snipers හෙවත් ඉලක්කගත වෙඩික්කරුවන්

Tharaka Bilesh

Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    snipers හෙවත් ඉලක්කගත වෙඩික්කරුවන්

    sniper%20badget.jpg
    Airsoft-Sniper-Ghillie-Suit.jpg

    snipers කිව්වා ගමන අපි කව්රුත් ආසයි නේ. නමුත් sniper කෙනෙක් වෙන එක නම අපි හිතන තරන්ම ලේසි වැඩකුත්, අපි ඔක්කොටම වෙන්නත් පුළුවන් කමකුත් නැ.
    ස්නයිපර් වෙදික්කරුවෙක්ට වගකීම් 2ක් තියෙනවා

    මුලික වගකීම
    තමන්ගේ ස්නයිපර් තුවක්කුව මගින් අනිකුත් බට කණ්ඩායම වලට සහය දැක්වීම. මෙමගින් සතුරු බට කණ්ඩායම් වල සෙබළුන්ගේ දහිරිය අඩු කිරීම, ඔවුන්ව පම කිරීම, ඔවුන් තුල බියක් ඇති කිරීම වැනි ද්දෙවල් අන්තර්ගත වෙනවා.

    ද්විතික වගකීම
    ඉතාමත් හොදින් පුහුණුව ලබපු වෙදික්කරුවෙක්ට හොර රහසේ සතුරු භූමියකට ඇතුළු වී ඔත්තු බැලීම හොදින් කල හැක. අනිකුත් කණ්ඩායම වලට ඔත්තු සැපයීම මොවුන් කරනු ලබන අතර මෙය ඉතාමත් භයානක රාජකාරියකි. මන්ද මොවුන් රැගෙන යනු ලබන්නේ තමන්ගේ ස්නයිපර් අවිය සහ තවත් සුළු අවියක් පමණක් වීම.

    ඉලක්කගත වෙඩික්කරුවෙක් වීමට තිබිය යුතු සුදුසුකම්
    1. ඉක්මනින් ඉලක්ක ගැනීමට හැකිවීම
    2. ඉතාමත් හොද ශාරීරික යෝග්‍යතාවය
    3. ඉතාමත් හොද පියවි දෘෂ්ටිය
    4. මානසික සමබරතාවය
    5. සහජ බුද්දිමත් බව
    6. දුම් පානය නොකරන්නෙක් වීම.
    මිට අමතරව
    1. හැගීම පාලනය
    2. පරිසරයට අනුගත වීමේ හැකියාව

    ස්නයිපර් කණ්ඩායමකට දෙදෙනෙක් අඩංගු වෙනවා.

    1. වෙඩික්කරු
    නිවැරදි ලෙස ස්ථාන ගත වීම, ඉලක්ක හදුනා ගැනීම, දුර පරාසය තීරණය, නිවැරදි කෝණය සහ සුළං තත්ත්ව නිරීක්ෂණය, නිවැරදි වෙලාවට නිවැරදිව වෙඩි තැබීම, අවශ්‍ය උවහොත් ක්ෂණික වෙඩි තැබීම.

    2. නිරීක්ෂකයා
    ඉලක්කය පිළිබද තොරතුරු කබා දීම, පරිසර තත්ත්ව අනුව වෙදික්කරුට නිවැරදි තීරණ ගැනීමට සහය දැක්වීම, කොටින්ම වෙදික්කරුගේ අහක් මෙන් ක්‍රියා කිරීම.

    Sniper-Rifle-1-ZW9KOSUGGI-1024x768.jpg


    ස්නයිපර් කණ්ඩායමකට හොදින් සැගවී සිටීමටත් හැකියාව තිබිය යුතුයි. මොකද සතුරු කණ්ඩායම තුලත් මෙවැනිම වෙඩික්කරුවන් සිටිනැ බැවින් සහ ඔවුද මොවුන් ගැන සෙවිල්ලෙන් පසුවෙන බැවින්.

    මේහෙයුමකදී මොවුන් සැලකිලිමත් වන කරුණු.

    ශබ්දය
    විශේෂයෙන් රාත්‍රී කාලයේදී, කතාබහ කිරීම, උපකරණ එකිනෙක ගැටීම, පරිසරයට නොගැලපෙන ශබ්ද. නමුත් ඇවිදීම එතරම් හානිකර නොවේ.

    සෙලවීම්
    මිනිස් අස සෙලවීම් වලට ඉතා සංවේදී වේ. ඉතා ක්ෂණික සෙලවීම් වෙදික්කරුවන්ට ඉතා හොදින් පෙනේ.

    වැරදි වෙස්වලගැනීම්
    භාහිර පරිසරයට නොගැලපෙන ලෙස සිටීමෙන් පැහැදිලිව සතුරු ඇසට අසු වේ.

    වන ජිවින්ට බාධා කිරීම
    එකවර කුරුල්ලන් ඉගිල්ලීම වැනි කරුණු ඇති නොවීමට වග බල ගත යුතුය.

    කදවුරු බැදීම
    සතුරු නිරීක්ෂණ කණ්ඩායම වලට පහුසුවෙන් ඔබ සිටින බව ඒත්තු ගැන්වේ.

