Sirasa TV VS Derana TV වලියක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන් පිරිස දෙරණ නාලිකාවේ සේවකයින් විසින් තවදුරටත් සිර කර ගනු ලැබ සිටිති.

    අප මාධ්‍යවේදීන් අද පස්වරුවේ දෙරණ නාලිකා පරිශ්‍රයට ගියේ, ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා ය.

    දෙරණ නාලිකාවට ඒ සඳහා සාධාරණ අවස්ථාවක් ලබා දීම අප අරමුණ විය.‍

    එහෙත් දෙරණ සේවකයින් විසින් අප මාධ්‍යවේදීන් මේ වන විට සිරකර ගෙන ඇති අතර නිව්ස්ෆස්ට් කණ්ඩායමේ කැමරා උපකරණ ද පැහැර ගනු ලැබ තිබේ.

    අවස්ථා කිහිපයකදී දෙරණ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී ශෙහාන් බරණගේ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළ අතර ඊට ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැත.

    ඒ අනුව ඔවුන්ගේ ප්‍රතිචාර විමසීමට අප දෙරණ නාලිකාවට ගියෙමු.

    ඒ අවස්ථාවේ දෙරණ සේවකයින් විසින් අප මාධ්‍යවේදීන් සිරකරගෙන ඇති අතර නිව්ස්ෆස්ට් කණ්ඩායමේ කැමරා උපකරණ පැහැරගෙන තිබේ.








    11073575_10152906935077763_5464949015157253086_n.jpg


    කැපිටල් මහාරාජා ආයතනයේ මාධ්‍යවේදීන් යයි කියා ගන්නා පිරිසක් දෙරණ මාධ්‍ය ආයතනයට කඩාවැදී අනවසරෙන් බලහත්කාරීව රූගත කිරීමක් සිදුකරන්නට යාමෙන් මේවන විට නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

    අනවසරෙන් ඇතුළුව රූගත කරන්නට යාමෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කළ දෙරණ සේවක පිරිසක් සමග ඔවුන් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කර ගැනීමට උත්සාහ ගැනීම නිසා මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත.

    මාධ්‍ය ආයතනයේ ප්‍රධානීන් විසින් මෙම සිදුවීම පිළිබඳ පොලීසිය දැනුවත් කරන ලදී.

    කෙසේ වෙතත් මේවන විට කැපිටල් මහාරාජා ආයතනයට අයත් මාධ්‍යය විසින් තම මාධ්‍යවේදීන් බලහත්කාරයෙන් සිරකරගෙන සිටින බවට පුවත් පළකරමින් සිටියද එවැන්නක් සිදුවී නොමැත.

    එසේම මේවන විට පොලීසිය මැදිහත්ව නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ඇති අතර අදාළ මාධ්‍යවේදීන් යයි කියාගන්නා පිරිස පොලිස් බාරයට ගෙන තිබේ.

    අවසරයකින් තොරව මාධ්‍ය ආයතනයකට කඩාවැද රූගත කිරීම, පිළිගත් මාධ්‍ය ආචාරධර්ම වලට පටහැණිවා සේම නීති විරෝධී බැවින් මෙම සිදුවීම ටීවී දෙරණ ඇතුළු මාධ්‍ය ජාලය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.




    :lol:
     
    Last edited:
    • Like
    Reactions: DarK HerO

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කොහොමද රනිලගෙ ගේම, හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට