SLC locks out 23 top players

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SLC locks out 23 top players

    152939.2.jpg

    Sri Lankan cricket is headed towards a major crisis with the board on Saturday night freezing out 23 of its top players over a contracts deadlock, less than a week before the start of the home series against Bangladesh. SLC, which met the players earlier in the day, has told its selectors not to consider those cricketers for any international cricket, including the Bangladesh series, until they agree to their new contract terms.

    Player contracts expired on February 28, and all 60 players who were offered new contracts have refused to sign them before the March 2 deadline prescribed by the board.

    "We spoke to all of the players present at the meeting, and gave our viewpoints and they also gave their points," SLC president Upali Dharmadasa said. "We have said, 'Nothing doing. We're going to stick to our guns.' It ended like that.

    "They will not be getting any facilities that Sri Lanka Cricket has been offering them, including, physios, masseurs and coaches. They can't come for practice at our venues."

    New Test captain Angelo Mathews and Twenty20 captain Dinesh Chandimal are among the players frozen out, along with the bulk of Sri Lanka's Test and ODI players. Mathews and Chandimal were appointed captains just over two weeks ago, and are yet to play any matches in their new capacity.

    Dharmadasa did not rule out the possibility of Sri Lanka's top cricketers playing in the first Test against Bangladesh in Galle, but only if the players signed their contracts by then. Kumar Sangakkara is the only player immediately affected by the lockout - he was due to play in the three-day tour match against Bangladesh in Matara, which begins on Sunday. The match was supposed to be Sangakkara's return to competitive cricket after fracturing his index finger in the Boxing Day Test.

    Dharmadasa also said SLC had not planned any more meetings with the players, but had invited them to put their concerns in writing, and present them to the board.

    The major point of dispute in the new contracts is SLC's refusal to pay the players 25% of the board's earnings from ICC events, as they have done since 2003. This payment is to compensate players for their images being used by the ICC and its sponsors to promote the tournament as well as during the event.

    Other points of contention include the board's move to freeze payment to cricketers taking part in the IPL for as long as he is with his IPL team, a clause tying pay to team performance, and the scrapping of a convention that allowed players' wives to travel on one tour a year on SLC's money.

    Contract terms also sparked a dispute in 2012, though SLC had a weaker bargaining position then, having not paid its players since the 2011 World Cup. The disputes were eventually settled in July after players threatened to boycott the Sri Lanka Premier League, after having played international cricket without an official contract for over four months. Payment from ICC events had also been a sticking point on that occasion, as well as a clause that required the players to have SLC permission before speaking to media

    කොන්ත්‍රාත්තුව අත්සන් නොකළ නිසා සංගක්කාරට පුහුණු තරඟය මඟහැරේ

    මාර්තු 2 වෙනි දින වනවිට අත්සන් කිරීමට තිබූ ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් නොකළ බැවින් කුමාර සංගක්කාරට අද දින ක්‍රීඩා කිරීමට තිබූ බංග්ලාදේශ - ශ්‍රී ලංකා සංවර්ධන තුන් දින පුහුණු තරඟයට ක්‍රීඩා කළ නොහැකි විය. සංගක්කාරට අමතරව, නව ශ්‍රී ලංකා නායකයන් දෙපලද ඇතුළුව, ක්‍රිකට් ආයතනය ගිවිසුම්ගත කිරීමට බලාපොරොත්තු වූ ක්‍රීඩකයන් 60 දෙනෙකු මෙලෙස ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

