SLPL ලාන්චන වල නොදන්න පැතිකඩ - මෙකත් කොපියක්..

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
SLPL ලාන්චන වල නොදන්න පැතිකඩ - මෙකත් කොපියක්..

සැලකිය යුතුයි... මෙම නම් භාවිතාවට ගන්න බව අද cricinfo වෙත නිශාන්ත රණතුන්ග මහතා පවසා ඇත...
http://www.espncricinfo.com/srilanka/content/story/514792.html


රටේ අනන්‍යතාවය නොපෙන්වන වනගත දඩබිම..- SLPL 2011

222392_1875889171599_1072296312_2116109_7406981_n.jpg


ශ්‍රී ලංකා ප්‍රිමිය ලීගය නමින් ඉන්දියානු ප්‍රිමිය ලීගයට සමාන තරගාවලියක් ලන්කාවේ පැවැත්මට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. මෙය ඉතා යහපත් අන්දමෙන් ශ්‍රී ලාන්කික ක්‍රීකට් ක්‍රීඩාවට පිටුවලක් කරගත හැකි බව සමස්ත ක්‍රීඩාලොලින්ගේම මතයයි. මෙමගින් නොයෙක් පුහු ලභ ප්‍රයොජන ලබානොගැනීමට සියලුම බළධාරීන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරමු.



මෙම තරගාවලිය ඉන්දියානු තරගාවලිය හා සමාන කම් දැක්වුවත් මෙහිදී විදෙශ ක්‍රීඩකයන් හට ඉතා විශාල මුදලක් නොගෙවනු ඇත. ඉහලම වැටුප වශයෙන් ලැබී ඇති දත්තවල සටහන් වන්නේ $30,000 වාර්ශික මුදලකි. නමුත් මෙම තරගාවලියට සහභාගි වීමට විදේශ ක්‍රීඩකයන්ගෙ උනන්දුවක් ඇති වී ඇත.මෙම තරගාවලියට අනුග්‍රාහක දායකත්වය සින්ගප්පූරු සමාගමක් වන " Somerset Entertainment " ආයතනය දරයි.



මෙහි අවසාන ජයග්‍රාහකයා තොරාගනු ලබන්නේ සමස්ත තරගාවලිය අවසානයේදීය. ඊට 20 20 තරගාවලියක්, ඔවර 50 තරගවලියක් හා දින 4 තරගාවලිය ඇතුලත්ය. මෙහි ප්‍රතම අදියර වශයෙන් 20 20 තරගාවලිය ජූලි මස 19 වෙනිදින සිට පුරා දින 18ක් මුලුල්ලේ පැවැත්වීමට සන්විදායක මඩුල්ල තීරණය කොට ඇති අතර ඊට තරග 24ක් ඇතුළත්ය.


සියලුම තරග කොළබ ආර් ප්‍රේමදාස පිටියෙ පමණක් පැවැත් වීමට තීරණය කොට ඇත. එක් දිනකදි තරග 2ක් පැවැත්වෙන අතර සවස 4.00 පළමු තරගයත් රාත්‍රී 8.00 දෙවන තරගයත් පැවැත්වේ. පළමු වටයේදී සියලුම කණ්ඩායම් අනෙක් සියලුම කණ්ඩායම් සමග තරග වැදීමට නියමිතය.එසේම සැම තරගයක්ම ලොව පුරා සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇත.


මෙම තරගාවලියේ තරග කිහිපයක් දබුල්ල හා පල්ලෙකැලේ ක්‍රීඩන්ගනවල ක්‍රීඩා කිරීමට හැකියාව ඇතත් ඒගැන සැලකිලිමත් නොවන්නේ සැබැවටම පරි පාලකයන්හට ක්‍රීඩාවට යමක් කිරීමට ඇති අසාව නිසාමදෝ සැක මතුවේ.



එසේ ගෙන ගියානම් එම ප්‍රදේශවල ජනතාවටත් තමන්ගේ ක්‍රීඩකයන්ගේ මෙන්ම විදෙස් ක්‍රීඩකයන්ගේ දස්කම් සජීවීව නැරබීමේ හැකියාව තිබුනි.


තවද කණ්ඩායම් වලට නම් තැබීමේදීද පරි පාලකයන්ගේ නුවණේ බල මහිමය මැනවින් පෙන්වා ඇත. මේම කණ්ඩායම් නම් සමහර විට අනුග්‍රහකයන්ගේ උවමනාව මත තැබුවා විය හැක, නමුත් ලාන්කික අනන්‍යතාවය තහවුරු කිරීමට හැකි ආකාරයෙන් එම නම් තොරා ගැනීමට ඔවුන්ව දැනුවත් කිරීමට මොවුන්ට තිබුනි..


කන්ඩායකම් නම් : Basnahira Bears, Kandurata Kites, Nagenahira Nagas, Ruhuna Rhinos, Uthura Oryxes, Uva Unicorns and Wayamba Wolves.
මෙහි සිටින්නෙ ලන්කාවට අවේණික සතුන් නොවේ.. නයා හා වලසා හැරෙන්න අනිත් සතුන් අප්‍රිකාවෙන් ආනයනය කල සතුන්ය.

