SLIIT ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමේ තීරණ&

DialogDoctor

Member
Jan 16, 2017
54
7
0
SLIIT ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමේ තීරණ&

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) උපාධි පිරිනමනු ලබන ස්වාධීන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස එම ආයතනය ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මහපොළ භාරකාර අරමුදල විසින් සපයන ලද ණය මුදලක් යොදවා ආරම්භ කරන ලද, මාලඹේ ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), මේ වන විට තාක්ෂණය, ව්‍යාපාර හා ඉංජිනේරු යන ක්ෂේත්‍රයන්ට අදාළ උපාධි පිරිනමනු ලබන ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයකි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් මහපොළ භාරකාර අරමුදලෙන් ලබාගත් ණය මුදල සම්පූර්ණයෙන්ම මේ වන විට ආපසු ගෙවා ඇති බැවින්, ආයෝජකයින් ආකර්ෂණය කරගනිමින්, විදේශීය උසස් අධ්‍යාපන ආයතන හා සම්බන්ධ වෙමින් මෙම ආයතනය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණු ඇතිව රජය විසින් මෙම පියවරට එළඹ තිබේ.

දැනට එහි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 7,000ක් පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන අතර, මේ වන විට 9,000ක පමණ උපාධිධාරින් පිරිසක් එම ආයතනය විසින් බිහි කරනු ලැබ ඇත.

source- http://biz.adaderana.lk

:no:
 
  • Like
Reactions: mashh

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
%60 gov ne tibbe dan eke aithiya kaada yanne භාරකාර අරමුදලෙන් nayak da kotas da gathhe
 

DialogDoctor

Member
Jan 16, 2017
54
7
0
ඕක ඇත්තටම අයිති කාටද දැන් :oo:
මෙච්චර කල් නම් කාටවත් අයිති නැතිව , මහපොල භාරකර අරමුදල යටතේ සමූපකර සමගමක් විදියට, BOI ප්‍රොජෙක්ට් එකක් විදියට තම තියෙන්නෙ.... (එහමලු දාල තියෙන්නෙ )
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඕක ඇත්තටම අයිති කාටද දැන් :oo:

ඇයි උඹ සල්ලි දීල ගන්නද ? උඹට ඒව වැඩක් නෑනෙ මිනිහො. අයිති එකා ඒක කරගෙන යයි. :baffled: :baffled:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    මෙච්චර කල් නම් කාටවත් අයිති නැතිව , මහපොල භාරකර අරමුදල යටතේ සමූපකර සමගමක් විදියට, BOI ප්‍රොජෙක්ට් එකක් විදියට තම තියෙන්නෙ.... (එහමලු දාල තියෙන්නෙ )
    තීරණ ගන්න කවුරුහරි එක්කෙනෙක් හරි කීපදෙනෙක් ඇති නෙ. :oo: එයාව පත් කරන්නෙ කවුද දන්නේ නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇයි උඹ සල්ලි දීල ගන්නද ? උඹට ඒව වැඩක් නෑනෙ මිනිහො. අයිති එකා ඒක කරගෙන යයි. :baffled: :baffled:
    මම සල්ලි දීල ගත්තත් නැතත් උඹට වැඩක් නෑ නෙ මිනිහෝ ගිහින් හාමුගේ පොල් මුරේ ගණන් කරපන් මෙතන එක එකාගේ ඕපදූප හොයන්නෙ :angry:
     

    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    තීරණ ගන්න කවුරුහරි එක්කෙනෙක් හරි කීපදෙනෙක් ඇති නෙ. :oo: එයාව පත් කරන්නෙ කවුද දන්නේ නෑ
    ඩිරෙක්ටර් බෝඩ් එකක් ඇති බන්, ප්‍රසිඩන්ට් කාරය වෙනස් වෙන්නෙ නැතිව. ලංකාවෙ ගොඩක් හොටෙල් එහෙම හියෙන්නෙ ඒ විදියට තමා