    මෙලෙස ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් දක්වන්නේ, 2003 වසරේ සිට මෙතෙක් ක්‍රිකට් ආයතනය විසින් අයි.සී.සී. තරඟාවලි වලින් උපයන මුදලින් ක්‍රීඩකයන් වෙත ලබාදුන් 25% ක දීමනාව අඩු කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කිරීමයි. තවද, '' තරඟාවලිය සඳහා සහභාගිවන ක්‍රීඩකයන්ට, එම තරඟාවලියට ක්‍රීඩා කරන වකවානුව වෙනුවෙන් ක්‍රිකට් කොන්ත්‍රාත්තුවෙන් හිමිවන මුදල් කප්පාදුවකට ලක් කිරීමටද තීරණය කර තිබේ. කෙසේ වෙතත්, ක්‍රිකට් ආයතනය, '' තරඟාවලිය හා සමකාලීනව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලි අහෝසි කිරීමට මීට පෙර ක්‍රියාකරන ලදි. තවද, ක්‍රීඩකයන්ගේ '' වැටුප් වලින් 10%ක් ක්‍රිකට් ආයතනය අය කර ගැනීම දිගටම සිදු කිරීමද ක්‍රිකට් ආයතනයේ නව ගිවිසුමේ ඇතුළත් වේ.

    ක්‍රීඩා අමාත්‍යය වරයා අද උදෑසන පැවසූ පරිදි, ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත වීම ප්‍රතික්ෂේප කරන කිසිඳු ක්‍රීඩකයෙකු ඉදිරි තරඟ සඳහා තෝරා නොගැනීමට තීරණය වී තිබේ. ඒ අනුව, ක්‍රීඩකයන්ට ඉදිරි දින කිහිපය තුළ ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුමට එළඹීමට නොහැකි වුවහොත්, බංග්ලාදේශ තරඟාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 20 ක සංචිතය විසුරුවා හැර නව සංචිතයක් නම් කරනු ඇති.

    Sources : espncricinfo.com & cricturf.com

    Update

    Sanath Jayasuriya said that players agreed to sign the contract during the discussion and problem is solved now.
     
    Last edited:
    • Like
    Reactions: isuru003

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ ක්‍රිකට් ඉවරයි .බලන්න තිබුනෙත් ඔච්චරයි එකත් විනාශයි .මහරඡාවත් මැදිහත් වෙලා විසදුවොත් හොදයි
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකාවේ ක්‍රිකට් ඉවරයි .බලන්න තිබුනෙත් ඔච්චරයි එකත් විනාශයි .මහරඡාවත් මැදිහත් වෙලා විසදුවොත් හොදයි

    :(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ජේෂ්ඨයින් 21 ක් පැන්නීමට ක්‍රිකට් ආයතනය තීරණය කරයි

    (2013 මාර්තු මස 02 වැනිදා සෙනසුරාදා)