    ඔබ ස්නයිපර් වෙදික්කරුවෙක් නම් මෙම කරුණු ගැන ඉතාමත් සැලකිලිමත් විය යුතුය. නැතහොත් ඔබට දෙවරක් සිත බැලීමට වරම් නොලැබීමට ඉඩ ඇත.
    sniper8.jpg


    ස්නයිපෙර් කණ්ඩායමක් සතුව තිබිය යුතු මුලික කරුණක් තමයි, සතුරු ඇසට අසු නොවන ලෙස ගමක කිරීමට හැකි වීම. විවිධ කණ්ඩායම් ඔවුනට අවේනික ක්‍රම මේ සදහා භාවිත කරයි.

    සෙලවීම් වලදී අනුගමනය කල යුතු මුලික නීති.
    1. සැම විටම ඔබ සතුරාට සලකුණු වී ඇති බව සිහි තබා ගන්න.
    2. ඉතා සෙමින් සෙලවෙන්න. පළපුරුදු වෙදික්කරුවෙක් තමහේ පියවර, ගමන කල අගල් ප්‍රමාණය පවා ගණනය කරයි.
    3. සැම සෙලවිමක්ම සැලසුම් කරන්න. ගමන කොටස් වලට බෙදා කොටසින් කොටස සම්පුර්ණ කරන්න.
    4. නවතින්න, සවන් දෙන්න.
    5. භාහිර වෙදිතබිම්, ගුවන් යන පියාසර කිරීම් වැනි ගෝෂාකාරී අවස්ථා වලින් හැකි තරම් ප්‍රයෝජන ලබන්න

    තනි වෙදික්කරුවෙක් ගේ චලන ක්‍රම කිහිපයක්
    sniper%20PDF%20Bild%202.jpg
    sniper%20PDF%20Bild%203.jpg
    sniper%20PDF%20Bild%204.jpg
    sniper%20PDF%20Bild%205.jpg
    sniper%20PDF%20Bild%206.jpg


    පිරිස් බලය අවම වීම, තමන් සතු අවි අයුධ සිමා සහගත වීම වැනි කරුණු නිසා මෙම කණ්ඩායමක් හැකි තරමක් සතුරු නිරීක්ෂණයට අසු නොවී සිටීමට වග බලාගත යුතුය.

    ස්නයිපර් කණ්ඩායමක් වෙනත් කණ්ඩායමක් සමග ගමන කිරණ අවස්ථා ඇත. තමන්ගේ කාර්යයට අදාල ප්‍රදේශය එළබෙන තුරු මෙසේ බොහෝවිට ගමන කරයි. එය වේගවත් ය. එසේ ගමන කිරීමේදී,
    සාමාන්‍ය සෙබල කණ්ඩායමේ නායකයා ඔවුන්ගේ නායකයා වෙයි.
    ස්නයිපර් කණ්ඩායම, සෙබල කණ්ඩායමේ මදින ගමන කරයි.
    සාමාන්‍ය සෙබල කණ්ඩායමේ නිල අඩුම ම මොවුන් අදින්නු ලැබේ.
    ස්නය්පර් අවිය සිරුරට ආසන්නයෙන්, එකවර නොපෙනෙන ලෙස ගෙන යයි.
    සියලුම ස්නයිපර් උපාංග, දුරදක්න උපකරණ සගවා තබා ගනී.

    මෙලෙස තැනගේ ක්‍රියාකාරී පෙදෙසට පැමිණි විට තම සගයන්ගෙන් වෙන වී තනිවම ක්‍රියාන්විතයට ඔවුන් එළබේති.

    ස්නයිපර් කණ්ඩායමක් ගමන කිරීමේදී භාවිත කරන පිළිවෙත
    1.දන්නා සතුරු මුරපොළවල් මග හරිම
    2.හොදින් සහවිමට හැකි මතුපිටක් සහිත ගමන මාර්ගයක් තොර ගැනීම
    3.අධික ලෙස වනවදුනු, පැදුරු සහිත මාර්ගයක් තොර ගැනීම
    4.ආදී පාරවල්, මාර්ග වලින් අත්ව සිටීම
    5. ජනාවාස වලින් බැහැරව ගමන කිරීම
    6.සතුරු ක්‍රියාකාරකම් බහුල පෙදෙස මග හරිම

    මෙම ක්‍රියාමාර්ග වලට හේතුව හැකි තාක් නිරීක්ෂණයට ලක් නොවී ගමන කිරීමය.මන්ද මෙම කණ්ඩායම් cross fire සදහා සුදානම ඉතා දුර්වලය.

    ගමන කරන ක්‍රමය.
    1. නිරීක්ෂකයා ඉදිරියෙන්ද වෙඩික්කරු පසුපසින් ද ගමන කරයි.
    2. නිරීක්ෂක 3o clock to 9 o clock.වෙඩික්කරු 9oclock to 3oclock එක මත එක.
    3. බිම දිග වී සිටින විටද දෙදෙනා අතර දෘෂ්ටිය පවත්වා ගනී.
    4. වෙඩික්කරු නිරීක්ෂකයාගේ ඉරියව් වලට ප්‍රත්චර දක්වයි.

    අන්තිම ටික 7 වන පිටුවේ
     
    Last edited: