ඕගොල්ලො දන්නවා යූත් රේඩියෝ එකයි එලකිරි.කොම් එකයි එකතුවෙලා ලොකු ඉවෙන්ට්ස් සංවිධානය කලා,කට්ටියව නැවේ එක්කන් ගියා,කොළඹ ෆැෂන් පෙන්නුවා කිසිම වෙබ් අඩවියකින් කරන්න තියා හිතන්නවත් බැරි අත්දැකීම් ගොඩක් සමග හොද ෆන් එකක් ගන්න අවස්ථවක් දුන්නා
ඊ ළගට කරපු ඉවෙන්ට් එක තමයි සය සාමාජික ක්‍රිකට් තරගය එලකිරි එකෙනුත් මේකට සහභාගී උනා තරගයට පෙර දින දෙහිවල එස්.ද එස් ජයසිංහ ක්‍රීඩාංගනයේ පවත්වපු පුහුණු තරගයෙන් තෝරගත් හොද කන්ඩායමක් බොරැල්ල වෙස්ලි විද්‍යාල ක්‍රීඩාංගනයේ පවත්වපු සුපිරි තරගයට යැවුවා.
මෙතනදී අපේ හමීශ් සොහොයුරා ගොඩක් බොක්කෙන්ම වෙහෙස නොබලා කන්ඩායම් සංවිධානය සදහා කටයුතු කලා,දවසක එයා ජාතික කන්ඩායමේ කළමණාකරු වෙන්නයි උත්සහය,තව ලොක්කා අයියගේ අධීක්ෂණය යටතේ තමයි සියල්ල සිදු කරේ,අපේ එලකිරි ක්‍රිකට් කන්ඩායමේ හොද ක්‍රීඩා විලාශයක් දුටුවා,6යේ ඒවා පිට පිට නෙලුවා
ඉතින් ඒ අවස්ථාවේ අපේ කැමරා වලට හසුවූ මතකයෙන් බිදක් මේසේ ගෙන එන්න සිතුවා