    Nishantha_Ranatunga.jpg

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 21 දෙනා ගිවිසුම් අත්සන් නොකිරීම හේතුවෙන් ඉවත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් සදහා ගිවිසුම් ලබා දී ඇත්තේ මීට සතියකට පෙරයි. එහි අත්සන් තැබිය යුතු අවසන් දිනය වූයේ අදයි. මේ අනුව ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතනය අතර විශේෂ සාකච්ජාවක් අද පැවැත්වුණා. එහිදී ක්‍රීඩකයින් ප්‍රධාන කරුණු තුනක් සදහා එකග විය නොහැකි බව දක්වා ඇතැයි සදහන්.
    මෙවර ගිවිසුමට ක්‍රීඩකයින් සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලි වලදී හිමිවන ගැරන්ට් ෆී නොහොත් මුලු මුදලේ සියයට 25 ක මුදල ගෙවීමට නොහැකි බව ඇතුලක් කර තිබෙනවා. එහෙත් ක්‍රීඩකයින් පවසා ඇත්තේ මස් රාත්තලම තමන්ට අවශ්‍ය බවයි. මේ අනුව ගිවිසුමේ එම වගන්තියට එකග විය නොහැකි බව දක්වා තිබෙනවා. ක්‍රිකට් ආයතනය එම වගන්තිය ඇතුලත් කර ඇත්තේ පාසල් ක්‍රිකට් සහ කාන්තා ක්‍රිකට් දියුණු කිරීමට මෙන්ම මෙම වසරේ වියදම් පාලනය කිරීම සදහායි. එම මුදලත් ලබා දුනහොත් වාර්ශික ආදායමෙන් සියයට 80 ක් ක්‍රීඩක වැටුප් සදහා වැයවෙනවා. එහෙත් එම සියයට 25 ඉවත්කළහොත් වැයවන්නේ සියයට 69 ක් පමණයි. එහෙත් එහිදී ක්‍රීඩකයකුගේ වැටුපෙන් අහිමිවන්නේ සියයට 10 ක් වැනි ප්‍රතිශතයක්.
    ක්‍රිකට් ක්‍රීඩකයකු මාසිකව ක්‍රිකට් ආයතනයෙන් පමණක් රුපියල් මිලියන 05 කට අධික මුදලක් උපයනු ලබනවා. එවැනි මොහොතක මෙවැනි සුලු මුදලකට ඔවුන් ක්‍රීඩක කොන්ත්‍රාත්තු අත්සන් නොකිරීම සදාචාරාත්මක නොවන බවයි ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේත් මතය වී ඇත්තේ.
    එමෙන්ම මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය සදහා සහභාගීවන ක්‍රීඩකයින්ගේ එම කාලසීමාවට ක්‍රිකට් ආයතනයේ වාර්ශික ගිවිසුමෙන් හිමිවන මුදල් කපා හැරීමටත් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. මෙතෙක් කලක් සිදුවූයේ ක්‍රිකට් ආයතනය ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමටත් මුදල් ලබා දීමයි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයින් පවසන්නේ ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය ක්‍රීඩා කරන කාලසීමාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔවුන්ට වැටුප් ගෙවිය යුතු බවයි. ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියෙන් මෙවර අඩුම මුදල හිමිවන ක්‍රීඩකයින්ටත් රුපියල් 2,600,000 ක් හිමිවනවා. ඒ මාසයක් සදහා අවම සහභාගීත්වයේ මුදලයි. මෙවැනි වැටුපක් හිමුවන ක්‍රීඩකයකුට තවත් ක්‍රිකට් ආයතනය වැටුපක් ලබා දීම යනු මෙරට මුදල් නාස්ති කිරීමක් නොවන්නේද?
    ක්‍රිකට් ක්‍රීඩකයින් පසුගිය වසරේ 60 දෙනෙකු කොන්ත්‍රාත් ගතවුණා. එහෙත් තරග ගාස්තු හිමිවන්නේ තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයින් 15 දෙනාට පමණයි. මේ හේතුවෙන් මුදල් බෙදීයාමේ විශමතාවක් පවතිනවා. උදාහරණයක් ලෙස කිසිදු පළමුපෙළ ක්‍රිකට් තරගයක් ක්‍රීඩා නොකර ක්‍රිකට් ලෝක කුසලානයේ එක් තරගයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයාට එම තරගාවලියෙන් පමණක් රුපියල් මිලියන 08 කට අධික මුදලක් හිමිවී තිබෙනවා. එහෙත් ප්‍රමුඛපෙළ සෑම දිනම ක්‍රීඩා කරන ක්‍රීඩකයකුට හිමිවන්නේ මාසිකව රුපියල් 20,000 කට අඩු වැටුපක්. මේ හේතුවෙන් මෙවර සියළුම ගිවිසුම්ගත ක්‍රිඩකයින් අතර මුදල් බෙදී යාමට ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. එහෙත් ජේෂ්ඨයින් ඊට එකග නොවන බව දක්වා ඇතැයි සදහන්.
    මේ අනුව ටෙස්ට් සංචිතය සදහා නම් කර ඇති ක්‍රීඩකයින් 21 දෙනා ඉවත්කර නව කණ්ඩායමක් අද නම් කිරීමටයි නියමිතව ඇත්තේ. එහෙත් අද උදෑසන දක්වා ක්‍රීඩකයිට අවස්ථාව ලබා දී තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ ලේකම් නිෂාන්ත රණතුංග මහතා කියා සිටියේ හෙට සිට ආරම්භවන බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිය සදහා ගිවිසුම්ගතවන සහ නවක ක්‍රීඩකයින් එක්කර කණ්ඩායමක් සකස්කරන බවයි. මෙම අවස්ථාවේ ජේෂ්ඨත්වය නොව වැදගත් වන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම බවත් ඔහු පෙන්වා දුන්නා.