කොහෙන්ද සත්තු ගත්තෙ...?


මෙම සතුන්ගේ නම් වලින් කණ්ඩායම් නම් තැබීම කර ඇත්තේද අනුන්ගෙන් කොපි කිරීමේනි.. ඇමරිකාවේ පමණක් පවත්වනු ලබන ක්‍රීඩාවක්වන American Football කීඩා කන්ඩායම් මෙසේ සතුන්ගේ නම් භාවිතා කරනු ලබයි... ඊට හෙතු වශයෙන් සදහන් කළ හැක්කේ එම ක්‍රීඩාව ඉතා බිහිසුනු අන්දමේ ක්‍රීඩාවක් වන නිසාය. එසේම රගර් ක්‍රීඩාවෙදිද සතුන්ගේ නම් භාවිත කරනු ලබයි.. එම නම් තොරා ගැනීමෙදි එම සතුන්ගේ නොයෙක් හැකියාවන් මත එම නම් කණ්ඩායමට අදේශ කරගනී..



උදාහරණ වශයෙන් Lions - ශක්තිය Cheetahs - වේගවත් Eagles - තීක්ශන බුද්ධිය Bulls - ශක්තිය වැනි නම් සදහන් කල හැක. කණ්ඩායම් නමකින් එම කණ්ඩායමේ ශක්තිය හා හැකියාව පිළිබිබු කරයි..



නමුත් අමේ මොඩ පාලකයන් නම් තබා ඇත්තේ එම කණ්ඩායම් සලකුණු නිර්මාණය කල නිර්මාණ කරුවාට අවශ්‍ය විදියටයි.



අප රටේ සාඩම්බර ප්‍රෞඩ ඉතිහාසයක් තියෙද්දි ශිෂ්ටාචාරයක් නැති ඇමරිකානුවන්ගේ කණ්ඩායම් සලකුනු කොපි කිරීම කොතරම් ලාබාල ක්‍රියාවක්ද..?




පහත සටහන්වලින් ඔබට හොද වැටහීමක් ලබාගත හැක. අප රටට අවේනික දැ මෙතරම් තියෙද්දි අනුන්ගෙ දෙයක් මාකට් කිරීම පාලකයන්ගේ මොඩකම මැනවින් විදහා පන්නකි.

:lol::lol::lol::lol::lol::lol:

උපුටා ගැනීම :www.facebook.com/slplt20
http://www.facebook.com/notes.php?id=111939245557415



nfllogo2010.jpg

nfl-xfllogos.jpg

NFL-Logos.jpg

nfl%20team%20logos.jpg
 
Last edited:

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
Hari den oya kiyannako balanna Hoda Names tikak.. desiyatwaya tiyana?

හැල කිබුලාස්
ගස් ගෙම්බාස්
මඩ කරියාස්
ගස් බල්ලස්
කලු රිලවාස්
පිළිහුඩුවාස්
වල් ඌරාස්


227860_184477424936276_100001220606610_503701_5175158_n.jpg


225354_184473368270015_100001220606610_503689_8107908_n.jpg
 

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
ඔක්කොම දිහා රිනාත්මකව බලන්න එපා බං.දැන් මට කියපංකො මීට කලින් හිටිය ක්‍රිකට් පාලකයො මෙහෙම තරඟාවලියක්වත් පැවැත්වුවද.අනික අපේ දේ අපිට වටින්න ඕනෙ.අපිම අපේ දේ හෑල්ලුවට ලක් කරන එක තමයි ලොකුම ගොං කම.
මොකාද බං මේ ලිපිය ලිව්ව.ලිව්ව එකා නිශාන්තයත් එක්ක ෆුල් වලි කාරයෙක් ද කොහෙදො;)(කොහොමත් ළඟදිම administration එක වෙනස් වෙනව).ඌ ක්‍රිකට් ගැන කෙසේ වෙතත් ඇමරිකන් ෆුට් බෝල් නම් බලල තියෙනව වගේ අම්බානෙක.
 

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
උඹම යෝජනාකරපංකො ලංකාවෙ අන්‍යතාවය පිළිඹිබු වෙන අළුත්ම නම් ටිකක්:). එතකොට අපි කියන්නං හොඳයිද නරකයිද කියල.මේවා ගැන විවේචනය කරන්න ලේසි මචෝ ඒත් කරන්න ගියහම තමයි අමාරු:yes:.
 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
මාර ප්‍රශ්නෙ නේ....
දැන් අපි මොකද කරන්නේ....

හපොයි ලංකාවෙ ක්‍රිකට් අනාගතේ ඉවරයි....


:rofl:

.
 

asankawlk

Member
May 22, 2007
11
1
0
According to the news I got, both the Logos and the names are not confirmed yet. Logos and Names will be announced once the competition is fully finalized. Those are temporary. That's What I heard.
 

Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana
උඹම යෝජනාකරපංකො ලංකාවෙ අන්‍යතාවය පිළිඹිබු වෙන අළුත්ම නම් ටිකක්:). එතකොට අපි කියන්නං හොඳයිද නරකයිද කියල.මේවා ගැන විවේචනය කරන්න ලේසි මචෝ ඒත් කරන්න ගියහම තමයි අමාරු:yes:.

:yes::yes: