පසුගිය වසරේ වාරියපොල බස් නැවතුම් පොලේදී තරුණියක් විසින් තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇතිවිය. සමාජජාල තුලින් ආරම්භ වූ මේ කතාබහේදී තරුණිය දෙසට ඇඟිල්ල දිඟු කිරීමට බහුතරයක් දෙනා පසුබව නොවූහ.
මේ සිද්ධිය සම්බන්ධයෙන්ව වාරියපොල පොලිසියට කරනු ලැබූ පැමිණිල්ල පසුගිය අවුරුද්දක පමණ කාලයක් තිස්සේ විභාග වීමෙන් අනතුරුව අවසන් තීන්දුව 2015 සැප්තැම්බර් 02 වන දින, එනම් ඉකුත් බදාදා වාරියපොල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ලබා දෙනු ලැබීය.
එහිදී චූදිතයා වූ සෙල්වා නම් පුද්ගලයා එහිදී වැරදිකරු බවට පත්වූ අතර ඔහුට මාස 6ක බරපතල වැඩ සහිතව සිර දඩුවමක් සහ දඩ මුදලක් ගෙවීමට නියම කරන ලදි.
මෙම සිද්ධිය පිළිඹඳවත් එයින් අනතුරුව ඇතිවූ සිද්ධිදාමයත් සමඟ මාධ්‍යවලින්, පොලීසියෙන් සහ අනෙකුත් පුද්ගලයන්ගෙන් ඇයට අත්විදීමට සිදුවූ අත්දැකීම්, කරදර පිළිබඳ පලමුවතාවට ඇය අද දිනයේ මාධ්‍ය හමුවේ අනාවරණය කිරීමට කටයුතු කර තිබුනි.