    Source : freehitlanka.com
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ක්‍රිකට් ක්‍රීඩකයින් 21 ඉවත්කිරීමට ඇමතිගෙන් අවසර

    (2013 මාර්තු මස 03 වැනිදා ඉරිදා)

    cartoon-300x248.jpg

    ගිවිසුම් සදහා අත්සන් නොකරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඉවත්කිරීම සදහා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අවසර ලබා දී තිබෙනවා. බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා නම් කළ ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමට ගිවිසුම් සදහා අත්සන් කිරීමට ලබා දුන් අවසන් දිනය වූයේ ඊයේ දිනයයි. එහෙත් ඔවුන් ගිවිසුම් අත්සන් කරනු ලැබුවේ නැහැ. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ අනුව විනය කඩ කිරීමේ චෝදනාව යටතේ ඔවුන් ඉවත් කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ. එහෙත් අද දවසත් ක්‍රීඩකයින්ට සහන කාලයක් ලෙස ලබා දෙන ලෙසයි උපදෙස් දී ඇත්තේ. අද දවස අවසන් වන විට ක්‍රීඩකයින් ගිවිසුම් අත්සන් නොකරන ක්‍රීඩකයින් ඉවත්කර නවක ක්‍රීඩකයින් හෝ තරගාවලිය සදහා නම් කරන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා ආරම්භවන්නේ ලබන 08 වැනිදා සිටයි. අද සිට තෙදින පුහුණු තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතනය අතර ඇතිවී ඇති ගැටළුවට ජේෂ්ඨ ක්‍රීඩකයින් වගකිව යුතු බවයි වාර්තා වන්නේ.

    Source : freehitlanka.com
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පළමු බිල්ල කුමාර් සංගක්කාර - අනෙක් ක්‍රීඩකයින්ටත් අනතුරු

    (2013 මාර්තු මස 03 වැනිදා ඉරිදා)

    IC2011AFP4547.jpg

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ ගිවිසුම් සදහා අත්සන් නොකර සිටීමේ වරදට කුමාර් සංගක්කාර අද සිට ආරම්භවන බංග්ලාදේශ තෙදින පුහුණු තරගය සදහා නම් කර නැහැ. ඒ සදහා නම් කර ඇත්තේ නවක ක්‍රීඩකයින් 11 දෙනෙකු පමණයි. මීට පෙර තීරණය වී තිබුනේ ආබාදයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වී සිටි නිසා නැවත ලකුණු අතරට පැමිණීමට අවස්ථාව ලබා දිම සදහා සංගක්කාර මෙම තරගයට ඇතුලත් කිරීමටයි. එහෙත් ඔහු ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස කණ්ඩායමෙන් ඉවත්කර තිබෙනවා.
    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු කියා සිටියේ මේ වන විට නවක ක්‍රීඩකයින්ගෙන් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා සියළු කටයුතු සූදානම් කර ඇති බවයි. බොහෝ විට මෙවර ගිවිසුම් අත්සන් නොකරන ක්‍රීඩකයින්ට විනය පරීක්ෂණයක් පවත්වා වසර කිහිපයක් ක්‍රිකට් තහනම් කිරීම සදහා කටයුතු කරනු ඇතැයිද ඔහු කියා සිටියා. මේ වන විට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද ක්‍රීඩකයින් ඉවත්කිරීමට එකග වී සිටීම භාග්‍යක් බවයි ඔහු කියා සිටියේ. මෙතෙක් කළක් ක්‍රිකට් පාලනය කරනු ලැබුවේ ක්‍රීඩකයින් විසිනුයි. එහෙත් නැවත පාලනය ක්‍රිකට් ආයතනය ලබා ගැනීම ප්‍රශන්සනීය බව කිව යුතුමයි. එමෙන්ම මෙතෙක් කලක් ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ ක්‍රිකට් ඒජන්තවරුන්ගේ ඒකාධිකරයක් පැවතියා. මෙම සටන මෙවර දියත්වී ඇත්තේ ඊට එරහිවයි. මේ හේතුවෙන් මුදලට නොව රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පිරිසක් බිහි කිරීම සදහා මෙය නව ප්‍රවේශයක් වනු ඇතැයි ක්‍රිකට් විචාරක මතය වී තිබෙනවා.

