713535297_n.jpg
     
    • Like
    Reactions: vito and jayanetthi

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    කොමිස් ගහන්න චීනපාන් ගෙනල්ලා...
    ගේනකන් බලං හිටපු උන්ට ඕව පෙනුනෙ නැද්ද ලොල්
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,352
    113
    Misleading title..

    වැඩිම ගහපු එකෙන් තමා වැඩිම මැරෙන්නෙ... ඕක ගනන් ලාවට දන්න ඕන එකෙක්ට තේරෙනවනේ...

    අනිත් එක හිතපන් රටේ vaccination 100% කියලා... එහෙම වෙලා එකෙක් මැරුනොත් කොවිඩ් වලින් vaccine ගහල මැරුන percentage එකත් 100% වෙනවා.. හැබැයි මැරුනේ එකයි....:lol:

    බලන්න ඕනේ vaccine ගහන්න කලින් death rate එකයි පස්සෙ death rate එකයි infected ගානට එන අනුපාතේ...
     
    • Love
    Reactions: dmsupun

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Misleading title..

    වැඩිම ගහපු එකෙන් තමා වැඩිම මැරෙන්නෙ... ඕක ගනන් ලාවට දන්න ඕන එකෙක්ට තේරෙනවනේ...

    අනිත් එක හිතපන් රටේ vaccination 100% කියලා... එහෙම වෙලා එකෙක් මැරුනොත් කොවිඩ් වලින් vaccine ගහල මැරුන percentage එකත් 100% වෙනවා.. හැබැයි මැරුනේ එකයි....:lol:

    බලන්න ඕනේ vaccine ගහන්න කලින් death rate එකයි පස්සෙ death rate එකයි infected ගානට එන අනුපාතේ...
    ekatath thawa sadakayak ekathu karanna wenawaa ban 2021 kalain ape kawadawath saukya darithawa ikmawuwye naha

    me marunu godak aya beraganna thibba o2 icu ehema thibba nam

    කොමිස් ගහන්න චීනපාන් ගෙනල්ලා...
    ගේනකන් බලං හිටපු උන්ට ඕව පෙනුනෙ නැද්ද ලොල්
    komis sin eka nam hari athi habayi chinapan inda thamayi mehemath berila inne . oya eka vaccine ekk wath apita thoga piting denna ekekwath naha anthimata salli dunnath
    (mulin order karapu nathi nisa (europe1st)

    india karapu balu wade dakka ne
    ------ Post added on Sep 17, 2021 at 11:37 AM
     
    Similar threads