    Source : freehitlanka.com
     
    skcolombage

    Active member
  • Aug 11, 2007
    1,238
    15
    38
    In your heearts
    I am not sorry about Mahela, Sanga, Dilshan or Malinga
    My concern is about the poor emerging cricketers like Kushal perera. who will be caught in the crossfires.! Please atleast let the newbies play cause honestly it is not their fight! Its basically, mahela sanga dilshan against SLC
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    අපේ ටීම් එකේ කොල්ලෝ 2011 අවුරුද්දම ක්‍රිකට් ගැහුවේ පඩි ගෙවන්නේ නැතුව.. ඒ වෙලාවේ උන් කිසි අවුලක් අදින්නේ නැතුව රට වෙනුවෙන් ක්‍රිකට් ගැහුවා...ඒ වෙලාවේ කව්රුවත් අපිට පඩි දෙන්නේ නැති නිසා මැච් ගහන්න බෑ කිව්වේ නෑ.....දැන් ඔය පාලක මණ්ඩලේ ඉන්න බූරුවෝ කරන සල්ලි නාස්ති අපේ කොල්ලෝ ටික පිටින් පියව ගන්න මුන් හදන්නේ
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    මේ වැඩේ කොහොම ගහපු ගැටයක් ද කියල කට්ටියටම තේරෙනව ද??
    :dull::dull::dull:
    මහේල අයින් උනා.සංගා අයින් උනා ක්‍රීඩකයන් ගෙ ආර්ථිකය ගැන හරියට කතා කරන්න බෑ අලුත් නායකයෙක් ආපු ගමන් ම .මොකද ඒක සදාචාරවත් නෑ.
    මෙහෙමයි ඔතනින් මම දන්න විදියට හම්බ වෙන්නෙ $ 30000ක් වගේ ගානක්.
    ඒක මහේලට සංගට මැතිව්ස් ට තිසර වගේ ක්‍රීඩකයන් කිහිප දෙනක්ට ලොකු ගානක් නෙමෙයි එකෙන් හම්බ වෙන මුදල් එක්ක බැලුවම.ඒත් කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන් ඉන්නවා අවුරුද්දටම හම්බවෙන්නෙ පොඩි ගානක්.ඒකත් ජාතික කොන්ත්‍රාත්තුවෙන් සහ අනෙක් තරඟ වලින්.
    :rolleyes::rolleyes:
    දැණ් මෙතනදි මැතිව්ස් හරි චන්දිමාල හරි නායකත්වය නිසා සෙල්ලම් කරන්න ගත්තත් එතන දි වෙන්නෙ කණ්ඩායම පාවල දුන්න වගේ.ඒක නිසා උන් දෙන්නට මුකුත් කරන්නත් බෑ.
    මයියා දැන් එළියෙ නිසා බුවාට මුකුත් කියන්නත් බෑ
    :baffled::baffled:
    අලුතින්ම හදපු කණ්ඩායම තමංගෙ මුල්ම සංචාරෙම රට වෙනුවෙන් නැතුව සල්ලි හින්ද සෙල්ලම් කරන එක අතෑරියා කියලා රට පාවල දුන්න කියල කට්ටියම කොටු කරන්නත් පුලුවන්.ඒක නිසා කොන්ත්‍රාත්තුව අත්සන් නොකරත් බෑ
    :no:
    හතර වටෙන්ම කොටු කරල දීලා තියෙන්නෙ

    :baffled::baffled::baffled:
    අනෙ අම්මප SLC එකේ මුන් ටික යුද්දෙට යැව්ව නම් යුද්දෙ දවස් හතෙන් ඉවරයි
    :rolleyes:
    මේ කොහොම කිව්වත් දැන් අපිටමයි කෙළවෙන්න යන්නෙ.Bangladesh එක්ක මේ සෙට් එකම සෙල්ලම් කරන්නෙ නැත්නම් සෙල්ලම් කරන්නෙ දෙවන පෙළ කණ්ඩායමක් නැත්නම් A team එකකුත් නෙමෙයි.තුන්වන පෙළ කණ්ඩායමක් .ඒ කියන්නෙ practice match ගහන සෙට් එකක්.
    :oo::oo:
    අපි අම්බානකට මෙහෙම ගිහින් කෑවොත් අපි ශ්‍රේණිගත කිරීම් වල තව පල්ලෙහාට යනවා.අනික රෙද්දක් ඇඳගෙන ඉන්දියන් කාරයො කමෙන්ට් කරන සයිට් එකකට යන්නබැරි වෙනවා
    :frown::frown:
    කොහොම හරි මේක පුලුවන් ඉක්මනට ලොක්කා තුමා මැදිහත් වෙලා හරි විසඳල දුන්නොත් ලොකු දෙයක්
    :angry:
    මම නම් කියන්නෙ මේ 25% ද කොහෙද කොල්ලොන්ට හම්බවෙන්න ඕන දෙයක්
    :yes::yes:
     
    Last edited:
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    සංගා එක පාරක් කියපු දෙයක් ගැනත් මෙතනදි මතක් උන නිසා කියල ඉන්නම්.
    බුවා කිව්වා player agentsලා ඉන්න ඕන අය කියලා.මොකද නැත්නම් අවධානය හරි විදියට තියාගන්න බෑ කියලා.ඒ කතාවෙත් ඇත්තක් නැතුව නෙමෙයි.ඒත් මුං මේවගෙ කොමිස් ගිලින්නෙ ගෙඩි පිටින්. $1000000 වලින් 15%- 30% අතර අගයක් කිව්වම රටට පාඩු වෙන ගාන කොච්චරක් ද??
    මේකම හරියට ක්‍රිකට් ආයතනයෙන් කරන්න පුලුවන් නම් ක්‍රීඩකයන් උනත් අකැමති නෑ නේ ද??මොකද රටට නෙ වැඩක් වෙන්නෙ.
    ඒත් ඉතින් දැන් යන තත්ත්වෙ හැටියට ඒකත් මුංම බුදින එක තමයි වෙන්නෙ
    :angry::angry::angry::angry:
    මේ පාර tv rights කේස් එකක් ඇවිල්ල මතක නෙ??

    මම අවංකවම ගරු කරනව මේ ආණ්ඩුවේ මොකාට නැතත් දැණ් ඉන්න ක්‍රීඩා ඇමති තුමාට.
    මම මේ ආණ්ඩුවට ජීවිතේට කැමති උන එකෙක් නෙමෙයි.

    :P
    මොකද බුවා හොඳ දේවල් ගොඩක් කරා ක්‍රිකට් වලට මේ ටිකට විතරක්.
    අර්ජුනවත් බෝඩ් එකට ගේන්න හැදුව කියල ආරන්චියි

    බුවා තමයි ඔය tv rights කේස් එකත් නවත්තල තිබුනෙ:rolleyes:

    ගොං පයන්නො ටිකක් ඉන්නෙ බං මේ board එකේ:angry::angry:
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මගෙනන් අදහස මේක හොඳ තීරණයක් කියන එක. පහු ගිය කාලෙ ක්‍රීඩකයො හුරතල් කරා වැඩිද කියලත් හිතුන. මතකනෙ එංගලන්ත සංචාරය යන්නෙ නැතුව මේ අය අයි.පී.එල් ගියා. මේකෙන් අසරණ වෙන්නෙ, ඔය 23න් දෙනා ඇතුලෙ ඉන්න තරුණ ක්‍රීඩකයො. ඒ අයට ගිවිසුම අත්සන් කරන්නත් ඕනෙ ඇති, ඒත් ජ්‍යේෂට ක්‍රීඩකයො නිසා අත්සන් කරන්නත් බැරුව ඇති.

    SLC එකෙත් වැරදි තිබුන, ඒත් කලින් වැරදි තිබුන කියල දැන් කෙලින් තීරණයක් ගත්තහම කලින් වැරදි මතක් කරල බනින එක තේරුමක් නෑ.

    මේක හොඳ තීරණයක් කියන එක තමයි මටනන් කියන්න තියෙන්නෙ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;14573318 said:
    මේ වැඩේ කොහොම ගහපු ගැටයක් ද කියල කට්ටියටම තේරෙනව ද??
    :dull::dull::dull:
    මහේල අයින් උනා.සංගා අයින් උනා ක්‍රීඩකයන් ගෙ ආර්ථිකය ගැන හරියට කතා කරන්න බෑ අලුත් නායකයෙක් ආපු ගමන් ම .මොකද ඒක සදාචාරවත් නෑ.
    මෙහෙමයි ඔතනින් මම දන්න විදියට හම්බ වෙන්නෙ $ 30000ක් වගේ ගානක්.
    ඒක මහේලට සංගට මැතිව්ස් ට තිසර වගේ ක්‍රීඩකයන් කිහිප දෙනක්ට ලොකු ගානක් නෙමෙයි එකෙන් හම්බ වෙන මුදල් එක්ක බැලුවම.ඒත් කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන් ඉන්නවා අවුරුද්දටම හම්බවෙන්නෙ පොඩි ගානක්.ඒකත් ජාතික කොන්ත්‍රාත්තුවෙන් සහ අනෙක් තරඟ වලින්.
    :rolleyes::rolleyes:
    දැණ් මෙතනදි මැතිව්ස් හරි චන්දිමාල හරි නායකත්වය නිසා සෙල්ලම් කරන්න ගත්තත් එතන දි වෙන්නෙ කණ්ඩායම පාවල දුන්න වගේ.ඒක නිසා උන් දෙන්නට මුකුත් කරන්නත් බෑ.
    මයියා දැන් එළියෙ නිසා බුවාට මුකුත් කියන්නත් බෑ
    :baffled::baffled:
    අලුතින්ම හදපු කණ්ඩායම තමංගෙ මුල්ම සංචාරෙම රට වෙනුවෙන් නැතුව සල්ලි හින්ද සෙල්ලම් කරන එක අතෑරියා කියලා රට පාවල දුන්න කියල කට්ටියම කොටු කරන්නත් පුලුවන්.ඒක නිසා කොන්ත්‍රාත්තුව අත්සන් නොකරත් බෑ
    :no:
    හතර වටෙන්ම කොටු කරල දීලා තියෙන්නෙ

    :baffled::baffled::baffled:
    අනෙ අම්මප SLC එකේ මුන් ටික යුද්දෙට යැව්ව නම් යුද්දෙ දවස් හතෙන් ඉවරයි
    :rolleyes:
    මේ කොහොම කිව්වත් දැන් අපිටමයි කෙළවෙන්න යන්නෙ.Bangladesh එක්ක මේ සෙට් එකම සෙල්ලම් කරන්නෙ නැත්නම් සෙල්ලම් කරන්නෙ දෙවන පෙළ කණ්ඩායමක් නැත්නම් A team එකකුත් නෙමෙයි.තුන්වන පෙළ කණ්ඩායමක් .ඒ කියන්නෙ practice match ගහන සෙට් එකක්.
    :oo::oo:
    අපි අම්බානකට මෙහෙම ගිහින් කෑවොත් අපි ශ්‍රේණිගත කිරීම් වල තව පල්ලෙහාට යනවා.අනික රෙද්දක් ඇඳගෙන ඉන්දියන් කාරයො කමෙන්ට් කරන සයිට් එකකට යන්නබැරි වෙනවා
    :frown::frown:
    කොහොම හරි මේක පුලුවන් ඉක්මනට ලොක්කා තුමා මැදිහත් වෙලා හරි විසඳල දුන්නොත් ලොකු දෙයක්
    :angry:
    මම නම් කියන්නෙ මේ 25% ද කොහෙද කොල්ලොන්ට හම්බවෙන්න ඕන දෙයක්
    :yes::yes:

    :yes::yes::yes:
    එළකිරි කොල්ලෙක්;14573341 said:
    සංගා එක පාරක් කියපු දෙයක් ගැනත් මෙතනදි මතක් උන නිසා කියල ඉන්නම්.
    බුවා කිව්වා player agentsලා ඉන්න ඕන අය කියලා.මොකද නැත්නම් අවධානය හරි විදියට තියාගන්න බෑ කියලා.ඒ කතාවෙත් ඇත්තක් නැතුව නෙමෙයි.ඒත් මුං මේවගෙ කොමිස් ගිලින්නෙ ගෙඩි පිටින්. $1000000 වලින් 15%- 30% අතර අගයක් කිව්වම රටට පාඩු වෙන ගාන කොච්චරක් ද??
    මේකම හරියට ක්‍රිකට් ආයතනයෙන් කරන්න පුලුවන් නම් ක්‍රීඩකයන් උනත් අකැමති නෑ නේ ද??මොකද රටට නෙ වැඩක් වෙන්නෙ.
    ඒත් ඉතින් දැන් යන තත්ත්වෙ හැටියට ඒකත් මුංම බුදින එක තමයි වෙන්නෙ
    :angry::angry::angry::angry:
    මේ පාර tv rights කේස් එකක් ඇවිල්ල මතක නෙ??

    මම අවංකවම ගරු කරනව මේ ආණ්ඩුවේ මොකාට නැතත් දැණ් ඉන්න ක්‍රීඩා ඇමති තුමාට.
    මම මේ ආණ්ඩුවට ජීවිතේට කැමති උන එකෙක් නෙමෙයි.

    :P
    මොකද බුවා හොඳ දේවල් ගොඩක් කරා ක්‍රිකට් වලට මේ ටිකට විතරක්.
    අර්ජුනවත් බෝඩ් එකට ගේන්න හැදුව කියල ආරන්චියි

    බුවා තමයි ඔය tv rights කේස් එකත් නවත්තල තිබුනෙ:rolleyes:

    හිරු නිවුස් වල ක්‍රිඩා ඇමති මෙහෙම කතාවක් කිවේ . Download කරලා අන්න කෝ :D

    http://www.mediafire.com/?t3nk0mbktpyrn2x
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මගෙනන් අදහස මේක හොඳ තීරණයක් කියන එක. පහු ගිය කාලෙ ක්‍රීඩකයො හුරතල් කරා වැඩිද කියලත් හිතුන. මතකනෙ එංගලන්ත සංචාරය යන්නෙ නැතුව මේ අය අයි.පී.එල් ගියා. මේකෙන් අසරණ වෙන්නෙ, ඔය 23න් දෙනා ඇතුලෙ ඉන්න තරුණ ක්‍රීඩකයො. ඒ අයට ගිවිසුම අත්සන් කරන්නත් ඕනෙ ඇති, ඒත් ජ්‍යේෂට ක්‍රීඩකයො නිසා අත්සන් කරන්නත් බැරුව ඇති.

    SLC එකෙත් වැරදි තිබුන, ඒත් කලින් වැරදි තිබුන කියල දැන් කෙලින් තීරණයක් ගත්තහම කලින් වැරදි මතක් කරල බනින එක තේරුමක් නෑ.

    මේක හොඳ තීරණයක් කියන එක තමයි මටනන් කියන්න තියෙන්නෙ

    ඔව් මචං උබගේ point එකෙත් ඇත්තක් තියනවා:yes: